සුළි කුණාටුවෙන් ජීවතක්ෂයට පත් ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් ගමන් ගත් වාහන පෙළට බළපිටිය වයි එම් බී ඒ ශාලාව අසලදී මැර ප්‍රහාරයක් එල්ලවිය.
මේ මැර ප්‍රහාරය එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මැර කණ්ඩායමක් බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සුළි කුණාටුව ගැන ආණ්ඩුව කල් ඇතුව දැනුම් නොදීම හේතුවෙන් මේ අහිංසක සහ අසරණ මිනිස් ජීවිත අහිමි වීමේ යථාර්ථය මෙවැනි ඉතාම පහත් බියගුලු සහ තිරස්චීන මැර ප්‍රහාරවලින් වසාගත නොහැකි යැයි සඳහන් කළේය.
මිනිසකුගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට තිබෙන අවස්ථාව පවා මැර කන්ඩායම් යොදවා වැළැක්වීමට උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ රටත් ජනතාවත් වෙලාගෙන සිටින මිනී මරු බියකරු ඒකාධිපති පාලනයේ භයානක ස්වභාවය යැයි අත්තනායක මහතා කීය.
මේ මැර ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් ගමන් ගත් නිල රථයට සහ පරිවාර රථවලට දැඩි අලාභහානි සිදුවූ බව ද එජාප මහලේකම්වරයා පැවසීය.
විපක්ෂනායකවරයා බලපිටියට පැමිණීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයේදී පහරකෑමට ලක්වූ බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් අසේල ද සොයිසා සහ එම් ඩබ්ලිව් සෙනරත් යන මහත්වරුන් අද (11) සවස බලපිටිය රෝහලට ඇතුළු කළ අතර පහරදීම පිළිබඳව අහුංගල්ල පොලිසියට ද පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බිරුවට කදු පහත් වෙනවද? ඔබතුමා නොසැළී ඉදිරියට යන්න (නි)
දැන්වත් තේරුනාද දන්නේ නෑ (අ)
හිට්ලර් මුසෝලිනි ,පොල්පොට් සහ ,ඉඩිඅමීන් ලාගේ අවතාරය ලංකාවට ඇවිත් වගේ .ගොබෙල්ස්ලා ඉන්න නිසා මේවා සුළු දේවල්. (අ)
ලෝකයේ දියුණුම රට ඇමෙරිකාවේ ලඟදි ඇතිවුන සුළු සුළගින් 90 කට අධික ප්‍රමානයක් මැරුනා. මේ වගේ එහෙ විපක්ෂය ආවේ නැහැ. රජය සමග එකට සියලු ආධාර දුන්නා මිසක්. කාලගුණ දෙපාර්තුමේන්තුවට බැන්නේ නැහැ. ඒකට අපේ ලංකවේ? ර (නි)
විපක්ෂෙ කට්ටිය මේකත් දේශපාලනවාසියක් කරගන වගේ (අ)
කලහකරුවන් සියල්ල අත් අඩංගුවට ගත යුතුයි. රටේ නීතියක් තියෙනවද?(නදී)
දේශපාලන වාසියක් කොහොම වෙතත් ගල් ගහන්න කිසිම අයිතියක් නැහැ. මේ ක්‍රමය හැමදාම තියෙන්නේ නැහැ (නි)
සජිත් මහත්තයා ගියා නම් ඕක වෙනස් වෙන්නත් තිබුණා (නි)
හොදයි.(නදී)
කවුරු කලත් වැරදි දේ වැරදියි කියන්නවත් බැරි මිනිස්සු ඉන්න රටක ප්‍රජාතන්ත්‍රවාදය සිහිනයක් පමණි. (නි)
හොදයි.
