IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලි අඳුරෙන් හැම පැත්තටම විදුලි කොටයි

පසුගිය සතිය එක්සත් ජාතික පෙරමුණු රජයට එතරම් සුබදායක නොවීය.රජයට ජනතාව අතර හිමිව තිබූ ප්‍රසාදය සෑහෙන තරමකට විනාශ වී ගියේය.

පසුගිය ඉරිදා රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම රජයට ප්‍රබල පහරක් එල්ල කළේය.මෙය මාස හයක් ඇතුළත සිදුවූ තෙවැනි විදුලි බල බිඳ වැටීම විය.ඒ සමග ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මර්දනය කිරීමට ගැනුණු පියවර හමුවේ තත්ත්වය පාලනය කිරීමට රජයේ වූ නොහැකියාවද මනාව ප්‍රදර්ශනය විය.විවිධ දේශපාලඥයින් ලවා ජනතාව අමතමින් විදුලිය පරිස්සමින් පරිහරණය කරන ලෙස උපදෙස් ලබාදීම විනා වෙන කිසිඳු දෙයක් කිරීමට රජය අපොහොසත් විය.ඉහළ ගොස් ඇති විදුලි මිල හමුවේ පසුගිය කාලය මුලුල්ලේම විදුලිය අරපරිස්සමින් පරිහරණය කළ ජනතාවට එය නැවත මතක් කළ යුතු දෙයක් නොවේ.අනතුරුව එළඹුනු දින පහ මුළුල්ලේම දිවයිනේ ඇතැම් පෙදෙස් නිරන්තර විදුලි බිඳ වැටීම් වලින් පීඩා වින්දේය.දිවයින මුහුණදී සිටින දැඩි නියං සමයත්,ඒ හමුවේ ජල පෝෂක ප්‍රෙද්ශ වියැළී යාම නිසා ජලාශ වල වතුර මට්ටම පහත ගොස් තිබීමත් , නිසා ඉදිරියටත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව සිතිය හැකිය.

වැට් බද්ද සියයට 15 කින් වැඩි කිරීමේ ප්‍රතිඵල ලැබීමට වැඩි කාලයක්ද නොගියේය.මේ වන විටත් පාරිභෝගික භාණ්ඩ රැසකම මිල ඉහළ ගොස් හමාරය.රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මෙම බදු සංශෝධනය පෙන්වා දුන්නේ ආර්ථිකමය පියරවක් ලෙසය.රටේ සංචිත ප්‍රමාණ ඉහළ දමාගැනීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බව ඔවුහු කීවෝය.නමුත් රජයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශවය මෙම බදු සංශෝධනය රැගෙන ජනතාව ඉදිරියට ගියේය.මෙසේ බදු සංශෝධන සිදුකෙරෙනුයේ අන්තර්ජාතික ආර්ථීක අරමුදල ශ්‍රීලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 1.5 ක ණයෙහි කොන්දේසි ප්‍රකාරව බව ඔවුහු කීවෝය.

මේ සියල්ල තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 38 දෙනකු සමග බ්‍රහස්පතින්දා කොළඹ හයිඩ් පිටියේදී ජනතා රැලියක් පැවැත්වූයේය.නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස මෙයට සහභාගීව සිටියේ පක්ෂ නායකත්වය එයට සහභාගී නොවන ලෙස නියෝග කර තිබියදී වීම විශේෂය.එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු සන්ඩේ ටයිම්ස් හා මෙම රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ සිතුවාට වඩා වැඩි ජනකායක් එයට සහභාගීව සිටිනු දැකගත හැකිවූ බවය.පෙර දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවට වඩා වැඩි ජනතාවක් රාජපක්ෂගේ රැලියට සහභාගීව සිටි බවද ඔහු පිළිගත්තේය.නමුත් තවත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වෙනස් අදහසක් පළකළේය.

