පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීමට කෝටී 2900ක් යෙදවීමට රජය සැරසේ.
මෙම මුදල් වලින් පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇත.
202 ද වන විටදී රටේ පානීය ජල පහසුකම ලබන්නන්ගේ ප්‍රතිශතය දැන් පවතින සියයට 44 ක ප්‍රතිශතයේ සිට සියයට 60 ක ප්‍රතිශතයක් දක්වා ඉහළ දැමිම රජයේ අරමුණයි.
ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇත්තේ රටේ දුෂ්කර පළාත් වලට මුල් තැන ලබා දෙමිනි.ව්‍යාපෘති වල වැඩකටයුතු දේශීය සමාගම් වෙතම භාරදීම රජයේ අපේක්ෂාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගන්න රජරටින්. ඒ ජනතාවගේ සෞඛ්‍යය රැකීමට යන මුදලත්, ජීවිතවල වටිනාකමත් ගත්තාම, මේ ප්‍රවෘත්තියේ තියෙන විදිහටම වැඩේ කෙරෙනවා නම්, ඔය කෝටි 2900 ම ඉතුරුවක්. (නි)
අපිත් දැන් අවුරුදු හතක ඉදලා වතුර ඉල්ලන්නේ (නි)
මේ කරන වියදමේ හැටියට ,ව්‍යාපෘති 30 ට ජලාශ වල ජලයත් මදිවෙයි වගේ.මොනවා වුණත් වකුගඩු රෝගීන් අවම කර ගැනීම සඳහා පිරිසිදු පානීය ජලය අවශ්‍යමයි. ජලබිල් වැඩි කලොත් ගිනි පන්දම් කාරයින්ට ජල පන්දම් අල්ලන්න වත් වැඩක් හැදෙන්නේ නැතේ (අ)
ලංකාවේ ඒක පුද්ගල අදායම රුපියල් 300,000 ට වැඩියිනේ. ඉතින් බොන්න වතුර ටිකක් ගන්න එක අපේ අයට සුළු දෙයක් නේ (නි)
ඔය තරු හෝටල් ගැහිලි නතර කරලා මෙහෙම වැඩ රට පුරා කරනවා නම් කොච්චර හොදද? (නි)
පානීය ජල පහසුකම ලබාගෙන තිබුනත් අපි නම් බොන්නේ ලිඳේ වතුර. ඒ නිසා මෙවැනි ව්‍යපෘති ළිං කැනීම අපහසු කඳුකර පළාත්වලට සහ ජල හිඟයෙන් පෙලෙන වියලි කලාපයට කේන්ද්‍රගතවීම වඩාත් සුදුසුයි. නමුත් වකුගඩු රෝගයට පිළියම මෙය නොව රෝගකාරකය නිවැරදිව හඳුනාගෙන එය ඉවත්කිරීමයි. එක ව්‍යාපෘතියකට කොටි 100 කට ආසන්නව වැයකරන නිසාත් මෙය ලෝකෙට ණයවී සිදුකරන නිසාත් වියදම් කරන මුදලට අනුව උපරිම වැඩකොටසක් ඉටුවේද යන්නත් මේ ව්‍යපෘති තුලින් ප්‍රතිලාභ ලබන ජනතාවගෙන් අදාල ණය ගෙවිය හැකිද යන්නත් සොයාබැලීම වැදගත්. ජල බිල්පත් මගින් මේ සියලු මුදල් රැස්කර ගැනීමට කොපමණ කලක් ගතවේද? (නි)
දේශීය සමාගම් වලට දෙන එක හරිම හොද දෙයක්.ඒත් එක්කම ඉදිකිරීම් වල ප්‍රමිතිය කියන දෙය ඉහලින්ම පාලනය කිරීම ඉතා වැදගත්.පසුගිය කාලයේ කොන්ක්‍රීට් කළ බොහොමයක් මාර්ග මාස 6 යනකොට ඉවරයි.මේ නිසා රට තුල ඉදිකරන සියලුම ඉදිකිරීම් විටින් විට පරීක්ෂා කිරීමට බලවත් සහ පළපුරුදු පගාවට යට නොවෙන කඩා පනින ඉංජිනේරු හමුදාවක් වැනි ආයතනයක් මගින් පරීක්ෂාවට ලක්කිරීමත් කාර්මික නිලධාරීන් සහ ඉංජිනේරුවන් නිතර නිතර පුහුණුකිරීම් සහ වීඩියෝ පට මගින් ප්‍රයෝගික දැනුම වර්ධනය කිරීමත්, බාල ඉදිකිරීම් මගින් සිදුවන පාඩුව සහ යම් දිනක සිදුවියහැකි භූ චලන මගින් සිදුවියහැකි මහා ජීවිත විනාශයක් වලක්වාගත හැකිය. තවද ලංකාවේ සිදුකරන සියලුම ඉදිකිරීම් එකම ප්‍රමිතිකාරණයක් යටතේ සිදුකළ යුතුය. එසේ කළවිට එකම තැනකින් සියලුම දෙනා පුහුණුකිරීමටත්,පලපුරුද ඇති අය ඕනෑම ඉදිකිරීමකට යොදාගැනීමටත් හැකිවේ. (නි)
