නවගත්තේගම අන්දර වැව විදුලි කණුවකට නැඟ රැහැන් අදිමින් සිටි පෞද්ගලික සමාගමක සේවකයකු විදුලි කණුව දෙකට කැඩී බිමට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
නවගත්තේගම අන්දර වැව විදුලි කණුවකට නැඟ රැහැන් අදිමින් සිටි පෞද්ගලික සමාගමක සේවකයකු විදුලි කණුව දෙකට කැඩී බිමට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියේ වරදක් නොවෙන්නත් පුළුවන්. ප්‍රමිතියට අනුව මේවාට යොදන්නේ 5 මිමි කම්බි. එත් ඉදිකිරීමේදී නිසි පරිදි කණුවට තාවකාලික guy wire එකක් යොදා කණුවට නැගිය යුතුයි. කණුවට දැරිය හැකි ආතතියක් තිබෙනවා. උවමනාවට වඩා කම්බි තද කරොත් කනුව කඩ වැටනවා. ඒ වගේම කම්බි අදිනු ලබන දිශාව සහ හැරවුම් කෝණය අනුව කනුව හිටවීමේ දී දිසා ගැන්විය යුතුයි. එමනිසා වැඩබිමේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් තොරව අනතුරට හේතුව කණුවේ බාල තත්ත්වය බවට පුර්ව නිගමන වලට ඒම සදුසු නැහැ. මෙහිදී වැඩ කරන සේවකයින්ට මේ පිලිබඳ නිසි දැනුමක් සහ හොඳ පුහුණුවක් තිබීම ඉතාමත් වැදගත් බවයි මගේ අදහස. (අ)
මෙම කණු හදන්නේ මේ වගේ කම්බි දාල තමා (පෙරදී කණු ).මේ කණු ඔය විදිහට කැඩුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා. මේ ගැන අවදානය යොමුකළ යුතුය. (අ)
වෙනත් බොහෝ රටවල් සැබෑ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමේ සතුට මාධ්‍යය මගින් බෙදා හරින තොරතුරු ඔස්සේ රටක් හැටියට භුක්ති විඳින අතර අපි පිරිහෙන ජාතියක් ලෙස වර්තමානයේ දෛනික ඛේදවාචකයන් ගැන කඳුළු සලමින් සිටිමු. අපට හෙටක් තිබේද? (අ)
ලෝකය ඉදිරියට යද්දී අපි පිටුපසට යනවා.(නදී)
අසරණයෙක් පව් දැන් මොනවා කීවත් වැඩක් නැහැ ඒදේ වෙලා ඉව්රයි ඔබට නිවන් සැප ලැබේවා (අ)
ආශ්චර්ය අනේ ! ආශ්චර්ය ! (අ)
මම හිතන විදියට අපි ඔක්කොටම කලින් කරන්න ඕන දෙ තමා ඔය කොන්ත්‍රාත් කාරුවා හදපු අනික් කනු ටික හොයා ගන්න එක. නැතිනම් තව අහිංසක ජීවිත කියක් නාස්ති වෙලා යයිද? (නදී)
බාල වැඩ වල ප්‍රතිපල තමා මේ, පව් අහිංසකයෙක් . ඔහුට නිවන්සුව ! බාල වැඩ කරනා අයට යමරජු සරණයි.(නදී)
මේක ලංකාව කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ මේ රටේ අහිංසක මිනිහට.(අ)
මම හිතනවා විදුලි බල මණ්ඩලය මෙම කොන්ත්‍රාත් කරුවගෙන් ගත් සියලුම කණු අයින් කර දැමිය යුතුයි. මෙවැනි කණු මිනිසුන්ගේ ඔලුව උඩ කඩ වැටෙන්නත් පුළුවන්. (අ)
