IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වතුර බවුසරයට දරුවෙක් බිලි:පළාතම උණුසුම් වේ

(නිමල් ජයරත්න)

මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්‍රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට වතුර ඉසමින් සිටි බවුසරයක පිටුපසට ගමන් කිරීමේදි, බවුසර්ය පිටුපසින්, තම වැඩිමහල් සොයුරා සමග පැමිණි අවුරුදු 5 ක පිරිමි දරුවකු එම බවුසරයේ පිටුපස රෝදයට යටවී මියයෑමෙන් පසු, කුපිත වූ ප්‍රදේශවාසීන් එම බවුසර්යට සහ බවුසර්ය අයත් ප්‍රදේශයේ වැලි සමාගමක වාහන කීපයකට මෙන්ම එම වැලි සමාගමේ දේපලවලට හානි සිදුකර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිදීතැන්න දෙවනපාර, පූනානි, ලිපිනයේ පදිංචි සාදික් මොහොමඩ් ‍රූස්ති යන අවුරුදු පහක දරුවකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුවීමෙන් පසු රියදුරුට සහ එහි සහයකයාට පහරදී බවුසරයට කුපිත වූ පිරිස් ගිනිතබා ඇති අතර අනතුරට සම්බන්ධව බවුසරයේ රියදුරු සහ රියසහයක අත්අඩංගුවට ගෙන ඇති බවද ලසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

අත්අඩංගුවට ගත් රියදුරු ‍ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි අයකු බවත්, රිය සහයක උල්පත්ගම හසලක පදිංචි අවුරුදු තිස්හයක් වයසැති පුද්ගලයකු බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි,



අදහස් (1)

වතුර බවුසරයට දරුවෙක් බිලි:පළාතම උණුසුම් වේ

Bunny Preena Monday, 31 July 2023 02:11 PM

මේ අයට ගහලා මදි... වාහනය පසුපසට ධාවනය කරනවා නම් අනිවාර්යයෙන්ම වාහනය පිටුපසින් සහායක සිටිය යුතුයි. රියදුරුට මගපෙන්වීම සඳහා. කොහෙන් හරි කිසිම වැදගත්කමකට, චාරයක් නැති දෙන්නෙක්ව යොදාගන්නවා. අඩු පඩියට රියදුරු සහායකයා හැටියට. ඒවායේ නරක ප්‍රතිඵල තමයි මෙම ඛේදජනක සිදුවීම... අපරාදේ අහිංසක දරුවෙකුට ඔහුගේ ජීවිතය නැතිවුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 127 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 278 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 214 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 798 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 327 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 611 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site