වල් අලින්ගෙන් සිදුවූ හානියට වන්දි නොලැබුණු බව කියමින් වැල්ලවාය ආනපල්ලම පහේ කණුවේ උපවාසයක් ඇරැඹූ ගොවියකු හමුවීමට ගිය වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මාසයක් ඇතුළත විසඳුම් දෙන බව පැවසීමත් සමග වර්ජනය අවසන් විය.
වල් අලින්ගෙන් දිගටම සිදුවන තර්ජන නවත්වන ලෙසත්, සිදුවූ හානිවලට වන්දි ගෙවන ලෙසත් උපවාසය ඇරැඹූ ප්‍රේමදාස මහතා ද ඔහුට සහාය දැක්වූ ගැමියෝ ද ඇමැතිගෙන් ඉල්ලා සිටියහ.
වනසම්පත් දෙපාර්තමේන්තුවේත්, ඇතැම් දේශපාලනඥයන්ගේත් බාධා නිසා විසඳුම් පමා වී ඇතැයි ඇමැති එහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැටවල් හදන්නේ නැතුව මොන විසඳුම්ද?අනික කොළඹ බොරු විගඩම් වලට නාස්ති කරන සල්ලි වලින් මේ ප්‍රශ්න විසඳලා දුන්නා නම් මේ මිනිස්සු කාටවත් කරදරයක් නැතුව ගොවිතැනක් බතක් කරන නිදහසේ ජීවත් වෙනවා. (ස)
මිනිස්සු සත්තුන්ට තිබෙන කැළේ එළිකරලා ගෙවල් හදනවා. මේවායින් සත්තුන්ට මෙවන් ප්‍රශ්න ඇතිවෙනවා (නි)
මම නම් කියන්නේ ඔය කොළඹ තිබෙන කාර් රටේ ඔය පැත්තේ තිබුනා නම් කාර් වල සද්දෙට අලි එන එකකුත් නැහැ,පාරවලුත් හැදෙනවා.කොහොමද මගේ මොලේ? (නි)
උපවාස කරන අතරදී අලියා ආවා නම් තමයි වැඩේ බලන්න තිබුනේ. (නි)
අපේ කට්ටිය, ඒ කියන්නේ මේ ඇමති තුමාලා, දිසාපති තුමාලා වගේ තුමාලා, හැමදෙනාම ප්‍රස්න විසදන්න ඇති දක්ෂයෝ. නමුත් විසදන්නේ ප්‍රස්නේ ඇති උනාට පස්සේ. ඔය ප්‍රස්න ඇතිවෙන්න කලින් ඉස්සරහට වෙන්න පුළුවන් ප්‍රශ්නවලට විසඳුම් කල් ඇතුව දෙනවා නම් කොයි තරම් හොඳද?(නදී)
මේ ඇමතිතුමා නම් ජනතාව අතරට ගිහින් සියලු ප්‍රශ්නවලට මුහුණ දීල විසඳුම් සොයනවා. ඒක අනිත් ඇමතිවරුන්ට හොඳ ආදර්ශයක්.(අ)