IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


විදුලි රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදයෙන් 2030 ඉල්ලක්කයට යා නොහැකියි

(උපුල්වික්‍රමසිංහ)

2030 වනවිට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට ළඟා වීමට බාධාවන අයුරින් සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

2020 වසරේ අගෝස්තු මසදී මෙගා වොට් 150 ක සූර්ය බලශක්ති විදුලි බලාගාර හා මෙගා වොට් 40 ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රකාවක් ඉදිරිපත් කළ ද සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අදාළ අනුමැතිය ලබා ගැනීම පමා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ටෙන්ඩර් ක්‍රමය ඔස්සේ අඩුම මිලකට විදුලිය සැපයීමට ඉදිරිපත් වන සැපයුම් කරුවන් තෝරා ගන්නා ක්‍රමය වෙනුවට කලින් පැවති සම්මත මිල ගණන් යටතේ විදුලිය සැපයී මේ ව්‍යාපෘති ලබා දීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍යාංශයට තිබෙන්නේ ද කියා සාධාරණ සැකයක් මතු වනබව කී ඔහු 2030 වන විට විදුලිය ඉල්ලුමෙන් සියයට 70වක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කයට ළඟා වීමට නම් එවැනි බලාගාර සඳහා වන ටෙන්ඩර් කැඳවීම් වසරකට තුනක් වත් සිදු කළයුතු බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍දුමින්ද දිසානායක මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

 



අදහස් (18)

විදුලි රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදයෙන් 2030 ඉල්ලක්කයට යා නොහැකියි

අගුපිලගේ Saturday, 02 October 2021 09:54 AM

1948 දී නිදහස ලැබූ අපි පෙබරවාරි 4දින නිදහස සමරමු.1971 පිහිටවූ බංග්ලාදේශය දකුණු ආසියාවේ දුප්පත් රට බවට පත්ව තිබී මේ වනවිට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන සිරි ලංකාවට ණය දීමට තරම් දියුණුව ඇත්තේ අප රටේ සිටින වැඩ පරක්කුලාගේ දේශපාලුවන් නිසාය

:       3       44

RaveendraSaturday, 02 October 2021 01:59 PM

සහතික ඇත්ත. අප කිසිවෙකු හිතන්නේ නම් අනේ අපි වදින පුදන පක්ෂෙ දේශපාලුවන් හොදයි දේශපාලුවන් විතරයි හොරකම් කරන්නේ එය අමුලික බොරුවකි, හිතළුවකි. ඒ බැවින් දැන්වත් පක්ෂවලට වෙන්වී ඇනකොටා ගැනීම් නවතා හොරාකන හැම එකාටම විරුද්ධව තම විරෝධය පල කල යුතුමය.

:       1       31

පැරකුම් Saturday, 02 October 2021 10:35 AM

දේශපාලුවන්ගේ සාක්කු වැඩියෙන් පිරෙන පැත්තට තමයි වැඩ සිද්ද වෙන්නෙ.

:       2       36

කිරි පුතා Saturday, 02 October 2021 10:37 AM

පක්ෂ භේදයකින් තොරව ගත් කල බොහෝ දේශපාලකයන් හොරකමටම ඇබ්බැහි වූ අයයි. හැන්ඳ අතේ ඇති වැඩිමනක් රාජ්‍ය නිළදරුවන් ද ඊට දෙවෙනි නැත. මේ පාපකර්මය නිිසා නිධානයක් මත හිටගෙන හිඟාකන ජාතියක් බවට අප පත්වී ඇත. මහජනතාව කරන්නේ පක්ෂවලට බෙදී කුළල් කාගන්න එකය. ඉතින් කවදා අපි ජාතියක් හැටියට හිස ඔසවයිද ?

:       0       36

Gunda Saturday, 02 October 2021 10:52 AM

බංග්ලාදේශය රුපියක් හිලව්වකට ඩොලර් ටිකක් දුන්නා කියල අපේ රට ඔය තරම් පහත් අඩියකට දාන්න එපා

:       29       4

nimelenSunday, 03 October 2021 11:42 AM

මේ යන විදියට නම් කිසිම ඉලක්කයකට යනන බැහැ

:       0       0

ගාමිනී Saturday, 02 October 2021 11:11 AM

ඕවා වැඩක් නෑ. න්‍යෂ්ඨික බලාගාරයක් හදමු. ටිකක් මිල වැඩි වුණාට පාරිසරිකයි.

:       15       15

tushan nisansala Saturday, 02 October 2021 12:14 PM

ඉතුරු ටික ඔක්කොම වික්කා නම් රටම දිනුම්...

