බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර ආරාධිත අමුත්තන්ට නැරැඹීමට ඉදිකර තිබූ පීඨිකාව පෙරදින රාත්‍රියේ හදිසියේ කඩා වැටිනි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරාධානා කර තිබුණද අධික වර්ෂාව නිසා ඔවුන් පැමිණියේ නැත.
බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහත්ම මහත්මීහු ඇතුළු ඒ මොහොතේ වේදිකාවේ සිටි 12 දෙනෙක් පමණ වේදිකාව බිමට ඇලවෙනවාත් සමග බිමට පැන ගත්හ. පසුදින පෙරහාර සිරිත් පරිදි පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද ? නේද ගීතා නගා? (නි)
ගීතා අක්කා පවු අනේ. මට දුකයි. (නි)
මෙය සිදුවූයේ මෙහෙමයි.. වේදිකාව යට තිබුණු ගලක් පැන්න.. ඒත් කඩා වැටුණෙ නැහැ..මේක උනේ පෙරහැර දිනයේ.. ඉතා හොදින් ලස්සනට පෙරහැර අපි කළා. (නු)
දේශපානය කරද්දී මේ සුදුසුකම අත්‍යවශ්‍ය වෙනවා. (නි)
බිමටද පැන්නේ? එහෙනම් කමක් නැහැ. (නි)
ඉන්ද්‍රජිත් ඔබ නිවැරදියි. (නි)
ඉන්ද්‍රජිත්, ඔබ අන් අය මෙන් නොවේ. ඔබ සෑම දෙයක්ම යථාර්තවාදීව දකින කෙනෙකි. (නි)
අලුත් පිම්මක්... (නි)
දෙවියන් අතරත් කොටස් දෙකක් ඉන්නවා, අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියා. අල්පේ ශාක්‍ය අය පස්සට යනවලු, මහේ ශාක්‍ය දෙවිවරු පැමිණෙන විට. සැම සත්ත්ව කොට්ඨාශයකම මෙම විවිධත්වය හදුනාගන්න පුලුවන්කම තිබෙනවා. ඒකතමයි එක එක්කෙනාගෙ පුඤ්ඤ ශක්තිය. ඒක වෙන්ස කරන්න දෙවියන් වහන්සේටවත් බැහැ. ඉන්ද්‍රජිත් මහත්තයෝ, ඉරිසියාව කියන්නෙත් සිත අපිරිසිදු කරන අකුසල් වඩවන උපක් ක්ලේශයක්. ඒ නිසා ඉරිසියාවෙන් සිත මුදවා ගන්න උත්සාගන්න. (නි)
ඔබගේ ජීවිත රගමඩලේ තවත් සාර්ථක පිම්මක්. (නි)
ලස්සන කෙල්ලත් එහෙනම් පිම්මක් පැන්නා. (නි)
පනින්න පෙර සිතා බලන්න කිවුවට මෙහෙම වෙලාවල් වලට හිත හිතා ඉන්න බැහැනේ. (නි)
ගීතා අක්කා පැන්නේ මඩ ගොඩකට නෙමෙයි නේද? (නි)
එදා වැස්ස නිසා ගීතා අක්කව තෙමුණද දන්නෙ නැහැ. (නි)
ඉන්ද්‍රජිත්, බුදු දහම ගළපා ඇති විදිය වැරදියි. බුදු දහම ගැන දන්නෝ මේවාට නොසැළෙති. (නි)
ඉන්ද්‍රජිත් බුදුහාමුදුරුවො සුනීතට සෝපාකට බ්‍රහ්මදත්ත රජුට එක විදියට සැළකුවෙ නැහැ.. බුදු කරුණාව එක උනාට...!(නු)
ඉන්ද්‍රජිත් සමග පෙරහැරේ නටන කට්ටියට හරිපාර පෙන්නුවට ශ්‍රියාණිට පින්. (නි)
වදුරන්ගෙන් බණ අහලා විහාරෙට ගල් ගහන්න එපා ශ්‍රියානි ඔබට පිං ඉන්ද්‍රජිත් සමග පෙරෙහැරේ යන්නන්ට හරි පාර කියනවාට..!(නු)
අද උඩ ඉන්න බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කවදාවත් බිම වැටෙන්නේ නෑ කියල. (නු)
පොළොව ගිලාබැසීමක් වෙන්නත් පුලුවන්. බොහෝ ප්‍රදේශ වල මෙවන් දේ වෙනවා. (නි)
සිඩ්නි වල චන්ද්‍රාට රිදිලා තියෙන තරමක්! (නි)
ගීතා අක්කට මොනවාහරි වෙලා තිබුණොත් මම ඒක ලෙහෙසියෙන් අතාරින්නෙ නැහැ. හරිද? (නි)
උස පනින්න ඹලිම්පික් යවන්න පුළුවන්.(නු)
මට හොදටම විශ්වාසයි ඉන්ද්‍රජිත් මේ අදහස් දක්වන්නේ සද්භාවයෙන් නොවන බවට. (නි)
ඔයින් ගියා මදැයි (ස)
කාටවත් අනතුරක් නැහැනේ..!(නු)
ගීතා අක්කට ප්‍රශ්නයක් නෑ නේද ? (ස)
හොඳ වෙලාවට මම ආවේ නැත්තේ (ස)
ප්‍රධාන අමාත්‍යතුමා ආවේ නැති එක හොදයි. නැත්නම් අන්තිමට ඒකේ වැරැද්දත් එතුමා පිට පටවයි අපේ කට්ටිය. (නි)
බුදුහිමි වැඩ විසූ කාලයේ සුනීත වැනි කසල ශෝධකයින්ටත් බ්‍රහ්මදත්ත වැනි මහා නරපතීන්ටත් සැලකුවේ එක හා සමාන කරුණාවෙනි. කවුරුත් බණ ඇහුවේ උන්වහන්සේ ළඟ බිම වාඩිවෙලා. උන්වහන්සේ සමහර විට දිවසින් දකින්න ඇති යම් දවසක බුදු දහම වෙනුවෙන් පවත්වාගෙන යන විහාර ආශ්‍රිත වැඩසටහන්වලදී 'විශේෂ ආරාධිතයින්ගේ' වේදිකා හදලා ඊට පහල ඉඳන් නැටුම් නටලා ඔවුන්ව පිනවන කාලයක් ඒවි කියලා... මුළු රටේම ආගමික උත්සව සංවිධානයේදී ඒ ගැනත් ටිකක් හිතන්න (ස)
කවුරුහරි එතන හිටපු කෙනෙක් අහස පොළව නුහුලන බොරු කතාවක් කිවුවද දන්නෙ නැහැ. (නි)
පුරුද්ද තිබුණු නිසා හොඳට ගියා. (නි)
ගීතා අක්කා කරාටි එහෙමත් දන්නවා. අපි ෆිල්ම් වල දැකලා තියෙනවා. අනතුරක් නැතුව බේරුන එක හොඳයි (ස)
පනිද්දි ගීතා අක්කට දෙවියන් සිහිවෙන්න ඇති. (නි)
ගීකා නෝනා දක්ෂයි..අපි දැකලා තියෙනවා එයාගේ රංගනයන් සිනමාව තුලින්.. (නු)
අයියෝ.... (ස)
ඇති හානියක් නොවී බේරුණා. (නි)
ෂුවර් එකටම අරයගේ වැඩක් ගීතා අක්කේ. (නි)
එදා පාලම යට. අද වේදිකාව යට... (නි)
ගීතා කියන්නේ දක්ෂ නිලියක්.. වේදිකාවක් කඩාගෙන වැටුනට එයාට කරදරයක් වෙන්නෙ නැහැ.... කරාටි එහෙම දන්න එක්නෙනෙක්නේ..මේවගේ දෙයකින් බේරෙන එක පොඩි දෙයක්..!(නු)
දෙවියන් කෝපවී වද්ද? (නි)
කාටවත් අනතුරක් නොවුන එක හොඳයි (ස)
කමක් නැහැ. මේ වෙද්දී නිසි බලධාරීන් නිසි ක්‍රියාමාර්ග අරගෙන ඇති. (නි)
ගීතා අක්කා ඡන්දෙ දවස් වල දැක්කට පස්සේ(නු)
ඕවනම් මොනවාද ගීතාට..!(නු)
මෙහෙම මේ දේවල් කඩාවැටෙන එක අනෙක් කට්ටියටත් ආදර්ශයක්. (නි)