IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වනාතවිල්ලුවේ වැනසූ භූමිය යළි තිබූ ලෙස ම සකසන්න ඇමැතිගෙන් උපදෙස්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත්  භූමිය නැවත තිබූ ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා අද(14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
 
ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කළ භූමිය බැලීමට එහි පැමිණි අවස්ථාවේදී ය.
 
ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වී දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසීමට කටයුතු කලා සේ සලකා නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
 
වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා සමග වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්  ඩබ්ලියු.ඒ.සි.වෙරගොඩ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සුරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පුත්තලම පොලිස් අධිකාරි ජයමහ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, සිමෙන්ති සංස්ථා සභාපති ගාමිණි ඒකනායක, සිමෙන්ති සමාගමෙන් මේ වන විට මෙම භූමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
වන විනාශය සිදුව තිබු ස්ථානයට පැමිණි ඇමතිවරයා පවසා සිටියේ එම ස්ථානය වන ජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත්, එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200 කට ආසන්න භුමියේ කොටසක් බවත්ය. එම භූමිය පිළිබඳව සිමෙන්ති සංස්ථාව සොයාබලා නැති බවත්, ඒ හේතුවෙන් මෙසේ විනාශ වී ඇති බවත් කී ඇමැතිවරයා කීය.
 
මෙම විනාශය සුලු සිදුවීමක් බවට ඉහළ පොලිස් නිලධාරීන් විසින් ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවද, සුලු වුවත් විශාල වුවත් එය බරපතල කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය.
 
එම ස්ථානයේ අක්කර 100ක්, 200ක් විනාශ වී ඇතැයි වාර්තා වී තිබුණද, විනාශ වී ඇත්තේ අක්කර 29ක් බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේය. එම භූමිය ආරක්ෂා කිරීමටත්, එය හරිත වනයක් ලෙස සකස් කිරීම මාසයක් ඇතුළත ආරම්භ කළ යුතු බවත්, අමාත්‍යවරයා සිමෙන්ති සංස්ථාවට උපදෙස් දුන්නේය.



අදහස් (22)

වනාතවිල්ලුවේ වැනසූ භූමිය යළි තිබූ ලෙස ම සකසන්න ඇමැතිගෙන් උපදෙස්

Bamunuarachchi Monday, 14 September 2020 12:07 PM

එතකොට අවුරුදු සිය ගණනක් පැරැණි ගස්... කෝ ඒ ගස් ... ? ඒවාට ලාභ අයකර ගන්නවද? අඩු තක්සේරුවක් දමන්න උත්සාහ කරාවි...

:       9       606

RaveendraTuesday, 15 September 2020 05:32 AM

ඇත්තෙන්ම ලෝකයේ මෙතෙක් කිසිදු විනාශවූ දෙයක් එලෙසම සැකසීමට නොහැකි බව තේරුම් ගැනුමටවත් බුද්ධියක් "ඇමති ලෙස සිටින මහජන නියෝජිතයාට නොතේරීම කනගාටුවකි"..

:       0       58

BamunuarachchiTuesday, 15 September 2020 06:32 AM

ඒ නියෝජනය උඩින් පාත් වුණේ නැහැ. දේශපාලුවන් වර්ණනා කරන බුද්ධිමත් මහජනයා ඒ නියෝජිතයාව පත්කළේ... මිනීමරුවන් පාර්ලිමේන්තුවට එවන රටේ ඔය ඇමැතිලා එන එක පුදුමයක්ද?

:       0       14

siri Monday, 14 September 2020 12:22 PM

කඩාදාපු කුරුණෑගල මාලිගාව වගේ මේකෙත් බරපැන අහිංසක ජනතාව පිටද පටවන්නේ? මාර වැඩක් තමයි ලංකාවට වුණේ...

:       45       1129

සඳුන් Monday, 14 September 2020 12:24 PM

මේ විගඩම් වලට කොහෙන් හිනාවෙන්නද මන්දා? වන විනාශය කරන්නේ තමන්ගේ කෙනෙක් නොවෙනකන් ඇමතිවරයා කෙලින්...

:       62       410

abcWednesday, 16 September 2020 12:29 PM

මේ තමයි බුරුත ලී...

:       0       0

Keppetipola Monday, 14 September 2020 12:35 PM

නැවත තිබූ තත්වයට ගන්න වියදම් කරන්නේ රජයේ සල්ලිද? නැතිනම් වනය විනාශකළ දූෂිත දේශපාලකයාගේ සහෝදරයාගේ සල්ලිද?

:       3       1322

Pradeep Monday, 14 September 2020 12:35 PM

වැඩේ බොහොම හොඳයි සර්.. නමුත් ඔය වනවගා ව්‍යාපෘතියට ආණ්ඩුවේ මුදල් වැයනොකර ඔය අසමජ්ජාති වැඩේ කරපු එවුන්ගෙන්ම අයකර ගන්නවා නම් නේද හොඳ..?

:       0       1015

Mahesh Monday, 14 September 2020 01:13 PM

හරිම අපුරුයි...! කඩා බිඳලා දාන ජාතික සම්පත් අපේ වියදමින්ම හදනවා...! නියම ආදර්ශය! ගොයියෝ මේවා පුරුද්දකට නම් තියාගන්න එපා. වැරදි කාරයාව දඬුකඳේ ගහන්න. අපේ පැතුම ඒකයි...

:       1       1985

banda Monday, 14 September 2020 01:17 PM

අවුරුදු 100 ගාණක් පරණ පලු, වීර, බුරුත, කළුවර ගස්වලට මාසෙන් පණ දෙන්නේ කොහොමද මහත්තයෝ..?