:       4       16

Hafeel Saturday, 02 October 2021 01:09 PM

මේ ඇමතිලා ජනතාවට පෙන්නන්නේ ඔවුන් හරි කාර්යක්ෂම බව... නිල නිවාස, නිල වාහන සංදර්ශන, වැටුප්, වරප්‍රසාද, පුද්ගලික කාර්ය මණ්ඩලය, අධි සුඛෝපභෝගි කාර්යාල... මේවා සේරම අරගෙනත් වැඩ කරන්න බැරි නම් වැඩක් තියෙයිද...?

:       2       24

Koka Saturday, 02 October 2021 01:13 PM

ඕක හරියන්නේ නැහැ.. විදුලි බල ම්ණ්ඩලය විකුණලා දාන්න..

:       0       14

Mangala Saturday, 02 October 2021 04:22 PM

මේවාට මේ විදුලි බලේ නිලධාරිනුත් වගකියන්න ඕනෑ. මම සෝලා පැනල් සෙට් එකක් ගහලා ලයිසන් කරගන්න කාපු කට්ට දන්නේ මම විතරයි. ලෝකෙත් නැති කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි, තව චුට්ටකුයි තමයි මෙයාලා ඉල්ලන්නේ... වැඩේ නොකරන්නම තමයි වැඩ කරන්නේ. දේශපාලුවන් සහ නිලධාරින් සමානවම වගකියන්න ඕනෑ.

:       0       28

සුද්දාSunday, 03 October 2021 06:53 AM

මටත් මතකයි පහුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ කවුරුන් හරි, හිරු එළියෙන් හෝ සුළඟින් විදුලිය සැපයීම ගැන අවතක්සේරු කරනවා. මේ රාජ්‍ය ඇමතිත් ඉතින් නිකං කෙනෙක් නෙවෙයිනේ. යහපාලනයේ හිටි කෘෂිකර්ම අමාත්‍ය හැටියට රටට ලොකු සේවයක් කළ කෙනෙක්නේ . කුඹුරු වල වී වගා කරන්න අනවශ්‍යයි කිව්වා රටින් හාල් ගේන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය හොඳ සැප පහසු ගොඩනැගිල්ලකට ගෙනියන්න හැදුවා ඔන්න ඔය රාජගිරිය පැත්තේ.

:       0       0

ganegoda Saturday, 02 October 2021 05:36 PM

2030 වෙනකන් අපි බලන් ඉන්නේ නැහැ...!

:       1       9

Sameera Saturday, 02 October 2021 05:57 PM

100%ක් දේශපාලනඥයින් දුෂිතයි! අරමුණ අල්ලස්/කොමිස්... කිසිම අරමුණක් නැතිව වැඩ...!!

:       1       17

චන්දිම Sunday, 03 October 2021 07:32 AM

මම මේ කට්ටිය ඔක්කොටම කියන්නේ හැමදාමත් මේ රට කන දේසපාලුවෝ කට්ටියගෙන් රට බේරාගන්න නම් නිකම් ඔය කියා කියා ඉඳල විතරක් හරි යන්නේ නැහැ සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ඉතා විධිමත් අන්දමට සමාජය දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කවුරු හරි විසින් හරි පටන් ගන්න ඕනි කියලයි. මොකද අපේ රටට වෙලා තියෙන්නේ තියෙන සම්පත් කිසිම දෙයක් නිසි ලෙස කළමනාකරණය කර ගන්න මේ දේසපාලන කාලකන්නි දන්නෙම නැති කමයි. උන් දන්නා ලොකුම දේ එක එක වචන දාල හැම දේම අන්තිමට විකුණලා දාල එදා වේල ශේප් කරගන්න එක විතරයි.

:       0       0

පරාක්‍රම ජයසංහ Sunday, 03 October 2021 09:25 AM

මෙම ප්‍රමාදය ඇත්තයි. එහෙත් පසුගිය වසර හතරක් තුලදී නිකුත් කරන ලද මෙගා වොට් 300 දක්වාවු ටෙන්ඩර වලින් තවමත් ක්‍රියාත්මක වී ඇත්තේ මෙගාවොට 50 කටත් අඩු ප්‍රමානයකි. එබැවින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම වඩා වැදගත්ය. එමෙන්ම නිසැකයෙන්ම එම ටෙන්ඩර් පටිපාටියේ අඩුපාඩු හදුනාගෙන නව ටෙන්ඩරය තුලින් එවැනි දෑ ඉවත් කිරීම වඩා වැදගත්ය

:       0       1

nihal Sunday, 03 October 2021 09:50 AM

උබලා හැමදාම පෙන්නුවේ ප්‍රමාදයයි .නොහැකියාවයි සුදු ඇඳගෙන පඩි අරගෙන පිනට කෙලින හොරා කන උබලා ලජ්ජා වෙයල්ලා

:       0       1

janahanda Sunday, 03 October 2021 10:23 AM

හොරාකම් කරන හැම කෙනාටම විරුද්ධව තම විරෝධය පල කල යුතුමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1452 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 284 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 537 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 768 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 552 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site