යමක් වෙච්ච වෙලාවේ කිඹුල් කඳුළු හෙලන්න ගිහාම මේ වගේ දේවල් වෙනවා. පක්ෂයේ අරමුදල් පෙළපාලි වලට වියදම් කරන එකේ මියගිය ධීවරයාගේ පවුල් වලට නිවාසයක්,රක්ෂණයක්, දරුවන්ට සිෂ්‍යත්ව, සෑම මාසයකම පෝෂණ මල්ලක් , දුන්නානම් චන්දත් ලැබෙයි. පළාතේ සන්විධායකටත් හයියක්. සාමාජික,සංවිධාන,ශාකා මට්ටමෙන් මේවා කිරීමට වගබලා ගන්නේනම් ප්‍රාහැර වලට ජනතාව පිළිතුරු දෙයි.(නදී)
කැබතිගොල්ලෑවේ බෝම්බ පුපුරා මීටත් වඩා ජනතාව මැරුණා. එතකොට මෙයාලා ගියේ නැත්තෙ ඇයි? වාසියට ඕන දෙයක් කරාවි. මේවා ජනතාවට ආදරේට කරන දේවල් නොවේ, හැමෝම එකයි.(නදී)
අපිට තාම ඇත්ත දකින්න බැරි බව සමහර අයගේ අදහස් වලින් පේනවා. රනිල් තමා ලංකාව බේරගන්න ඉන්න එකම නායකයා.(නදී)
ෂේස්,මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න, නේද ? (නි)
කට්ටිය බය වෙලා වගෙයි (නි)
ලංකාව බේරගන්න ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ ෂේස්? (නි)
රනිල් , ඔබ අපේ නියම නායකයායි (නි)
.සිංහලයට හැම දේම ඉක්මනට අමතක වෙනවා .(අ)
සිංහලයට හැමදේම මතක හිටින්නේ සතියයි. (නි)
මුළු රටේම ජනතාව පිඩනයට යටවෙලා තියන්න වෙලාවේ රනිල් මහත්තයට මොකක් හරි කරන්න පුලුවන්. ප්‍රේමදාස මහත්තය පොඩි මිනිහට වැඩකලා. අසරණ මිනිස්සු කබලෙන් ලිපට, කිසිම සහනයක් නැහැ. මෙහෙම ගියොත් ලංකාවට මොකක් වෙයිද ? ජනතාවට ඉන්න වෙන්නේ ඉබ්බාගේ කටුව ඇතුලේ (නි)
සැබෑ දේශප්‍රේමියා කවුද කියලා අපිට අනාගතේයේදී දැන ගන්න පුළුවන් (නි)
රනිල් මහත්තයට ජනතාව ගැන කැක්කුමක් තියනවා. මේ රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් එතුමාට. මේ දේ මිනිසුන්ට තෙරෙනේ නැහැ එතුමා ඇත්ත කතා කරනවා කරන දේ කියනවා එකයි වෙනස. බොරු කයිවාරු නැහැ ඒ වගේම ලෝකේ පිලිගැනිමක් තියෙන්නේ.(නදී)
සුජී හරියටම හරි (නි)
එතකොට ආණ්ඩුව පැත්තේ අය ආවා නම් මල් මාලා දාලා පිළිගන්නද දන්නෙ නැහැ ඉන්න ඇත්තේ (නි)
රනිල්ගේ අඩුපාඩු ඇති. එහෙත් එයා අපේ විපක්ෂ නායක.අනෙක් දේශපාලන නායකයන්ටත් රනිල්ටත් මෙවැනි අවස්ථාවලට යන්න නිදහස තියෙන්න ඕනෑ. චන්ඩි දම්මලා ගහන්නයි හූ කියන්නයි ගියහම එය අප රටට කැළලක්. (නි)
දැන් ලංකාව බේරාගෙන ඉවරයිනේ (නි)
බටලන්දේ මැරුන අයගේ ගෙවල් කීයකට ගිහිල්ලා තියනවද?.(නදී)
සමහරු අදහස් දල තියෙනව රනිල් තම රට බෙර ගන්න ඉන්න එකම එක්කෙනා කියල . ඔව් අපට මතකයේ තියෙනවා ඔහු අගමැති කාලයේ උඩුගම්පොල ලවා හමුදා බුද්දි අංශය පවා දීපු ආකාරයත් . (අ)