 

‘‘මේක අපට කරදර වෙන්න කාරණාවක් නොවෙයි.ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි මේ ගැන සැළකිලිමත් විය යුත්තේ.මහින්ද රාජපක්ෂ එක්ක ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක් එකතු වෙලා  සිටින එකෙන් බොහොම පැහැදිලිව පෙනී යනවා පක්ෂයේ බෙදීමක් ඇතිවෙලා තියෙන බව. ඔහු කීවේය.‘‘

 

තෙවන විදුලිබල බිඳ වැටීම

ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හා තාක්ෂණ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් හා රජයේ ඇමතිවරුන් පස් දෙනකු,නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු අතර විශේෂ හමුවක් පසුගිය සිකුරාදා පැවැත්විණ.විදුලි බල බිඳ වැටීම අරබයා අමාත්‍ය පිරිස විදුලි බල මණ්ඩලයේ කණ්ඩායමට ප්‍රශ්න රැසක් එල්ල කළෝය.විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාද මේ අවස්ථාවට සහභාගීව සිටියේය.සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත්, විදුලිය නැවත ලබාදුන් විගස ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු පෙර අවස්ථාවකදී පැවසුවේය.නමුත් ඔහු එවැන්නක් නොකළේය.මේ සම්බන්ධයෙන් මාධ්‍යය  ඔහුගෙන් විමසූ විට විජේපාල කියා සිටියේ තමන් එසේ කීවේ මෙම වරද සම්බන්ධයෙන් වගකිව යුතු වන ඉංජිනේරුවන්ට ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් වීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් බවය.නමුත් කිසිවකුත් ඉවත්නොවූ නිසා තමන් දිගටම සභාපති තනතුරේ වැඩකටයුතු කරන බව ඔහු පැවසුවේය.ගැටලුවට වගකිව යුතු පුද්ගලයින් ඉවත්වනු ඇතැයි සිතා විදුලි බල මණ්ඩල සභාපතිවරයා එවැනි ප්‍රකාශයක් කර ඇති බව දැන් පැහැදිලිය.

 

විදුලි බල බිඳ වැටීම පිළිඹද කරුණු විමසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි පත් කරන ලද සය පුද්ගල කමිටුවකට විදුලි බල මණ්ඩලය ලබාදුන් වාර්තාවකට අනුව ගෙවුණු වසර දහයක කාලය සැළකීමේදී බරපතල ලෙස විදුලිය බිඳ වැටීමේ සිදුවීම් හතරක් වාර්තා වී ඇත.විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයකු වන ,විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,බස්නාහිර පළාත් හා මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක,ඛණිජ සම්පත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි,නීතිය හා සාමය පිළිඹද අමාත්‍ය සාගල රත්නායක,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා හා ඉරාන් වික්‍රමරත්න මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකයෝය.වික්‍රමරත්න මහතා මෙම කමිටුවට පත්කර ඇත්තේ අගමැතිවරයාගේ නිර්දේශය අනුවය.ආර්ථීකය සම්බන්ධයෙන් දැනුමැති සාමාජිකයකුද කමිටුවට එක්කර ගැනීම සුදුසු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ජනපති සිරිසේන හමුවේ පවසා තිබෙන බව සඳහන්ය.2004 සුනාමි ව්‍යසන සමයේ වුවද මෙවැනි විදුලි බල බිඳ වැටීමක් වාර්තා නොවුණි.

 

සාකච්ඡාව අවසාන භාගයේදී විදුලි බල බිඳ වැටීම අරබයා ප්‍රමාණවත් පරිදි විදුලි බල පද්දතිය නඩත්තු කිරීමක් සිදුව නොමැති බව පැහැදිලිව තහවුරු වන සාක්කි බොහෝමයක් සය පුද්ගල කමිටුව හමුවේ අනාවරණයව තිබිණ.එක් ඇමැතිවරයකු විදුලිය බිඳ වැටීමට වගකිව යුත්තේ කවුරුන්දැයි විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ සිටි කණ්ඩායමෙන් කෙලින්ම විමසුවේය.නමුත් කිසිවකුත් පිළිතුරු නොදුන්නේය.පසුගිය වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පැය 23.57 ට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිදුවූ විදුලි බල බිඳ වැටීමක් සම්බන්ධයෙන් මහජන සේවා කොමිසම සකස් කර තිබූ වාර්තාවක පිටපත්ද කමිටු සාමාජිකයින් හමුවේ බෙදා දෙනු ලැබිණ.එම වාර්තාවට අනුව විදුලි බල සැපයුම නැවත යථා තත්ත්වයට පත්කිරීමට පැය හතරකට ආසන්න කාලයක් ගතව ඇත.

