වෛද්‍යවරුන් පස් දෙනාම වැඩට නොපැමිණිම නිසා ආණමඩුව රෝහලේ බෙහෙත් ගැනීමට ආ දෙසීයක් පමණ පිරිසක් අද (04) උදේ ආපසු හැරී ගියහ.
වෛද්‍යවරුන් දෙදෙනකු අසනීප වී සිටින බවත් අනික් තිදෙනාද පැමිණ නැති බවත් වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර් එම් කේ රත්නායක මහතා කියයි.
රෝහලේ එක් වෛද්‍යවරයකුට රාත්‍රී සේවයේ යෙදී සිටි බවත් වෛද්‍යවරියක ප්‍රසුත නිවාඩු ගොස් අති බවත් දැනගන්නට ඇත. දැනට පැමිණ ඇත්තේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පමණකි .
පුත්තලම රෝහලෙන් වෛද්‍යවරුන් දෙදෙනකු එහි යවන බව අධ්‍යක්ෂවරයා කියයි.ආණමඩුව රෝහල පුත්තලමට කිලෝ මීටර් විසි හයක් දුරින් පිහිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවල් මහත්තයාගේ වටිනාකම ඒ පැත්තේ මිනිස්සුන්ට හොදින් දැනෙනවා ඇති (නි)
තමන්ගේ රාජකාරිය ගැන තිබෙන ආකල්පය මේකෙන් පෙනෙනවා. ඊටත් වැඩිය ඉස්සර හිටපු දොස්තරලට තිබුනා ආචාර ධර්ම කියලා දෙයක්. මේ අය ඒ ගැන අහලා නැතුව ඇති මම හිතන්නේ. (නි)
ඇයි දොස්තරලාට ලෙඩ හැදෙන්නේ ගෙවල්වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ නැද්ද? කිසිම උගත්කමක් නැති අය මේ රටේ සියලු වරප්‍රසාද භුක්ති විඳිද්දී, ඔවුන් වෙනුවෙන් ජීවිත කැපකරන්න උගතුන් බිල්ලට දීම වැරදියි. තමුන්ගේ ප්‍රදේශවල ජීවත්වන අය වෛද්‍යවරුන් කර ගැනීමට පුද්ගලික විශ්වවිද්යාල ඇතිකරන්න.(නදී)
විදේශ රටවල උපාධි ලබාගත් වෛද්‍යවරු කොතෙකුත් සිටි. ඔවුන් සේවයට බඳවා ගැනීම මෙයට පිළියමකි. (ස)
ලෝකයේම සෞක්‍ය අංශය දියුණු රට ලංකාව කියල නේද කිව්වේ ඊයේ.(නදී)
දොස්තරලා සිටිය යුතු රටට ජනතාවට සේවයට මිස, පින් පඩි ගැනීමට නොවිය යුතුය. (ස)
පෞද්ගලික විශ්ව විද්‍යාල මොකටද ලංකාවෙ, පවතින විශ්ව විද්‍යාලවලින් රටට උවමනා තරම් වෛද්‍යවරු බිහිවෙද්දි. (ස)
ඒ කට්ටියව මේ දවස් වල තියෙන චන්ද රැස්වීමකට ගෙන්න ගන්න ඇති අප්පුඩි ගහන්න ..(දී)
හා හා බලාගෙන ඔය එක එක දේවල් කියන්නේ. එක දවස වෙනුවට දවස් ගානක්ම නැතිකරන්න ද හදන්නේ, ඔහොම අදහස් දාලා. (නදී)
කුමක්ද මේ රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ දිනවල සිදු කරන්නේ? හැමදේම අවුල් කරගෙන. සෞඛ්‍යය ක්ෂේත්‍රයම හිතා මතාම කඩා වට්ටලා. වහාම මෙය නිවැරදි කළ යුතුයි. (නි)
කුමක්ද මේරටේ සෞඛය ක්ෂෙත්‍රයේ මේ දිනවල සිදුකරන්නේ? හැමදේම අවුල් කරගෙන. වලපනේ පදිංචි දොස්තරලා කොළඹ, කොළඹ පදිංචි අය තුම්පනේට මාරු කරලා. එසේ ස්ථාන මාරු ලබාදී තිබෙන්නේත් ඒ ඒ රෝහල් වලට අවශය කරන සුදුසුකම් සහිත දොස්තරවරුන්ට නොවන නිසා සෞඛය ක්ෂේත්‍රයම හිතා මතාම කඩා වට්ටලා. නිදසුනක් ලෙස මහරගම පිළිකා රෝහලට නිර්වින්දන වෛද්‍ය වරුන් තවත් අවශ්‍යව තිබියදී එහි සිටි පලපුරුදු වෛද්‍යවරියන් දුර බැහැර කුඩා රෝහල් වලට මාරුකර තිබීම හාස්‍ය ජනකයි. එසේ නික්මගිය අය එවැනි ප්‍රාදේශීය රෝහල්වල අතිරික්තයක් බවට පත්වී තිබෙනවා පමනක් නොව ඒ හේතුව නිසාම ඔවුන්ගේ දක්ෂතා මොටවී යනවා. වහාම මෙය නිවැරදි කළ යුතුයි. (දී)