අනේ ඔය ඔක්කොම එකයි. කවුරු ආවත් අපිට වුන සුගතියක් නැහැ. එයාලගේ සාක්කු තර වෙන එක විතරයි වෙන්නේ.සමහරු අලියට කඩේ යනවා. සමහරු එක්සත් පෙරමුණට කඩේ යනවා.තවත් සමහරු තව අයට කඩේ යනවා. අපි හැමදම ගමේ කඩේට යනවා (නි)
ෂේස්, ඔයාට පිස්සු හැදිලද? ඔයාට මුල අමතකද? (නි)
තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙකුටවත් , තවත් කෙනෙකුගේ මළ ගෙදරකට යන්න බැරි තත්වයක්නේ බළපිටිය පැත්තේ තියෙන්නේ. (නි)
මොනව වුනත් නොවිය යුතු වැඩ (අ)
දෙකයි පනහේ වැඩ (අ)
මේ සිදුවීම් සාධාරණීකරණය කරන්න හදන්න එපා.එය ප්‍රාදේශීය දේශපාලන මැරයින්ට උඩගෙඩිදීමක්.මේ මැර දේශපාලනය ඔබ අනුමත කරනවද? (නි)
හලෝ! රනිල් මහත්තයා ලංකාව බේරගන්න එක මොකක් උනත්, අපිට අමතක නැහැ එය රට බාගයක්ම ප්‍රබකරන්ට ලියල දුන්න වග.(ස)
ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන වාසි ගන්න යාම නෙමෙයි. මල ගෙදරකටවත් යන්න බැරි වෙන විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා.(නදී)
ෂේස්, ඔයා කන්නේ බත්ද? (නි)
සමීරට මාත් එකඟයි. ඔහුගේ වැඩ පිළිවෙලට මමත් කොහොමවත් කැමති නැහැ. ඒක වෙනම දෙයක්. හැබැයි, දේශපාලන නායකයෙකුට, විශේෂයෙන් විපක්ෂ නායකයෙකුට, මැරයෝ පහර දෙනවා නම් ඒක ඔහුට ගහන පුද්ගලික පහරකට වඩා, අපි පුජනීයත්වයෙන් සලකන 'ප්‍රජාතන්ත්‍රවාදයට' ගහන පහරක්. (නි)
ලංකාවේ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිට මිසක් වෙන කිසි කෙනෙකුගේ පිහිටක් නැහැ. (නි)
කවුරු මොනවා කීවත් මේ සිදුවීම මම තරයේ හෙළාදකිනවා. මොහුගේ දේශපාලනය ගැන බරපතල විරෝධයක් මටත් තිබෙනවා. එහෙත් මැර ප්‍රහාර දෙන්නට,වෙඩි තබන්නට කිසිවෙකුටත් අයිතියක් නැත.කළ යුත්තේ ඡන්දයකදී තමන් අකමැති නම් ඔහුට ඡන්දය නොදීමය.මැරයන් සියල්ල වහා අත් අඩංගුවට ගන්න. මම ඔහුගේ පාක්ෂිකයෙක් නොවේ.එහෙත් මැර දේශපාලනයට තරයේ විරුද්ධ වෙමි. (නි)
මේ රටේ ජ්‍යෙඨත්වය අනුව ජනපති සහ අගමැති ලඟට ඉන්න ඊ ළඟ නායකයා වන විපක්ෂ නායකයට මේ රටේ තමන් කැමති තැනකට යන්න නිදහස නැත්නම් මේ රටේ අපි ගැන කවර කතාද. තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීමේ අයිතිය නැතිකරන්න කාටවත් බැහැ. මේක ඒ පුද්ගලයට එල්ල උණු ප්‍රහාරයකට වඩා පොදුවේ ප්‍රජතන්ත්‍රවාදයට එල්ල වුනු බරපතල පහරක්.(නදී)
මහින්ද චින්තනයට ජයවේවා !(නදී)
තිසල්, රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය ගැන ඔයාට තියන බරපතල විරෝධය දැනගන්න කැමැතියි. පුලුවන්නම් ප්‍රතිචාරයක් දාන්න.(නදී)
බලපිටියේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු. ගහන්න ඕනේ රනිල් මහත්තයට නෙවෙයි කලගුණය භාර ලොක්කට. අපේ මහින්ද අමරවීර මහත්තයා ගුටිකන්න වෙන බව දන්නා නිසා නුවර එළියේ ඉදන් ප්‍රකාශයක් කරලා ෂේප් උනා. (නදී)
පෙරේරාගේ දෙයියො මිනිස්සු මැරෙනකම් උඩබලාගෙනද උන්නේ.(නදී)
මේ සිදු වෙච්ච දෙය සියලු දෙනාම හෙළා දැකිය යුතුයි.(අ)
බලපිටිය දකුණේ නේද? (නි)
බලපිටියේ මිනිස්සුන්ට බනින්න එපා "සිල්වා ". ඒ මිනිස්සු කොහොමත් දුකෙන් ඉන්නේ. එක ගෙදර මරණ 4 ,5යි. හැමෝම දුකෙන් ඉන්නේ. (නි)
කවුරු මොනවා කිව්වත් ජනිධිපතිතුමාගේ වැඩපිළිවෙල තමයි නිවැරදි. රට ගොඩගන්න පුළුවන් කෙනා. මිනිස්සු හැදෙන්න ඕනෑ මුලින්ම. එතකොට රටම හැදෙනවා. (නි)
මේ තවත් එක් ආම්භයක් පමණයි. ඉස්සරහට මීට වඩා වැඩි දේවල් බලාගෙන විපක්ෂයේ කවුරුත් වැඩ කලොත් හොඳයි. ආණ්ඩුවට කලින් ගොඩක් හිතවත් නමුත් දැන් වෙන දේවල් ගැන විවේචනය හා විරෝධය පලකරන අය විපක්ෂයේ අයටත් වඩා ප්‍රවේශම් විය යුතුයි.මෙය කාලගුණ අනාවැකියකට වඩා සත්‍යයයි (නි)
මරණ ගෙදරකට එන මිනිස්සුන්ට පහර දෙන අසීලාචාර ක්‍රියා කරන්න තරම් මේ මිනිස්සු කොතරම් පහත් තත්වයට වැටිලද?(අ)
දේශපාලනය නෙමෙයි වෙන මොනවා වුනත් කාටත් පොදු නිතිය ලංකාවේ වල්වැදිලා.(නදී)
බොරදියේ මාළු බාන්න යන්න එපා(අ)...
මෙහෙම ගියොත් රටම අනාතයි. වගකිවයුත්තකි, නීතිය සහ සදාචාරය වැළලෙන්න ඉඩ දෙන්න එපා. (නි)
මේවට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ. අර අත කපපු ළමයත් බලන්න ගියා. කෝ ඒ ළමයට මොනවද දුන්නේ? (නි)
මේ පාදඩ දේශපාලනයේ ප්‍රතිපල. මේවට මෙගොල්ලත් වගකිව යුතුයි. නමුත් මෙතන තියෙන ලොකුම විහිලුව මෙම ජරා දේශපාලන ක්‍රමයවෙනස් කරනවයි දිවුරා බලයට පත්වූ අයත් මෙහෙම කරවන එකයි.(නදී)
ඔය දෙන්නට තියන අකමැත්තට තමා ගහන්න ඇත්තේ.(නදී)
දැන් රටේ වෙන අනෙක් මළගෙවල් වලටත් මෙහෙම යයිද ? (නි)
බලපිටිය වැනි පැතිවල මිනිසුන් ගැන සාමාන්‍ය සමාජයේ තියෙන මතය හරි බව ඒ අයම තම හැසිරීමෙන් ඔප්පුකල තවත් අවස්ථාවක් .(නදී)
අංජන ,මමත් අහන්න බලාපොරොත්තු උනේ ඕකම තමයි(අ)
මල ගෙදර ගිහින් ඔහොම නම් රට පාලනේ කරන්න ආවොත් ලැබෙන ප්‍රතිචාර ගැන හිතාගන්න පුළුවන් නේද ඕන් (නි)
ජනතාව ගැනයි, රට ගැනයි එක්සත් ජාතික පක්ෂයට තියෙන කැක්කුම අද පවතින රජයට නැහැ. තිලිනිට ජනාධිපතිවරයාගේ නියම ස්වරුපය තාම දැන ගන්න මෝරලා මදි.(නදී)