 

එම විදුලි බල බිඳ වැටීමට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගැනීමට හැකිව තිබෙනුයේ විදුලි බලය බෙදා හැරීමේ පද්දතියේ ඇති දුර්වලතාය.එම දුර්වලතා නිසා ස්ථීර විදුලි බල සැපයුමක් පවත්වාගැනීම අපහසුවී ඇති බව හඳුනාගත් මහජන සේවා කොමිසම විදුලි බලය බෙදා හැරීමේ පද්දතිය හිමි බලපත්කරුගෙන් පැහැදිලි කිරීම් හා තොරතුරු ඉල්ලා තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස මේ පිළිඹදව සොයාබැලීමේ වගකීම පැවරී ඇත්තේ කැනඩාවේ මැනිටෝබා ජලශක්ති ජාත්‍යන්තරයේ කොටසක් වන මැනිටෝබා එච්ඩීවීසී පර්යේෂණ ආයතනයටය.එම පර්යේෂණ ආයතනයේ නිලධරයෝ හා එක්ව මහජන සේවා කොමිසමේ සාමාජික ඉංජිනේරුවන් හා ශ්‍රීලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

 

පරීක්ෂණ වාර්තාවෙන් තාක්ෂණික වශයෙන් වැදගත් නිර්දේශ රැසක් සඳහන්ය.විදුලි බලය බෙදා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය යොදාගෙන තිබෙන පද්දතියට හදිසි අවස්ථාවකදී අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට තිබෙන හැකියාව ඉතා අවම බව පර්යේෂක පිරිසගේ අදහසවී තිබේ.වෝල්ට් 135 හා වෝල්ට් 230 විදුලි රැහැන් වල වෝල්ටීයතා වෙනස්වීමේ සීමාව සැපයුම් වෝල්ටීයතාවයෙන් සියයට 10 ක මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රීලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරද්දී අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෝල්ටීයතා සීමාව වන්නේ සියයට 5 ක මට්ටම බව ඔවුන් පෙන්වාදී ඇත.බොහෝමයක් විදුලි උපකරණ සංවේදී වන වෝල්ටීයතා වෙනස්වීමද මෙයට ඉතාම ආසන්න වන බැවින් හදිසි අවස්ථාවකදී එම උපකරණ වලට හානි සිදුවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් තිබෙන බවටද ඔවුන් අනතුරු අගවා ඇත.

 

ඊඑල් / ටී / 09 002 දරන විදුලි බල බෙදා හැරීමේ අවසරපත හිමි විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කලමණාකාර එම්.සී.වික්‍රමසේකර මහතා වෙත මහජන සේවා කොමිසමේ සාලිය මැතිව් මහතා ලිපියක් යොමුකර තිබේ.එහි සඳහන්ව ඇත්තේ මෙවැන්නකි.

‘‘මුළු දිවයිනටම අඛණ්ඩව විදුලිබලය ලබාදීමේ වගකීම පැවරී තිබෙන්නේ විදුලිබලය බෙදා හැරීමේ අවසරපත්‍රය හිමි ලංකා විදුලි බල මණ්ඩලයටය.නමුත් පසුගිය මාස හය සැළකීමේදී තුන් වතාවක් සමස්ථ දිවයිනටම විදුලි බලය බිඳ වැටුණු අවස්ථා වාර්තා විය.‘‘

 

2015 සැප්තැම්බර් මස සිදුවූ විදුලි බල බිඳ වැටීමෙන් පසු නැවත වරක් එවැන්නක් සිදුනොවීමට ගත් පියවර සම්බන්ධයෙන් මහජන සේවා කොමිසම දැනුම්වත් කරන ලෙසද මැතිව් තම ලිපියෙන් ඉල්ලා ඇත.

 

‘‘බල පද්දතියේ තනි බිද වැටීමක් කිසිදු ලෙසකින් මුලු දිවයිනටම බල පැවැත්වෙන විදුලිය බිද වැටීමක් සිදු නොවේ.එවන් අවස්ථාවකදී සුදුසු පියවර අනුගමනය කරමින් අඛණ්ඩව දිවයිනට විදුලිය ලබාදීමේ වගකීම පැවරෙන්නේ විදුලි බලය බෙදාහැරීමේ අවසපත්‍රයේ හිමිකරුටය.‘‘

 

ජනපතිවරයා පත්කළ සය පුද්ගල කමිටු වාර්තාව එළැඹෙන සතියේ ඉදිරිපත් කෙරෙණු ඇත.

