‘පසුගිය මැතිවරණ දිනවලදි විදුලි පුටුවට වුණත් යන්න බය නෑ කියපු අය දැන් උසාවියට පොලිසියට කට උත්තරයක්වත් දෙන්න යන්නට බිය වි ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) උඩුනුවරදී කීවේය.
‘ටෙලිකොම් එකෙන් මිලියන 600 ක් ගත්තා ගම් වලට සිල් රෙදි බෙදන්න නමුත් මුළු ලංකාවටම සිල් රෙදි බෙදන්න යන මුදල මිලියන 100 ක් අන්න එතන තමයි රහස .ඉතිරි මිලියන 500 ට මොනවද වුණේ?‘ යනුවෙන්ද කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
මානික්කාව ඇලිපිටිකන්ද පුස්තකාලයේ උඩුනුවර ප්‍රදේශිය සභා විපක්ෂ නායක ගාමිණී තෙන්නකොන් මහතා සංවිධානය කළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් පොල් පැල 1600 ක් බෙදාදීමේ “දිවි මගට කප් රුක” පැවති උත්සවයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ඡාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ජාතික ආණ්ඩුවක් සාදන බවත් එලෙස කරන්නේ රටේ සිටින එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පක්ෂයේ උදවු අවශ්‍ය අයට උදවු කිරිමට හා ඉදිරියේදී තිබෙන ප්‍රශ්න විසඳා ගැනිමට හා උතුරු නැනහිර ප්‍රශ්නය ට මුහුණ දීමට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට සිටි යුතු නිසා බවත් අමාත්‍යවරයා පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව සිටි නරකම පාලකයා ද? (ත)
ඒ මොකද දන්නවද බමුණු.අද ඉරිදා .තාම කට්ටිය නිදි.අදහස් 3 නේ අනිත් පැත්තට තියෙන්නේ.හවස් වෙනකොට බලන්නකෝ අදහස් 3 අදහස් 53 වෙන හැටි.අනිත් කාරණය මම නම් බය නැහැ මහරජාගේ නම කියන්න. (බ)
කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක් එක්සත් ජාතික පක්ෂය ට බලය ලබාගන්න බැරි මේවගේ අය කරන ප්‍රකාශ නිසා මෙයා හිතන් ඉන්නේ ඡන්දය දෙන ජනතාව මෙයා වගේම ගොන්නු කියල මෙයාට ඡන්දය දෙන එකත් එහෙම කෙනෙක් වෙන්න ඕනනේ (බ)
විදුලි පුටුව බොරු කතාවක් .ලංකාවේ මිනිස්සුන්ව ගොනාට අන්දලා හැමදාම ඡන්දය ගත්ත එකනේ කළේ....(ම)
හිටපු එක්කෙනා ලොකු ප්‍රචාරයක් ගෙනගියා විදුලි පුටුව ගැන.එයා හොදාකාරවම දන්නවා කවමදාකවත් ශ්‍රී ලාංකිකයන් එයාව විදුලි පුටුවට යවන්න ඉඩනොදෙන බව.මේ මොහෙතෙත් ශ්‍රී ලාංකිකයන් එවැනි දේකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ.(ම)
අන්තර්ජාතික සහ දේශීය දඩයම (ම)
බමුණා නම් බමුණෙක්ම තමයි සිල් රෙදි බෙදුවේ ඡන්ද කාලේ ඡන්ද ගන්න මිනිසුන් මුලාකරන්න පොල් පෑල දෙන්නේ ඡන්ද ගන්නද ? (ම)
