විද්‍යුත් තාක්ෂණය මගින් ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය හා නඩු පිළිබඳ ලියැවිලි පරිගණක ගත කරන බව මොහාන් පීරිස් අගවිනිසුරු කැකිරාවේදී ප්‍රකාශ කළේය.
අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සැම දෙනාගේ යුතුකමක් බවත්, නීතිය විය යුත්තේ ජනතාවගේ එදිනෙදා ජීවිය පවත්වාගෙන යෑමට බවත් අගවිනිසුරු පැවසීය.
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙන් වෙන් වෙශයෙන් නොව එකම රාමුවක් තුළ ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට වඩාත් සමීප විය හැකි බව ද අගවිනිසුරු කීවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මන් දන්නා ඉඩම් නඩු තියේ මට වඩා වයස. කෝ ඒවා ඉවර කරන්නකෝ මුලින්ම ලොකු වැඩ කරන්න කලින්.(නදී)
කොස්,පොල් ගෙඩියට නඩු දාන යුගයේ පරිගණක කරණය මගින් හදන්නේ ගෙඩි පැහිලද දඩය කීයක්ද කොච්චර කාලයක් රස්තියාදු කරනවා කියලා බලන්නද?(නදී)
තාක්ෂණය දියුණු කාලයේ අග විනිසුරු තුමා ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුගොනු කිරීමට පරිගණකය යොදා ගැනීම අගය කලයුතුයි. පරණ වෙවී, ඇදී ඇදී යන රටතුල ඉඩම් නඩු නිසා නෑකම්,හිතවත් කම් පලුදුවී මායිම් ප්‍රශ්න මිනීමැරුම් වලට පවා හේතුවී ඇති බැවින් ගැමියා කබාසීනියා කරණ ඉඩම් ආරවුල් වලටද කඩිනම් විසදුමක් ලබා දීම රටේ සංවර්ධනයට ද රුකුලක්.(නදී)
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙන් වෙන් වශයෙන් නොව එකම රාමුවක් තුල ක්‍රියාත්මකවීම තුලින් පමණයි නිවැරදිව රටක් පාලනය කළ හැක්කේ. (නි)
අග විනිසුරුතුමනි නීතිය සාදාරණව ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න. අනික විද්‍යුත් තාක්ෂණයෙන් නඩු දැමීම හොඳ වගේම උසාවිවල අවුරුදු ගනන් ඇදී ඇදී දුප්පත් ජනතාව අපහසු තාවට පත්කරන නඩු ඉක්මනට අවසන්කරන වැඩ පිළිවෙලක් ඉක්මනට සකසන්න.(නදී)
හතර හිනා.(නදී)
මම හිතනවා ඊට ඉස්සරවෙලා විද්‍යුත් මාධ්‍යයට නිදහසේ අදහස් පල කිරීමට ඉඩකඩ ලබා දීම වැදගත් කියලා. අන්න ඒක කලොත් ඉතාම වටිනා දෙයක්. (නදී)
කොහොම ගොනු කලත් අවුරුදු ගානක් අදිනවනේ. අනික දැන් අධිකරණය කියන්නේ පාර්ලිමේන්තුවද නැත්නම් ඇත්තටම අධිකරණයද ? (නදී)
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය දැන්නම් ඕනෑවටත් වැඩිය එක රාමුව තුලට ඇවිත් බව පේනවා. කොච්චර රාමු වෙලාද කියනවා නම් කොයි එක්කෙනා කෝක පාලනය කරනවද කියල අපටත් හොයාගන්න බැහැ. (නදී)
නඩු ගොනු කරන්න නම් විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය නෑ. මොන මාධ්‍යයකින් හරි ඉක්මනට නඩු අහලා ඉවර කරන්න. මාගේ ඉඩම් නඩුවක තීන්දුව ගන්න අවුරුදු 26ක් ගියා. දැන් ඒක අභියාචනා කරලා. අභියාචනාව අහන්න පටන් ගන්න තව අවුරුදු 5ක් ගතවන බව දැන ගන්න ලැබුණා. (අ)
අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම රට වැසියන්ගේ යුතුකම බව රට වැසියෝ දනිති. එය නැති කරන්නෙත් කව්ද කියා ජනතාව හොඳ හැටි දනිති.(නදී)
ඉලේපරුම මහත්මයා කියන්න වගේ නඩු ඉක්මනට ඉවර කරන්න විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්න උස්සහ ගන්න.(ස)