 

පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී විදුලි බල බිඳ වැටීම සම්බන්ධයෙන් ජනපති සිරිසේනද අදහස් දැක්වූයේය.ජනාධිපති මන්දිරයේ රාජකාරි කටයුතු වල යෙදී සිටියදී තමා හමුවට පැමිණි සේවකයකු විදුලිය බිද වැටී ඇති බව දැන්වූයේයැයි ඔහු කීවේය.ජනාධිපති මන්දිරයේ විදුලිබල ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සේවක පිරිස උත්සාහ දැරුවත් එය සාර්ථකවූයේ නැතැයිද ජනපතිවරයා පැවසුවේය.රාජපක්ෂ ජනපති සමයේ මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ සමයේද මෙම විදුලිබල ජනක යන්ත්‍ර නිසි අයුරින් ක්‍රියාත්මක විය.එක් අවස්ථාවකදී සීඑන්එන් රූපවාහිනියේ මාධ්‍යෙව්දීන් පිරිසක් හිටපු ජනපතිනිය සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම්ව හදිසි අවස්ථාවක් මතුවුවහොත් යැයි කියා ජනපති මන්දිරයේ විදුලිබල ජනක යන්ත්‍ර පරීක්ෂා කිරීමට ප්‍රධාන විදුලිය විසන්ධි කළෝය.එසැණින් ජනක යන්ත්‍ර ක්‍රියාත්මකවී විදුලිය ලබා දුන්නේය.සම්මුඛ සාකච්ඡාවට විදුලි බල බිඳවැටීමකින් බාධා එල්ලවනු ඇතැයි බියක් ඇතිකරගැනීමට එනිසා අවශ්‍ය නොවුනි.

 

විදුලිබලය බිඳ වැටුණු අවස්ථාවේ ජනපති මන්දිරයේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයකු සිටියේ නම් එය ඉතාම ලැජ්ජාසහගත අවස්ථාවක් වන්නට තිබුණේ යැයි ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය හමුවේ පැවසුවේය.මුළු ජනපති මන්දිරයම අදුරේ ගිලී ගිය බව කියා සිටි ඔහු තවදුරටත් එහි සිට වැඩකටයුතු කළ නොහැකිවූ නිසා වෙනත් තැනකට ගිය බව කීවේය.කෙසේවුවත් ජනපතිවරයාගේ අදහස් දැක්වීම විදුලි බල බිඳ වැටීමට පමණක් සීමා නොවුනි.රජයේ සම්පත් යොදාගනිමින් විදේශ සංචාරයන්හි නියැළෙන අමාත්‍යවරුන් හය දෙනෙකු සම්බන්ධයෙන් තම අවධානය යොමුව තිබෙන බව කියා සිටි ඔහු ඉදිරියේදී විදේශ සංචාරයන් අරබයා පිළිපැදිය යුතු කරුණු මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව අවධාරණය කළේය.කෙසේවෙතත් ජනපතිවරයා ඔවුන්ගේ නම් හෙළිකළේ නැත.වෙනත් රටවලින් කෙරෙන ආරාධනා සළකා අමාත්‍යවරුන් විදෙස් ගතවුවත් ඔවුන් සමහරක් එම රටවලට ගොස් විනෝදයෙන් කාලය ගතකරන බවත්, තවත් සමහරු සහභාගී වන්නේ එම රටවල සිටිනා ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හෝ තානාපතිවරුන්ට පවා සහභාගී විය හැකි සම්මන්ත්‍රණ සහ දේශන වැනි අවස්ථා වලට බවත් ජනපතිවරයා පැවසුවේය.ඇමරිකාවේ හා තුර්කියේ සංචාර සඳහා තමාටද ආරාධනා ලැබී ඇති බව පැවසූ ඔහු නමුත් දැන්ම එම සංචාරයන්හි නියැළීමට අපේක්ෂා නොකරන බව පැවසුවේය.ජනපතිවරයාගේ අදහස් දැක්වීමට එකහෙළාම අනුමැතිය පළකර සිටි අගමැති වික්‍රමසිංහ එසේවුවත් ජපානයේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගී වීම සුදුසු බව පැවසුවේය.එය පිළිගත් ජනපතිවරයා තමා එයට සහභාගීවීමට සැළසුම් කර තිබෙන බව කීවේය.

