අම්පාර මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් පොද්ගලික වියදමින් අසරණ මවකට සහ දියණියකට නිවසක් පිරිනැමුහ.
වෛද්‍ය අධිකාරී ලංකා තිලක ජයසිංහ මහතා විසින් එම නිවස ඔවුන්ට භාර දුන්නේය.
අම්පාර නවගම්පුර පැල්පතක ඉතා දුක්ඛිත ලෙස මවක් සහ දියණියක් කල් ගත කරන බව අශෝක විමල් ගුණසේන සහ සුරංග ඩී ජයරත්න වෛද්‍යවරුන් දැනගත්හ.
ඒ ඔවුන් දිවා ආහාරය ගන්නා බත් කඩේ සීලා සමරවික‍්‍රම මහත්මියගෙනි.
මෙම පුවත ඇසු මොහේතෙම මෙම නිවස බැලිමට ඔවුහු ගියහ. එදින කුඩා ටකරමක් සෙවිලි කළ මේ මව සහ දියණිය ගත කරන ජිවිතය දුටු ඔවුන්ගේ නෙත් කඳුලින් පිරී ගියේය.
පසු දිනම අත්තිවාරම් කැපීමෙන් නිවස ආරම්භ කරන්න කටයුතු කළේය.
මුලින්ම කාමරයක් හැදීමට අඩිතාලම දැමු අතරපසුව මෙ කටයුත්තට තවත් හිතවත් වෛද්‍යවරු සහ රෝහල් සේවකයෝ දායක වුහ.
මසක් ඇතුලත මවට සහ දියණියට නව නිවසක් සදා දීමට වෛද්‍යවරුන දෙදෙනා සමත් වුහ.
මෙම නිවස පමණක් නොව නිවසට අවශ්‍ය භාණ්ඩද දියණියට අවශ්‍ය පොත් පත් ඇදුම් පැළැදුම් ලබාදීමට ඔවුන් දෙදෙනා නොමසුරු වුහ.
වෛද්‍ය අධිකාරි ලංකා තිලක ජයසිංහ මහතා මෙම නිවසට වැසිකිලිය සදා දීමට ඉදිරිපත් විය.
වි.ජී.විනීතා (51) මව
අවුරුදු හතකට කළින් මහත්තයා වෙන් වුණා. කොළඔ පැත්තේ පොලීසියක වැඩ කරනවා. කුලී වැඩ රලා දරුවා බලා ගන්නවා . සුරංග දොස්තර මහත්තයයි අශෝක දොස්තර මහත්තයයි අපේ ගෙදරට ආවා.
ඊට පහුවෙනිදම ගේ හදන්න පටන් ගත්තා මාසයකින් ගේ හැදුවා. මේ මහත්වරු දෙන්නටයි සෙසු පිරිසටයි බුදු බව අත්වෙන්නඕනෑ. මගේ දුවටයි මටයි මේ ගෙය මාලිගාවක්.
තාරි ආකර්ශණි දියණිය(08)
අම්මයි මමයි හිටියේ අර තියෙන පුංචි ගෙදර සුරංග දොස්තර මාමායි අශෝක දොස්තර මාමායි දෙන්න අමිමටයි ඉන්න ලස්සන ගෙයක් හදල දුන්නා මට පොත් ගෙනත් දුන්නා ඇඳුම් දුන්නා මට හරි සතුටුයි
වෛද්‍ය අශෝක විමල් ගුණසේන
‘අපි දිවා ආහරය ගන්න කඩෙන් තමයි මෙම නිවස ගැන දැන ගන්න පුළුවන් වුණේ සුරංගයි මමයි ඇවිත් මේ ගේ බැලූවා අපේ හිතට ඇති වුණේ හරිම දුකක්.
වෛද්‍ය සුරංග ඩී ජයරත්න
අපි මේ නිවස ගැන දැනගෙන නිවසට එන වෙලාවේ මේ පොඩි දුව අම්මා තාත්තා කියල ඉංග‍්‍රිසියෙන් ලියමින් හිටියේ අපිට පුදුම හිතුණා. මේ අම්මයි දුවයි කොහොමද මෙතන හිටියේ කියලා අපි දෙන්නට පුදුම දුකක් හිතුනා. මේ කාර්යය සාර්ථක කර ගන්න සහෝදර වෛද්‍යවරුන් සහ අනෙක් කාර්්යය මණ්ඩලය උදව් කළා.
මේ දියණියගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනි යන්න අපි දිගටම උදව් කරනවා ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නවා රැ දවල් බලන්නේ නැතුව සල්ලි හොයන දොස්තරවරුන් තමන් ජීවත් වෙන්නේ ඉතාමත් සැප පහසු ජීවිතයක්. කිසිම දිනයකට අනුන්ට උපහාරයක් කරන්නේ නැහැ. සත්තකින්ම මේ නිවස දැකපු ගමන් පුදුමාකාර සතුටක් මට දැනුනා. මෙයට දායක වූ සැමට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ස)
වෛද්‍යවරු කියන්නෙ දෙවිවරු.ඔබ දෙදෙනා අප රටට සම්පතක්. (ස)
මේ සහෝදරයෝ දෙන්නට ස්තුති කරන්න මම ලග වචන නැහැ.රටේ ඔබ දේපල වැනි මිනිසුන් හිටියොත් විතරයි මිනිසුන් කවුරුත් එක වගේ හිනා වෙලා ඉන්නේ.මේ දේ ආදර්ශයට අරගෙන මේ වගේ සේවයක් කරන්න අපිත් පෙළ ගැසෙමු. බුදු සරණයි. (ස)
මෙයට දායක වූ සැමට තව තවත් මෙවන් යහපත් ක්‍රියා කිරීමට වීර්යය ශක්තිය ලැබේවා...... තෙරුවන් සරණයි..... (ස)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (ස)
අපේ කාලයේ නොමිනිසුන් අතර දෙවිවරු දෙන්නෙක් ....... (ස)
මෙවන් දෙවිවරු තවත් අපේ රටට පහල වේවා. (ස)
චැනල් පස්සෙම දුවන දොස්තරට, මේක හොඳ ආදර්ශයක්. මෙයට සහබාගී වූ සියලුම දෙනාට " දළදා හාමුදුරුවන්ගේ " පිහිටයි. (ස)
හැම හදවතකම දයාව. අනුකම්පාව. ආදරය වගේ ගුණ ධර්ම රැදිලා නෑ. මෙවන් සත්කාර්යයන් කරන අයට එවන්වූ දේ තව තවත් කිරීමට දිරිය. ශක්තිය නිරතුරුව ලැබේවා. ඔබ දෙදෙනාට සහ මේ පිනට දායක වූ සැමට (වචනයකින් හෝ) තෙරුවන් සරණ දේවාශීර්වාද ලැබේවා !!! (ස)
ඇත්තටම මං විශ්වාස කරන්නේ මිහිපිට වසන දෙවිවරු ඔබයි.ඔබ දෙපලත් මේ වැඩේට උදව් කර හැමෝගෙමත් දෙමාපියන්ටත් මෙවැනි දරුවන් හැදුවට ඔබලාට වගේම ගොඩක් පින්. (ස)
දොස්තරලා කිව්වම අපිට මතක් වෙන්නේ වර්ජන නැත්නම් චැනලින් සෙන්ටර් වගේ දෙවල්. ඒත් ඔවුන් කැම්පස් එකේදි කතා කරන්නේ සමාජ වාදය පිඩිත පන්තිය ගැන. මෙන්න ඉන්නවා ඒ වගේ ඉගෙන ගෙන ලක් මවට ණය ගෙවපු අපේ කාලයේ දෙන්නෙක්. (ස)
මේ වගේ මිනිස්සු නිසාම තමා මේ රට ලස්සන වෙන්නේ. ඔබ හැමෝටම සියලු දෙවි පිහිටයි..! (ස)
දකිනකොටම ඇස් වලට කඳුලු එනවා. මෙවන් දෙවිවරුහට මගේ උත්තමාචාරය පිරිනමනවා.ඔබ දෙපලට බුදු සරණයි. (ස)
ඔබ දෙපල දවසින් දවස දියුණුවටම පත් වේවා !!!. බුදු සරණයි !!!!. (ස)
කරපු දේට නම් ගොඩක් පින්. (ස)
ඔබ දෙපළට බුදු සරණයි! (නි)
අපේ රටේ මන්ත්‍රීලට ලැජ්ජ හිතිලා මේ දෙවිවරුන්ට නඩු දායිද දන්නෙ නැහැ. (ස)
රටට වාසනාවන්ත වෛද්‍යවරු .මේ වගේ වෛද්‍යවරු තව තවත් බිහිවේවා. (ස)
මෙවන් උත්තමයන් ලද ජාතිය වාසනාවන්.. (නි)
මෙන්න මිහිපිට ජිවත් වෙන උතුම් මිනිස්සු.ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල කරන, වර්ජනය කරන දොස්තර මහතුරුන්ට හොඳ ආදර්ශයක්.. (ස)
..මේ භවයේම නිවන් දකිනා..සත් ක්‍රියාවක් .. හොද හිත ඇති වෛද්‍යවරු දෙදෙනෙක් දායක වූ සැමට ..ඉතාමත් පින් ...?අපිත් උදව් කරනවා ඉක්මනින් (නදී)
වන සිවු පාවුන් වැනි මිනිසුන් මද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත. ගොඩක් ගොඩක් පින් සිද්ද වෙන්න ඕනේ ඔබ දෙපලට.(නදී)
ඔබ දෙපලට පින් සිදුවේවා,කරන කියන වැඩකටයුත්තක් දියුණුවෙන් දියුනුවටම පත් වේවා,ඔබ දෙපලට ජයෙන් ජයම වේවා. (අ)
මං හිතන්නේ ලෝකයේ ඉන්න සංවේදීම මිනිසා තමයි දොස්තර මහත්වරු. ඔබට සහ ඔබේ දෙමවුපියන්ට තෙරුවන් සරණයි. (නි)
ඔබගේ සත්කාරයට මගේ ස්තුතිය.(නදී)
ඔබ දෙපල මුළු ලාංකික ජනතාවටම ආදර්ශයක්. (නි)
මේ පින නිසා ඔබලාගේ ජීවිත තව තවත් ආලෝකයෙන් බැබළේවි. තිසරණ සරණ වේවා! (නි)
උතුම් වැඩක් මහත්වරුනි ! (ස)
ලංකාදීප,මේ වගේ අහිංසක අය ගැන හොයලා හැමදාම එක බැගින් පත්තරේ දාන්න. එයාලට උදවු කරන්න.මේ වගේ උතුම් මිනිස්සු ගොඩක් අපේ රටේ ඉන්නවා. ඔයාලා කරන ජාතික මෙහෙවරට ගොඩක් පින් ලැබෙනවා.බලන්න දැන් ඔයාලටත් සතුටුයි අපිටත් සතුටුයි (නි)
ඔබ දෙපළ මේ රටටම දායාදයක්.... (නි)
ඔබ දෙදෙනා මුළු රටටම ආදර්ශයක්. සමහරුන් මුදලට යටවී සිටින මෙවන් කාලයක ඔබ දෙදෙනාගේ මේ සත් ක්‍රියාව හරිම වටිනවා. ඔබ දෙදෙනාට බුදු සරණයි! සියලු දෙවි ආරක්ෂාවයි! (ස)
අවංක හදවත් ඇති ඔබ වැනි දරුවන් ආත්ම ගාණනාවකට වාසනාවන්. (ස)
උතුම් ක්‍රියාවක්. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
සංසාරේ හොද පුරුදු ඇති දරුවෝ. නුඹලාට දීර්ගායුෂ! (නි)
ඒ දොස්තර මහත්වරුන් ටත් මෙලොවට බිහි කර දෙපියන්ටත් නිරෝගී සුවත් ! සසර සරණ තෙක් කිසිම දෙයක් ජිවිතේ අඩුපාඩුවක් නොවේවා! (අ)
පිං වැඩ මහත්තයෝ, පිං වැඩ. (නි)
අපේ රටේ හැමෝම ඔය විදිහට හිතන වනම් අපේ රට කොච්චර ලස්සනද,,,ඔබ සැමට තෙරුවන් සරනයි (දිල්)
අම්පාරේ දැයට කිරුළකුත් තිබුණා(දිල්)
මේ වගේ කාරුණික වෛද්‍යවරුන් තව තවත් වැඩි වේවා,ඔබට බුදු සරනයි(දිල්)
උසස් වැඩක් (දී)
පින්! (නි)