ආණ්ඩුවේ හෙන්චයියන් විසින් තමා මේ කනු කොන්ත්‍රාත් කරන්නෙ. තවත් ඡන්දෙ දෙනවද? (අ)
ආණ්ඩුව මේ සදහා ද කැකිලේ නුවන යොදා බාල ප්‍රමිතියෙන් තොර විදුලි කණු අනුමත කළ ඉංජිනේරුවා, මිලදීගැනීමේ කමිටුව බෙරගනීවී, (අ)
දැන් තියන රටේ ආයතන ගොඩාක් ගසා කන තැන මිසක් සේවයක් කරන තැන නෙමේ. විදුලිය ජලය සැපයුම මාර්ග ඉන්දන වගේ හැම තැනකම දුෂණය නිසා ඒ මිල ගෙවන්න වෙන්නේ මහජනයාට. ඇමතියෝ කිසිම අයුරකින් ජනතාව දිහා බලන්නේ නැහැ. කොහොම හරි තමන්ගේ එකාට කීයක් හරි හොයල දෙන්න පුලුවන්ද කියල තමා මාන බලන්නේ. අහිංසක ජනතාව මේවට වන්දි ගෙවනවා. (නදී)
මම හිතන හැටියට මේ දාල තියන කම්බි නිවැරදියි. මෙම කණුව සවි කරන්න කලින් මොනවා හරි වෙලා තියෙන්න පුළුවන්. හිතල බලන්න ලොකු කම්බි දාල හදපු කණුවක මගීන් පිරුණු බස් එකක් හැපුනොත් මොනවා වෙනවද කියල. එක නිසා මේවා හදන්නේ එහෙම වෙලාවට කැඩිලා යන්න. සේවකයාට නිවන් සුව !(නදී)
නොදන්නා දේ ගැන අදහස් පලකිරීමේදී,සහ තීරණ ගැනීමේදී, අපි සැලකිලිමත් වියයුතු බව ඉහල තියෙන අදහස් බලනවිට හොඳින් පැහැදිලි වෙනවා. ඔයකනුව හදල තියෙන්නේ රේන්පෝඩ් කොන්ක්‍රීට් කියන නවීන ක්‍රමවේදය අනුව . ඕනෙම කණුවක් දරා සිටින උපරිම බරක් සහ ආරක්‍ෂිත බරක් නිර්දේශ කර තියෙනවා. එම සීමාවතුල වැඩ කිරීමට නිසි පුහුණුවක් සහිත සේවක මහත්වරු සී.ඊ.බී එක තුල සිටිනවා. නමුත් මෙම කොන්ත්‍රාත් ආයතන වල සේවකයන්ට පුහුණුව තියෙන්නේ ගොඩක් වෙලාවට කණුවට බදාගන්න පමණි. කනුවමත කම්බි තබා ටෙන්සන් කිරීමේදී නිසි ක්‍රමයක් අනුව කළ යුතුයි. නැතිනම් ඕනෙම ප්‍රමිතියට හදපු කණුවක් උනත් කැඩෙන එක වැලක් වන්න බැහැ.(නදී)
මේ රට යන්නේ ගොඩගන්න පුළුවන් පැත්තට නොවෙයි. දැන් කරන්න තිබෙන හොදම වැඩේ ලගම තිබෙන විනාසය ඉක්මන් කරගැනීමයි. හැබැයි මේ විනාසයට මහා එකාගේ ඉදල පොඩි එකා දක්වා අපි හැමෝම වගකිවයුතුයි. නමුත් පොඩි එකා වැරදි කරන්නේ මහා එවුන්ගෙන් ලැබෙන වැරදි ආදර්ශය නිසයි. ගුරා හිටගෙන සුළු දිය දමන විට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ ඒකයි. දැන් වෙලා තියෙන්නේ රටම එකතුවෙලා ඒ වැඩේ නට නට කරන එක. (නදී)
මම ඉතාලියේ මාර්ග සංවර්ධන ආයතනයක ඉංජිනේරුවෙක් වෙමි. මෙම දෙකඩ වී ඇති කොන්ක්‍රීට් බඳවල් අතර තිබෙන කම්බි වල ඝනකම ගැන සැක සහිතයි. හදිසි මරණ පරීක්ෂක තුමාගේ අවධානය මේ වෙතද යොමු වන්නේ නම් වැදගත්.(අ)
කාර්මික දැනුමේ අඩුවක් නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ කොන්ත්‍රාත් කරුගේත් වැරැද්දක් කියන්න බැහැ. ඔහුත් කී දෙනෙකුට කොමිස් ගෙවන්න ඕනෙද? කී දෙනෙකුට පගාව දෙන්න ඕනද? ඔහු වැය කළ මුදල් බිල වෙලාවට ලැබෙනවද? උඩ ඉදලා පහලට හොරකමට පුරුදු වෙලා තියෙන රටේ මීට වැඩි දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද? (නදී)
මේක තමයි ආශ්චර්‍ය කියන්නේ.(නදී)
වරදකරු විදුලි කණුවට නැගුනු සේවකයාය. ඔහුට හා ඔහුගේ පවුලේ සියලු දෙනාට දැඩි දඩුවම් කලයුතුයි. (නදී)
මෙහෙම හීනි කම්බි නොදා කොහොමද ලොක්කන්ගේ කොමිස් ගෙවන්නේ. (අ)
මිනිහෙකුට එකට නගින්න බැරි කොන්ක්‍රීට් විදුලි කණුවක ඇති ප්‍රමිතිය මොකක්ද? මම හිතන්නේ මේක පතෝල මැස්සකට හිටවන්න ඩිසයින් කරපු එකක් වෙන්න ඇති. (අ)
දයා අලහාකෝන් ඔබගේ කතාව හරි. ප්‍රමිතියක් නැති විදුලි කණු මීට අවුරුද්දකට විතර කළින් නුවර පළාතේ මගේ මිතුරෙකුටත් මේ වගේම සිදු වුණා වාසනාවකට ඔහුගේ ජීවිතය බේරුණා.කොන්ත්‍රාත් කරුවා සහ මෙවන් කොන්ත්‍රාත් කරුවනට මේවා බාර දෙන විදුලිබල මණ්ඩලය මෙයට වගකිව යුතුයි(දිල්)
නීතියක් නැති ප්‍රමිතියක් නැති රටේ අහිංසකයෝ ජීවිතයෙන් වන්දි ගෙවනවා.(නදී)
ඉංජි, ඔබෙත් නොදන්නාකම මෙතනින් පෙනෙනවා. මම මේ ඡායාරුප හොදින් ලොකු කර පරීක්ෂා කළා. කොන්ක්‍රීට්වල ඇති සිදුරු ප්‍රමාණය සහ ඉහල කවුළුවේ ඇතුලත රළු නිමාව හොදින් සාක්ෂි දරනවා දුර්වල ප්‍රමිතිය පිලිබදව. මෙම කනුව සාදා ඇත්තේ පෙර වැර ගැන්වූ (pretension ) කම්බිවලින්. මෙය නවීන ක්‍රමවේදයක් නොවේ. ආචාර්ය කුලසිංහ මහතා මේවා ලංකාවට අදුන්වා දුන්නේ 1970 ගණන්වල. අනෙක් කරුණ මෙහි බිදුණු තැන තද ආතතියක් නිසා පුපුරා ගිය බිදුමක් නොව කම්බි වැර ගැන්වීමේ මදිකම හෝ දුර්වල මිශ්‍රණය හෝ මේ දෙකම නිසා වූ දුර්වල බිදුමක්. කොන්ත්‍රාත් ආයතන වල සේවකයන් කරන දෙය සී.ඊ.බී අධීක්ෂණ නොකිරීමද, නුපුහුණු කම්කරුවන්ගෙන් මෙවැනි වැඩ ගැනීමද සී.ඊ.බී ඉංජිනේරුවන්ගේ දුර්වලකමකි. තව බොහෝ දේ මෙම පෙන්වාදිය හැකිය.(නදී)
කොන්ක්‍රීට් කණු හදන පුද්ගලික අංශයේ අය 'පාර්ටිෂන් ' ක්‍රමයට කණු හදනවද?. මේ කණුවේ නිමාව දැක්කම හිතන්න බැරිද ? (අ)
