IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වත්තල ප්‍රා සභාවේ ගුටි කෙළියක්

වත්තල ප්‍රාදේශීය සභාවේ නිල රැස්වීමේ දී සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඇන්ටන් කුරේ සහ සනත් පියසිරි ගුටි  බැට හුවමාරු කර ගත්හ.

සභාපති ද සෙසු මන්ත්‍රීවරු ද, ඔවුන් දෙපසට කර ගැටුම සමතයකට පත් කළහ.

එහෙත් ඒ වන විට ඇන්ටනි කුරේ මහතාට ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රහාරයක් ද එල්ල වී තිබිණි.

 

 



අදහස් (0)

වත්තල ප්‍රා සභාවේ ගුටි කෙළියක්

බන්දුල පෙරේරා Wednesday, 30 October 2013 09:39 AM

ප්‍රාදේශීය සබා, පළාත් සබා, පාර්ලිමේන්තුව කියන්නේ මතවාද මුහුණට මුහුණ ගැටෙන තැන්..එම තැන් වලදී මේ වගේ සිදුවීම් ස්වාභාවිකයි ..මතවාද ඉවසන්න පුළුවන් එව්වොත් ඉන්නවා..බැරි එව්වොත් ඉන්නවා..ජපානේ පාර්ලිමේන්තුවේත් මරා ගන්න හැටි අපි මාධ්‍ය වල දැක්කා..මේ අදහස් දාන අයත් මුණට මුණ බලාගෙන අදහස් දැම්මනම් බලා ගන්න තිබුන අයියලගේ තරම, අනුන්ගේ මතවාද වලට ගරු කරන..ඉන්ටෙර්නෙට් එක හින්දම අපි බේරිලා ඉන්නවා මිසක්. ඉන්ටෙර්නෙට් එකෙන් අත දාල ගහන්න ක්‍රමයක් තිබුනානම් මට ඉස්පිරිතලේම තමයි ඉන්න වෙන්නේ.... (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 October 2013 10:23 AM

බන්දුල පෙරේරා , ඔබ අද කියන්නෙත් මේ වැඩ සාධාරණී කරමින් කියන කතාවක්. සැබවින්ම ලෝකේ සමහර රටවල පාර්ලිමේන්තුවල ඕවා සිදුවෙනවා තමයි. ඒ උනාට අපේ රටේ වගේ පුද්ගලික ජීවිතයට කරන අපහාස එම රටවල නැහැ. එකම පක්ෂේ මන්ත්‍රී වරු ගහගන්නේ මෙහෙ විතරයි. මේකට හේතුව ඔබ කියනවා වගේ මේගොල්ලන්ට මතවාද ඉවසන්න බැහැ. සේරටම හේතුව නිසි අධ්‍යාපනයක් නැතිකම. (ස)

:       0       0

සත්‍යා Wednesday, 30 October 2013 12:02 AM

මේ අය තරගෙට හොරා කන්ඩත් දන්නවා.(නදී)

:       0       0

චමින්ද Wednesday, 30 October 2013 11:35 AM

බන්දුල පෙරේරා, එයාගේ අදහසේ මුල් වාක්‍ය ටික කෙසේ වෙතත්, අවසාන වාක්‍යයෙන් නම් ඇත්තම කිව්වා. (ස)

:       0       0

උපාලි Wednesday, 30 October 2013 12:09 PM

ප්‍රාදේශීය කට්ටිය අවංක මතවාදයන් දරන නිසා ගුටි ඇනගෙන හරි මහජන ප්‍රශ්න විසඳන්න හදනවා කියලද හිතන්නේ? නැහැ මහත්වරුනි, අපි වෙනුවෙන් ගුටි ගහගන්න තරම් මේ නියෝජිතයෝ මෝඩ නැහැ. එහෙනම් ඇයි මේ තරම් උද්වේගයක්, ආවේගශීලිත්වයක්? හිතාගන්න අමාරුවෙන එකක් නැහැ මගේ හිතේ. (ස)

:       0       0

ලංකා Wednesday, 30 October 2013 12:15 PM

වැඩි දෙන්නෙක්ගේ මතය අධ්‍යාපනයක් නැති අය පත්වෙලා කියන එක. ඒක ඇත්ත ඔක්කොම චන්ඩි තමයි ජනතාව පත් කර ගෙන ඉන්නේ. කාගේද වැරැද්ද??? (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 October 2013 03:57 AM

ගුරාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමයි (නදී)

:       0       0

අස්මිත් Tuesday, 29 October 2013 06:38 PM

සෑම දෙයකින්ම ආශ්චර්යක් බලාපොරොත්තුවෙන අපට මේවා හොද පාඩම් (නි)

:       0       0

ජගත් Tuesday, 29 October 2013 06:40 PM

මේක දැන් පුරුද්දකට ගිහින් වගෙයි (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 06:43 PM

පළාත් සභා වලට ගිහින් තියෙන්නේ මැරවරයෝනේ බලනකොට (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 07:17 PM

ඕකනේ. ස්වයං පාලනය දෙන්න ඕනෑ,පොලිස් බලතල සමග. හැබැයි නරකද පොලිසියටම පළාත් සබා බලතලත් දුන්නා නම්. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 30 October 2013 08:20 AM

අපේ අය පළාත් සභා වල ඉන්න දන්නෙත් නැහැ, ප්‍රාදේශීය සභා වල ඉන්න දන්නෙත් නැහැ (නි)

:       0       0

දයා Tuesday, 29 October 2013 07:50 PM

ජනතාව ඡන්දය ප්‍රකාශ කර මන්ත්‍රීවරුන් පත්කර ගන්නේ ජනතාවගේත් රටෙහිත් ආර්ථික සංවර්ධනයක් ඇතිකරගෙන රජය ඉදිරියට ගෙනයාම සඳහායි. එහෙත් ආදර්ශමත්ව ව්‍යවස්ථානුකුලව රටේ නීතියට යටත්ව වගකීම ඉටුකිරීමට නොහැකි අය සඳහා අලුතින් නීති සකස්කර යුක්තිය සහ සාමය ආරක්ෂා කරන උත්තරීතර අධිකරණයෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුය. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 29 October 2013 08:06 PM

ඔය පළාත් සභා කියන්නේ හරක් ගාල් වගේ. නිතරම ඇන ගන්නවා (නි)

:       0       0

ගජමෑන් Tuesday, 29 October 2013 08:17 PM

ජනතා සේවයට තියෙන කැපවීම, ඒ සඳහා ඇති ඕනෑකම , නායකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීම, මහා උගත්කම, සංවරශීලී බව, අවංක සහ නිහතමානීකම නිසයි මේ අය මේ තරම් "උසස්" තත්වයකට පත් වෙලා තියෙන්නේ. බොහෝ ප්‍රාදේශීය සභා වල මේ තත්වය දකින්න පුළුවන්. එය අපේ රටේ කීර්ති නාමයට මහා ආඩම්බරයක්. (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 29 October 2013 08:29 PM

ආරියසේන .... වයස කීයද? ළඟදීද ඉපදුනේ ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3698 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 25 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 143 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 375 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 157 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site