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ සැමට!!! (නි)
ඇත්තටම වෛද්‍යවරු කියන්නේ දෙවිවරු.මෙවැනි වෛද්‍යවරු අප රටට කරන මෙහෙයටත් මෙවැනි සත් ක්‍රියාවන්ටත් ඔවුන්ට සියලු දෙවි රැකවරණය පතන අතර ඔවුන්ට අපේ උත්තමාචාරය.ඔබ දෙපලට සදා ජය! (නි)
අපේ රට බුදු හිමි පහස ලැබූ රටක්.දුප්පත්කමේ දුක දන්නා මේ දෙවිවරු වගේ තවත් මිනිසුන් ඉපදේවා.ඔබ දෙපලට බුදු සරණයි. (නි)
ගොඩක් හොදයි. අප හැම දෙනාටම ආදර්ශයක්. (නි)
මිනිසුන් කියන්නේ ඔබ තුමන්ලට තමා ඔබ දෙපලට වැඩි වැඩියෙන්ම ලැබෙන්න මගේ ප්‍රර්තනය සියලු දෙවියන්ගේ පිහිට.(නදී)
ඔන්න පින් වැඩ. මේවා අර අලුත රෙකෝර්ඩ් තියපු අයටත් පෙන්නන්න ඕනෑ (නි)
හැදු වැඩු දෙමව්පියන් බුදු වේවා! ඔබ දෙපලට තෙරුවන් සරණයි ! (නි)
මේ මිනිසුන් රට ජාතිය ගැන දක්වන ආකල්පයමද ඔවුන් වැඩ වැරුමකදී දක්වන්නේත්? එවිට ඔවුනට එරෙහි නොවන්න. ඔවුන් රැකගන්න. (නි)
"වෛද්‍යවරුන් දෙවීවරුන්ය" කියන කියමන තවත් වරක් සනාථ වී ඇත. (නි)
ඔබල වැදූ දෙමව්පියොත් නිවන් දකිනවා. මේ කළ පිනෙන් ඔබලාට තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනෑ. මම මීට ඉස්සරත් මේ දොස්තර ගැන අහලා තිබුනා. මෙතුමා තමා අම්පාර රෝහල හොද තත්ත්වයකට ගෙනාවේ. ඔබ දෙපලට බුදු සරණයි (නි)
ලංකාවේ මිනිස්සු හරිම ගුණ යහපත් මිනිස්සු කියල්ලා තවත් වරක් ගෞරවයෙන් ලෝකෙටම් පෙන්නුවා ඔබ සියල්ලටම බුදු සරණි (නදී)
මේ ඉන්නේ නියම දෙවිවරු (නදී)
මුදල් හඹා යන දොස්තරලා ඉන්න රටේ, මේ දෙදෙනාගේ යහපත් ක්‍රියාව අනෙකුත් දොස්තරලට ආදර්ශයක්. මේ දෙපලට සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා.(නදී)
ඔය පළාතේ දේශපාලකයන්ව ඈදා නැති එකට ගොඩක් පින්. නියම දෙවි වරු මෙයාලා.(නදී) .
අම්පාර රෝහලේ මෙම වෛද්‍ය දෙපලට සහ මේ සත් කාර්යයට දායක වුන හැමට බොහොම පින් සිදු වෙනවා. (නදී)
ඔබලාට ගොඩක් පින් තව තව දහිරිය ශක්තිය ලැබේවා.(නදී)
මිහිපිට ඉන්න දෙවියෝ මෙයාලා ... (නි)
සල්ලි පස්සෙම දුවන දොස්තරලා අතරේ ඔබ වැනි අය නියම දෙවිවරු . හැමදේටම වැඩවර්ජන කරන අයට වඩා කොතරම් උතුම් අයද මේ.(නදී)
මනුස්සකම පිරිහුණු සමාජයක දෙවිවරු ඉන්නබව ඔප්පු කරපු අපී කාලයේ තරුණ වේද රජවරුන්ටත් ඒ නිවාස ලැබී හිත සතුටු උන දුවටයි අම්මටත් තෙරුවන් සරණයි.(නදී)
ඔබට සුභ පැතුම්.(නදී)
ඔබලාට ශක්තිය ධෙර්යය ලැබේවා! (නදී)
කදුලුත් ආව කියවද්දී...සතුටයි දුකයි කරපු දේ බොහොම හොදයි. (නදී)ණේ...
