නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය. සිටුමැදුර (දේවින්ද), සංසාර සක්මන (මේනක), ආදරය අහස තරම් (සරෝජ්), සිහින පියාපත් (පූර්ණ), උපුලි (රන්දීව්), තරුපිරි අහසක්, භාර්්‍යාවෝ (කසුන්) යන චරිත සමග අපේ ආලින්දයට එන ඔහු මේනක රාජපක්ෂයි.
ඒ චරිත සහ සැබෑ ජීවිතයේ ඔහුට සමගාමී වූ කතා බහකට එක්කර ගැනීමට මෙය මොහොතක් කර ගනිමු.
මේනක ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකු එකම අවස්ථාවේ චරිත 7 ක් රඟපාන පළමු අවස්ථාව මෙයද?
හරියටම කියන්න දන්නෙ නැහැ. නමුත් මේ අවස්ථාව ලැබීම ඇත්තටම මම ලබන ලොකු සතුටක්. ඒ වගේම මෙම චරිත අතරේ ”මේනක” කියන මගේ නමින්ම චරිතයක් රඟපාන්න ලැබීම මම ලබන ලොකු සතුටක්.
ඇයි නළුවකුට තමුන්ගේ සැබෑ නමින්ම චරිතයක් රඟපෑම එවැනි සතුටකට හේතුවක් වෙන්නෙ?
රඟපෑමේදී බොහෝ විට චරිත ගොඩනැගෙන්නෙ ඒ චරිතවලට ලැබෙන නම් අනුවයි. පේ‍්‍රක්ෂකයින් අපව වැඩි වශයෙන් දැනගන්නෙත් ඒ චරිත සමගයි. පුංචි තිරයේ ස්වභාවය එයයි. නමුත් සංසාර සක්මන සඳහා එහි නිෂ්පාදිකා තුෂාරි අබේසේකර මගේ නම යොදාගන්න ඇත්තෙ පේ‍්‍රක්ෂකයින් අතරට එය ගෙන යාමේ අරමුණ ඇතිව වෙන්න ඇති.
මේ චරිත සියල්ල අතරේ මේනක වඩා සමාන වන්නේ මොන චරිතයටද?
මේ සියලූ චරිතවල ඇති ගතිගුණ වලින් යම් යම් දේවල් මේනක රාජපක්ෂ සතුවත් ඇති.
කොහොම වුණත් මේ වගේ චරිත කීපයක එකවර රඟපාන්න ඔබට අවස්ථා ලැබෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?
ප‍්‍රධානවම බලපාන්නෙ මගේ ඇති දක්ෂතාවයත්, නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු මා කෙරෙහි තබා ඇති විශ්වාසය වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම දක්වන ගරුත්වය ආදී අපේ බාහිර ගුණාංග නිසා වැඩ කරන්න පහසුයි කියලත් හිතෙනවා ඇති.
පසුගිය කාලයේ සමහරු ඔබේ පුද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම් ගැන කතා වුණා. ඒ සියල්ල වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් උත්තර සහ කියන්න තියෙන දේවල් මොනවද?
මේ සමාජයේ කවුරු කාට හෝ ප‍්‍රශ්න එන්න පුළුවනි. නමුත් ප‍්‍රශ්නය තියෙන්නෙ නළුවකුට හෝ නිළියකට යමක් සිදුවුනොත් ඒ ගැන ඇත්ත නැත්ත නොසොයා කතා කිරීමයි. සමාජයේ ජනප‍්‍රිය චරිතවීම නිසා ඒ ලූහුබැඳීම තියෙන්න පුළුවනි. නමුත් අපිත් මනුස්සයෝ කියන දේ මොහොතකට හෝ හිතන්න වෙනවා.
අපි ජනප‍්‍රිය නිසා අපිට චෝදනා එල්ලවීම වැඩියි. සමහර වෙලාවට ඒවායෙහි කිසිම ඇත්තක් නැහැ. මොන තරම් වෙබ් අඩවි හෝ මාධ්‍ය ඔස්සේ මොන දේ ප‍්‍රචාරය වුණත්, කවුරු මොනවා කීවත් මේනක රාජපක්ෂ මානසිකව වට්ටන්න කාටවත් බැහැ. මම මගේ ගමන යනවා.
මගේ හෘද සාක්ෂියට එකඟව එය හරිද? වැරදිද? කියලා හරියටම දන්නෙ මමයි. මිනිහෙකුට වැදගත්ම දේ වෙන්නෙ එයයි.
මොකක්ද?
හෘද සාක්ෂිය.
