IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වෛද්‍ය ඉතිහාසයේ තවත් වාර්තාවක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ල රෝහලේ දී අක්මාවේ සැත්කමක් සිදු විය.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර අනුරුද්ධ තෙවරප්පෙරුම මේ සැත්කමේ නියමුවාය.

මැදිවියේ රෝගියකුගේ ගුද මාර්ගයේ පිළිකාව ද්විතීයක ලෙස අක්මාවට ද පැතිරී තිබිණි.

අක්මාවේ සැත්කම් කරන වෛද්‍යවරුන් ලංකාවේ විරලය.

රෝගියාගේ සිරුරේ කැපුමකින් ගුද මාර්ගයේ පිළිකාව ද, තවත් කැපුමකින් අක්මාවේ පිළිකාව ද ඉවත් කරන්නට ගියේ නම් අඩි එක හමාරක තරම් කැපුම් දෙකක් කරන්නට සිදුවන බවත්, එහෙත් මේ සැත්කමේ දී කැපුමේ දිග සෙන්ටිමීටර හතරකට සීමා කළ බවත්, පැය දෙකකින් සැත්කම අවසන් කළ බවත් විශේෂඥ වෛද්‍ය තෙවරප්පෙරුම මහතා කියයි.

මේ ක්‍රමයට සැත්කම කළ නිසා රුධිර වහනය මීලිලීටර 200කට සීමා කර ගත හැකි වූ බවත්, එසේ නොවූයේ නම් ලීටරයක් පමණ ලේ වහනය වීමට ඉඩ තිබිනැයි ද ඔහු කියයි.

හොඳ හා නවීන උපකරණ ඇත්නම් තවත් මෙවැනි සැත්කම් කළ හැකි යැයි ද, ශ්‍රී ලංකාව වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණ පැත්තෙන් ඉදිරියට යා යුතුයැයි ද වෛද්‍යවරු කියති.

මෙම ශල්‍යකර්මය කරන අවස්ථාවේම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේ දී තවත් අක්මා ශල්‍යකර්මයක් සිදු කැරිණි.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දයා ධර්මප්‍රිය මහතාත් , හිටපු අධ්‍යක්ෂ දොස්තර  සම්පත් ඉන්දික කුමාර   නවීන උපකරණ ලබා දුන් බව ද දොස්තර තෙවරප්පෙරුම කියයි.

 

 

 



අදහස් (0)

වෛද්‍ය ඉතිහාසයේ තවත් වාර්තාවක්

රෙමා Tuesday, 26 November 2013 01:27 PM

හොඳ අවශ්‍ය දේවල් ලැබෙනවා නම් ගොඩක් දේවල් අපේ රටේම සම්පත් වලින් කරන්න පුළුවන්. ඔබ සැම අපට වටිනා සම්පත්. තව තවත් මෙවන් දේවල් කරන්න හැකියාව ලැබේවා! (නි)

:       0       0

පෙනුක Wednesday, 27 November 2013 09:30 AM

ගොඩක් සතුටු වෙන්න පුළුවන් දෙයක් (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 26 November 2013 01:49 PM

අපේ වෙදදුරන් ගැන ආඩම්බරයි. ජය වේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 26 November 2013 02:19 PM

මම දකින මම විශ්වාස කරන දෙවිවරු ඔබයි (නි)

:       0       0

සත්‍යා Wednesday, 27 November 2013 09:59 AM

මෙවැනි වෛද්‍ය වරුන් දෙවිවරුන් වගේ. නමුත් අවාසනාවකට වගේ "හොඳ හා නවීන උපකරණ ඇත්නම් තවත් මෙවැනි සැත්කම් කළ හැකි යැයි" කියන්න වෛද්‍ය වරුන්ට සිදුවීම ඛේදජනකයි. මේවාට විය හියදම් කලයුතු ප්‍රතිපාදන පස්ස දොරින් නොවෙයි දැන් ඉස්සරහ දොරින්ම දේශපාලුවන්ගේ මකර කටට යන නිසා ලෙඩුන් පමණක් නොවෙයි වෛද්‍යවරුත් අපහසුවට පත් වී තිබෙනවා.(නදී)

:       0       0

තිලක් Tuesday, 26 November 2013 10:43 PM

මම දකින මම විශ්වාස කරන දෙවිවරු ඔබයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 November 2013 10:43 PM

ලංකාවේ වෛද්‍යවරුන්ගේ වටිනාකම දැනෙන්න ගල්ෆ් රටවලට එන්නම ඕනෑ. (නි)

:       0       0

චන්දි Tuesday, 26 November 2013 03:53 PM

හරිම සතුටුයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 26 November 2013 10:44 PM