මේ වගේ දේවල් වලිනුත් දේසපාලන වාසි බලාගෙන වැඩ කරන්න එපා (අ)
,තවත් ඡන්ද ප්‍රතිපලයක්,(අ)
මොහොමඩ්ලාකොහොමත් කැමති විපක්ෂයට තමයි (නි)
විපක්ෂ නායකයා රටේ විපත් හොයා බැලීම කළ අවස්ථාවේදී සිංහල අපට මෙහෙම නම් හැසුරුණේ උතුරේ මිනිස්සුන්ට මොනවා කරනවා ඇද්ද? (නි)
මේ රට හැදුවෙත්, හදන්න පුළුවනුත් ජනපතිට විතරයි.(අ)
ඔව් කවුරුත් එකයි. බලය ගිලිහිලා යන්න ඉඩ තියෙන නිසා තමයි ඕවා කරන්නේ.(නදී)
ලකුණු දා ගන්න මළගෙවල් වල යන කටිටියට හොඳ පාඩම්.(ස)
මෙහි සිටින බහුතරයගේ චන්දය මත රටේ යහපත තීරණය වනු ඇත.(අ)
තිලිනි, මුලින් ලොකු අය හැදිලා ඉන්න ඕනෑ රටේ මිනිස්සුත්, අනෙක් දේවලුත් හදන්න. (නි)
මොහොමෙඩ් _ඔබ දන්න තරම තමයි ඔය. (ස)
දැන් මිනී විකුණන් දේශ පාලනේ කරන්න බැහැ මිනිය ඉදිරියේ වේගවත් කතා බැහැ පන්සල් බුදුන් විකුණන් කන යටත් මේ පරිප්පුව දුන්නම හරි . (අ)
මේක හතර බිරි කතාවක්..දැන් විපක්ෂ නායක එන එකට විරුද්දව ඉදල තියෙන්නෙත් එ.ජා.පෙම කටිය නේ. එයාලනේ ඉස්පිරිතාල ඉන්නවා කියන්නේ.(ස)
සුළි කුණාටු ගැන අනතුරු හඟවන්න ඕන ආණ්ඩුවද කාලගුණ දෙපාර්තමම්න්තුවද. නොදැන කමට අහනනේ.(ස)
ඔහොම නෙමේ වෙන්න ඕනේ. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලේ එකෙනුත් දේශපාලන වාසි ගන්න යනවා.ඔකුන්ගේ හැටි කොහොමත් එහෙමනේ.මිනිස්සු ගැන නෙමේ හිතන්නේ තමන් ගැන.ඉතින් මිනිස්සු දෙයිද චන්දයක්? (ස)
හදවතින් තීරණ ගන්නා ජනතාවක් ඉන්න ලංකාවේ රනිල් වගේ බුද්දිමත් මහත්වරුන්ට කවදාවත් දිනන්න බෑ. ඔබතුමා මීට වැඩිය හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න එපා. ඔබතුමාගේ අදහස් හරියන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල ඉන්න බුද්දිමත් මිනිස්සුන්ට මිසක් ජොබ් එකට, බත් එකට ඡන්දෙ දෙන මිනිස්සුන්ට නෙමෙයි. (ස)
මේකත් දේශපාලන වාසියක් කරගෙන ඡන්ද ගන්න යනවා. ජනතාවට ආදරේට කරන දේවල් නොවේ. ඉතින් දෙයිද ඡන්ද.(ස)
සරත් , මොලයක් නැද්ද ? එහෙම රට ලියලා දුන්නා නම් අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි ඔහුව? එදා මිනිස්සු ඔය බොරු වලට රැවටුනට හැමදාමත් රැවටෙන්නේ නැහැ. 2014 බලන්නකෝ මොනවද වෙන්නේ කියලා (නි)
අපි දේශපාලනය පොඩ්ඩකට අමතක කරමු. මළගෙවල් වලට අවසන් බුහුමන් දක්වන්න යන මිනිසුන්ට පහර දෙනවා කියන්නේ අන්තිම කැත වැඩක්. මෙවැනි දේ සිදුවන්නේ ලංකාවේ මිසක් අනිත් රටවල නොවෙයි. මිනිසා ආගමෙන් දහමෙන් ඈත්වෙලා, ඔවුන්ට බණ කියන්න ඉන්න තිස් හද්දාහක මහ සංඝරත්නය මිනිසුන්ගෙන් ඈත්වෙලා.අහෝ ලක් මෑණියනි, ලංකාවට උදව් කරනු මැනවි. (නි)
