විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රජයට විරෝධය පළකිරීම සඳහා මැයි 21 වැනිදා සංවිධානය කර ඇති ඒකාබද්ධ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව හා ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ නායකත්වය අතර පැලවත්ත ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (07) පැවැත්වීමට යයි.
මෙම වැඩ වර්ජනය සඳහා දේශපාලන පක්ෂ සහාය හා අදහස් ගැනීමේ මුල් සාකච්ඡාව මෙයයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේදී තවත් සාකච්ඡා පැවැත්වෙන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මොන , මොනවාහරි කරුණු සේවකයන්ට දන්වලා, වර්ජන කරලා ,ගාර්මන්ට් ගණනාවක්ම වහලා ආයෝජකයන් රටෙනුත් ගියා. දැන් විදුලියක් අල්ලා වර්ජන කරලා, ඉතුරු ටිකත් වහලා ,සේවකයෝ පාරට බැස්සා! ඕක කරන්නනේ කවුරුත් උත්සාහ කරන්නේ... (නි)
ඔබ සැමට ජය. ජයෙන් ජය! (නි)
ගාමිණී, ඔයාට විදුලි බිල ගෙවන්න පුලුවන් ඇති. නමුත් 98% කට ම මේක බඩටම දැනෙනවා. (නි)
හොරු පන්නපියව් ! (ස)
ගාමිණි අපි දන්නවා ඔයා ආණ්ඩුවේ පන්දන් කාරයෙක් කියලා.(නදී)
අතන මෙතන ටික ටික නැතුව රාජ්‍ය, පුද්ගලික හැම ආයතනයක්ම අල්ලගෙන එකවර කරන්න රටම ඇන හිටින විදියේ වර්ජනයක්. සංචාරක හෝටලුත් අල්ලගන්න.කට්ටියට උණ ගැනෙයි සංචාරකයෝ බඩගින්නේ ඉන්දැද්දී. (නි)
අර සේනාව, රාවේ එහෙම ගාවා ගන්නේ නැතිව කරන්න බලන්න.(ස)
විදුලි බිල වැඩි නොකර. රටේ දන පතියන්ට බර පටවමු. පිට රට වැඩට යන අයගෙන් 20% අනිවාර්ය ඉතුරු කිරීමක් කරවමු. (ස)
මෙයාල හරි නරකයි අනේ. ජනපතිතුමන් මෙච්චර අඩු කරලත් ස්ට්‍රයික් කරන්න හදන හැටි? (ස)
අර හොර ගැමුණුයි ගාමිනියි කියන්නේ එකෙක්ම වගේ නේද?(නදී)
විදුලි බිල හිටිහැටියේ අහස උසට වැඩි කිරීමට පියවර ගත්තේ ජනාදිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩල රැස්වීමකින් පසුවයි. නමුත් දැන් ජනාදිපතිතුමා හැසිරෙන්නේ මේ ගැන නොදන්නා ගානටයි. මේකට බලපෑ හේතුව මිලදී ගැනීමට යන ඝුවන් බස් සදහා ඇවැසි මුදල් ප්‍රතිපදන සොයා ගැනීමි. රට නගින නිල් රැල්ලට ජය වේවා!(නදී)