වන්නියේ ප්‍රදේශීය නායකයකු වූ කුලසේකරම් වෛරමුත්තු බණ්ඩාර වන්නියම්ගේ පිළිරුවක් යාපනයේ දී උතුරු පළාත් සභා විපක්ෂ නායක පී තවරාජා මහතා විසින් විවෘත කැරිණි.
බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුණු ඔහු උතුරු වැසියෝ දේවත්වයෙන් සලකති.
වන්නියේ ප්‍රදේශීය නායකයකු වූ කුලසේකරම් වෛරමුත්තු බණ්ඩාර වන්නියම්ගේ පිළිරුවක් යාපනයේ දී උතුරු පළාත් සභා විපක්ෂ නායක පී තවරාජා මහතා විසින් විවෘත කැරිණි.
බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුණු ඔහු උතුරු වැසියෝ දේවත්වයෙන් සලකති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ගැන තවත් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? (නි)
ගොඩක් අය දන්නැති වුණාට මොහු ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක්. 1982 වසරේ එකල අග්‍රාමාත්‍ය නිල වශයෙන් එය දැන්වුවා.
1982 වසරේ අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා විසින් පණ්ඩාර වන්නියන් ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශයට පත් කලා.(නදී)
ත්‍රස්තවාදීන්ගේ පිලිරු හදන්න ඔවුන්ට ගරු කරන රැස්වීම තියන්න හදන දෙමල මන්ත්‍රීවරු ඉන්න මේ කලේ මේ මන්ත්‍රී තුමා කලේ ඉතා වටින වැඩක් . (නදී)
හොඳ වැඩක් (දී)
හොද වැඩක් (දී)
අගයනවා (දී)
නලීන් යහම්පත් ඔබ හරි ! ඔහු රටට ආදරය කල ශ්‍රී ලාංකිකයෙක් !(දිල්)
මේ ගැන අනිවාර්යෙන්ම සොයාබලන්න ඕනෑ (නි)
කල ගුණ සැලකීමක් (දී)
හොඳ වැඩක්. දමිළ වීරයන් ගැන අපේ පෙළපොත් වල සඳහන් වෙන්න ඕනෑ. ඒ අයත් අපේමයි. (නි)
කොරහෙත් කිඹුල්ලු දකින්න ඕනෑ කාලයක් මේක....! (නි)
දිගට හරහට මේ ගොල්ල පිලිරු හදලා විවෘත කරනවා. මේ වගේ කෙනෙක් ගැන අපි කවුරුවත් අහල තිබුනෙවත් නැහැනේ (නදී)
මම දැනගෙන හිටියෙත් නැහැ මෙහෙම දෙයක්. තවත් කොච්චර දිවි පිදූ, නොපිදූ, පුටු රත් කර කර නොයිද වැඩක් කළ කී දෙනෙක් නම් ඇද්ද? (නි)
බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුනා කියන්නේ ලංකාවට ආදරය කළ කෙනෙක්. එකල බොහෝ දෙනෙක් සුද්දාට රට පාවාදුන්නේ නමක් සහ නම්බු නාම ගන්නයි.මොහු එසේ නොකළ ලක්වැසියෙක් (නි)
මෙය ජනප්‍රවාදයක සඳහන් දෙයක්ද? මම නොදන්නා නිසයි අහන්නේ (නි)
මෙි වීරයා ගැන සවිස්තරාත්මක ලිපියක් පළකරන්න. (නි)
වවුනියා නගරයේත් එයාගේ පැරණි පිළිමයක් තිබෙනවා නේද? (නි)
අපේ ඉතිහාසය මම කවදාවත් එහෙම කෙනෙක් ගැන අහල නැහැ.(අ)
පිටබැද්දර ,අපේ රටට නිදහස ගන්න සටන්කළේ සිංහලයින් විතරක් නොවෙයි. එතන දෙමල , මුස්ලිම් හා සමඟ ඉංග්‍රීසි ජාතිකයොත් හිටියා. අපේ අයට තිබෙන ලොකුම ලෙඩේ තමයි හැමදේම ඉක්මනින් අමතක කරන එක. (නි)
ඔහේ පලයන් මම හිතුවේ මෙයාල සටන් කලේ අපිට විරුද්දව විතරයි කියලනේ ? දැන් බැලුවම සුද්දට එරෙහිවත් සටන් කරලා . (අ)
ආ එහෙනම් කතෝලික සභාවත් එක්වෙලා තියෙන්නේ. (අ)
මොකක්ද අනේ ඒ නම. (අ)
ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව සටන් කළ වීරයෙකි. 1803 අගෝස්තු මස 25 දින ඔහු මුලතිවු කඳවුරට පහර දී බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කළේය. පාවාදීම් නිසා ඔහු එම වසරේ ඔක්තෝම්බර් මාසයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඝාතනය කරනු ලැබු බව සඳහන්. නමුත් අපේ රටේ පාසල් ඉතිහාස පොත්වල ඔහු ගැන සඳහන් වෙලා නැහැ. ගොඩක් අය මොහු ගැන දන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. (නි)
ඉතිහාසය අලුතින් ලියන්න පටන් අරන් වගේ(දිල්)
එදා උතුරු වන්නියේ අධිපතියෝ කවුද කියලා දැන් පැහැදිලි වෙනවා (නි)
අගය කළ යුතු වැඩක් ලෙසයි මම නම් දකින්නේ (නි)
වටිනා වැඩක් (දී)
ඔවුන් එකම අරමුණක් වෙනුවෙන් සටන් කළ කට්ටිය (නි)
අපි ඉතිහාසය ගැන නොදත් මේ වගේ වැදගත් කරුණු දැනගන්න කැමතියි. පුලුවන් නම් මේ යටගියාව ගැන විස්තරයක් පළකරන්න දැනගැනීම පිණිස. (නි)
ඉතා හොදයි එතුමා සැබවින්ම විරුවෙක්. (දී)