IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වතුකම්කරුවෝ කම්හල්වලින් තේ කුඩු කොළඹට ප්‍රවාහනය නවතති

(සුදත් එච්. එම්. හේවා)
 

තේ කුඩු කොළඹට ප්‍රවාහනය කිරීම නතර කිරීමට වතු කම්කරුවන් පිරිසක් කටයුතු කිරීමත් සමග එම තේ කුඩු තේ වෙන්දේසියට නිසි ලෙස රැගෙන යාමට ‍නොහැකි තත්වයක් උදාවී ඇතැයි හැටන්  වතු අධිකාරිවරු පවසති.
 

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන ඔවුන් මෙම පියවර ගෙන ඇත.
 
වතු අධිකාරිවරුන් කිහිපදෙනකුම පවසන ලද්දේ තේ වෙන්දේසියේදි තේ ලබා ගන්නා තේ ව්‍යාපාරිකයන්ට තේ කුඩු නිසි ලෙස යැවීමට පියවර ගත යුතු බවත් එහෙත් ඊයේ වතු කර්මාන්ත ශාලා කිහිපයක තේකුඩු නිසි ලෙස රැගෙන යාමට නොහැකිවු බවත්ය.එයට හේතුව වුයේ මෙම තේ කුඩු රැගෙන යාමට කම්කරුවන් පිරිසක් ඉඩ ලබා නොදීම බවත් වෙන්දේසියේ තේ කුඩු මිලට ගන්නා ව්‍යාපාරිකයන්ට නිසි ලෙස තේ කුඩු ලබා නොදිමෙන් තේ ආර්ථිකයට දැඩි බලපැමක් එල්ලවීමේ අවදානමක් පවතින බවත් ඔවුහු පවසති.
 
වතුකම්කරුවන්ගේ මෙම ක්‍රියාව අනිකුත් වතුවලටද ව්‍යාප්තවීමේ  අවදානමක් පවතින බවත්  ඔවුහු පෙන්වාදෙති.
 
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෘත්තිය සමිති නායකයකුගේ මාධ්‍ය ලේකම්වරයකු පවසන ලද්දේ වතු කම්කරුවන්ගේ රුපියල් 1000දෛනික වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන 05වන දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බවත් එයට පෙර තේ කුඩු රැගෙන යාමට වතු සමාගම් පියවර ගැනීම වලක්වාලීම සදහා එම පියවර ගත් බවත්ය.
 
රජය මගින් වතු කම්කරුවන් සදහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දිමට දැඩි උත්සහයක් ගත්තද වතු සමාගම් එම දෛනික වැටුප ලබා නොදීමට කටයුතු කිරිමත් සමග වතු සමාගම්වලට එරෙහිව මෙම කටයුතු සිදු කරන බවද ඔහු වැඩි දුරටත් කීය.



අදහස් (3)

වතුකම්කරුවෝ කම්හල්වලින් තේ කුඩු කොළඹට ප්‍රවාහනය නවතති

Nalin Wednesday, 03 February 2021 05:20 AM

අයින් කරලා දැම්මා නම් ඉවරයි. ජොබ් නැතුව මිනිස්සු ඕනෑතරම් ඉන්නවා.

:       22       6

asanka Wednesday, 03 February 2021 10:40 AM

අද රටේ ජීවන වියදම අනුව, මේ කම්කරුවන්ගේ ඉල්ලීම සාධාරණයි.

:       0       2

MISHAL-MATARA Wednesday, 03 February 2021 01:11 PM

මම නම් දන්න කාලෙක ඉඳලා මේකත් දේශපාලන නාඩගමක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 216 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 766 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 683 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 350 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 842 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1213 6

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site