ඒ හෘද සාක්ෂියට එකඟව ඔබ හරිද? වැරදිද?
මම නිතරම කටයුතු කරලා තියෙන්නෙ නිවැරදිව කියලා තමයි මගේ හෘද සාක්ෂිය කියන්නෙ.
ජීවිතේ ආපසු හැරී බලද්දී සියල්ල කළේ හෘද සාක්ෂියට එකඟවම කියලද ඔබ කියන්නෙ?
මම ඕනෑම දෙයක් කරන්නෙ හොඳට හිතලා බලලයි. ඒත් මාත් සාමාන්‍ය මිනිහෙක් නිසා මටත් වැරදුණ තැන් තිබුණා. ඒවා හදාගෙන ජීවිතේ දුක - සැප, නින්දා - ප‍්‍රශංසා සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දී ඉදිරියට යාම තමයි අරමුණ.
මේනක කිව්වාම හරියටම මොනවගේ කෙනෙක් කියලද හිතෙන්නෙ?
අර කලින් කිව්ව විදියට රංගනයට අමතරව බොහොම සරලව ජීවත්වන චරිතයක්. රටට ලෝකයට ප‍්‍රකාශ කරමින්, පේන්න ජීවත්වන චරිතයකට වඩා කාටත් තියෙන කවුරුත් කැමති පුද්ගලිකත්වය රැකගෙන ජීවත්වෙන්න කැමතියි. රඟපෑම කරන්නෙ කැමරාව ඉදිරියේ විතරයි.
චරිත තෝරා ගැනීමේදී සහාය නිළි චරිතය සඳහා ඔබේ විශේෂ තේරීමක් තියෙනවද?
මට ගැලපෙන කෙනා කවුද කියලා තීරණය කරන්නෙ අධ්‍යක්ෂවරයායි. එහෙම නැතිව මගේ තේරීමක් නැහැ. නළුවකුට හෝ නිළියකට එහෙම තේරීම් කරන්නත් බැහැ.
නමුත් නෙහාරා සහ ඔබගෙ සුසංයෝගය ගැන කවුරුත් කතා වෙන්නෙ ඇයි?
අපේ සිංහල සිනමාවෙත් කාලයෙන් කාලයට එවැනි ගැලපීම් තිබුනාණෙ. මුතුකිරිල්ලි නිසා පුංචි තිරයේදී ආ මේ ගැලපීම ගැන බොහෝදෙනා දිගටම කතා කළා. නමුත් අතීතයටත් වඩා අද මාධ්‍ය බහුල වෙලා. ඒ නිසා මිනිස්සු තොරතුරු දැනගන්න විදිය හරි වෙනස්.
සමහර විට ඔබ ගැන අසත්‍ය ප‍්‍රචාර කරන විට, ඔබට ඇතිවන හැඟීම මොනවාගේද?
එක අතකට කලකිරීමක් තමයි. ඒත් කවුරු නැතත්, කවුරුහරි මගෙන් විස්තර අහන්නෙ නැතිව හෝ මා ගැන කතා කිරීම ගැන සහ තොරතුරු පළකිරීම ගැන සතුටු වෙනවා.
සටහන/ඡායාරූප : සඳුන් ගමගේ




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ නළුවෙක්
කමල් ඔයා කියන්නෙ ඇත්ත.. ලංකාවෙ ඉන්න වැඩි පිරිසකට කරන්න පුළුවං මඩ ගහන එක තමා...
ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඔබට ජය..
ටෙලිනාට්‍ය??? ........... පුහ්.......
කාටද අනේ මේ දෙකට නැමිලා ඉන්නේ.....
රම්සි හරි.
ලංකාවේ ගිස්බන් වෙන්න හදනවද කොහෙද?
හෘද සාක්ෂිය....පට්ට පට පට...
කිසිම පෞරුශයක් නෑති නළුවෙක්. කවදා හරි මතු අනාගතයේ නළුවෙක් වෙන්ඩ ලෑබෙවා..
”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි” හෘද සාක්ෂිය..........? ඒ කියන්නේ බඩගෝස්තරේට කියන තවත් නමක්ද?
දැන් අපේ රටේ කදපණුවන්ට කියන අලුත් නම තමයි "නළුවා"
මමත් ආසයි නලුවෙක් වෙන්න
හරිම අහිංසකයෙක් පව් මෙයා...............
අනේ මගේ හෘද සාක්ෂිය ......පොඩි දරුවෙක් ඉන්න තාත්තෙක් නේද මේ ???
කමල් ඔයා කියන දේ හරි.ලංකාවේ වැඩි පිරිසක් කරන්නේ මඩ ගහන එක තමයි..
ඇත්තටම දක්ෂ නලුවෙක්.. හොද පෙනුම සහ හැකියාව තියෙන දුර්ලභ ගැලපීම ශ්‍රී ලංකාවෙ.. ඔහුගේ ස්වාභාවක කතා විලාශය සහ රංගනය ඉතාම අගනේය.. ආදරේ අහස තරම් ටෙලි නාට්‍යයේ රංගනය ඉතා හොදයි.
ආදරේ අහස තරම් වගේ ටෙලිනාට්‍යයන වුණත් මේනක තමන්ගේ උපරිමයෙන් රගපානවා
අන්..මේ... ළමයව අමතක කරලා දික්කසාද වෙනකොට ඔය කියන හෘද සාක්ෂිය කොහෙද තිබ්බෙ...??
මොනවා කරත් මුල අමතක කරන්න එපා හොඳඳ....
හොඳ නඵවෙක් ....
අනේ මන්ද කතා කරද්දි මේවා ඇත්තද කියලා හිතාගන්නත් බෑ ....
නියමයි මේනක අයියා...
ඔයා හොඳට රඟපානවා මේනක අයියේ.... මගෙන් ඔයාට සුභ පැතුම්..........
ඔයා හොඳට රඟපානවා මේනක අයියේ.... මගෙන් ඔයාට සුභ පැතුම්..........
හොඳයි...
හොඳ නළුවෙක් ....
සුභ පැතුම්.
මට නම් මේගොල්ල එපා උනා.. අන්තිමට පුංචි දුවෙකුට පිය සෙනෙහස අහිමි උනා.. කතා කරන්න ගියාම නම් බබා.. වැඩිය උඩ පනින්න එපා...
එකම විදියට හැමඑකේම රඟපාන්නේ....
පුංචි ළිදේ වතුර රසයි
මීටර් 100 / 400 දුවන්න වගේනේ ඉන්නේ.ඇයි මෙයාව ඔලිම්පික් වලට යවන්න බැරිද
මෙලෝ රහක් නෑ
මෙවැනි අය සමග ඇයි සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ?
පල තියෙන ගහටනේ ගල් ගහන්නේ.මේනක,සැළෙන්න එපා.ඔහොම යන්
දැන්කාලේ හැටි ඔහොම තමයි....
මොලෙත් නෑ.....මුකුත් නෑ....
මේනක ඔබ යම් කිසි දවසක සිංහල සිනමාවෙ රජ වෙනවා.සැළෙන්න එපා ඔහොම යන්
මේනක අයියේ ඔයාගේ රඟපෑම අති විශිෂ්ඨයි. ඉදිරියටම යන්න. ශක්තිය ලැබේවා.
ඔයාගේ රඟපෑමනම් ලස්සනයි. මේනක අයියා.
මේ වගේ අයව ඔසවා තබන්න එපා.....
මේනක ඔබ සිංහල සිනමාවේ රජු වෙන්න..සැලෙන්න එපා.....
මේනක හොඳට වැඩ කරනවා....හැබැයි ටිකක් පරිස්සමින්...මොකද ඔයා රඟපාන්නේ ලංකාවෙනේ...
බැටලු හම් පොරවාගෙන ඉන්න කොටි අපිත් දැකලා තියෙනවා
මොකද නෙහාරා පේන්න නැත්තේ?
සැළෙන්න එපා මේනක,යන්න ඉදිරියටම.සුභ පැතුම් අපෙන්!
ඔයා නෙහාරාගෙන් පරිස්සම් වෙන්න
මේනක ඔයා ගොඩක් හොඳට රඟපානවා .මම ඔයාට සුභ පතනවා....
මේනක,ඔයා ගොඩක් හොදට රගපානවා.ඔයාට සුභ පැතුම්!
කවදාද ඔයා අරයත් එක්ක එක්තැන් වෙන්නේ?
හෝ.........
නියමයි ඔහොම යං.
නියමයි ඔහොම යන්...
නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය මෙන්ම එකම කාල සිමාවකදී ........(තවත් සිද්ධියකි). අති විශිෂ්ඨයි
මෝඩයෙක්
ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඔබට ජය...
මේනක ඔයා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඒ වගේම කඩවසම්.. දක්ෂ කෙනෙකුට සමාජය මඩ ගහනවා. ඔය මඩ ගහන අය තමන්ට කියල මොකුත් කරගන්න බැරි අය වෙන් පුළුවං.. අපිට ඔයාගෙ පෞද්ගලිකත්වය වැඩක් නෑ.. ඔබට ජය...