(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ ඝාතනය ලක් වූයේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර නැමැති 41 හැවිරිදි විවාහක අයෙකි.
කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේදී ප්‍රීති කුමාර මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් ජනවාරි මස 10 වැනිදා රාත්‍රී කාලයේ අල්ලාගෙන ඇත.
මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියමින් අමානුෂික ලෙස දිගට හරහට පහර දී ඇතැයි රහස් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ප්‍රීති කුමාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් තිබිණි.
මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අයකු බව රහස් පොලිසිය කරන ලද පරීක්ෂණවලදී පසුව තහවුරු විය.
මෙම පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් දීර්ඝ වශයෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු පදනම් කරගෙන ඔවුන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසිය පවසයි.
රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත මිනීමැරුම් විමර්ශන අංශය බාර සහකාර පොලිස් අධිකාරිි මෙරිල් රංජන් ළමා හේවා මහතාගේ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් හත් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි