පොදු රාජ්‍ය මණ්ඩලය, තීන්දු හෝ දඩුවම් දීමේ ආයතනයක් බවට පත් නොකර මහජන සුභසිද්ධිය හා සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු යැයිද සියලු ආගම් ගරු කරන ශ්‍රී ලංකාව අනුන් කළ නොකළ දේ ගැන නොසොයා තමන් කළ නොකළ දේ පමණක් සොයා බැලීම අපේ යතුකම විය යුතුයැයිද ධම්මපදයේ ගාථාවක් ද උපුටා දක්වමින් මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
තිස් වසරක ත්‍රස්තවාදය 2009 දී අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කිසිදු තැනකින් ත්‍රස්තවාදි ක්‍රියාවක් වාර්තා වී නැතැයිද වැදගත්ම මානව හිමිකම් අයිතිය වන ජීවත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයෙන් තහවුරු කර ඇතැයිද ජනපති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සමාවෙන්න ලක් වැසියනේ.. මට පොඩි වැරදීමක් වුනේ.. වැලිවේරියෙදි හමුදාව වෙඩිතිබ්බෙ වතුර විදින තුවක්කු වලිං. මගෙ අන්තවාදී කමටයි වෙඩි උන්ට වගේ පෙනුනෙ.. තව පාරක් සමාවන සේක්වා…. ලංකාවෙ මානව හිමිකම් කවදාවත් කඩවෙලත් නෑ කඩවෙන්නෙත් නෑ (දී)
ඔබ තුමාගේ කතාවට අපි කැමතියි, ඔබතුමාට ජය වේවා, ඔබ තුමා යුද්ධය දිනාගත්ත වගේ කුස්සියේ යුද්ධයත් දිනලා දුන්නොත්, අහිංසක දුප්පත් ජනතාව ඔබේ අතේ, පර්මිට් කාර් අහිංසක ජනතාවට එපා, බඩු මිල අඩු කිරීම පමණයි ඔවුන්ට ඕනැ.(නදී)
රටට බිහි උන ශ්‍රේෂ්ටම නායකයා ඔබතුමා. කියන්න වදන් නැති තරමට ස්තූතියි. (ස)
ඔබ ඉතාම වටිනා ජන නායකයෙක් බව කවදා හෝ ඉතිහාස පොතේ ලියාවි. නායකතුමනි ජයෙන් ජය (ස)
මහින්ද යුගයක් නැවතත් අරඹවු කියලා. තව අවුරුදු 1000 කින් කියයි. (ස)
ලොව කුඩා රාඡ්‍යයක් වුවත් ලොව බලවත්ම රාඡ්‍යය ඉදිරියේ වුවත් දණින් නොවැටෙන බව පෙන්නුම් කළ ඉතා නිර්භීත කතාවක්. අපිට ඔබ ගැන ආඩම්බරයයි ඡනාධිපතිතුමනි. ඔබට දීඝායු !!! (ස)
ජනාධිපතිතුමාගේ කතාව හරිම අගේ....මේ ආත්ම ශක්තිය ඔබතුමාට ලැබෙන්නේ කෙළෙහි ගුණ දන්නා මිනිසුන්ගේ ආශිර්වාදයෙන්,,..තව, තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා. (ස)
ඔබතුමා අගය ඇති කතාවක් කරලා. හරිම ආඩම්බරයි (නි)
අම්මප හරි නේ ...මේ අව්රුදු ටිකේ කිසිම සිවිල් නීති කඩ කලේ නැහැ මානව හිමිකම් අකුරටම පිලි පද්ද එක මිනිහෙක් මැරුවද ළමා අපචාර ,සුදු වාහන ඔය එක දෙයක් තිබුනද ,,වතුර ඉල්ලුව කියල මොකද මැරුවද හනේ මෙහෙම රටක් (දී)
අමිල (කටුනායක අමිලට නොවේ),තමුන්ලා වගේ කුහකයන්ට හොඳ හොඳ විදියට දකින්න අමාරුයි නේද? තමුන්ගේ පක්ෂ සෝදා පාළුවෙලා ඉවරයි.ආයේ ගොඩ ඒමක් නෑ.ඒ නිසා බුරන්නේ තප්පුලන්නේ නැතිව ඉන්න. (අ)
පක්ෂ බේදයක් නැතිව,කුහකකමක් නැතිව අනිත් ජාති ඉදිරියේ අපේ රටේ නායකයාව එකදවසක් අගය කරමු: (අ)
ඔව් ඔව් පේනවා මානව හිමිකම් සුරකින හැටි (අ)
කලකදී මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින් වූ අපගේ මව්බිමට දහම් සිසිල ළඟ කරන්නට ඔබතුමා දරන උත්සාහයට ජාතියේ කුහක නැත්තන්ගේ ප්‍රණාමය... (ස)
නියම කතාව (දී)
දකුණෙන් බිහි වූ දියසේන කුමරුවාණෙනි, අපේ අභීත ජනපති තුමනි, ඔබ තුමා දිනෙන් දින දිනේවා !!!(දිල්)
දම්! අපට දැනටමත් උගන්වලා තියෙන්නේ. තවත් උගන්වන්න අවශ්‍ය නැහැ. (නි)
ගාමිණී වගේ කට්ටිය ඉන්නකම් මේ රට දියුණු කරන්න අමාරු තමා (නි)
සමහර මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැහැ (නි)
අද සත්‍ය කතා කළොත් හෙට දවස ගැන අවිනිශ්චිතයි (නි)
සී.කේ.ලංකාපුත්‍ර, දම්, අපට දැනටමත් උගන්වලා තියෙන්නේ. තවත් උගන්වන්න අවශ්‍ය නැහැ. (නි)
දැන් අර මන්දනා නෝනා කොහෙද ඉන්නේ?ලංකාවේද? පිට රටකද? (නි)
ගාමිණී, ඔබ ලංකාවේද ඉන්නේ කියන එක සැකයි. යමක් අගය කරන්න පුරුදුවන්න. ඔබලා වගේ පිරිස දේශපාලන කෝණයකින් විතරයි බලන්නේ. අසංකා, කියනවා වගේ ඔබලා වැනි පිරිස ඉන්නකන් රටක් දියුණු කරන්න අමාරු තමා. (නි)
ඕක , තමන්ගේ වැඩක් බලාගන්න කියලා කැමරන්ට කියන්න ඉංග්‍රීසියෙන්? එතකොටයි වැඩක් වෙන්නේ. (නි)
කොන්ද කෙලින් තියන් කාගේවත් බලපෑම් වලට යටත් නොවී තමන්ගේ මතය ස්වාධීනව ඉදිරිපත් කිරීම ඉතා හොඳ ක්‍රියාවක්. නියම නායකත්වයේ ලක්ෂණයත් ඒක තමයි. (ස)
අගෙයි..අගෙයි..චෝගම් සභාපති තුමා දිනේවා! (ස)
ජනපතිතුමනි ඔබ ජනපති කෙනෙකුට වඩා දෙවියෙකු මෙන් මට පෙනේ. (ස)
ශ්‍රේෂ්ට ප්‍රකාශයක්, ඉතිහාසයේ මේ ලංකාව තුළ රාජ්‍ය නායකයෙක් කළ ඓතිහාසික කථාවක්. චිරං ජයතු ඔබතුමාට. (ස)
ජනපතිතුමනි, ඔය දේ පිටරට වල අයට ඉස්සෙල්ල අපේ රටේ ඉන්න සමහර කට්ටියට කියල දුන්නොත් වඩා හොඳයි... (ස)
මගේ මාතෘ භූමියේ ගැලවුම් කරුවානන් ඔබයි.... වසර ගණනාවක් මරණ බයෙන් පීඩිත වුණ මහ ජනයාට සැනසීම ලඟා කෙරුවෙ ඔබයි.......සියලුම කරදර බාධක දුරුවි...... රට ඉදිරයටම ගෙන යන්නඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා !!! තෙරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා... (ස)
මෙතුමා රටට කරපු ලොකුම සේවය යුද්ධය අවසන් කරපු එක. (ස)
ඔබ තුමාට ජය වේවා !!! (ස)
නියමයි.....ජය වේවා..... මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස් මාධය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රටේ මිනිස්සුන්ට වෑඩි වෙලා දෑන්. බොරුවට නෑ නෑ ගානවා. ඔය පිට රට ගෑත්තන්ට කෙලින්ම කියන්න තියෙන්නේ ඔය මිනීමරු එල්.ටී.ටී මස් වෑද්දැන්ට කඩේ යන කඩේ ගිය ඔක්කොම ඩොලර් කාක්කෝ තාමත් යහතින් ජීවතුන් අතර ඉන්නේ මේ රටේ මානව හිමිකම් තියෙන නිසයි කියලා.(නදී)
කොළයක්වත් නොබලා කළ කතාව ඉතාම අලංකාරයි.(නදී)
ජය වේවා (නදී)
තමුන්ට ඕන ධම්ම පද විතරක් පිළිපදින්න තමා අපේ අය දන්නේ. (නදී)
නියම කතාව. ජයවේවා. (ස)
එඩිතරයි, නියමයි, ඔහොම යමු.(නදී) ..
ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට !(නදී)
ඉතාමත් වැදගත් කාලෝචිත කතාවක් නියමයි. (ස)
සුදු වෑන් නැත. අතුරුදහන් කර නැත. මේ සුර ලොවේ. කුරාම් ඔබ කොහිද? (ස)
නිර්භීත එඩිතර කතාවක් කල ඔබ තුමාට සුබ ගමන්. (ස)
බුදු හාමුදුරුවන්ගේ කාලයේත් සච්චකලා, ආලවකලා දෙව්දත්ලා හිටියා. ඒවා මැඩගෙන ඉදිරියට යන්න රට නගා සිටුවන්න ජනපතිට සියලු ධෛර්යය ලැබේවා. (ස)
පොදු රද මඩොලු නව සභාපතිතුමාට සුභ පතනවා. (නදී)
කතාව නම් බොක්කෙන්ම දුන්නා.(නදී)
රටින් බැහැරව සිටින නිසා, වඩාත් හොඳින් අපේ ජනාධිපතිතුමාගෙ කතාව ගැන ලොකු සතුටක් වගේම අපේ රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. (ස)
ජනපති තුමනි ඔබට දීර්ඝායු වේවා. වසර ගණනක් විදේශ සේවයෙන් උපයන මුදලින් ජීවත් වෙන අපට අපේ දරුවන් හට හෙට ගැන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නට පාර කැපූ ඔබලට ස්තූතියි. ඔබට ජයෙන් ජය. (ස)