IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ

ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු  අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.

වද වී ගෙන යන නිශාචර සත්වයකු ලෙස රතු දත්ත ලැයිස්තුවට  නම ඇතුළත් උණ හපුළුවන්ගේ රතු උණහපුළුවා සහ අළු උණ හපුළුවා වශයෙන් හඳුන්වන උණ හපුළු විශේෂ දෙකට අයත් උප විශේෂ හතරක් ශ්‍රී ලංකාවේ සිටී. වියළි කලාපයේ හා නකල්ස් කලාපයේ අළු උණහපුළු විශේෂ දෙකක් හා තෙත් කලාපයේ හා කඳුකරයේ රතු උණ හපුළු උප විශේෂ දෙකක් දක්නට සිටිති. ඉන්දියාවේ ද අළු උණ හපුළු විශේෂය ඇතත් අනුරාධපුරයේ දැකිය හැකි ලෝරිස් ලයිඩකෙරියානුස් නෝඩිකස් නමැති අළු උණ හපුළු උප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.

වසර හැත්තෑවකට පසු කඳුකර උණ හපුළුවකු  හෝර්ටන් තැන්නේදී මෑතකදී  දැක ගත හැකි විය.

කැලෑ කැපීමෙන් උණ හපුළුවාගේ වාසස්ථාන නැති වීමෙන් මෙම සතාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල වී ඇත.

DSC00699 DSC00700



අදහස් (0)

වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ

තරිදු Monday, 25 August 2014 03:21 AM

තිලක් නම් ඉන්නේ කැලෑවක වගෙයි (නි)

:       0       2

ජගත් ලියනගේ Sunday, 24 August 2014 06:34 AM

හර්ෂණ රුවන් චාමර හොද වැඩක් කරලා තියෙන්නේ. අගය කළ යුතුයි.(දිල්)

:       1       0

ලුම්බිණි Sunday, 24 August 2014 07:24 AM

වැදගත් ක්‍රියාවක් කරලා තියෙන්නේ. මෙවැනි නැතිවී යන සතුන් ආරක්ෂා කර ගැනීම වනජීවී දෙපාර්තමේන්තුව කරන වටිනා සේවයක්.(දිල්)

:       0       1

ඉසුරන්දි Sunday, 24 August 2014 07:51 AM

මේ සත්තුන් වඳ වෙන්න දෙන්න එපා (දිල්)

:       0       2

කුමාරි Sunday, 24 August 2014 09:39 AM

දැන් ඉන්න කැලේ පාලුවන්ට ඕව තේරෙන් නැහැ ඉසුරන්දි. (දිල්)

:       0       0

පිටිගල Monday, 25 August 2014 05:11 AM

දැන් කාලේ වෙන දේවල් බලද්දී නම් මිනිස්සුත් වඳවීගෙන යන සත්ව කොට්ඨාශයක් වෙලා (නි)

:       0       0

රූපවති Sunday, 24 August 2014 01:13 PM

අනේ එයාව දකින කොට පැන්ඩව මතක් වුණා . ලස්සන ඇස් දෙක. අපේ රටෙත් ඉන්නවා එහෙ නම් ලස්සන වුණ හපුලුවෝ ගොඩාක් ආඩම්බර හිතුනා මට .!.මෙයාගේ අම්මයි තාත්තයි නැතිව මෙයා තනිකල එක ගැන නම් මට දුකයි, මේකෙන් එයාලව තවත් වදවෙන එකයි සිදුවෙන්නේ ..! (අ)

:       0       0

අමාලි Monday, 25 August 2014 06:53 AM

හරිම හුරතලෙක් (නි)

:       0       1

තිලක් Sunday, 24 August 2014 02:29 PM

හර්ෂණ පුතා සතා ගැන ආදරෙන් තමා ඌව අල්ලලා නිලධාරීන්ට බාර දුන්නේ. ඒත් පුතා සතුන් ඔවුන්ගේ ස්වාභාවික උපන් ප්‍රදේශයේ ඉන්න ඉඩහැර හිරිහැර නොකර සිටීම තමයි අප කල යුත්තේ. මගේ ගෙදර වත්තේ පොල් ගහකත් උනහපුලු පවුලක්ම ඉන්නවා. ගෙයි වහලේ තලගොයෙක් ඉන්නවා. වත්තේ නයෙක් ඉන්නවා. ගස්වල කුරුළු කූඩු තියෙනවා. අපි නරඹනවා විතරයි. (අ)

:       0       0

ධනුෂ්ක Sunday, 24 August 2014 04:56 PM

අහිංසක ඇස් දෙකක් තියෙන්නෙ (නි)

:       0       0

වරුණ Monday, 25 August 2014 07:41 AM

හොදයි (දී)

:       0       7

බන්දුල පෙරේරා Sunday, 24 August 2014 05:56 PM

ලංකාවට ආ චීනුන්ට එහෙම මේකාව අහුවුණා නම් ඉවරයි (නි)

:       0       0

අමිල Monday, 25 August 2014 02:04 PM

ඇත්තෙන්ම රුවන් ඔය මේ කල දේට ඔයාට ස්තුති ඔයා සැලකිලිමත් බවය නිසා අහිංසක සතකුගේ ජීවීතේ බේරුනා . මම එය අගයකොට සලකනවා .(අ)

:       0       0

හේවාවිතාරණ Monday, 25 August 2014 08:11 AM

බන්දුල පෙරේරා , මේ කතා කරන්නේ උනහපුලුවෙක් ගැන නයෙක් ගැන නොවේ (නදී)

:       0       0

පහන්දී Sunday, 24 August 2014 06:53 PM

තිලක්, ඔයාගේ වත්තේ ඉන්න ඔක්කොමත් හරි. ඒත් නයා.......? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 25 August 2014 12:22 AM

උණහපුළුවා වඳවීම වැළැක්වීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක්. ඔවුන් මිනිසුන් වසන නිවෙස් ආසන්නයේත් සමහර අවස්ථා වල කොළඹ නගරයේ පවා මෙයට දශක තුනකට පමණ කලින් ජීවත්වුණ‍ා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 August 2014 12:43 AM

අපේ වත්තෙත් නයෙක් ඉන්නවා.ඒත් උගේ දත් ගලවලා තියෙන්නේ. (නි)

:       0       0

උපාලි Monday, 25 August 2014 12:52 AM

පෙරහැරේ ගෙනියන්න පාවිච්චි කරන සතෙක් නොවුන එක මොන තරම් වාසනාවක්ද පැටියෝ? (නදී)

:       0       0

සමන්ති Monday, 25 August 2014 01:05 AM

පොලොවමත ජීවත්වන සැම සතෙකුටම ඇති අයිතිය මිනිසා විසින් උදුරාගෙන ඇත? බොහෝ කුරුළු වර්ග බිත්තර දමන්නේ ගෙවල් අසලයි. ආරක්ෂාව අපි සැලසිය යුතුයි. නමුත් අපි ඔවුන්ගේ නිදහස උදුරාගෙන නේද ? අලි පැටව්, කුරුළු පැටව් අපි හිරකරගෙන නොවේද ? පොලොව මත සතුන්ගේ සමබරතාව වෙනස් නොකළ යුතුයි. (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 440 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 456 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 754 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 572 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 741 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site