ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිකුරාදා දහවල් සිට ඇරැඹූ වැඩ වර්ජනයට වාරණයක් නිකුත් කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කෙළේය. පැමිණිලිවලින් ඉල්ලා සිටින කරුණ ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ ප්‍රකාශ කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සාමකාමීව වර්ජනය කරන්නවත් නිදහසක් නැද්ද?
ඒකාධිපති පාලනයට පහර...
වැඩ වර්ජනයක් යනු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අවසන් පියවරකි. වෘත්තීය ගැටළුවක් විසඳා ගැනීමට ඊට පෙර ගතහැකි සියළු ක්‍රියාමාර්ගයකින් අසාර්ථක වූ විට වැඩ වර්ජනයකට යාම මගින් එම ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට උත්සාහ කිරීම වෘත්තීය අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම ක්රිැයාත්මක කිරීම වැළැක්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන කිසිවෙකු විසින් කළ යුත්තක් නොවේ. එසේම වෘත්තීය සමිතියක සැබෑම ජයග්‍රහණය වනුයේ වැඩ වර්ජනයකට යාමට පෙර ගතහැකි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට හැකිවීමයි. ඕනෑම වර්ජනයක් නිසා පොදු මහජන මුදල් අපතේ යෑමක් සිදුවන බැවින් වර්ජනයක් මගින් ලබන ජයග්‍රහණයේ පෙනෙන වටිනාකමට වඩා නොපෙනෙන හානිය වැඩිය. සියළු වෘත්තීය සමිති මෙසේ කටයුතු කරන්නේ නම් වටී. එසේ වුවද අත්‍යවශ්‍ය වන අවස්ථාවක වැඩ වර්ජනය කිරීම සඳහා වූ වෘත්තීය අයිතිවාසිකමට පාලන පක්ෂයද පොදු මහජනතාවද ගරුකළ යුතුය.
ඔතන ඉන්න අය එලවන්න
දැන් වැඩකරන ජනතාව මර්ධනය කරන්න වගේ යන්නෙ..
මේ වැඩ වර්ජනයේ සාධාරණ ඉල්ලීමුත් තියෙනවා. කොත්නත්‍රාත් නැත්නම් මැන්පවර් විදියට ගන්න සේවකයකුට කීයද ගෙවන්නේ. ස්ථිර සේකයාට ගෙවන පඩියෙන් භාගයයි. ඒකනේ හැම ආයතනයකම ස්ථිර සේවකයෝ ගෙදර යවන්නේ. පාලකයෝ සැප වින්දම ඇති අලුතෙන් රැකියාවට එන සේවකයෝ දුක් වින්දට කමක් නෑ මනුස්සයන් විදියට ඉතන්න.
කුමාර දන්නවාද විදුලි බල මණ්ඩලයේ සේවක පඩි විස්තරය???? ඉංජිනේරැවකුට Rs 80,0000/- සිට 300,0000/-, ES කෙනෙකුට 75,000/-සිට 250,000/-. නුපුහුණු කම්කරැ Rs 50,000/- සිට 150,000/-. රියදුරැ කෙනෙකුට Rs 75,000/-සිට 125,000/-. ලිපිකරැවකුට Rs 50,000/- සිට Rs 100,000/-. මනුකියවන්නකුට Rs 60,000/- සිට Rs 125,000/-. Man power සේවකයකුට දවසකට Rs 650/-.
අනේ හේමන්ත, ඔයා ඔහොම කියන්නේ වැටුප් වාර්තා දැකලද?
මේවයේ ඉන්නේ අයිස් ගහන කට්ටිය , ඔක්කොම එලියට දාපල්ලා
හේමන්ත විස්තර කරන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ පඩි නොවේ. USA වල එම ක්ෂේත්‍රයේ පඩි