මිට දෙවසරකට පෙර නියං සහනාධාර වැඩට ගොස් ගසකින් වැටි සුසුම්නාව බිදී එක්තැන් වී සිටින දේවහුව නාරන් ගස්වැව පදිංචි ආර් .එම් .නිශාන්ත රණසිංහ (27 ) තරුණයා නිසියාකාර ප්‍රතිකාර නැතිව ඉනෙන් පහළ කොටසක් කුණු වී දැඩි අසරණ තත්වයෙන් සිටි
පියා අහිමි මෙම තරුණයාට පිහිටට හිටියේ මව පමණි .තම දරුවාට ප්‍රතිකාර කර ගැනීමට ඇති අගහිග කම් පිලිබඳවත් තුවාල සුව නොවීම පිලිබඳවත් කල්පනා කර දැන් ඇය දැඩි ලෙස අසනීප වී සිටින්නීය.
එම් .ආර් .යු .ආරියවතී (52) මාතාව අයට හැකි පරිදි පුතාගේ පණුවන් පවා සිටින තුවාල වලට බෙහෙත් දමන්නිය ,ගමේ අහළ පහළ අයගේ සහයෝගයද ලැබෙන බව අය කීවාය .
දින ගණන් තේ වතුර වලින් පමණක් මේ අය ජීවිතය ගැටගසා ගනී .මෙම මවට තව පුතෙක් සිටි න බවත් ඔහු කලාතුරකින් නිවසට පැමිණ පිටව යන බව නිශාන්ත කියයි .තමා මේ ඇද මත කුණු වී මැරෙන්නට නොදී තුවාල සුව කර රෝද පුටුවෙන් යන්නට හැකිවන පරිදි සුව කර දෙන්නැයි ඉල්ලා සිටි .නිශාන්ත ගේ දුරකථන අංකය 072-6859910 .ලිපිනය නාරංගස්වැව ,දේවහුව
ප්‍රදේශවාසීන් එක්ව ගලේවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළු කැර ඇත. ගලේවෙල ලංකා බැංකුවේ කළමණාකරු ඒ ඩී හුලංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලය ද එක්ව.එම් .නිශාන්ත රණසිංහ නමින් විවෘත කැර ඇති ගිණුමට ආධාර කළ හැකිය.
ලංකා බැංකුව ගලේවෙල - 76290102
swift code - BCEYLKLX
branch code -432



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු විඳින දුක?කාට කියන්නද මේවා? (නි)
අනේ පුලුවන් කෙනෙක් පිහිටවෙන්න. ඒ අම්මා පවු! (නි)
සංජය ඉන්නේ නියගය තියෙන පැත්තේ නම් වතුර වලින් කිසි අඩුවක් නැතුව ඇති (නදී)
රූපා අක්කාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. අක්කට ගොඩක් පින් (නදී)
සංජය සංජය ශ්‍රී ලංකික අභිමානය ,සංජය ඔයා ගිණුම අරින්න ,අපි සල්ලි දමන්නම් ,ඔය ටිකක් තියාගෙන ඉතුරු ටික ගිහින් දෙන්න හොදේ (දී)
සේරම කයිය ගහනවා මිසක් මුදලක් එකතු කරන්න කිසිම අදහසක් නැහැ. සේනක මහත්තයා කියන පරිදි කරනවා නම් අපිටත් පුළු පුළුවන් අයුරින් උදව් කරන්නම්. කරුණාකර බැංකු ගිණුමක් පටන් අරගන පුවත් පතේ පල කරන්න. හැකි පමණින් උදව් කරන්නම් (නදී)
සංජයට පිටරට වල ඉන්න මිනිස්සුත් එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ (නදී)
මිනිහෙක් කොච්චර අසරණ වෙනවද කියලා තේරෙන්නේ මේ වගේ ලෙඩක් දුකක් වෙලා එකතැන් වුන දවසට.මේ තරුණයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.අනේ සන්ජය වගේ මිනිස්සුත් ඉන්නවානේ මේ වගේ තැනකත් තමුන්ගේ කුහක අදහස් එළියට දාන (දී)
සංජය පව් පුරවා ගන්න ලැහැස්ති වෙන්න එපා. පුලුවන් විදියට අපි මේ මිනිස්සුන්ට උදව් කරමු (නදී)
