IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වන්නිලැත්තෝ - පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට

 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 
 
මහියංගනය  රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ  ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත්   අක්කර 5000 අධික  ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු  වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම් වලට ලබා දීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ ඇතුළු තිදෙනෙකු  විසින්  අභියාචනාධිකරණයට  හමුවේ රිට් පෙත්සම් ගොනු කර ඇත.
 
ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ සමඟ පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර විතාන මහතා මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.
 
මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්  පී.බී.හේමන්ත ජයසිංහ,  මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ.සුනිල් එස් පෙරේරා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වනජීවී  දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
 
නීතිඥ  නිල්මල් වික්‍රමසිංහ මහත්මිය මගින් මෙම පෙත්සම ගොනු කර ඇත.
 
මෙලෙස  නීතිවිරෝධී ලෙස වනාන්තර  එළි පෙහෙළි කිරීමට  එරෙහිව වෘක්ෂ සහ තුරුලතා  ආඥා පනත යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට  නියෝග කරන රිට්  ආඥාවක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
 
මෙරට ආදී වාසී ජනතාව සිය ජීවිකාව  සපයා ගැනීම සදහා පොල්බැද්ද රඹකැන් ඔය ආශ්‍රිතව ඇති වනාන්තරය භාවිතා කරන බවත් ,  එම වනාන්තර ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරිය ට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම් වලට ලබා දීමට කටයුතු කරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් කියා සිටිති. 
 
 නීතීවීරෝධී ලෙස , මහා පරිමාණයෙන්  වනාන්තරය එළි පෙහෙළි කර මෙලෙස  ලබා දීම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවද  පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.



අදහස් (2)

වන්නිලැත්තෝ - පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට

Thilanka Siriwardana Monday, 08 February 2021 11:08 AM

ඔබට යුක්තිය ඉටුවන්නට පතමි...

:       1       8

විජිත් Monday, 08 February 2021 12:01 PM

රටට, මහා පොළවට සතාසිවුපාවාට, ඇල දොළ, ගංගාවන්ට, හමන සුළඟට ... පොදුවේ මුළු මහත් පරිසරයටම ආදරේ කරන උතුම් මිනිසුනේ ඔබලාට ජයම අත්වේවා...!!! කාලකන්නි දේශපාලුවන්ගෙන්, ගස්, පස්, වැලි කපන්නන්ගෙන්, සතුන්ට ගිනි බිඳින නොමිනිසුන්ගෙන්... පොදුවේ පරිසරය විනාශ කරන නොමිනිසුන්ගෙන්, සතුන්ට අයත් කැලය කපා බලෙන් අයිතිකරගෙන අවසානයේදී සතුන් අතින්ම පහරකන මෝඩ මිනිසුන්ගෙන්, මේ රට නිදහස් කරගැනීමට නුඹලාට දිරිය ශක්තිය ලැබේවා...

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 178 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 301 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 614 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 590 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 685 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 561 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site