 

පෙර සඳහන් කළාක් මෙන් නියඟය හා ජල හිඟය හමුවේ විදුලි ජනනය සීමාවී ඇති නිසා එම හිඟය පිරවීමට ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට විදුලි මණ්ඩලය සිදුවන ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත.මෙය අලුත් අවුරුදු සමයේ ජනතාවට කෙසේ බලපානු ඇතිදැයි අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ.

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ඉහළ යන බඩු මිල

නැගී එමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ගැනීම එක්සත් ජාතික පක්ෂය වසන් කරගෙන සිටියද රජයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශවය රහස ජනතාවට හෙළි කළේය.රජයේ තොරතුරු දෙපාර්තමෙන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත්, එම ණය මුදල මෙම වසරේ ජූනි - ජූලි මාස අතර කාලයේ ලබාගැනීමට හැකිවේයැයි සිතන බවත් නිල වශයෙන් ප්‍රකාශ කළේය.රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය පාලනය කිරීමට ඉන්දියාවේ සහය ලබාගැනෙමින් පවතින බවද ඔහු කීවේය.

 

පසුගිය මාර්තු මස හය වැනිදා සන්ඩේ ටයිම්ස් දේශපාන තීරයේ රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන විශේෂ සඳහනක් විය.බදු සංශෝධන යෝජනාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී , ණය මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි අනුව කටයුතු කිරීමට යන බවක් පෙනී ගිය හෙයින් ජනපතිවරයා එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ ආකාරය එහි විස්තර කර තිබිණ.කිසිදා නොවූ විරූ අයුරින් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අතට ලබාදී තිබූ මෙම යෝජනාවලියේ පිටපත් ජනපතිවරයාගේ අණින් ඉවත් කරගත් ආකාරයත් එහි සඳහන් විය.

 

සරත් අමුණුගම සහ ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශකළේ ජනපතිගේ අනුදැනුම මත බව නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් පැවසුවේය.කෙසේවුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අබේවර්ධන උද්ගතව ඇති ආර්ථික අර්බුදයට ප්‍රබල හේතුවක් වන්නේ එක්සත් ජාතික පක්ෂය පොරොන්දුවී ඇති රුපියල් 10000 ක වැටුප් වර්ධකය බව පැවසුවේය.මෙය ඇත්තෙන්ම රජයට පාරාවළලකි.දැනට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් 2500 ක වැටුප් වර්ධකයද රජයට බරකි.එක්සත් ජාතික පක්ෂය හා සමානව අදහස් දැක්වූ අමුණුගම වත්මන් ලෝක ආර්ථික ප්‍රවණතාවන්ද රටේ ආර්ථිකය අඩපණ වීමට හේතුවක් බව පැහැදිලි කළේය.එක්සත් ජාතික පක්ෂය අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටියදී,රජයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශවය ඒ ගැන සඳහන් කිරීමත්,රජයේ වැටුප් වර්ධකය විවේචනය කිරීමත් ගැටලුවකි.මේ සම්බන්ධයෙන් එළැඹෙන 23 වැනිදා හා 24 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු විවාදයන්හිදී වැඩිදුර අදහස් පළවනු ඇතැයි සිතිය හැකිය.

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බෙදීම

ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 38 දෙනකුගේ සහභාගීත්වයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බ්‍රහස්පතින්දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ රැස්වීම බෙහෙවින් කතාබහට ලක්විය.

 

‘‘මගේ මුළු පවුලම සිරගත කරත් අපි දිගටම ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා.1956 ඉදන්ම අපි, රාජපක්ෂවරු සිටියේ ජනතාව එක්ක.ඒක වෙනස්වෙන්නේ නැහැ.මට අපි සිරගෙත වෙන එක  ගැන දුකක් නැහැ.මට දුක තියෙන්නේ රටේ යුද විරුවෝ සිරගත වෙන එකගැන.යුද සමයේ ඔවුන් ලබාදුන් සේවය නොසළකා හැරලා තියෙන්නේ.‘‘ හිටපු ජනපතිවරයා කීවේය.ජනපතිවරණයේදී හා පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදී මෙන්ම,පසුගිය වසරේ නුගේගොඩ පැවති නුගේගොඩ ජන හමුවෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවට විශාල ජනකායක් පැමිණි පළමු අවස්ථාව එය විය.

 

බ්‍රහස්පතින්දා රැලියට තමා පැමිණෙන්නේ නැතැයි ඇතැමුන් ප්‍රචාරයක් ගෙන යමින් සිටි බව පවසමින් කතාව ආරම්භ කළ රාජපක්ෂ තමා ඇතුළු රජය එදා භාරගත්තේ කරුණු පහක් ඉදිරියේ බැටකමින් සිටි රටක් බව කීවේය.සුනාමිය සහ ලෝක ආර්ථික අර්බුදය ඒවා අතරින් ප්‍රධාන කරුණුවූ බව ඔහු පැවසුවේය.

 

‘‘ඛනිජ තෙල් අර්බුදය තවත් ගැටලුවක් වෙලා තිබුනේ.අද වගේ නෙවෙයි එදා ඛනිජ තෙල් මිල බොහොම ඉහළයි.අපි 9000 ට පොහොර අරන් ගොවියාට දුන්නේ රුපියල් 350 ට.අපි නොමිලයේ පාසල් නිල ඇදුම් සහ පොතපත ලබාදුන්නා.දුප්පතාව අප කිසිම විදිහකින් පෙළා දැමුවේ නැහැ.ලෝකයේ ආහාර අර්බුදයක් තිබුණා මේ කාලයේ.අපි ඉන්දියාවෙන් ආහාර ඉල්ලුවා.අපනයනය කරන්න තරම් ආහාර නැහැ කියා ඔවුන් පැවසුවා.මියන්මාරය සහ වියට්නාමය කිව්වෙත් ඒ ටිකමයි.නමුත් අපි ක්‍රමයෙන් සහල් හා එළවලු වලින් ස්වයංපෝෂිත වුනා.නමුත් අද කංකු පවා ආනයනය කරනවා.‘‘

 

යුද්දය සම්බන්ධයෙන්ද අදහස් පළකළ හිටපු ජනපතිවරයා ඒ හමුවේ පීඩාවට පත්ව සිටි දෙමළ හා මුස්ලිම් ජනතාව වෙනුවෙන්ද රජය පෙනී සිටි බව සිහිපත් කළේය.විරැකියාව මර්දනය කිරීමට පියවර ගැනීමට සිදුවූ බවද ඔහු කීවේය.ණය ගෙන ඇතැයි වත්මන් රජය කරන චෝදනා වලට පිළිතුරු දුන් ඔහු එම ගත් ණයවලට සරිලන වැඩ කටයුතුද සිදුකර ඇතැයි පැවසුවේය.මත්තල ගුවන්තොටුපළ,හම්බන්තොට වරාය,නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය,කොළඹ මාතර සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයන් ආදිය ඔහු ඒ අරබයා ගෙන හැර දැක්වූයේය.

 

දැන් පවත්නා රජය එක් වසරක් ගතවීමට මත්තෙන් ඩොලර් ලක්ෂ 63610 ක ණය ප්‍රමාණයක් ගෙන ඇතැයි ඔහු නොයෙක් තොරතුරු උපුටා දක්වමින් කියා සිටියේය.ණයක් ලබාගැනීමේදී අනිවාර්යයෙන් ලියැවිලි අත්සන් තැබෙන බව පෙන්වා දුන් ඔහු එසේහෙයින් තම රජය කරුණු සගවා ණය ගෙන ඇතැයි වර්තමාන රජය නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව කියා සිටියේය.ලියැවිලි නැතිව ණය ගෙන ඇත්නම් කළ යුතු හොඳම දෙය වන්නේ එවැනි ණය නැවත නොගෙවා සිටීම බවද ඔහු පැවසුවේය.

