වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 09 දා සවස නියෝග කළේය.
මෝසමක් මගින් අශෝක වඩිගමංගාව මහතා අධිකරණය වෙත ඉදිරිපත්වී සිටියේය.
වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව සලකුණු කරණ ලද ඡන්ද පත්‍රිකා තොගයක් හමුවු අවස්ථාවේදී පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්දීන් යන මහත්වරුන් තමන්ට බැන වැදී අපහාස කරණ ලදැයි පුත්තලම දිසා ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා විසින් පුත්තලම පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.පසුගිය මස 24 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබුණි.
ඒ අනුව පසුගිය 30 වැනි දින අධිකරණය වෙත කරුණු වාර්තා කළ පුත්තලම පොලීසිය ඔවුනට නොතීසි නිකුත් කරණ ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරු රංග දිසානායක මහතා නම් කරන සැකකරුවන් යම් වරදක් කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම පොලීසියට නියෝග කළේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්න් මහතා මීට පෙර අධිකරණය වෙත ඉදිරිපත් වු අතර එම අවස්ථාවේදී ඔහු ද ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977ට පෙර දේශපාලකයන් රිමාන්ඩ්ගත වුයේ මහජන අයිතිවාසිකම් වෙනුවෙනි. දැන් දේශපාලකයන් රිමාන්ඩ් වන්නේ ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමෙනි. වෙනස එපමණය (නි)
මෙයාට කියන්න ඕනි වලිග මන්ගාව කියල. (දිල්)
රාජ්‍ය නිළධාරියෙකුට ඒ ආකාරයට කතා කිරීම කනගාටුදායකයි(දිල්)
අනේ මන්දා ,මට තේරෙන්නේ නැහැ.ඕනෑම හොරෙකුට ආවඩන්නට ඔවුන්ගේ ගුණ වනන්නට කොටසක් තවම ලංකාවේ ඉන්නවා.සමාවන්න මම මෙහෙම ලිව්වාට (නි)
අප දුන්නේ මොකටද දින 14 කට රිමාන්ඩ් කරන්න තිබුණේ(දිල්)
එතුමා නොමග ගියේ අසත්පුරුෂ සේවනය නිසා. කලින් හොඳට හිටපු කෙනෙක්. (දී)
දත් 32 ට මැදිවී තොල් දෙක අතරින් බේරෙන ඇට නොමැති දිව හරවන වචනය පාලනය කළ යන්ත්‍රයේ දෝෂයකින් ඇතිවූ පමාවකි. සමාවෙන්න. (නි)
ඇප ලැබුනා නේ? ඉහිරුණු කිරකට මොකටද අඬන්නේ...? (නි)
අපේ මිනිස්සු දේශපාලනයේදී ඉහළට යන්න යන්න, අනුන්ට බැණ වැදීම තමන්ගේ නම්බුව ඉහළ යාමට හේතුවක් කියලා හිතනවා.විශේෂයෙන් ඡන්දදායකයෝ ඉදිරිපිටදී. (නි)
මොනවා වුණත් කළ වරදට සමව ප්‍රසිද්ධියේ ඉල්ලුවට පස්සේ සමාව දුන්නා නම් තමයි අපි සතුටු. (නි)
එයාට මම නම් කියන්නේ කොහොමහරි පෙර සිටි තත්ත්වයටම ආවා නම් හොඳයි කියලා (නි)
අශෝක වදිගමන්ගාව කියන්නේ සුවි ශේෂ පුද්ගලයෙක් . ලංකාවේ පා ගමන් පිළිබඳව නිර්මාතෘ පුද්ගලයා එතුමා යයි කීවොත් නිවැරදියි.කතරගම සිට ආනමඩුව දක්වා පා ගමනින් කොළොඹ කොටුව හරහා ගමන් කරද්දී ජනාධිපති මන්ධිරය අභියසදී ජනාධිපති තුමා ඉදිරියේ පිළිගත්තේ මම ඇතුළු මගේ සාමාජික පිරිසයි.නායකත්වයේ වරදින් පක්ෂය මාරු කරන්න එතුමාට සිද්ධ උනත්, ඉතාමත් අවංක , නිර්දෝෂී,දේශ පාලකයෙක්. සිදුවූ අකරතැබ්බයට මගේ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර .වගකිවයුතු නිලධාරීන්ගේ නොසලකිල්ලද මෙහිලා , මෙනෙහි කරමි. (දී)
ඔහු හොද දේශපාලකයෙක්
මේ මහින්ද චින්තනයද?(දිල්)
මේක දේශපාලන සිදුවීමක් පමණයි. එතුමා දේශපාලනයෙන් මුදල් ඉපැයූ දේශපාලකයෙක් නොවේ. ඒ නිසා යම්කිසි අසාධාරණයක් වූ විට වේදනාවෙන් කෑ ගැසීම අරුමයක් නොවේ. මෙතන සම්පූර්ණයෙන්ම තිබෙන්නේ දේශපාලන බෙලි කැපිල්ලක්.(දිල්)
පළාත් සභා වලට පත් උනාම මිනිස්සුන්ගේ මනස විතෘති වෙනවාද? නැත්නම් මේ හොඳට හිටපු මිනිස්සු ඕකට ගියාම වෙනස් වෙන විදිහ හිතා ගන්නත් බැහැනේ. (දිල්)
එදා මෙයා කතා කරපු භාෂාවේ හැටියට කෙරුවාව හිතාගන්න පුළුවන්.පස්සේ මී පැටියෙක් වගේ ඇකිලුනු හැටිත් දැක්කා (දිල්)
දැන් ඔබතුමාට කරන්න තිබෙන්නේ එක දෙයයි (නි)
ඇයි මේ? (නි)