වැලිවේරියේ මළමිනී උතුරෙන් මතුකරවපු සත්‍ය මහත්තය ගැන මේ තීරුවේ එදා ඉදල ඉන්න මම හොදින් දන්නවා..මහින්ද මහත්තය ගැන හිතල කලිසම් තේමා ගන්නේ නැතුව මහින්ද මහත්තය විදුලි පුටුවේ වාඩි කරවන යහපාලානේ හීන දැක දැක ඔයා සැපසේ රාත්‍රියට බුදිය ගන්න ..අපි වෙලාවට ඔයාව ඇහැරවන්නම් ..යහපාලනෙට සුදු කොඩි දාන්න..(බ)
වලන් කඩේට පැන්න ගොනා වගේ කලය සහ හැලිය දෙකම පොඩිකරනවා.මෙතුමාගේ කතාත් ඒ වගේම තමා. (ම)
ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කරන්න අලින්ට , කොටි අවතාර වලට සහ විජාතික බලවේග (ඉන්දියාව, ඇමෙරිකාව සහ තවත් රටවල්) වලට දැඩි වුමනාවක් තියෙන බව දැන් දැන් මේ රටේ ජනතාවට වැටහෙමින් තියෙනවා.ත්‍රස්තවාදීන් යුද්දයෙන් පරාද කලාට බෙදුම් වාදය ඉවර නැහැ. ඒකීය රට වෙනුවෙන් විතරක් අපි ඡන්දය දෙනවා. (ම)
අතේ බලේ තියනකොට කේසර සිංහයා. දැන් ගැරඩි.(බ)
සිල් අම්මලට තමන්ගේ මුදල් වලින් වගේ දුන්නු සිල් රෙදි වලිනුත් රුපියල් මිලියන 500කට වඩා ගසා කාලා තියෙනවා කියලා ආරංචියි. (බ)
තවත් අවරුදු දෙකක් හිටියනම් රටේ හැමදේම විකුණාගෙන කනවා ඉර හඳ වගේ විශ්වාසයි.(බ)
සමහර නම් ලංකා ඉතිහාසයෙන්ම අතුගාලම දාන්න ඕනේ.(බ)
රාජපක්ෂලාට ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා.(ත)
එතකොට සිල් රෙදි දෙන්න හොඳ නැහැ,පොල් පැල දෙන්න හොඳයි (නි)
වැලිවේරියේ අසරණ මිනිසුන්ට වෙඩි තියන්න කියපු අයට මොකක්ද ප්‍රාර්ථනා කළ යුත්තේ ?
එක පවුලක් ගසා කාපු ඩොලර් කෝටි ප්‍රකෝටි මුදල ඉදිරියේ තව අවරුදු 100 කාටවත් ලංකාවට ගොඩ එන්න බැහැ.පිට රටවල ඉන්න අපිනම් සත්‍ය දන්නවා. (ත)
මේ අර ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල තප්පුලපු මහත්තයා නේද ? එදා මාතර යුද ජයග්‍රහණය සමරන්න මෙයා ත් ගියාද ? කොහොමද දන්නේ නැ ගියේ ? රෙදි ඇදගෙනද දන්නේ නැ නේද ? මහින්ද මහතා රට වෙනුවෙන් , මිනීමරු ත්‍රස්තවාදය පරාද කරපු වරදට එතුමා විදුලි පුටුවට යයි එක පාරක් නොවේ දෙපාරක් ව්‍රනත් . ඒත් මේ අධුර්දර්ශි ආණ්ඩුව කරන්නේ ඩයස්පෝරාව සතුටු කරවන්න , යුද්ද පරාජය කරපු හා ඊට හවුල් වුන අයව පොලිසි ගෙන්වලා , වැරදි නැතිනම් වැරදි හදලා , හදන්න බැරිනම් වැරදි මවලා හරි හිරේට දාන්නනේ ? මෙතන අදහස් දාන කොයි කෙනාද කැමති නිකන් පොලිසි ගිහින් කට උත්තර දෙන්න , දීල රස්තියාදු වෙන්න , බාල්දු වෙන්න . මේ උදවිය කරන්නේ බොරු චෝදනා හදලා පොලිසි ගෙන්වලා , මුල්‍ය අපාරද ඒකකයට ගෙන්වලා කොහොම හරි මඩ ගහනවා , මාධ්‍ය සංදර්ශන කරනවා , මේ කාව සතුටු කරන්නද ? ඡන්ද පොරොන්දු පරිදි ඩයස්පෝරාව සතුටු කරන්න . පේනවනේ අද හකීම් හා තොන්ඩමාන් යන මහත්වරු ප්‍රසිද්දියේ කිව්වා මහින්ද මහතාව ශ්‍රී ලනිපයට ගන්න එපා කියලා . එයාලට මොකද්ද තියෙන අයිතිය එහෙම කියන්න (බ)