මෙම රජය මේවට වග කිවයුතුයි (අ)
ඔන්න බලන්නකෝ අන්තිමට මේකේ වැරදිකාරයා වෙන්නේ මැරුණ කෙනාම තමයි. (අ)
අන්තිමට මැරෙන්නේ දුප්පත් අහිංසකයෙක් කාගේද වරද? (අ)
වහල් කොන්ත්‍රාත් සේවය ඉවත් කර සියලු දෙනා විදුලි බල මණ්ඩලය මගින් සිදුකල හැකිනම් වඩාත් හොදය .මේ වගේ දේවල් ඉදිරියට නොවන්නට බලධාරින් කටුතු කරන්න. (අ)
බාල බඩු ගත්තහම ඔහොම තමයි.(නදී)
සත්‍යපාල ඔබ නියම සත්‍ය ප්‍රකාශ කරතිබීම සතුටට කරුණක් . හේතුව දුර්වල මිශ්‍රණය ඒකවත් හරිහැටි යොදා නැහැ . මේක ඉංජිනේරු උපාධිය ලැබුනම නොපෙනුනාට සාමාන්‍ය ජනතාවට පේනවා . (නදී)
ඔය තියෙන්නේ අශ්චර්යයේ තවත් කෑල්ලක් කඩාගෙන වැටිලා. හින් කම්බිරෝල වගේ පාවිච්චි කරලා තියෙන්නේ. සේවක තුමාට නිවන් සුව! (නදී)
හොඳින් බලන්න කණුවේ කම්බි දිහා, කුඩා කම්බි නේද කණුවට දාල තියෙන්නේ. කණුව හදපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. (නදී)
බාල විදුලි කණු සෑදූ උයට එරහිව නඩු පැවරිය යුතුය.(නදී)
දැන් ඉතිං කණුව හදපු කොන්ත්‍රාත් කරුවටත් එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ.(නදී)
ප්‍රමිතියෙන් තොර විදුලි කණු අනුමත කළ ඉංජිනේරුවා කව්ද? මේවා නිපදවිය යුත්තේ ද සවිකළ යුත්තේද සුදුසුකම් ලත් ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණය යටතේ. මේ එකක්වත් මෙතන වෙලා නැහැ වගේ. අපරාදේ අහිංසක ජීවිතය! (නදී)
බාල විදුලි කණු සැපයූ අය වන්දි ගෙවිය යුතුය.(නදී)
සිදුවී ඇති දෙය හොඳින්ම වැටහෙනවා. වහාම කණුවල ප්‍රමිතිය පරික්ෂාවට. (නදී0
කනුවේ ප්‍රමිතියට නෙමෙයි නැගපු කෙනාගේ අධි පෝෂනය නිසා බර වැඩිකමට කැඩිල තියෙන්නේ. (නදී)
කාගේ හරි ප්‍රබල ආධාර කරුවෙකුට කොන්ත්‍රාත් එක දෙන්න ඇති. ප්‍රමිතිය සොයන්න ගියොත් වෙන්නේ රැකියාව තියලා ගෙදර යන්න.(නදී)
අනේ අපොයි අහන්න වෙන දේවල්? (නදී)
මේකෙන් තේරුම් ගන්න පුළුවන් අද රටේ ප්‍රගතිය. අයියෝ රටට ගිය කල.(නදී)
මෙතන එක වැරද්දක් නොවෙයි, ගොඩක් තියෙනවා. ප්‍රමිතියෙන් තොර කණු ඉදිකිරීම, ආරක්ෂක පටි නොපැලඳීම, සහ මේ කණුවට 'ගයි' කම්බි අවශ්‍යයි. (නදී)
හචිකොගේ අදහස නම් හරි, හර්ෂ හීන දකිනවා.(නදී)
මොනවා උනත් පව්. මේ වගේ වැඩ කරන්නේ නැති බැරිම මිනිස්සු. අහිංසක ජිවිතයක් නිරපරාදේ විනාශ වෙලා. මේ දේවල් වලට වගකියන අයට දඩුවම් ලැබෙයිද? (නදී)
