IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වන්දි ගෙවා පෝරකෙන් බේරෙති

එස් මසූදා නම් ශ්‍රී ලාංකික සේවිකාවක මරා දැමීයැයි කුවේට් රාජ්‍යයේදී මරණ දඩුවමට නියම වී පෝරකයට යන්නට ඔන්න මෙන්න කියා තිබියදී මරණකාරියගේ යැපෙන්නවුනට වන්දි ගෙවා පෝරකයෙන් නිදහස් වූ බව කුවේට් ආරංචි කියයි.

මරණදඩුවම පැනවීමට දෙදිනකට පෙර මෙසේ නිදහස ලැබූවේ චෙන්නායි නුවර සුරේෂ් ෂන්මුගසුන්දරම් හා චෙල්ලප්පන් කාලිදාස් යන දෙදෙනායි. ඔවුන් සමග ශ්‍රී ලාංකික කතක වන ප්‍රමිලා රෙකී මිනීමැරුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියාය.  ඉන්දීය තානාපති කාර්යාලය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් චෙන්නායි දෙදෙනාට මේ නිදහස ලැබිණි.

චෙල්ලප්පන් රුපියල් හය ලක්ෂයක් මරණකාරියගේ පවුලේ සමීප සාමාජිකයනට ගෙවා ඇත.

සුරේෂ් කොපමණ මුදලක් ගෙව්වේදැයි දැනගැනීමට නැත.

කුවේට් මධ්‍යම සිර ගෙදර  සිටින මේ දෙදෙනාට අඩු දඩුවමක් ඉල්ලා ඉන්දියා තානාපති කාර්යාලයය කරුණු දක්වා ඇත.

 

 



අදහස් (0)

වන්දි ගෙවා පෝරකෙන් බේරෙති

ඇසල Wednesday, 26 June 2013 07:03 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි මොනවා කරන්නද? (අ)

:       0       0

අසංග Thursday, 27 June 2013 11:27 AM

අපේ තානාපති කාර්යාල වලටත් මේවා හොඳ උදාහරණ මක්නිසාද අපේ තානාපති කාර්යාල මේ වගේ ඉදිරිපත් නොවන නිසා.(අ)

:       0       0

අෂේන් Thursday, 27 June 2013 07:24 AM

එහෙනම් ඇයි අර කෙල්ලගේ බෙල්ල කපලා මැරුවේ නැත්තේ.(නදී)

:       0       0

අසංග Thursday, 27 June 2013 11:31 AM

මොමෙඩ් ඔබලාම තමයි ඇලජික් කරගත්තේ. තව කුණුගොඩවල් අව්ස්සන්න එපා.(අ)

:       0       0

කමලා Wednesday, 26 June 2013 07:34 PM

ඇයි අපි සල්ලි දීලා රිසානව බේර ගත්තේ නැත්තේ. (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 26 June 2013 07:35 PM

දම්මික / සල්ලි තියනවා නම් කියලා බේරෙන්න බැහැ. ඒ අයට සමාව දිය යුතුයි. (නි)

:       0       0

මොහමඩ්-සෞදි Wednesday, 26 June 2013 07:53 PM

මේ වගේ දෙයක් කරලා රිසානා නෆීක්ව බේරගන්න අපේ ආණ්ඩුවට බැරි උනා (අ)

:       0       0

ෂාන් Wednesday, 26 June 2013 08:02 PM

සජිත්ට ඔල්මාදේද?(නදී)

:       0       0

රිෂාර්ඩ් සදිකීන් Wednesday, 26 June 2013 08:28 PM

සඳරුවන් සහ දම්මික පෙරේරා වෙත... ස්වභාව ධර්මය කියල මොනවා කරන්නද ? මොකද අගතියට පත්වූවන්ට ගෙව්වට පස්සේ. අනික ඒ රටවල නීතිය අනුව අගතියට පත්වූවන්ට තමයි වැඩි වාසි. මොකද ? සල්ලි එපා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා දැඩි මතයක හිටියොත් සොරිම තමයි. ඒත් මරන්න කලින් හුගාක් වෙලාවට අවස්ථාවක් ලැබෙනවා සමාව දෙන්න. මරන්න ආසන්නයේ දී පවා අගතියට පත් වුවන්ට මුහුණ පෙන්නලා තමයි වැඩේ පටන්ගන්නේ. මොකද ඒ අවස්ථාවේදීවත් හිත වෙනස්වෙයිද බලන්න ?අනික ශාක්ෂි තියෙනවා නම් කල් අදින්නෙත් නැහැ නඩු කිය කියා (නි)

:       0       0

රැහුණු Thursday, 27 June 2013 12:05 PM

සමාව දෙන්න ඕනනම් සල්ලි නොගෙන සමාව දෙන්න තිබුන.(අ)

:       0       0

රිල්වාන් Wednesday, 26 June 2013 08:37 PM

මේ සල්ලි ලබාදෙන්නේ විපතට පත්වූවන්ට, රජයට නොවී.(අ)

:       0       0

මොහොමඩ් - බේරුවල. Thursday, 27 June 2013 08:28 AM

මුස්ලිම් ඇලජික් අයට නම් මෙය හොද පුවතක් නොවේ. මුදල් දීල සමාව ගත්තත් වැරදියි. සමාවක් නැති නිසා දඩුවම් කළත් වැරදියි. සමාව දෙන මනසක් ඇත්තේ යහපත් අය ලග පමණි. එනිසයි සමාව දෙන්නා හා සමාව ලබන්නා වාසනාවන්තයින් කියන්නේ. සමාව දීම තරම් උතුම් දෙයක් ලොවෙහි තවත් නැත. එය සෑම දහමකම ප්‍රධාන අංගයක් ද වේ. (නි)

:       0       0

රුහුණු Wednesday, 26 June 2013 08:43 PM

මේ පවුලේ සාමාජිකයන්ට මේ සල්ලිවලින් කරන කියන දේවල්වලින් වගතුවක් වේවිද? මේ අය අම්ම අප්පත් විකුනාවී සල්ලි වලට. (අ)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 26 June 2013 09:55 PM

රුහුණු -ඒ කියන්නේ බෙල්ලට බෙල්ලක් ගන්න කියල නේද ? ඔයා හරි හැබැයි පවුලේ සාමාජිකයන් ඒකට එකඟ වෙලානේ. ඉතින් අනිත් කට්ටියට මොකද ප්‍රශ්නේ ?(නදී)

:       0       0

සදුනි Wednesday, 26 June 2013 09:56 PM

අනේ මෙහෙමත් පවුලේ සාමාජිකයෝ. කෝ මැරුණ කෙනාට සාධාරණය.(නදී)

:       0       0

ප්‍රියා Wednesday, 26 June 2013 10:44 PM

මේ වගේ දේවල් කොච්චර උනත් ගෑනු රට නොයා ඉන්නේ නහැ. ඉන්දියා ආන්ඩුව එයාලගේ අය ගැන සොයා බලනවා. ලංකාවේ කීවොත් අපි දිහා බලන්නේ කුණු මාලු දිහා බලනවා වගේ. ඒ තරම් ලංකාවේ බාල්දු වෙලා. තමන්ගේ අම්මයි සහෝදරියවයි අරාබි කාරයින්ට දීලා මොනවටද විදේශ විනිමය.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 26 June 2013 10:51 PM

ලංකාවත්,ඉන්දියාවත් අතරේ නිසා ඔහොම බේරුනාට කුවට් එක්කෙනෙක් මරුවානම් රිෂානට උන දේම තමා.(නදී)

:       0       0

හුසේන්-රියාද් Wednesday, 26 June 2013 10:55 PM

දම්මික, අගතියට පත්වෙන අය ගැන හිතලයි ඔය වගේ නීතීන් තියෙන්නේ. ඒ අයට කැමති නම් විතරක් වෙච්ච පාඩුවට සෑහෙන මුදලක් අරගෙන මිනීමරුවාට සමාව දීල නිදහස් කරන්න කියන්න පුළුවන්. අකමැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ තියන්නත් අගතිය පත් අයට අයිතිය තියෙනවා. ඒ ක්‍රමේ, සුද වහල කළු ඇඳන් දිවා රෑ නොබලා නීති පොත් අවුස්සලා, කටේ කෙල ලේ රහවෙනතුරු බොරු කියල උසාවියෙන් මිනීමරු චූදිතයින් සල්ලි නිසාම බේරාගන්නා ක්‍රමේට වඩා නරකද දම්මික ? (නදී)

:       0       0

සඳරුවන් Wednesday, 26 June 2013 04:43 PM

නීතියෙන් බේරුනත් සොබා ධර්මයේ නියමයෙන් බේරෙන්න බැහැ. (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 26 June 2013 04:44 PM