ජල සැපැයුම් ව්‍යාපෘති වලට ගරහන්නට මෙය නොලියමි. එහෙත් ජලයට එකතුවන මාරාන්තික වස විස ඉවත්කිරීමට ජල ව්‍යාපෘති මගින් කළහැකි දේ අවමය.කළයුතු වන්නේ ජලය අපිරිසිදුවන සියලුම දේ අවම කිරීමය.ලංකාවේ ගරාජ සහ වහන සර්විස් ස්ථාන වලින් පොලව තුලට ඇතුළුවන තෙල් වසර සිය ගණනක් ගියද ඉවත්නොවී ජලයට මුසුවේ.කර්මාන්තශාලා අපද්‍රව්‍ය, පලිභෝධනාශක, පොහොර පමණක් නොව නගරයේ එකතුකරන කුණු වලින් ගලන විවිධ වස විස කන්දරාව අපේ දරුවන්ගේ දරුවනුත් ජීවිතවලින් වන්දි ගෙවන්නට හොදටම ප්‍රමාණවත්ය.මෙම කාරණයේදී දේශපාලකයන්ට වරද පටවා නිහඩවීම නොව අද මේ මොහොතේ සිට දැනුවත් වීමට හා යමක් කිරීමට සියලු දෙනා ඉදිරිපත්වීම ලංකාවේ මිනිසුන් වදවීයාම වලක්වා ගතහැකි අවසාන අවස්ථාව විය හැක. (නි)
බොහොම කාලයකට ඉහතදී කළයුතුව තිබු දෙයක්. පානීය ජල සැපැයුම් ගැන පළපුරුද්දක් ඇති දේශීය සමාගම් කොහෙද තියෙන්නේ? දේශීය සමාගම් වලට කළ හැකි වැඩ පිට රටුන්ට දී පලපුරුදු නැති වැඩ දේශීය සමාගම් වලට බාර දෙන්නේ ඇයි? (නි)
ඔය වැඩේ කොහෙන් පටන් ගත්තත් සල්ලි ටික ඉවර වෙන්නේ කොතනින්ද කියලා අපි නම් දන්නවා (නි)
පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ය ,කිසිම දවසක ආරමිභ කිරීමක් හෝ අවසාන කිරීමක් සිදුනොවෙන බව පැහැදිලිය . ඒ මන්ද යත් , ' 202 ' කියන වසර කවදා , කෙසේ උදා වෙනවාදැයි නොදන්න නිසා . (අ)
ජල සැපැයුම් ව්‍යාපෘති වලට ගරහන්නට මෙය නොලියමි. එහෙත් ජලයට එකතුවන මාරාන්තික වස විස ඉවත්කිරීමට ජල ව්‍යාපෘති මගින් කළහැකි දේ අවමය.කළයුතු වන්නේ ජලය අපිරිසිදුවන සියලුම දේ අවම කිරීමය.ලංකාවේ ගරාජ සහ වහන සර්විස් ස්ථාන වලින් පොලව තුලට ඇතුළුවන තෙල් වසර සිය ගණනක් ගියද ඉවත්නොවී ජලයට මුසුවේ.කර්මාන්තශාලා අපද්‍රව්‍ය, පලිභෝධනාශක, පොහොර පමණක් නොව නගරයේ එකතුකරන කුණු වලින් ගලන විවිධ වස විස කන්දරාව අපේ දරුවන්ගේ දරුවනුත් ජීවිතවලින් වන්දි ගෙවන්නට හොදටම ප්‍රමාණවත්ය.මෙම කාරණයේදී දේශපාලකයන්ට වරද පටවා නිහඩවීම නොව අද මේ මොහොතේ සිට දැනුවත් වීමට හා යමක් කිරීමට සියලු දෙනා ඉදිරිපත්වීම ලංකාවේ මිනිසුන් වදවීයාම වලක්වා ගතහැකි අවසාන අවස්ථාව විය හැක. ,(අ),,,,,,.......
පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ය ,කිසිම දවසක ආරමිභ කිරීමක් හෝ අවසාන කිරීමක් සිදුනොවෙන බව පැහැදිලිය . ඒ මන්ද යත් , ' 202 ' කියන වසර කවදා , කෙසේ උදා වෙනවාදැයි නොදන්න නිසා (අ)
අපේ ගම බදුල්ල දිස්ත්‍රික්කයේ ටිකක් දුෂ්කර පැත්තක්. පානීය ජලය කියන්නේ අපිට එක කාලෙකට විතරක් දෙයියො ගෙනත් දෙන සම්පතක්. ඉතිරි මාස 8ක් විතර ගමේ වතුර නැහැ අදටත්. මිනිස්සු මරාගන්නවා වතුර වලට. ඔයකියන ව්‍යාපෘතියෙන් අපේ ගමට යම් කිසි අවස්ථාවක් දෙන්න පුලුවන් නම් පින් සිද්ද වෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් මට ඔය සම්බන්ධව විස්තර දැන ගන්න, පණිවිඩයක් දෙන්න. [email protected] (නි)
ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට දෙන බිත්තරේ,හිරගෙදර කුස්සියේ ලුණු ගෙඩිය, නගර සබාවේ ඇල්පෙනිත්ත උස්සන, නිල වාහනේ බාර නොදෙන ලොකු ඇත්තෝ ඉන්න, ගෙවල් කුලී නොගෙවන ඇමතිලා ඉන්න,කොටින්ම කිවුවොත් හොර තක්කඩිකම ලේ වලම ඇති මිනිසුන් සිටින රටක මේ ව්‍යාපෘතියේ වංචා සිදු නොවේය කියා දෙන සහතිකේ කුමක්ද.(නදී)