:       3       1835

oxigenMonday, 14 September 2020 05:14 PM

කවුරුවත් අපතේ ගියේ නැහැ. ඔක්කොම ලී මෝලේ තිබෙනවා. අඟලක් හෝ අපතේ නොයවා ඉර විකුණා මුදල් කරමි.. අපිට 2/3 දුන්නු ජනතාව ඕන දෙයක් කරගන්න. ඡන්දෙට ගිය මුදල් ටික උන්නැහේගේ ගෙදරින් දෙන්නද?

:       0       0

ferna Monday, 14 September 2020 02:54 PM

මේ කට්ටියට දහවල් කෑම ඇමැතිගේ ගෙදරද?

:       0       251

සෙනෙවිරත්න Monday, 14 September 2020 03:51 PM

කෝ මේ ලෝගෝ දාගෙන විල්පත්තු සුරැකීමට හිටපු සෙට් එක. ගෝඨා⁣ගේ මිනිස්සුු නම් අපට මොකද? නැද්ද මං අහන්නේ...?

:       1       437

janahitha Monday, 14 September 2020 05:11 PM

කවුරු කළත් මේවා ජාති ද්‍රෝහී වැඩ

:       0       118

පොල්ගහවෙල Tuesday, 15 September 2020 01:56 AM

මෙතන ආයේ හදන්න. අවුරුදු 100, 150 පරණ ගහක් හදන්න... විකාරද?

:       0       0

helaya Tuesday, 15 September 2020 02:39 AM

එතකොට විනාශකළ හා අනුබල දුන්න අය පැත්තක නීතිය කෝ...

:       0       1

helaya Tuesday, 15 September 2020 04:33 AM

ඇත්තටම අක්කර 29ක් නම් අක්කරයට වටිනා ගස් කීයක් කපලාද? වන ඝනත්වය කීයද? ගණනය කර හානිය සොයන්න. වැඩුණු ගසක් වීමට යන කාලය කොපමණද? එක ගසක් රෝපණය කිරීමට යන පිරිවැය කොපමණද? කියා ගණනය කරන්න. එම මුදල සමස්ත මහජනයාගේ අරමුදල් වලින් ගෙවනවද? නැතිනම් මෙම හානිය සිදුකළ සෘජු සහ වක්‍රව සම්බන්ධ වුණු කැලෑ පාලුවන් දරනවාද කියා පැහැදිලි කරන්න.

:       0       164

jonee batta Tuesday, 15 September 2020 05:50 AM

කැලෑ පාළුවන්ගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ.

:       0       13

Rata Perata Tuesday, 15 September 2020 06:22 AM

ඔය සද්දේ පුළුවන් නම් සිංහරාජෙටත් ගිහින් දාන්නකෝ.

:       0       0

මෝ Tuesday, 15 September 2020 06:49 AM

පුදුම ඇමතියෙක්. තිබූ විදියට වනේ හදන්න අවුරුදු 500ක් වත් යාවි. වැරැද්ද සිමෙන්ති සංස්ථාවේ. කෝ ඕක කරපු අය? ඒ අයට දඬුවම් කෝ? මේ ඇමතියා කියනවා නීති හදනවලු. පටන් ගන්න, මාසයක් ඉන්නේ කඳන් ටිකත් පටවන් යනකං වෙන්ටෑ. කුරුණෑගල, අර මොකද්ද විල්ලුවේ සහ මෙතැන සේරම කරපු අය කවුරුත් නෑ. මේ රජය පරිසර පාලුවන්ගෙන් පිරීගිය එකකි.

:       0       0

Champa Tuesday, 15 September 2020 09:43 AM

මේ ගැන තිබ්බ රැස්වීම මාධ්‍යයට තහනම් කළා. එළියට ඇවිල්ලා මොනවා කියන්න බැරිද? ඇතුලේ කතා කරපුවා කවුරුවත් දන්නේ නැහැ. කැබිනට් රැස්වීම් නම් රහස්‍යයි කියන්න පුළුවන්. නමුත් මහජන විරෝධය සහ රටේම අවධානය තියෙන මේ වගේ සංවේදී ප්‍රශ්ණයක් මාධ්‍යවලට වැහැව්වේ මොකද? අනික අක්කර 29ක වන විනාශයක් සුළු විනාශයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අක්කර 5000 න් 29ක් කැපුවට මොකද කියනවා වගේ වැඩක්. මෙතන තියෙන බරපතලකම මේ විනාශය නැවත යථා තත්වයට පත් කරන්න බැරි විනාශයක් වීම. රජයේ හෝ සංස්ථා හෝ පෞද්ගලික ඉඩමක වුණත් වනය විනාශ කරන්න බැහැ. වනයක අගය නොවැටහෙන අරුම. රජයේ ඉඩම් බෙදල දෙනවා කීවට පස්සේ ඉඩමට කෙල හලන ජාවාරම්කරුවන්ගේ වැඩක් මේක. වනය තිබ්බොත් ඉඩම ගන්න බැහැ, ඒ හින්දා ගස් ටික කපලා ගිනි තිබ්බා. කපාපු දැව කඳන් වල අයිතිය කාටද? ඒවා දෙන්න ඕනේ දැව සංස්ථාවට..

:       0       0

Lanka Wednesday, 16 September 2020 03:29 AM

මෙවැනි ඇමතිවරුන් පත්කරගැනීමට 2/3 දුන්නා, 20 සම්මතකර රටම විකුණා නැවතත් ලංකාවක් හදමු.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 952 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2102 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 284 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 152 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 855 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26652 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1861 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site