මේ අර ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු මනුස්සයා නේද? මෙයාලා කොටින්ගේ සල්ලිවලින් යැපෙන අය බව දැනගත යුතුය. (බ)
මහානාම මහත්තයෝ මෙයාල රෙදි අඳින ජාතියක් නොවෙයි.ඉන්නේ නිරුවතින් බව තේරුම් ගන්න කොට ඩුබායි ඔටුවොත් ඉවරයි. (බ)
ලංකාවේ දැන් තියෙන්නේ බයිල කාරයින්ගේ පාලනයක් (බ)
සිංහල මිනිහගේ ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් දැන් ආණ්ඩුවේ ඇමති ධූරයක් දරන සිංහල මිනිසාට පස්ස හරවන.රට පවා දෙන කෙනාව රටම අඳුනනවා (බ)
මහින්ද රාජපක්ෂ මහතා සිටි හා මතු ඉපදෙන්න පුළුවන් නරකම නායකයා තමයි , හැබැයි ඒ සැබැ ශ්‍රී ලාංකිකයින්ට නොවේ , ශ්‍රී ලාංකික බෙදුම් වාදින්ටයි සහ බෙදුම්වාදී වෙනුවෙන් හඬ නගන උදවියටයි . ඒ වගේම , මුලින්ම හෙලිකොප්ටර්, ඊළගට රත්රන් ඔරලෝසු , ඊළඟට ඩුබායි බැංකුවේ සල්ලි , ඊළඟට ශිශේල්ස් වල සල්ලි , මේ ඔක්කොම හුදු මාධ්‍ය සංදර්ශන පමණයි , මේවා බෙදුම්වාදීන් සතුටු කිරීමට පමණයි , තවද බෙදුම්වාදීන් වෙනුවෙන් අපේ යයි කියා ගන්නා උදවියද මේවාගෙන් කුහක සතුටක් ලබා ගන්නවා. (බ)
මේ පින්තුරේ හොඳින් බලන්න හරකුන් කොච්චර පොල් පැලේ එල්ලී ගෙන ඉන්නවාද ?ඕකම තමයි කියන්නේ හරකා පොල් පැලේට ළං වෙනවා කියලා. (බ)
අනේ මන්ද ඩුබායිගේ කතා අහල එපා වෙලා එකම තැටිය හැමදාම කරකවනවා ආණ්ඩුවක්ම එකතුවෙලා හෙව්වා තාම හම්බ වුනේ නෑ (බ)
ප්‍රකාශ් මහතා බොහොම හරි , උදේ කාපු දේ දවල්ට අමතක වෙන ජාතියක් ඉන්න රටක් අපිට මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැ. 1987 බෝගහ ඉදිරිපිට මොරටු සරසවියේ මගේ සරසවි මිතුර ක්ලිපර්ඩ් පෙරේරා වෙඩි තියලා මරුවා ( මොරටු සරසවි පළමු වෙඩි තබා මරණය ) . කටුනායක ප්‍රදේශය පදිංචි හා 1986 මොරටුව සරසවියට ඇතුළු වුන උදවිය දන්නවා . එතකොට කඳානේ මගේම පාසලේ මාත් සමග උසස්පෙළ ඉහලින් සමත් වී කොළඹ වෛද්‍ය විදුඅහලට තේරුණා ( 1986 ) ප්‍රියන්ත සමරවික්‍රම වෛද්‍ය විදුහල් සිසුවාට මොකද වුනේ , මිනිය වත් හමු වුනේ නැත . සමහරු මේ රතුපස්වල අහඹු සිදුවීමක් කතා කරනවා , සමහරු මේ ඉතිහාසය නොදැන කතා කරන උදවිය ගැන කනගාටුවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත (බ)
ඔබගේ කතාවට කටේ මසුරන් දාන්න හිතෙනවා (නි)