 

‘‘ රට පාලනය කරන්න බැරිනම් මට භාරදෙන්න.මම ප්‍රතිඵල පෙන්වන්නම්.මම දෙන්නම් පොහොර රුපියල් 350 ට.විදුලිය කපලයි කියලා මම ඔබව විනාඩි දහයක්වත් අදුරේ තියන්නේ නැහැ.දැන් ප්‍රබල විපක්ෂයක් නැහැ.ඔක්කොමලාව හීලෑ කරලයි තියෙන්නේ.ගිවිසුම් කුමාර දිසානායක ගැනත් විස්තර අපි ගාව තියෙනවා.කැස්බෑවේ තියෙන මස්සිනාගේ සමාගමක එයා මුදල් ආයෝජනය කරලා තියෙන්නේ.මුළු රටම රජය තමන්ගේ යටතට අරන්  තියෙන්නේ.නමුත් අපිව පාලනය කරන්න බැහැ.බය නැත්නම් පළාත් පාලන මැතිවරණය තියෙන්න.ජනතාව ලෑස්තියි උත්තර දෙන්න.‘‘

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමක නිරත විය.පාර්ලිමෙන්තුවේ සිටින පෙරටුගාමී බලවේගයන් දැන් එකම අරමුණකින් එක්ව සිටින බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ වටහාගතයුතු බව ඔහු කීවේය.හයිඩ් පිටියේ රැලිය ගැන විමසූ අවස්ථාවේදී පැමිණ සිටි බොහෝ දෙනෙක් විදුලි බල කප්පාදුවට එරෙහිව රජයට විරෝධය පළකිරීමට පැමිණ සිටියවුන් බව ඔහු පිළිගත්තේය.අයවැය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව පැවසූ ග්‍රීසියේ වැනි ආර්ථික අර්බුදයක් දැන් ශ්‍රීලංකාවේ ඇතිවෙමින් පවතින බව පැවසුවේය.

 

රාජපක්ෂ හා සමග තවත් පාක්ෂිකයින් 38 දෙනෙකු හයිඩ් පිටියේ රැලියට සහභාගී වීම නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේනට කිසිසේත්ම නොසළකා සිටිය නොහැකිය.එක්සත් ජනතා නිදහස් සන්ධානය බලාත්මක කිරීමේ ගෞරවය ඔහු පසුගිය සතියේ හිමිකරගත් මුත් එම ජයග්‍රහණය ක්‍රමයෙන් වියැකී යන ලකුණු දැන් පෙනෙන්නට ගෙන තිබේ.රැලියට සහභාගීවූවන්ට එරෙහිව පෙර කියූ ලෙස විනය පියවර ගතහොත් ඔවුන් පක්ෂයෙන් වෙන්ව ගොස් රාජපක්ෂ වටා එක්රැස්වනු ඇත.නමුත් එසේ පියවර නොගෙන සිටියොත් පක්ෂ නායකත්වය සාමාජිකයින් ඉදිරියේ හෑල්ලුවට ලක්වනු ඇත.පක්ෂයේ මධ්‍යම කාරක සභාවද මේ අරබයා සිටින්නේ විවිධ මතවලය.

 

මධ්‍යම කාරක සභාව වහාම රැස්වී මෙම පුද්ගලයින්ට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේය.නායකයාගේ අණ කඩකළෝ පක්ෂයේ ඉවත් කරන ලෙස ඇතැමුන් කියද්දී එවැනි පියවරකට නොගොස් රාජපක්ෂ නොව සිරිසේන වටා පක්ෂයේ බලය තහවුරු කෙරෙන පියවර ගතයුතුව ඇතැයි තවත් පිරිස් කියන්නෝය.මේ සියල්ල අමතක කර දමන ලෙස පක්ෂ නායකත්වයට උපදෙස් දෙන තවත් පිරිසක්ද සිටින්නෝය.

 

‘‘පක්ෂයේ මහලේකම්වරයා සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම්දීලා තිබුණත් මම හිතන්නේ අපි මේ ගැන කටයුතු කළ යුතුව තිබෙන්නේ බොහොම සැළකිල්ලෙන්.පක්ෂය බෙදන්නේ නැතිව රාජපක්ෂ පාර්ශවයයි,සිරිසේන පාර්ශවයයි අතර සමගිය ඇතිකරන්න අපි කටයුතු කළ යුතුයි.අපි දැනට කරමින් සිටින්නේ එයයි.‘‘ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජික එස්.බී.දිසානායක මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.