අනේ, පුළුවන් විදියකට රුපියල්100කින්200කින් හෝ උදව්වක් කරන්න (නි)
සමහරු නොදන්නවාට පිටරට ඉන්න ලාංකිකයන් අප්‍රසිද්ධියේ මෙවැනි අයට උදව් කරනවා. මම දන්නා පවුලක් ඉන්නවා අවුරුද්දට වතාවක් ලංකාවට ඇවිල්ලා දුෂ්කර පාසල් වල ළමයින්ට සහ ඈත පළාත් වල පොහොසත් දායකයන් නැති පන්සල් සොයා ගොස් උදවු කරනවා. (නි)
මොකද මේ හැමෝම තවමත් බැංකු ගිණුම් ගැන කියවන්නේ? (නි)
දැන් සමහරුන්ට ඇති එකම ගැටළුව "පිටරට" වීමයි (නි)
පුළුවන් විදිහට උදව් කරන්න. මමත් උදව්වක් කරනවා. (නි)
ඔන්න දැන් බැංකු ගිණුමක් අරඹා තිබෙනවා (නි)
තමන්ට මේ වගේ දෙයක් වුණා නම් කොච්චර අසරණ වෙනවද ? ඒ ගැනවත් හිතලා අපි ඔක්කොම එකතුවෙලා උදවු කරමු (නි)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
වෙන කාටවත් බැණ බැණ ඉන්නේ නැතුව අපි අපිට පුලුවන් විදියට මේ තරුණයාට උදවු කරමු (නි)
මේ ලිපියේ පහළ බැංකු ගිණුම් අංකය සඳහන් වෙලා තියනවා. වැඩි විවාද කරන්නේ නැතුව මේ අසරණ තරුණයට අපට පුළුවන් හැටියට උදව් කරමු (නි)
සංජයට මොකද්ද හීනමානයක් තිබෙනවා වගේ. දැන් මෙතන නැද්ද ලංකාවේ උදවියත් අසවල් ගමේ අසවලා නමින් ලියන. පිටරට ඉන්න කෙනා එයාට ඕන විදියට ලියපුදෙන්. අපිට මොකද ? (නදී)
අපි කවුරුත් පුළුවන් හැටියකින් උදව් කරමු.(දිල්)
ඇයි ලංකාවෙ ඉන්න 'කීබොර්ඩ් දානපතියන්ට' මේක අදාල නැද්ද? (නදී)
අයි මේ මනිසුන්ට රජයේ රෝහලකින් මේ තුවාලයට බෙහෙත් දමල සුව කර ගන්න බැරිද විෂ බීජ නාශක මොකුත් ගන්නේ නැතිව අතට මේස් එකක් වත් නැතිව ඒ අම්ම මොනවද ඒ තුවාලෙට දමනවා. අනික කව්රු හරි ලගට සල්ලි කුට්ටියක් ගෙනවිත් දෙනකම් නොසිට තම ස්වෝත්සාහයෙන් නැගිටින්න කියන එකයි මමනම් කියන්නේ. කුස ගින්නට කෑම වේලක් ගන්න යම් මුදලක් අපිට යවන්න පුළුවනි එ්ත් මේ මිනිසුන් මේ තරුණ ළමයෙකුව මේ විදියට මැරෙන්න දීල බලන් ඉන්න එක ගැන මට නම් මුදලක් යවල සෑහීමකට පත් වෙන්න පුළුවන් සිතිවිල්ලක් නෙවේ ..? වග කිව යුත්තෙකුට හැකිනම් ඒ රෝගියාව තුවාලය සුව කරගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සලස්වල දෙනවා නම් ජාති ජාතිත් පින් නිවන් දැක්ක සේමයි...!! දුර රටක සිට අපිට ඒ දෙය කිරීමට අමාරුයි...? (නදී)
සංජයට පේන්නේ පිටරට ඉන්න අය විතරද ? (නදී)
මම එහෙම දැම්මේ අැයි දන්නවද? ගිය සතියේ අර ළමයෙක් ව අරන් ගිහින් පොලිසියෙන් හොයා ගත්ත නේ. ඕකේ කොම්මේන්ටුවක් දාල තිබ්බා "පිට රට ඉන්න මට හරි සතුටුයි ඒ ළමය හම්බුන එක ගැන " ඉතින් මම එයාගෙන් ඇහුව "පිට රට ඉන්නව කියල කියන්නම ඕනෙද කියලා. මොකද කියන්න තිබ්බ ළමය හම්බුනා එක ගැන සතුටුයි කියල නේද?" ඕකට කට්ටිය වලිගෙ පාගාගෙන කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අහනවා මගෙන් පිට රට ඉන්න අයටත් සතුට කියන එක වැරද්දක් ද කියලෙ? ඕකට කියන්නේ බොරු පම්පෝරි සහ නයා යැවීම කියලා. එ්කයි මම උපහාසාත්මකව කොමෙන්ටු පල කරන්නේ . එහෙනම් කියන්න පුළුවන් නේ "මට මගේ පැජෙරෝ එකෙන් ගිහින් මේ තරුණයට උදවු කරන්න කැමති යි" කියලත් හා හා හා (නදී)
