(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි ඇමැති පැමිණි රැස්වීමට සහභාගී වීම තහනම් වීම හේතුවෙන් රැස්වීම පැවති වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.
මෙම වන සංහාරය පිළිබදව මාධ්‍ය දිගින් දිගටම හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බි.රත්නායක මහතා ඇතුළු නිලධාරින් රැසක ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම වනාතවිල්ලුව පොලිසියේ දී පැවැත්විණි. රැස්වීම පළමුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුනද එය හදිසියේ පොලිස්ථානට රැගෙන ගොස් තිබුණි.
රැස්වීම සඳහා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව, ප්‍රාදේශීය ලේකම්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම පොලිස් අධිකාරි වනාතවිල්ලුව පොලිස්ථානාධිපති, වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්වසිටියහ.
මාධ්‍ය වේදීන් පැමිණි අවස්ථාවේදී පොලිසියේ දොරටු වසා දමා තිබූ අතර, පසුව ප්‍රධාන දොරටුව විවෘත කළද, රැස්වීම ආවරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණි.
මේ පිළිබඳව සී.බි.රත්නායක ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී, ඒ මහතා පවසා සිටියේ මාධ්‍යයට ගරු කරන නමුත් රැස්වීමේ ඇතැම් කරුණු මාධ්‍යයට ලබාදිය නොහැකි බවයි.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනජීවි ඇමැතිගේ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි
Kmal Koyrala Monday, 14 September 2020 10:44 AM
සී.බී. තම ගරුත්වය නැතිකරගන්නවා... පුත්තලම් කැලෑපාලුවන් එක්ක ලගින්න ගිහින්..
abcMonday, 14 September 2020 01:05 PM
සී.බී. ට ගරුත්වයක් නැහැ. වලපනේට ඇවිත් බලන්න. ගහන ගේම් හින්දා ටැමිල් එකේ මනාපයක් ඉල්ලගෙන මේ පාර පාර්ලිමේන්තු ගියේ...!!! නැතිනම් විසිවෙන්න හිටපු කෙනෙක් මෙයා. තව අවුරුදු 5කට වලපනේට නායකත්වයක් නැහැ.
Champa Monday, 14 September 2020 10:45 AM
මේක තමයි අලුත්ම එක. කුරුණෑගලත් සංවර්ධන කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරලා තිබුණා. දැන් මෙතනත් තහනම් කරලා. ජනතාවට ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනවා. මේවා වහන්නේ ඇත්ත දැනගන්න එක වළක්වන්න. ඊට පස්සේ ජනතාවට කියන්නේ පොහොට්ටුව විසින් සංස්කරණය කළ ඇත්ත. දැන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශනය තහනම් කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුවවත් කරපු නැති තරම් අන්ත ඒකාධිපති වැඩක්නේ මේක. යහපාලන ආණ්ඩුවට මාධ්‍ය දිගට හරහට පහර දුන්නා. හැබැයි කවදාවත් විකල්ප අදහස්වලට, මාධ්‍ය නිදහසට වැට බැන්දේ නැහැ. වෙනස සැපද කියලා තමයි අහන්න වෙන්නේ...
Demuni Uduwara Monday, 14 September 2020 12:14 PM
අාඥාදායකත්වයේ ලක්ෂණයි.
ferna Monday, 14 September 2020 03:00 PM
පැතූ වෙනස. මාධ්‍ය නිදහස දෝරෙ ගලනවා..
Bamunuarachchi Tuesday, 15 September 2020 06:44 AM
ඒ රැස්වීම සතුන්ට පමණයි.