 

මහින්ද රාජපක්ෂ හා පිරිවරට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමක් මෙවරද සිදුනොවන බව දිසානායකගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ.කුමක් කළද,කුමක් කීවද, ආරක්ෂාව සළසා ගත හැකි උසස් ස්ථානයක රාජපක්ෂ කදවුර පිහිටා තිබෙන බව මින් පෙනී යයි.මෙය මහින්ද විරෝධීන්ගේ දැඩි කලකිරීමට හේතවී තිබෙන කරුණකි.පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම මස 31 වැනිදාට ප්‍රථමයෙන් තීරණයක් ගැනීමට රජයට සිදුවනු ඇත.දැනට පළාත් පාලන ආයතනයන්ගේ පාලන කටයුතු සිදුවනුයේ විශේෂ කොමසාරිස්වරුන් යටතේය.

 

ඩුබායි සංචාරය

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ සහ නීතිපති දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධරයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගෙවුණු සතියේ ඩුබායි බලා පිටත්ව ගියේය.වංචනික ලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති බව කියන ඩුබායි බැංකු ගිණුම් පිළිඹදව ඩුබායි බලධරයින්ගෙන් තොරතුරු ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය.පෙර අවස්ථාවේදී මෙන් නොව මෙවර ඔවුන් ඩුබායි බලා ගියේ ප්‍රමාණවත් තරම් සාක්කි ඇතිවය.නමුත් ඩුබායි බලධරයෝ ශ්‍රීලංකාව හා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවක් තවමත් පෙනෙන්නට නැත.මේ සඳහා ඇමරිකා සහය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටියත් එය ලැබෙන බවක්ද පෙනෙන්නට නැත.

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් වසන් කරගෙන සිටි තොරතුරු ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ වන විට හෙළිකර හමාරය.එය එක්සත් ජාතික පක්ෂයේ නමට කැළලකි.අනෙක් පසින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ජනපති සිරිසේනගේ නායකත්වයට අභිගෝය කරමින් සිටින්නෝය.එය ඔහුට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නමට කැළලකි.රට පුරා විදුලිය බිද වැටීමෙන් ජනතාව අතර රජයට ඇති විශ්වසනීය සැළකිය යුතු තරමින් පළුදුවීද හමාරය.මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී ජනපති ප්‍රමුඛ රජයට යෙදීමට ඇත්තේ කිසිසේත්ම ලෙහෙසි පහසු ගමනක නම් නොවේ.



අදහස් (0)

විදුලි අඳුරෙන් හැම පැත්තටම විදුලි කොටයි

සෞදි සරත් Sunday, 20 March 2016 11:26 AM

නොහැකියාව මුළු රටටම පෙන්නුවා. එච්චරයි අපිට කියන්න තියෙන්නේ (නි)

:       0       0

සාලිය ගලපත්ති Sunday, 20 March 2016 11:36 AM

මේ විග්‍රහය හරියටම හරි. මේ ආණ්ඩුව වැඩ අනාගන්නේ කිසිම හේතුවක් නැතුව. ඡන්දෙ දීපු අපිට ලැජ්ජයි ඇමතිවරු කියන මෝඩ කතා වලට. (නි)

:       0       0

සමන් Sunday, 20 March 2016 12:05 PM

දැන් ඉන්න රජය හිතන් ඉන්නේ හැමදාම අතීතය පෙන්නලා , පරණ පාලකයාට මඩ ගහල රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියල. (බ)

:       0       0

සම්පත් Monday, 21 March 2016 04:09 AM

ඕන කෙනෙකුට බලය ගන්න පහසුයි එ්ක පවත්වාගන්න අමාරුයි ඒ නිසා තමයි ඒකාලේ සමහර රජ කුමාරවරු බලය නොගෙන වනගත වෙලා තියෙන්නේ (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 20 March 2016 03:50 PM

කවුරු මොන පාරම්බෑවත් ආණ්ඩුවක් කරන එක විපක්ෂයට වෙලා ඉන්නවා තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1437 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 917 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1394 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 990 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 561 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site