ලංකාදීපය මේ පුවත පලකිරීමෙන් ලොකු පින්කමක් කරගත්තේ මේ පෝය දවසේ (නදී)
ඔන්න කරගන්නවා නම් පින් අතේ වැඩ. හැබැයි කලාට කමක් නැහැ නමට එක දාගන්න කැමරාවට මුණ දෙන එක නෙමෙයි පින හොදේ. (නදී)
රූපවතිගේ කතාව හරි. කවුරු හරි තේරුම් තියන කෙනෙක් මෙයාව රජයේ රෝහලකට ගෙනියන්නේ නැත්තේ ඇයි? රජයේ රෝහල් වලට යන්න වියදමක් යන්නේ නැහැ නේද ? කොහොම වුනත් සමහරු රජ සැප ලබද්දී මේ වගේ අසරණයින් තේ කෝප්පයෙන් දවස ගෙවන එක ගැනනම් හරිම කනගාටුයි. ගිණුමක් අරබන්න. එතකොට උදවු කල හැකියි. (නදී)
බැංකු ගිණුමක් අාරම්ඹ කලානම් අපිටත් පුළුවන් උදව් කරන්න (නදී)
ඔන්න දැන් නම් අර පිට රට ඉන්නවා කියන අයට අවස්ථාව උදවු කරන්න . ඔස්ට්‍රේලිය අරෙහෙ මෙහෙ ඉන්නවා කියන අයටත් අවස්ථාවක් (නදී)
සංජය ඔය පැහැරගත් දරුවාගේ පියාත් සඳහන් කර තිබුනා පිටරට වලින් පවා ලාංකිකයන් කතා කර දරුවා ගැන විමසු බවත් එය අගය කරන බවත්. ඉතින් ඇයි ඔබ මේ කුහක වෙලා. (නදී)
අපෝ මට මතකයි සංජය ඔයා පිටරට කතාව ඇදලා අරගෙන එතන හොඳට නාගත්ත හැටි. (නදී)
සංජය භුමි පුත්‍රයාට පුළුවන් නේද මේ අයට බැංකු ගිණුමක් ඇරලා පෙරමුණේ රාල වගේ මේ සද්කාර්ය පටන් ගන්න . ඒ මොකද " පිටරට " ඉන්න අපිට මෙහෙ ඉඳන් ලංකාවේ කෙනෙකුට බැංකු ගිණුම් අරින්න බැහැනේ. ඊට පසුව බැංකුව ශාකාව ගිණුම් අංකය සම්පුර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකුවේ ස්විෆ්ට් කෝඩ් අංකය මෙහි පල කරන්න. ඉන්පසු අපි වැඩ පටන් ගන්නම්. ස්තුතියි. (නදී)
මේ පිහිට විය යුතු අවස්තාවක්. අවුරුදු පනස් දෙකක අම්මෙක් අසනීප පුතු සමග සුව උත්සාහයෙන් නැගී හිටින්න අවස්තාවක් නොවෙයි. මෙවැනි විපතකට උදව් කරන අයගේ නම් ඡයාරූප පල කීරීමෙන් ඔවුන්ගේ මානව දයාව ලෝකයා දැනගැනීම,ඔවුන්ට තව තවත් ලැබී දීර්ඝායුෂ පැතීම සාන්තියක්මය (නදී)
අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව සංජය වැදගත් විදිහට අදහස් දැම්මා නම් හොඳයි නේද? (නි)
දේශපාලකයෙකුට උදව් කරන්න ගිහිල්ල මෙවැනි දෙයක් වුනා නම් සිංගප්පුරුවට අරීවී සනීප කරන්න (නදී)
බැංකු ගිණුම විවෘත කළ විගස කරුණාකර විස්තර පළකරන්න. මේ වගේ වෙලාවක පිටරට ඉන්න අයට ඇද කර කර මේ පුද්ගලයාට ලැබෙන්න තිබෙන ආධාර ටිකත් නැතිකරන්න එපා. අපිට මොකද පිටරට නෙමෙයි, අභ්‍යාවකාශයේ ඉඳලා මේ පින් අතේ වැඩේට සම්මාදම් වුණත්? (නි)
මැති ඇමතිවරුන්ගේ දවසේ වියදමෙන් අසරණ දුප්පත් පවුල් 2 ක් 3 ක් මාසයක් නඩත්තු කරන්න පුළුවන් රටක් මේක. 、ඔය රජවරු、කුමාරවරු පත්තර බලන්නේ නැතුව වගේ මේවා පෙනෙන්නේ නැත්තේ. (නදී)