මිනිසෙකුගේ හිසට සෙවනක් ලබාදෙනවා කියන්නේ ..මේ භවයේම නිවන් දකිනා..සත් ක්‍රියාවක් .. හොද හිත ඇති වෛද්‍යවරු දෙදෙනෙක් දායක වූ සැමට ..ඉතාමත් පින් ...?(නදී)
ඔබ දෙපලට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. ඔබ වැනි වෛද්‍යවරු තවත් බිහි වේවා යන්න අපේ පැතුමයි. ඔබ හැදු දෙමාපියන්ට හා ගුරුවරුන්ට මේ පින් ලැබේවා.(නදී)
මෙම පුවත දැකීමෙන් ඇස් වලට කදුළු අවා. මුලිකත්වය ගත්ත වෛද්‍යවරු දෙපලට හද පිරි ස්තුතිය පිරිනමන්න ඕනේ. මේ වගේ උතුම් දෙයක් කිරීම වෙනුවෙන්. රාජ්‍ය දනය සුරා කන දෙසපලුවන්ට හොද ආදර්ශයක්....ඔබ දෙපලට බොහොම පින් .....(නදී)
ඔබ වැනි උත්තමයෝ තමා අපේ රටට අවශ්‍ය. අපගේ උත්තමාචාරය ඔබට.මෙවැනි පින්වන්ත්යෝ තව තවත් ඉදිරිපත් වේවා කියා පතමි. (නදී)
මනුස්ස කමින් උතුරා ගිය වේද දුරු වන්. ඔබලාට තව තව ලැබෙවා! නිදුක් නිරෝගී සුව වගේම තෙරුවන් සරන පතමි.(නදී)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.. උදව් කරපු හෙමෝටම තෙරුවන් සරණයි...!!!!!(නදී)
මේ වගේම , රටේ නාස්ති කරන සල්ලි වලින් මේ රට කොච්චර් දියුණු කරන්න පුලුවන්ද කියන එක පාලකයන්ට මතක් කරන්න .දියුණුව කීවේ ගස් ටික කපල වතුර බස්සවල ,වැවු තාවුලු වල හෝටල් හදන එක නෙමේ. මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරන එකයි. ආදර්ශ ගන්න පුළුවන් නම් මේ අයගෙන්.? (අ)
මිහිපිට ඉන්නා දෙවිවරු ඔබලාය. තරුණ වෛද්‍යවරු වන ඔබ කළ මේ මහගු උපකාරය නිසා රැස්කර ගත් මේ පින ආත්ම ගණනාවකට ඇති (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම ජිවකයෝ.තව තවත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ලැබේවා! අනෙක් අයටත් මෙය ආදර්ශයක් වේවා! (නි)
අද රටේ අහන අහන මිනිසා නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා..මෙයට ප්‍රධාන හේතුව මනස විහින් දුෂණය කර ගන්නා හෙයින් ..මිනිසා මෙවෙනි සද් කාර්යන් සඳහා පෙළඹීමෙන් මනස සන්තෝෂයෙන් පිරී පවතිනවා මනස සතුටෙන් පිරෙන විට මිනිසාට ලෙඩ රෝග වලින් සහමුලින්ම මිදී සිටීමට අවකාශ ලේබෙනවා. (අ)
මගේ ගමේ රෝහලේ දොස්තරවරු. සතුටක් සමග කදුළක් ආවා.ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! අර අහිංසක අම්මාටත් දුවටත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! මා ලබන අවුරුද්දේ ලංකාවට එනවා. මාත් පුළුවන් තරමින් උදවුවක් කරනවා. (නි)
වෛද්‍ය වෘත්තියට පමණක් නොවේ ඔබ දෙපළම රටත් ජනතාවත් භාරගන්නා රටේ නායකත්වයට සුදුසු උණුවෙන හදවත් ඇති අයයි.සුභ පතමි. (නි)
නුබලා ඇතිදැඩි කල මව්පිය ගුණය ඉහලින්ම ලොවට කියාදුන් දරුවනි, ඒ මව්පියන්ටත් නුබලටත් තෙරුවන් සරණින් සාර්ථක අනාගතයක් උදාවේවා! නොමිනිසුන් අතර දෙවිවරු වැනි මිනිසුන් සිටිනබවත්,සියලු දෙනාට ආදර්ශයක් වේවා! (අ)
අනෙකෙකු විඳින දුක දැක හද කම්පාවී ඔවුනට මෙළෙස උදව් කළ ඔබ දෙදෙනාටද එයට සහබාගීවූ අනිත් අයටද මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමේ. දෛනික ජීවිතයෙ කරදර අඩුවේවා.. ජීවන ගමන නිසි අයුරින් සැලසේවා.. ආදර්ශමත් චරිතය ලොව රැව්දේවා.. ඔබ සැමදෙනම යසඉසුරින් වැඡඹේවා! (අ)
මල් සිනා නගන්න සුපිපි වාසනා. (අ)
බොහොම හොද වැඩක්.... විශිෂ්ඨයි.(නදී)
ඇත්තටම ඔබලා තමයි දෙවියන් මෙයට දායක වුනු සියලු දෙනාටම කවරම දාකවත් කිසිම දිනක දුකක් කරදරයක් නොවේවායි ප්‍රර්ථනා කරමි (නදී)
ඔබ තුමාල අම්පාරෙම ඉන්න කොලඹට නම් වැරදිලාවත් එන්න එපා . බුදු සරණයි. දෙවි පිහිටයි.(නදී)
මේ භවයේදීම පළදෙන උතුම් පිනක්. (නි)
ඔබ වැනි අය තමයි සැබෑ දෙවිවරු (නි)
ඔබලා තමා අපේ ඇසින් දකින දෙවිවරු.දෙවිපිහිට පතමි (නි)
සැබැවින්ම මිනිස්කමින් පිරිපුන් යැයි කියන්නේ මෙවැනි හදවත උණුවන උදාර මිනිසුන්ටයි. තරුණ වෛද්‍යවරුන් වශයෙන් මේ දෙදෙනා අනෙකුත් දොස්තර මහතුන්ටත් පෙන්වාදී තිබෙන්නේ මහඟු ආදර්ශයක්. මෙම වෛද්‍යවරුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් අපි අපගේ හදපිරි තුතිය පුදකරමු. (නි)
මම නම් ලංකාවේ කවදාවත් අහලා නැහැ දොස්තරවරු මේ වගේ ගුණ යහපත් වැඩ කරනවා, ඔබලාට මගේ උත්තමාචාරය ! (නි)
ඔබතුමාලා කිසිමදෙයක් අනාගතයේ මේ අයගෙන් බලාපොරොත්තු නොවී කළ මේ දේට තුති පුදමි.මොකද මිනිස්සු අනිත් අයට උපකාර කරන්නේ යම්කිසි දෙයක් බලාගෙන. ඔබලාට ශක්තියද,නිරෝගිබවද ලැබේවා. (නි)
ඇත්තටමයි මේ ලියන්නේ.කඳුළු පිරුනා.උගුර හිරවුණා වගේ දැනුනා.කොච්චර විශාල පින්කමක්ද ඔබලා කරගත්තේ?ඒ වගේ පින්කමක් කරන්නත් ඔබතුමන්ලාට පින් මහිමය තිබුණා.නිදුක් වේවා!නිරෝගී වේවා!දීර්ඝායු ලැබේවා!රත්නත්ත්‍රයේ සරණයි. (නි)
මගේ දෑසට කඳුල ගලාගෙන විත් හදවත් උණු කළා. වෛද්‍යවරු දෙදෙනාටත් උපකාර කළ සැමටත් මේ ලැබුන පින ඇති ආත්ම ගානකින් ජිවිත මග කෙටි කරගන්න (නි)
විසිහතර පැයේම පින් රැස්වෙන පිනක් ඔබ දෙපල කර තියෙන්නේ. තව තවත් පිනටම සිත නැඹුරු වේවා !!! බුදු සරණයි! (නි)