ලංකාවේ නීතියේ තියෙන්නේ අහිංසකයාට විතර නේ. (නි)

:       0       0

දිල්ශාන් Thursday, 27 June 2013 10:12 AM

මනුස්සයෙක් මැරෙනවට වඩා සල්ලි දීලා හරි බේරෙන එක නම් ලොකු දෙයක් (දී)

:       0       0

සජිත් Wednesday, 26 June 2013 05:08 PM

ලංකාවෙත් මේ වගේ නීතියක් ආවොත් හොඳයි. එතකොට ලංකාවේ පවුල් අසරණ වෙන්නේ නැහැ. ඒ වගේම මේවගේ අපරාධත් වෙන්නේ නැහැ. අනේ ජනාධිපතිතුමනි, මේ ගැන ටිකක් අවදානය යොමුකරන්න (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 26 June 2013 05:13 PM

සල්ලි තියේ නම් පෝරකේනුත් බේරෙන්න පුළුවන් රටවල් (නි)

:       0       0

සමන් Thursday, 27 June 2013 01:05 AM

අගතියට පත් පාර්ශවයට වන්දි දිලා බෙරෙන්න. පුදුම නීතී නෙ.(නදී)

:       0       0

යසීර් Wednesday, 26 June 2013 05:37 PM

ලංකාවේ නම් සල්ලි නැතුවත් පෝරකෙන් බේරෙන්න පුළුවන් (නි)

:       0       0

ෂපීක් Thursday, 27 June 2013 10:47 AM

සමාව දීම දේව ගුණයකි. වරදකරුට මරණිය දණ්ඩනය දුන්නේ නම් අගතියට පත් පාර්වෂයට කිසිත් නැත. අගතියට පත් පාර්ශවය සමාව දීමට කැමතිනම් වරද කරුට වන්දියක් ගෙවීමට හැක, පසුව ඔවුන්ව රටින් පිටුවහල් කෙරේ.(නදී)

:       0       0

උපාලි Thursday, 27 June 2013 02:47 AM

සජිත් කියන අදහස ඉතාම වැදගත්. මිනීමරුවන්ගෙන් අසරණ වූ පවුලට වන්දි ගෙවීමේ ක්‍රමයක් තිබීම දෙපැත්තටම හොඳයි. එක පැත්තකින් මියගිය කෙනාගේ දරුපවුලට කිසියම් සහනයක් ලැබෙනවා. අනික් අතට මිනීමරුවා දෙපාරක් හිතන්න පෙළඹෙනවා. මිනීමැරුම් අඩුවීමට කිසියම් පිටුවහලක් ලැබෙයි ඒකෙන්. දැන් එල්ලුම් ගහත් දිරායන එකේ මේක හොඳ වැඩක්. (නදී)

:       0       0

බමුණූආරච්චි Wednesday, 26 June 2013 05:58 PM

රුපියල් හය ලක්ෂයක් මුදලක්ද. කවුද මේ මුදල නියම කෙරුවේ? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 03:32 AM

එතකොට අර ෂරියා කියන්නේ මොකක්ද අනේ ? ඇසට ඇසක් අතට අතක් නේද ?(නදී)

:       0       0

රොෂාන් Wednesday, 26 June 2013 06:03 PM

ඇයි සජිත්, ශරියා නීතිය ලංකාවට ගෙනෙන්නද ඔයාට ඕනෑ (නි)

:       0       0

නීරෝ Wednesday, 26 June 2013 06:04 PM

එහෙම නීතියක් ලංකාවට ආවොතින් නම්,මම මට එපාකරපු හැම කෙනාවම පෙති ගහලා වන්දි ගෙවලා නිදහස් වෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 June 2013 06:09 PM

සල්ලි දෙයියන්ගේ මල්ලී (නි)

:       0       0

ඉස්හාක් Wednesday, 26 June 2013 06:14 PM

මිස්ටේර් ධම්මික එම අපරාදකරුවන් බේරිලා තියෙන්නේ අගතියට පත් පාර්ශවයට වන්දි ගෙවල ඔවුන්ගේ කැමැත්තට මිසක් කුවෛට් රජයට මුදල් දීල නොව ලක්ෂ 6ක් කියන්නේ කුවෛට් රටේ රුපියල් 60ක් වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 249 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 247 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 97 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1365 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1624 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site