ලියිට් බිල වැඩි කෙරුවම හොඳයි කියලා පෙළපාලි යන මිනිස්සු ඉන්න රටක් මේක. මේ රට නැති උනයි කියා දුක් වෙන්න දෙයක් නැහැ. හැම තැනම බොරුව රජ කරනවා. ඇත්තට තැනක් නැහැ. (නි)
ඕක ඔච්චර හිතන්න එපා. කෝපි කෝප්පෙන් ඔක්කම ෂේප්. කට්ටිය බොරුවටනේ නිකන් ගහගන්න හදන්නේ.(නදී)
බොරුවට හැමදේකටම ආණ්ඩුවට බනින්නේ නැතුව මහජනයා වෙනුවෙන් යමක් කළා නම් සමහරවිට පිළිගැනීමක් ලැබෙන්නත් තිබුනා. (නි)
ගරු රනිල් මැති තුමනි දැන්වත් ඔබ තුමා ඔතනින් අයින් උනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද. මිනිස්සු ඔබතුමා ගැන කල කිරිලා ඉන්නේ...ඔබ තුමා නිසා හොඳට තිබුන එක්සත් ජාතික පක්ෂය නැතිවුනා... පින්සිද්දවෙයි විපක්ෂ නායක කම දැන්වත් කාට හරි බාරදීලා නම්බු පිට යන්න.(ස)
''දිගත පතල සුවදැති සොඳ සඳුන් කද.. සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ'' (නි)
රනිල් මහත්තය රුපියලක්වත් හොරකම් කරලා නැති කෙනෙක්.රනිල් කියන්නේ පිරිසිදු නායකයෙක්. ඒ වගේ නායකයෙකුගෙන් වැඩි යමක් ලබා ගන්න රට්ටු පින් කරලා නැහැ. (නි)
රනිල් රටේ බාගයක් කොටියට ලියලා දුන්නා කියලා කෑ ගහන අයට තේරෙයි තව ටික දවසකින් රනිල් කියන්නේ කොයි වගේ නායකයෙක්ද කියලා. යාලුවනේ රනිල් කියන්නේ වාචාල කමට කියවන මිනිහෙක් නෙමෙයි. නියම පරිනත නායකයෙක් රටටට ඔබින.(නදී)
ඔව් අසංග, මමත් හිතනවා ගරු රනිල් මැතිතුමා අයින් වුනා නම් හොඳයි කියලා. මොකද රනිල් වගේ බුද්ධිමත් පිරිසිදු නායකයෙකුගෙන් ැඩක් ගන්න රට පින් කරලා නැහැ. එතුමාගේ අගය තේරෙයි කවදා හරි දේශපාලනයෙන් අයින් වුන දාට. (නි)
රනිල් මහත්තයට ගහන්න තරම්, එතුමගෙන් ආණ්ඩුවට ඇති ප්‍රශ්නයක් නැහැනේ. මම නම් හිතන්නේ මේ දවස්වල දුකින් ඉන්න පාක්ෂිකයෝම වෙන්න ඇති ඕකට හවුල් වෙන්න ඇත්තේ. (නි)
රටට ලෝකයට පිළිගන්න බුදිමත් නායකයකු අවශ්‍යයි. සුළු ජාතීන්ට අනවශ්‍ය බලය නොදුන්නට බලය විමද්‍යගත කිරීමක් රටට අවශ්‍යයි. මේ වගේ තුට්ටු දෙකේ වැඩ නම් ජනතාව අනුමත කරන්නේ නෑ. (ස)
විරුද්ධ පක්ෂේ ඉන්නකොට කව්රුත් ඔය වගේ වැඩ කරනවා. (නි)
බලපිටියේ ගිහින් ගුටිකාලා බේරුණා මදැයි? ආයේ දකුණට එද්දී එන ගම් ගැන පොඩ්ඩක් හොයලා එන්න. ඒ වගෙනුත් බලපිටිය කියන්නේ ගාල්ලේ තියෙන නොම්මර එකේ ගම. (නි)