87-89 භීෂණය කොච්චර සිංහල තරුණයන් මැරුවාද?බටලන්දේ වධකාගාර සංස්කෘතිය කවුද කළේ? මාධ්‍යවේදීන් ඝාතනය සාගරිකා ගෝමස්,රිචඩ් සොයිසා ඝාතනය කළේ කවුද? (නි)
දැන් ඕනෑ කෙනෙකුට නිදහසේ කතාකරන්නත් පුළුවන්නේ! (නි)
ඕනෑ කෙනෙකුට ඔහොම කියන්නත් පුළුවන් (නි)
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කී කතා අපිට තවම මතකයි (නි)
ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම තව තව වටිනා බොහෝ දේ අපිට පැහැදිලිකර දුන් ඔබතුමාලට පින්. (නි)
කියවිල්ල තරම් කාගේත් කෙරුවාව නැහැ. ගරු ජනාධිපති තුමා හැරෙන්නට කාගේත් පළමු තැන බලය රැක ගැනීම (බ)
ගොන්නුන්ට යුද්ධ කරන්න පුළුවන් ආයුධ ණයට අරගෙන කියලා රට පාවලා දීපු අය කියන තිරිසන් කතා බත් කන මිනිස්සුනම් ගණන් ගන්නේ නැහැ (බ)
බය නෙවේ හිරිකිතලු. (බ)
ඕනේ ගොනෙකුට යුද්ධ කරන්ට පුළුවන් වගේ හිරේට යන්ට පුළුවන් ඇති ! (බ)
ඡන්දෙ වෙලාවේදී මෙමත්‍රීපාල මහත්තයට කියපු වචන අපිට අමතක නැහැ. (බ)
විදුලි පුටුවට යන්නේ නම්බුකාර ලෙස රට වෙනුවෙන්, ඔබ ඇතුළු මහ බැංකු හොරු වෙනුවෙන් ඔබලාගේ බොරු වෙනුවෙන් ඇයි ඒ අය වෙන කොහෙවත් යන්නේ නිකන් බයිට් වෙන්න. (බ)
මේ කතා අහලා අහලා දැන්නම් මේ අයව එපාමවෙලා තියෙන්නේ. (නි)
ඕනෑ කෙනෙකුට ඕනෑ කතාවක් කියන්න පුළුවන්. (නි)
බණ්ඩාර කියපු කතාව සහතික ඇත්ත. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. 2008 මෙයාල කියපු කතා අපිට තාම මතකයි.(නදී)
යාන්තම් දහ දෙනෙක් ඇවිත් ඉන්නේ. (නදී)
අනේ! අපිට මේවා කියන්න එන්න එපා (නි)
දැන් විදුලි පුටුවට යනතුරුද බලාගෙන ඉන්නේ? (නි)
තව මාස දෙකකින් තුනකින් මිනිස්සු සමහර දේශපාලකයන්ගේ ගෙයක් දොරක්වත් ඉතුරු කරන එකක් නැහැ. ඒ තරම් අප්‍රියයි අපට ඒ මුහුණු බලන්නත්. (නි)
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ අයට ඕනෑම කතාවක් කියන්න නිදහස තියනවා (නි)
බොරුවෙන් ඉපදුන බොරුවෙන් කල්ගෙවන මිනිසුන් ඉන්නා රටක් මේක (නි)
කතා කියන්න ඕනෑ කෙනෙකුට පුළුවන්...! (නි)
ඕනෑ කෙනෙකුට කයිවාරුව බෙදන්න හැකිද? (නි)
අනේ මගේ කට! (නි)
ඔය කවුරු කවුරුත් ගැන මුළු ලංකාවම දන්නවනේ! (නි)
කිරිඇල්ල මැතිතුමාට ජය වේවා! (නි)
කලිනුත් කෙනෙක් ජනතාවගේ අනුකම්පාව ගන්න හේග් වල විදුලි පුටුවක් ගැන කිය කියා රට වටේ ගියාට අපේ රටේ බුද්ධිමත් ඡන්දදායකයින්ව රවටාගන්න බැරිවුණා. (නි)
ඕනෙම ගොනෙක්ට විදුලි පුටුවට යන්න පුළුවන්(නදී)
සත්‍යයා ඔය කියන කලින් එක්කෙනා ගේ නම කියන්න ඔපමණ බයද? (නදී)
සත්‍යයා මෙතන තිබුන අදහස් 25 න් 22 ක්ම ඔයා අර නම කියන්න බය පුද්ගලයට පක්ෂව තිබුනේ (නදී)