IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වත්කම් කොල්ලකරු ලැයිස්තුව ලෝක බැංකුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කාලයේ ශ්‍රී ලංකාවේ දී හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කර ඇතැයි කියන වත්කම් සොයාගැනීමට ලෝක බැංකුවේ (ස්ටාර්) සහය ලබා ගැනීමට විදේශ ඇමැති මංගල සමරවීර මහතා සැරසෙයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ප්‍රධානී ජේ.සී.වැලිඅමුණ මහතාද සමග සමරවීර මහතා මේ සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සොරකම් කළ වත්කම් සොයා ගැනීම සඳහා වන ලෝක බැංකු විශේෂ ඒකකයට ලබන සතිය මැදදී යෑමට නියමිතය.

එම අංශය පවසනුයේ ශ්‍රී ලංකාව වැනි රටවල වත්කම් සොරාගැනීම බරපතල අර්බුදයක් බවයි. වසරකට ඩොලර් කෝටි 2000 (රුපියල් කෝටි 265000) සිට 4000 (රුපියල් කෝටි 531500) දක්වා මුදලක් සංවර්ධනය වන රටවල දේශපාලනඥයින් නිලධරයන් ඇතුළු පිරිස් සොරකම්කර පිටරට බැංකුවල තැන්පත් කරන බව ලෝක බැංකුව කියයි.

ලබන 12 වැනිදා විදේශ ඇමැති හා වැලිඅමුණ මහතා වොෂින්ටන් නුවරට ගොස් ස්ටාර් නිලධරයන් හමුවී ඔවුන් ළඟ ඇති මූලික තොරතුරු එම අංශයට භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් මුදල් හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කළැයි කියන දේශපාලනඥයින්ගේ හා නිලධරයන්ගේ ලැයිස්තුවක්ද ඔවුනට බාර දීමට යයි.

 

 

 



අදහස් (0)

වත්කම් කොල්ලකරු ලැයිස්තුව ලෝක බැංකුවට

අබේ-ටෝකියෝ Sunday, 08 February 2015 05:28 PM

දෙපැත්තේම හොරාකාපු උන් අල්ලපල්ලා (නදී)

:       0       0

පිටිගල Sunday, 08 February 2015 05:39 PM

සියළු වැරදි පාට කණ්ණාඩියකට වැසී අන්තිමට කාලයේ වැලිතලාවෙනුත් වැසී නැවතත් පරණ හොරු ටික රජවෙයිද කියා සැකයි (නි)

:       0       0

කරුණාජීව Sunday, 08 February 2015 11:09 PM

මෙතන අදහස් දාන සමහරුන්ට නම් මේ පුවත එතරම් ප්‍රීතිමත් පුවතක් නොවනු ඇත.(නදී)

:       0       0

සිල්වා Sunday, 08 February 2015 08:38 AM

බොහොම හොද වැඩක්. හොරා කාපු මුදල් ආපිට ජනතාවට ලබාගන්න පුළුවන් හොද අවස්ථාවක්. ජනතාව මුලාකරමින් ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් පටු දේශපාලන වාසිගෙන ජනතාවගේ මුදල් කොල්ල කාපු තක්කඩියන්ට දෙන්න ඕනි උපරිම දඩුවම්. රුපියල් කෝටි ලක්ෂ 500 කට වැඩි මුදලක් පසුගිය වසර 10 තුල හොරා කාල තිබෙනවා මුදල් වලින් විතරක්. රට තුල තිබෙනා දේපල වතු පිටි ගැනත් හොයන්න ඕනි. මේ එක්කම පන්සල් වල ඉඩම් හිටන් අයිති කරගෙන තියෙන්නේ බලහත්කාරෙන්. රටේ නිතිය හරියට ක්‍රියාත්මක කෙරුවොත් හරියට හරි ඉදිරිය සුබ දායකයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 February 2015 10:41 AM

එ් විතරක්ද හෙට බිහිවෙන පරපුර මේ වගේ හොරකම් කරන්නත් බය වෙනවා ! (නදී)

:       0       0

නාලනී Sunday, 08 February 2015 10:45 AM

මෙයාලා හොරා කාපු සල්ලි ආපසු ගන්න. රට බෙදුවත් කමක් නැහැ, මලත් මොකද ලෙඩා බඩත් සුද්ද වෙලා. (නදී)

:       0       0

ධම්ම Sunday, 08 February 2015 11:17 AM

මේවා ප්‍රවෘත්ති පමණක් වන විට ජනතාවට ආයේ ඡන්දේ දෙන්න හිතෙන්නේ නැහැ. (දිල්)

:       0       0

පතිරණ Sunday, 08 February 2015 02:51 PM

සුනාමි අාදාර ගැන. කොටින්ගේ රත්තරන් ටොන් 350 ට වෙච්චදේ. බොරු ව්‍යාපෘති කරන මුවාවෙන් කොමිස් ගහපුවා. මහා මාර්ග හදන මුවාවෙන් ගහපු කොමිස් කන්ද ? අයියල මල්ලිලා ලොක්කල පොද්දල ගහපු ගැහිලි මුල සිට අගට හොයන්න ඕනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 206 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 623 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 264 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 702 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2027 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2303 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site