IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


වන විනාශය හෙළි කළ දැරියට අත නොතබනු

 

(අංජුල මහික වීරරත්න)

වනාන්තර විනාශය නතර කරන්නැයි ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබෙිරත්න දැරියට අනිසි බලපෑම් නොකරන්නැයිද ඉල්ලමින් ලක් වනිතා මවු වරුන්ගේ සංවිධානය අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් අද (17) ඇරැඹීය.

රට පුරා ගොස් ජනතාව දැනුවත් කරමින් අත්සන් ලබාගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව එක්සත් ලක්වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය වැඩසටහන අරඹමින් පැවසුවාය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

රටේ වැසි වනාන්තර සහ සතා සීපාවා ආරක්ෂා කර ගැනීම යනු අනාගත පරපුර ආරක්ෂා කරගැනීම බව කී කෝන්ගහගේ මහත්මිය වන විනාශය නතර කිරීමට හඬ නගන දැරියක් වෙනුවෙන් පෙනී සිටීමට මව්වරුන් ලෙස වනිතා සංවිධානයට යුතුකමක් ඇතැයිද සඳහන් කළාය.

වනාන්තර විනාශය නතර කරමු යන්නෙන් සංවිධාන කෙරෙන අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,ලක් වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ, දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

 



අදහස් (16)

වන විනාශය හෙළි කළ දැරියට අත නොතබනු

narada Wednesday, 17 March 2021 04:14 PM

තවත් විහිළුවක්.

:       3       1

Tissa Wednesday, 17 March 2021 04:36 PM

අභාග්‍ය සම්පන්න රටක භාග්‍ය සම්පන්න දිරිය දරුවෙක්... පව්.

:       0       10

Ranil Wednesday, 17 March 2021 04:37 PM

ඔන්න අලියට නැට්ටක් අහුවෙලා එල්ලෙන්න...

:       5       3

සුවී Wednesday, 17 March 2021 05:27 PM

මේ දැරිය මෙය කලේ අවංකව නම් අගය කළ යුතුයි. ආයතනයක ප්‍රවර්ධනය වෙනුවෙන් අසාමාන්‍ය දෙයක් සිදුව ඇත්නම්, එය මහා අපරාධයක්... අවුරුදු 19ක් වූවත් ඇය දැරියක්...

:       0       2

පොඩි මල්ලි Wednesday, 17 March 2021 09:52 PM

එල්ලෙන්න වැලක් නැතිව ඉන්න සෙට් එකකට අවුරුදු 19ක ගෑනු ළමයෙක්ගෙ එල්ලෙන්න සිද්ද වෙච්චි.. මේ ඔක්කොම කරලා පුලුවන්නම් මේ සෙට් එක විදේශ අාධාරත් ගනී.. පස්සේ ඒවත් මාටියා ගහයි. අද රටේ බිහිවන සංවිධාන හැම එකකම ඇත්ත ඕක.. අහිංසක මිනිස්සු විකුණන්න එපා.

:       12       6

ranjith Wednesday, 17 March 2021 11:25 PM

ඉදිරි පරම්පරාව ගොනාට අන්දන්න බැරි බව තමයි පේන්නේ. දේශපාලකයින්ට වැඳගෙන ඉන්න පරම්පරාවක් අනාගතේ බිහිවෙන්නේ නැත.

:       1       10

nihal Thursday, 18 March 2021 01:30 AM

වනාන්තර විනාශ කරන අපේ රට අගාධයට ගෙනයන මේ අයටත්, මේ අයගේ ඔක්කොමටත් සාප වේවා...!! 