දෙවිවරුන් වන් වු මෙවන් වෙදැදුරන් සැමදා අගය කළ යුතුයි. ඔවුන්ට දීර්ගායුෂ ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 November 2013 10:47 PM

අඩු පහසුකම් යටතේ වුණත් ලංකාවේ වෛද්‍යවරු මොනතරම් දක්ෂද? (නි)

:       0       0

අතාවුදගේ Tuesday, 26 November 2013 04:23 PM

සුබ පැතුම් . ( දී)

:       0       0

චානක Wednesday, 27 November 2013 10:50 AM

මමත් එත්තටම ගොඩක් ස්තුති කරනවා මේ දොස්තර මහතාට මෙවන් සැත්කමක් සිදු කිරීම පිළිබඳව. (නි)

:       0       0

ග්‍රිෂාණි Tuesday, 26 November 2013 05:08 PM

ලංකාවේ වෛද්‍යවරු දක්ෂයි. මම ඔවුන් අගය කරමි. (නි)

:       0       0

බර්නි පර්ත් Tuesday, 26 November 2013 05:24 PM

ඔබ වැනි වෛද්‍යවරුන් මගේ මාතෘ භූමියට අමිල සම්පතකි. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

උපේන්ද්‍ර එංගලන්තය Tuesday, 26 November 2013 06:22 PM

මේ ප්‍රවෘත්තිය දැක්කම මම හදවතින්ම සතුටුවුණා.අපේ වෛද්‍යවරු මොන තරම් දක්ෂයි නේද කියලා. මගේ පියා මිය ගියෙත් අක්මාවේ පිළිකාවකින්. එනිසා මම සතුටු උනා මේ වෛද්‍යවරු තවත් මරණයක් වලක්වා ගත් එකට. එංගලන්තේ මේ වගේ සැත්කමක් කරන්න අවුරුදු ගානක් බලන් ඉන්න වෙනවා ඒ විතරක් නොවේ. මෙහෙ වෛද්‍ය සේවය සෑහෙනන්න පිරිහිලා. අඩුම ගානේ සිසේරියන් සැත්කමක් වත් හරියට කරගන්න බෑ. (නදී)

:       0       0

මදූ Tuesday, 26 November 2013 06:27 PM

ඕක කලින්ම හොයා ගත්තා නම් මගේ අක්කත් තාම ජීවත් වෙනවා.(නදී)

:       0       0

අජිත් Tuesday, 26 November 2013 06:59 PM

අපට බොහොම ආඩම්බරයි මෙවන් කටයුතු කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.(නදී)

:       0       0

චමින්ද Wednesday, 27 November 2013 06:39 AM

ඔබට දිගාසිරි මැතිතුමනි. මමත් රෝගියෙක්. අනාගතයේදී සිරෝසිස් රෝගයටත් සාර්ථක සැත්කමක් සොයාගන්න ඔබට ශක්තිය ලැබේවා!! (නි)

:       0       0

සංචිත Tuesday, 26 November 2013 07:39 PM

දෙවිවරුන් වු මෙවන් වෙදදුරන් සැමදා අගය කළ යුතුය. ඔවුන්ට දීර්ගායුෂ ලැබේවා! (නදී)

:       0       0

මොහාන් Wednesday, 27 November 2013 08:11 AM

දොස්තර තෙවරප්පෙරුම මගේ පාසල් මිතුරෙක්. රාජකීය විදුහලේ හිටපු දක්ෂයෙක්. තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගෙන රටට සේවය කරනවා. මේ ගෞරවයෙන් භාගයක් යන්න ඕන එතුමාගේ මවට. ඇයගේ කැපවීම නිසා අනුරුද්ධ තෙවරප්පෙරුම කියන දක්ෂයා බිහි උනේ. ඔබ අපට ආඩම්බරයක්.(නදී)

:       0       0

තෙවරප්පෙරුම Tuesday, 26 November 2013 12:34 PM

අපට හරිම සතුටුයි (නි)

:       0       0

රූපවතී Tuesday, 26 November 2013 12:48 PM

ඇගයීමට සුදුසු උතුම් ක්‍රියාවකි. මහජන මුදල් තම තමන්ගේ සුභ විහරණයට යොදා ගන්නවා වගේම, මහජනයාගේ ද සුභ විහරණයට ඒ මුදල් යොදා ගත යුතුමය. ඉන් ජනතාවගේ ප්‍රශ්නයන්ද විසදෙන්නේය .(නදී)

:       0       0

තුෂා Tuesday, 26 November 2013 12:54 PM

ඔබ වැනි දොස්තරවරු මිහිපිට දෙවිවරුය.(නදී)

:       0       0

සම්පත් Tuesday, 26 November 2013 01:08 PM

මාගේ සුබ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 278 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 192 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1097 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 961 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 191 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1217 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site