අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වු ස්ථානයේදී ප්‍රථම වතාවට අද (18) පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.
ඔවුන් තෙලවල හා මොරටුව යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝය.තෙලවල ගම්මානයේ පදිංචි ජී සි ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී මෙම ස්ථානයට පැමිණ අරන්තලාව ඡාත්‍යන්තර භික්ෂු මධ්‍යස්ථානාධිපති උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිදිවැල සෝමරතන හිමියන්ගෙන් අවසරය ලබාගෙන සිය ගම්වාසීන් රැගෙන අවුත් මෙසේ සිල් වැඩසටහන සම්පාදනය කළේය.
භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා වතුර ටැංකියක් හා අධාරකයක්ද ඔවුහු පිරිනැමුහ.
1987 ජුනී 2 වැනිදා කොටි ප්‍රහාරයයකින් භික්ෂු 31 නමක් ඝාතනයට ලක් වුහ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අහවල් ඇමතිතුමාට මේ සිද්ධිය මතකද දන්නේ නැහැ (නි)
1991-93 වකවානු වලදී ඔය කියන ස්ථානයේ මම රාජකාරි කළෙමි. ඇත්තටම ඔය තැන රාත්‍රී රාජකාරී කිරීමේදී මහා මුසලකමක් පාළුවක් දැණුනි.නැවතත් යන්න බලාපොරොත්තු වෙමි (නි)
සාදු!!! සාදු !!! (අ)
පුළුවන් තරම් මේ වගේ සිද්ධස්ථාන නිර්මාණය කරන්න (අ)
සාදු සාදු සාදු! අපි දන්නවා නම් අපිත් එනවා සිල් ගන්න.මේ වගේ සිද්ධස්ථාන ගොඩනගන්න ඔය ඇමතිලාට බැරිද? (නි)
අපේ දේශප්‍රේමී ඇමතිතුමාට දේශප්‍රේමී අපේ ප්‍රණාමය! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මේ අපරාධය කළ අයට අනන්ත කල්පයක් නිරයේ දුක උරුම බව ඒ අය නොදන්නා නිසා මෙවැනි භයානක අපරාධ සිදුවේ.බොදුනුවන්ගේ යුතුකම සමාජය දැනුවත් කිරීමයැයි සිතමි. (නි)
අපේ දේශප්‍රේමී ජනතාවට එදා වුණු භික්ෂු ඝාතනය ටික ටික මතකයෙන් ඈත් වී ගෙන යයි.ඒ වගේ භීෂණ සමයක් තිබුණා ද කියලාවත් මතකයේ නැත. (නි)
මේ ඝාතනයට අන දීපු සම්බන්ද උණු හෝ යන්තම්වත් අනුබලයක් දීපු සියල්ලන්ටම මේ ආත්ම බවයේදීම මේ පාපකර්මය කුමන හෝ ආකාරයකට පඩිසන් දෙනවා. බොදුනුවන් හැටියට අපිට එම විස්වාසය තියෙනවා..සමහරු කියන විදියට ඇමතිතුමාගේ අනුදැනුම මේකට තිබුනානම් අද කොච්චර සැප වින්දත් හෙට කර්මය එයාව සොයාගෙන එන එක ඉස්තිරයි. බේරෙන්න ලැබෙන්නේ නැහැ..කවදාවත් ස්වබාවික මරණයක් උරුම වෙන්නේ නැහැ..(නදී)
මොන අමාරු කම් තිබුනත් මිනිස්සු මේ රජයට ඡන්දෙ දෙන්නේ පසුගිය කාලකන්නි කොටි කල දේවල් මතකේ තියෙන නිසයි (අ)
අනේ බන්දුල ඔයාටත් අමතක වෙන හැටි. ඔය ඝාතන කරේ කවුද කියල අපි හැමෝටම මතකයි. දැන් එකතු වෙලා ඉන්න පක්ෂෙක, ප්‍රධාන ඇමති කෙනෙක් කෙලින්ම සම්බන්ද වෙලා හිටිය මේ ඝාතනයට. දැන් වත් මතකද. ආණ්ඩුවට ඔය තරම් කඩේ ගියාම නරක නැත්ද? (අ)
මේ අවාසනාවන්ත සිද්ධිය පින්තූර සමග ළඟදි ආපු පිල්ලෙට පෙන්නුවේ නැද්ද? සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!!! (නි)
මොන දේ වෙන්නෙත් හොදටයි. ( මහත්මා ගානදී තුමා ) අපි කිසිවෙකුට වෛර නොකරමු. එහිදී දිවංගත සියලු දෙනාටම අපි නිවන් සුව පතමු. (නදී)