:       1       10

මුණසිංහ Thursday, 18 March 2021 02:18 AM

ඇත්තටම වන විනාශයට එරෙහිවන අයත් ඉන්නවා. දේශපාලන අවශ්‍යතා මත කෑ ගහන අයත් ඉන්නවා. මේ දිනවල කෙරෙන දේවල වැඩිපුරම තියෙන්නේ දේශපාලන අරමුණු... මේ කියන කෙනා ජවිපෙ ක්‍රියාකාරිනියක්. කිසියම් සැලැස්මක් ඇතිවයි සිරස මේකට අත ගැහුවේ. මේ කියන තැන වනාන්තරයට සම්බන්ධතාවක් ඇත්තේම නැහැ. නමුත් හෙක්ටයාර 7ට වැඩි ඉඩම් සංවර්ධනයේ දී එය කොහේ තිබුණත් පරිසර අවසරයක් ගත යුතුයි. එතන වැරැද්දක් තියෙනවා. නමුත් මෙතෙක් කල් එවැනි පරිසර අවසර නොගත් ව්‍යාපෘති රටේ කෙතරම් සිදු වුණාද?

:       17       4

බඩියු Thursday, 18 March 2021 02:33 AM

විල්පත්තුවටත් මේ සද්දෙම තිබබා නම්...?

:       8       7

Puppa Thursday, 18 March 2021 03:10 AM

වැඩේ අති සුන්දරයි. දේශපාලකයෝ සම්බන්ධ වෙච්ච එක ගැන දුකයි. ඒ අස්සේ මේ අයට කචල්...

:       0       5

Praba Thursday, 18 March 2021 03:53 AM

භාග්‍යා දැරියට හිස නමා ආචාර කරන අතර විල්පත්තුව විනාශ වෙද්දී නිදා සිටි එජාප මන්ත්‍රීන්ට විරෝධය පළ කරමි...

:       2       16

Nishan Rodrigo Thursday, 18 March 2021 06:09 AM

ඔය පක්ෂයේ නංගි වෙනුවෙන් අක්කලා ටික ගේමට එන්ටර් වෙලා තියෙන්නේ...

:       17       2

sharm warnThursday, 18 March 2021 06:44 AM

මම නම් බයියෙක් වත්, ටොයියෙක් වත් නෙවෙයි. නමුත් මම භාග්‍යා දුව වෙනුවෙන් කතා කරනවා. මොකද එයා වචනයක් හරි කතා කළේ එයාලගේ අනාගතය වෙනුවෙන්... මේ රටේ පැවැත්ම වෙනුවෙන්... පාලකයන් කරන නින්දිත විනාශයට එරෙහිව පරිසරය වෙනුවෙන්. ඒ නිසා ඔබේ අදහසට විරුද්ධයි.

:       2       16

Tissa Thursday, 18 March 2021 08:41 AM

අභාග්‍යවන්ත රටක භාග්‍යවන්ත දිරිය දරුවෙක්. පව්...!!!

:       1       9

Chinthaka Thursday, 18 March 2021 09:28 AM

භාග්‍යා නංගිට ගෞරව කරමි. නමුත් බංකොළොත් දේශපාලකයන් ඉන්න එක ගැන කණගාටුයි.

:       1       5

Raveendra Friday, 19 March 2021 11:22 AM

මේ දරුවාගේ උත්සාහය අප අගයන්නෙමු. කනගාටුව නම් දැරිය නොව මොන මළමිනිය ගෙන හෝ කොහෙවත් යන දේශපාලුවන් තම බොලද බලාපොරොත්තු වෙනුවෙන් පමණක්ම ඉදිරිපත්වීම.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
2024 දෙසැම්බර් මස 16 35 0

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය


රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී
2024 දෙසැම්බර් මස 16 471 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව


’’ ගෝල් මාවල්ස්’’ හිමිකරු යළි රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 16 141 0

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු


යතුරුපැදිය බසයේ ගැටී සිසුවිය මරුට
2024 දෙසැම්බර් මස 16 468 0

පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි


පොලීසියේ තිදෙනා කැපූ සිද්ධියට තවත් තිදෙනකු අල්ලයි
2024 දෙසැම්බර් මස 16 508 0

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොල


වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 155 0

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සු


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 180 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 190 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 96 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site