කණුව හදපු කොන්ත්‍රාත් කරුවටත් එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ. නැහැ නැහැ එයා ලොක්කෙක් අල්ලන් බේරෙන් ගමන් තව තව කණු ගහයි.(නදී)
මේ කණු කොන්තරාත්තු කාරයන්ගෙන් මිලදී ගන්න කලින් කණු වල ප්‍රමිතිය බැලුවේ කවුද? කොන්ත්‍රාත් කාරයන්ට ප්‍රමිතිය ගැන කියල තියෙනවද? විදුලි බල මණ්ඩලය කණුවේ ප්‍රමිතිය ගැන හොයල බැලුවද? (නදී)
ප්‍රමිතියක් නැති විදුලි කනු. කොන්ත්‍රාත් කරුවා මෙයට වගතිව යුතුයි.(නදී)
පැහැදිලිවම මේක ප්‍රමිතියෙන් තොර කණුවක් ඒවගේම සේවකයන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් නැති කොන්ත්‍රාත් කරුවෙක්.(නදී)
පාඩුව වෙන කාටවත් නොවෙයි කම්කරුවාගේ දරුපවුලට පමණි. දවසක් හෝ දෙකක් ඔය ගැන කවුරුත් කතා කරාවි.(නදී)
මියගිය කෙනා විවහක නම් ඒ පවුලම අසරණයි.(නදී)
ප්‍රමිතියෙන් තොර බාල වැඩ කරන හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.(නදී)
මම වැඩ කරන්නෙත් විදුලිබල මණ්ඩලේ කොන්ත්‍රාත් පදනම මත.කණුවල ප්‍රමිථිය ගැන කතා කරලා වැඩක් නෑ . ඒ වගේම අපට දෙයක් වුණත් එත් එච්චරයි. කිසිම ගෙවීමක් වත් නැ.මණ්ඩලේරඳා පැවැත්ම තියෙන්නේ අපි වගේ සේවකයන් අතේ. එත් අපේ අනාගතෙත් අඳුරුයි (අ)
වැලි 25 ට සිමෙන්ති 01 යි. බකට් කම්ම්බි හයියට. 60 දසකයේ කොන්ක්‍රීට් පාලම්, ගොඩනැගිලි ලෝකෙට හදුන්වාදුන් රට. (අ)
මේ වගේ තවත් කණු කොච්චර තියෙනවද කියලා නැවත පරික්ෂා කරන්න වෙයි. තවත් අනතුරු සිදු වෙන්න කලින්.(අ)
යකඩ කූරු මදි වෙලා බයින්ඩින කම්බි දාල වගේ (අ)
කොන්ක්‍රීට් කම්බි කණු වලටත් කම්බි වෙනුවට ගිරිසීදියා අතු දාපු රටක් මේක.(අ)
හැම දේටම මුල කොමිස් ගැහිල්ල තමයි, (අ)
අහිංසක සහෝදරයට නිවන් සුව ලැබේවා! (නදී)
මෙයින් ගියා ඇති විදුලි සැපයුම දුන්නට පස්සේ මේක කඩන වැටුනානම් කී දෙනෙක් මැරෙයිද. මොනවා උනත් වැඩි ලාභ තකා මෙවැනි බාල වැඩ කෙරන අයට උපරිම දඩුවම් දිය යුතයි.(නදී)
අවසාන තීන්දුව මිය ගිය අයට ආරක්ෂක මෙවලම් දුන්නා බාවිතා කලේ නැත.(නදී)
අපේ රටේ සැම දෙයක්ම චීන ක්‍රමයට නිසා දඩුවම් චීන ක්‍රමයට දෙමු.(නදී)
දල තියෙන කම්බිය වරදක් නෑ වගේ පේන්නේ. මේ කණු හදන්නේ මි.මි. 6 කම්බියක් පාවිච්චි කරලා. කොහොම උනත් ප්‍රමිතියට කණුව හදල නෑ. අයෙමත් මේ වගේ දේවල් නොවෙන්න නිසි බලධාරීන් වගබලාගන්න ඕනි. (නදී)