කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි සංවත්සරයට නොයන බවත් හොරණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
එම තීරණය තමන්ගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් ශ්‍රිලනිප හොරණ මාධ්‍ය සංවිධානයේ ශාඛා සමිති 122 ක් හා අනුබද්ධ සංවිධාන වල ඒකමතික තීරණයක් බවත් වික්‍රමනායක සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියා කියලා වැඩක් තියනවද ?
විදුර කෙලින් කතාකරන අත් දැකීම් ඇති හොඳ මන්ත්‍රීවරයෙක්. මම ඔහුට ගරුකරනවා. (ර)
විදුර හොදයි නම් තමයි නමුත් ඔය කරන වැඩ වලින් එයාට යන එන මන් නැති වෙන එක ෂුවර්. (ර)
පක්ෂ හා පුද්ගල ප්‍රතිරුප වෙනුවෙන් කරන දේශපාලනයත්, රට වෙනුවෙන් කරන දේශපාලනයත් අතර වෙනස තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතාවක් මේ රටේ සිටිනවා. ජනතාවගේ ඡන්දෙන් පත් වුණ ජනාධිපති වරයෙක් කලින් හිටියා. ජනතාව එතුමාව ඡන්දෙන් පරාජයට පත් කරලා වර්තමාන ජනාධිපතිතුමා දැන් සිටිනවා. අනාගතයේදීත් අනිවාර්යයෙන්ම මේ රටේ පාලකයින් වෙනස් වෙනවා. එහෙම නැතිව, මේ රට දේශපාලකයින්ගේ හෝ ඒ අයගේ පරම්පරාවල බුදලයක් නෙවෙයි. (බ)
ජනවාරි 8 ට කලින් කට වාහන හිටපු විදුර මහත්තයල දැන් දගලනවා ඔය දැගලිල්ල එම කාලෙත් කළා නම් තාමත් ශ්‍රීලනිපේ ආණ්ඩුවේ (බ)
විදුර මන්ත්‍රීතුමා කියනදේ කරන කරනදේ කියන මන්ත්‍රී කෙනෙක් ..(බ)
පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරේ අඩුපාඩු ගොඩක් අඩු මන්ත්‍රී වරයෙක් බව පෙනේ. (ර)
මෙතුමා ඇත්තතටම ගොඩක් වැද ගත් මනුස්සයෙක් (අ)
ඔබට මගේ සුභ පැතුම්! (නි)
බලමු මෙහෙම වෙයිද කියලා (නි)
තමන්ගේම රාමුවක් හදාගෙන එ්ක විකුණන්න බලන්න එපා. කකුල් දෙක දෙපැත්තක තබාගෙන, කරන වැඩ හරියන එ්වා නොවේ. තමා නායකයා වුණොත් ඔන්න ඔයදේවල් කරන්න පුළුවන්. (නි)
කරුණාකර හොරණ පැත්තට විත් විදුර ගැන සොයා දැනගන්නා මෙන් අදහස් දමන සමහරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නි)