පුත්තලම තේරීම් බාර නිළධාරී හා දිසාපති කිංසිලි ප්‍රණාන්දු මහතා තමන්ගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරුවහොත් වන්දි ගෙවීමට තරම් මුදල් නොමැති නිසා තම ජීවිතයේ අවසන් කාලය සිර ගෙදර ගෙවා දමන්නට තමන් සුදානම් බව වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වු අශෝක වඩිගමංගාව මහතා පුත්තලමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
සලකුණු කරණ ලද ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විදයාලයේ ශාලාවකින් පසුගිය 23 වැනිදා සොයා ගෙන ඇත.
එම ස්ථානයේදී වඩිගමංගාව මහතා තමාට බැන වැදුණු බව ප්‍රණාන්දු මහතා කීවේය. මෙම සිද්ධියෙන් තමන්ට අපහාසයක් සිදුවී ඇති බැවින් රුපියල් මිලියන 25 ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට සුදානම් කර ඇති බව පසුගිය සතියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පුත්තලම තේරීම් බාර නිළදාරීවරයා කියා සිටියේය.
මම ඒ වෙලාවේ ටිකක් තදින් කථා කළ බව ඇත්ත?නමුත් පසුව මම තේරුම් ගත්තා මා විසින් වරදක් කර ඇති බව.ඒ අනුව එම අවස්ථාවේදීම දිසා ලේකම්වරයා ළගට ගිහිං මම ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා.නිකම්ම නෙමෙයි. අත් දෙක එකතු කිරීමෙනුයි මම සමාව ගත්තේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් බයව්වෙලා වගෙයි. වන්දි ගෙවන්න වුනොත් නම් වත්කම් එළිකරන්න වෙනවා. ඇයි, මැතිවරණ කොමසාරිස් තුමා හැමදාම ඉල්ලන 'වත්කම් බැරකම් ප්‍රකාශය' ඒ කාලේ බාර දෙන්න ඇතිනේ. ඒකෙ දුප්පත්කම කොච්චරද කියල සඳහන් කරලා ඇතිනේ, නේද? (නදී)
මේ සිද්ධිය වුණ වෙලාවේ ඔහු හැසිරුන පහත් තත්වය අහිංසක ඡන්දදායකයා දන්නේ නම්... (නි)
මම හිතුවේ වෙන සිද්ධියක් නිසා කියලා (නි)
ගයා මේවට මොනවා කියන්නද ?(නදී)
පැනපු ඔක්කොටම අන්තිමට වෙන්නේ මරණය දුකෙන් කෙලවර කර ගන්න එකයි.(නදී)
බලයේ ඉන්න කාලයේ කරපු වැරදි වලට හිරේ ගිහිල්ලා හරි කමක් නැහැ වන්දි ගෙවන්න. අනිත් කාරනය තමයි අත් දෙක එකතු කරලා ඉල්ලන සමාව කවුද ගණන් ගන්නේ. කකුල් දෙක අල්ලලා වැදලා සමාව ගත්ත නම් සලකා බලන්නවත් තිබුනා.(නදී)
මටත් හිතෙනවා ලංකාවට ගිහින් ලොක්කෙක්ව තරහා ගස්සලා බැනුම් අහන්න. මොකද වන්දිය කෝටි ගානක් ගන්න පුළුවන්නේ? ස්වීප් එකක් ඇදුනටත් වැඩිය ලාබයි.(නදී)
කෙලින්ම නරකාදියටම යනවද?(නදී)
කට නිසා නැසෙන්නේ මාළු විතරක්ම නෙමේ !(නදී)
ඕනෑම පහත් වැඩක් කරලා අන්තිමේදී තමන්ගේ ගැලවීමට ඔය වගේ කපටි කතා අපේ අහිංසක මිනිස්සුන්න්ට කොච්චර කරලා කියලා ඇතිද? අපේ රටේ දේශපාලකයෝ මෙවැනි අයට දඩුවම් දීම නිතියට බරයි. හැදියාවක් නොමැති මිනිසුන්ට සමාජ වගකීම් දෙන එකත් අපේම වැරද්දක්.(නදී)
මනුසයන්ටනේ අයිබෝවන් වරදින්නේ , වරද අවබෝද උන නිසානේ සමාවත් ගත්තේ නිකන්ම නෙවෙයි කියලත් කියනවනේ අත් දෙකම එකතු කරලනේ අනික ඉතින් සමාව දෙන එකත් දේව ගතියක් කියනවනේ එඅ හින්ද ඔන්න ඔහේ අල්ලලා දාමු . (නදී)
මේ අර පැරිස් වලදී නැති උන මාද්‍ය වෙදියව ( ප්‍රදීප් එකනලිගොඩ )දෙක්කා කිව්ව එකෙක්නද ? එය නම් හිරේ අරින්නම වටිනවා . පාර්ලිමේන්තුව නොමග යවන බොරු ප්‍රචාර දෙනවට (නදී)
ශුද්ධ වූ ජනතා පරමාධිපත්‍යය සැකයට භාජනය වෙන අයුරින් කටයුතු කළ නිලධාරීන්ටද දඩුවම් කළ යුතුය. මෙම සිදුවීමට මුහුණ දුන් මැතිවරණ කොමසාරිස්තුමා දැක්වූ ප්‍රතිචාරය සැමට මහගු ආදර්ශයකි (නි)
මොනවා වුනත් සමාව අරන්නේ? (නි)
කෝ එදා දැක්ක චන්ඩිකම්.(නදී)
සිල්වා ට වඩා හොදයි වගේ.(නදී)
පනින්ට පෙර සිතා බලනු. හැම වැරද්දක්ම කරලා සමාව ඉල්ලන එක අපේ අයට පුරුද්දක් වෙලා හිරබත් කනවා කීවට කියනවා වගේ එච්චරම ලේසි නෑ ආයුබෝවන්.(නදී)
අශෝකලා ලග සල්ලි නැත්තේ ඇයි? ඒ කාලේ හම්බකරපු කෝටි ගනන් සල්ලිවලට මොකද කලේ.(නදී)