හොද වැඩේ අහිංසක මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ඡන්ද ගුණ්ඩු හොයාගෙන යන අයට ඔහොම වෙලා මදී. (ස)
වැඩේ වැරදුන නේද ? අපි තාමත් ජනාධිපතිතුමා සමගයි. දැන්වත් හිතලා වැඩ කලොත් නරකද? (නි)
රැඳී, දකුණට එනකොට අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ රනිල් මහත්තයට. රනිල් මහත්තයලගේ පරපුර දකුණේ බද්දේගමට සම්බන්දයි කියලා දන්නවද? නොදන්නා දේ නොකියා ඉන්න. දේශපාලන''පොර පිටියේ'' පිනුම් ගහපු රනිල් මහත්තයට ඔය බල''පිටියේ''ඉන්න මෙරයෝ එච්චර ලොකු නැහැ.(නදී)
මගේ අදහස් දන්න (අ)
ඔය මැර පිරිස රනිල් මහත්තයට බය ඇති. අපේ දුක දන්නේ වෙන කවුද ඔබ තරම්.(නදී)
රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තියට මම විරුද්ධයි. නමුත් මළගෙදරක එන මනුස්සයකුට දේශපාලන විරුද්ධ වාදියෙකු කියා පහරදීමේ සිරිතක් සිංහල අපි ළඟ නැහැ , හොඳම උදාහරණය හම්බන්තොට දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පියාගේ මල ගෙදරට ජනාධිපති තුමා ගියා , එතන කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ , එහෙම තමයි උගත් මිනිස්සු ක්‍රියා කරන්නේ. මේ මිනිස්සු මැරුනේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතපසු වීමකින් , එම දෙපාර්රතමේන්තුව පාලනය වෙන්නේ රනිල් යටතේ නොවෙයි. කරුණාකර මේ පුද්ගලයන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න. විපක්ෂ නයකට කිසිම හේතුවක් නැතුව පහරදීම රටේ ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්.(නදී)
සුරාජ් ඔයාටත් කොහේදී හරි හොඳට හම්බුනාම තේරේවි ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියල බලාගෙන ඉන්නකෝ. (ස)
හංසි, ඔයත් අර මැරයෙකුගේ බිරින්දක්ද? බොරුවට මන්ද මානසිකත්වයෙන් දොඩවන්නේ.(නදී)
අමිල කියපු කතාවට මම එකගයි.(නදී)
අද ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන්කළා කියලා කිවුවට , විපක්ෂ නායකට නිදහසේ මළ ගෙදරකවත් යන්න බැහැ. මහා දවාලේ පොලිසිය බලාගෙන ඉදිද්දී තමයි ප්‍රහාරය එල්ල කරලා තිබෙන්නේ.තවම මැරයෝ අත්අඩංගුවට අරන් නැහැ. මේවා කොටි හිතවාදීන් ජාත්‍යයන්තරයට ප්‍රචාරය කරනවා ශ්‍රී ලංකාව අස්ථාවර රජයක් කියලා පෙන්වන්න. හැමදාම පත්තරේ බැලුවොත් මොකක් හරි දේශපාලන මැර ප්‍රහාරයක්. සතියකට අඩුමගානේ පුද්ගලයෙක් මිය යනවා දේශපාලන කෝලාහල හින්දා. 10 ක් විතර තුවාල ලබා ඉස්පිරිතාලේ.මේ වැනි ප්‍රහාර සාධාරණීකරණය කරන පිරිසකුත් ඉන්නවා.මොකක්ද මේ රටට වෙලා තිබෙන්නේ ? (නි)