(අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ උණුසුම් සුබපැතුම් පිළිගැන් වූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහකට එක් විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එසේම ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට සහාය ලබා දෙන බව ද දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා පැවසීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්රයන්හි ප්‍රවර්ධනයට දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන බව ද දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් රෙනේ එවර්සන් වර්නේ ( Rene Everson-Varney) සහ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සැනතෙම්බා ලෙයිලා ෂැංගෙලා ( Zanethemba - Leila Tshangela) යන මහත්මිහු ද මෙම අවස්ථාවට එක්ව සහභාගී වූහ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි