IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විදුහල්පතිටත් නොතීසි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවුරුදු අටක ගිණුම් විගණනය නොකිරීම ගැන කරුණු දැක්වීමට ලබන ජනවාරි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පහ අතිරේක දිසා විනිසුරු නන්දන අමරසිංහ මහතා එම විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසකට අද (09) නොතීසි නිකුත් කළේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් ලංකා බණ්ඩාර, හිටපු විධායක ලේකම් අතුල රණවීර, හිටපු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ලයනල් එදිරිසූරිය සහ ඩබ්ලිව් කේ සුමනසේකර ඇතුළු 15 දෙනෙක් එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.

එම විද්‍යාලයයේ ආදි සිසුන් හතර දෙනකු වන දුමින්ද හපුආරච්චි, සුජිත් ප්‍රියන්ත රුබේරු, අසංක දර්ශන ජයසිංහ සහ දීපාල් නිශජිත් වීරක්කොඩි මහත්වරුන් හා එම පාසලේ ආදි ශිෂ්‍ය නීතීඥවරු  පිරිසක් නඩුව ගොනු කළහ.

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ආදි ශිෂ්‍ය සංගමයේ 2007 සිට ගිණුම් රජයේ පිළිගත් ලියාපදිංචි විගණකවරයකු මගින් විගණනය කර නැතැයි ද,  එම කාල සීමාවේ රුපියල් කෝටි තුනක වියදමින් ඉදි කළ පාසලේ පිහිනුම් තටාක ව්‍යාපෘතියේ ගෙවීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ද පැමිණිල්ලේ සදහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශ  චක්‍රලේඛ අනුව විදුහල්පති නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වන බවත්, සංගමයේ සියලුම මූල්‍ය කටයුතුවල විදුහල්පති වගකිව යුතු බවත්, නඩුවේ දෙවැනි විත්තිකාර ලාල් දිසානායක මහතා විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමයේ කටයුතු සදහා සක්‍රීයව දායක වී ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.

අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අනුව රජයේ විගණකාධිපති මගින් හෝ රජයේ ලියාපදිංචි වෙනත් විගණකවරයකු මගින් 2007 සිට 2012 දක්වා ගිණුම් විගණනය කරන ලෙස ද, එමගින් මූල්‍ය අලාභයක් සංගමයට සිදුවී ඇතැයි අනාවරණය වන්නේ නම් විදුහල්පතිවරයා ඇතුළු අදාළ වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන ලෙස ද පැමිණිල්ල ඉල්ලා සිටියි.

නීතීඥවරුන් වන තරංග වීරසිංහ, සමන් කිරිඇල්ල, ලක්දිනු ධීරසේකර, චවිරු සිරිසේන, සහ තුසිත රණතුංග සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන නිමල් රණසිංහ සහ චන්දන විජේසූරිය මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

 

 



අදහස් (0)

විදුහල්පතිටත් නොතීසි

චින්තක Saturday, 10 December 2016 03:53 AM

විදුහල්පති ලෙස ස්වාමින් වහන්සේ නමක් ඔය විදුහලේ කටයුතු කළ සමයේ ගම්පහ බණ්ඩාරනායක විදුහල ගොඩක් හොඳ තත්වයේ පැවතුනා. නමුත් අද වෙනකොට නම් ඉතාම කණගාටුදායක තත්වයක් ඇතිවෙලා තියෙන්නේ (නි)

:       0       0

මුණසිංහ Saturday, 10 December 2016 05:40 AM

අධ්‍යාපන සාධන මට්ටම් වලින් බණ්ඩාරනායකේ උඩින්ම ඉන්නවා. මේ හදන්නේ එකත් වට්ටන්නද? කොහොමටත් 2018 ඉඳලා පාසල් පාලක මණ්ඩල ඇති කළාම ඔක්කොම බර කරට ගන්න වෙන්නේ ආදී ශිෂ්‍යයින්ට. එදා ඉඳලා තේරෙයි පාසල් පුදගලීකරණය කරලා නේද කියලා. එක සිසුවකුගෙන් රු.10,000/=වත් අඩුමගානේ ගන්න වෙයි. මේ හදන්නේ එ්කට පාර කපන්න. (නි)

:       0       0

අශේලි Saturday, 10 December 2016 06:16 AM

බණ්ඩාරනායක මෑණියන්ගේ ගිලිහී ගිය අභිමානය නැවත ලබාදීමට වෙරදරන අප විද්‍යාලයයේ ආදි සිසු මහත්වරුන් හා පාසලේ ආදි ශිෂ්‍ය නීතීඥවරුන්ට දෝහා නායකවරුන්ගේ ආචාරය...!!!!! හොරුන් එළවමු. බණ්ඩාරනායක විදුහල් මෑණියන්ට ජය වේවා.... !! (නි)

:       0       0

අකිල කාරියවසම් Wednesday, 14 December 2016 07:18 AM

ගිණුම් විගණනය නොකරන්නේ හොරකම් හෙළිවන බිය නිසා බව ඉතා සරලය. සමාජයක් රටක් යහමඟට ගැනීමට ඔබේ මෙහෙවර සවියක් වනු ඇත (නි)

:       0       0

සෝමසිරි Saturday, 10 December 2016 09:19 AM

විදුහල්පතිලාත් මෙහෙම නම් ඉතින් තව මොන කතාද? (නි)

:       0       0

නුවන් Saturday, 10 December 2016 10:21 AM

මෙම විදුහල්පතිවරයාගේ අක්‍රමිකතා දේශපාලන බලයෙන් යටගහගෙන හිටි හැටි එක්තරා අන්තර්ජාල පුවත්පතක හොඳින් විස්තර වුණා.

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 December 2016 10:51 AM

යහපත් සමාජයක් හැදෙන්න යහපත් ගති පැවතුම් ඇති මිනිසුන් සමාජයට එක් කිරීමේ වගකීම දරන ගුරුන් වැරදි කලොත් දැඩි දඬුවම් දෙන්න. මේ පිරිහුණු සමාජය නැවත ගොඩගත යුතුය (ම)

:       0       0

වර්ණකුලසුරිය හලාවත. Friday, 09 December 2016 02:09 PM

ජාතික පාසල්වල මේ වගේ මුල්‍ය අක්‍රමිතා බොහොමයි. (නි)

:       0       0

සෑම් Friday, 09 December 2016 08:00 PM

මෙයා ගැන වෙබ් අඩවි වලින් කියාපු දේවල් ඇත්ත වෙන්නයි යන්නේ (නි)

:       0       0

අශිකා Wednesday, 14 December 2016 03:59 PM

අනේ මෙහෙමත් නිලධාරීන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6654 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4987 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 931 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1332 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3186 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4163 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40182 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site