(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයෙන් පසු අදහස් පළ කරමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කීය.
අද උදෑසන වන විටත් තිබුණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම අද තත්ත්වය නිසා කිසි සේත්ම වෙනස් වන්නේ නැහැ යනුවෙන් ද සියඹලාපිටිය මහතා කීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂය සටන පාවා දුන්නා
pradeep Thursday, 05 May 2022 03:01 PM
බොරු නාටක එපා..., දැන් සියල්ල පැහැදිලියි. මිනිස්සු ඒ තරම්ම මෝඩයින් කියලා හිතන්න එපා.
Mama Thursday, 05 May 2022 03:21 PM
ඔබයි සටන පාවාදීමට උත්සාහ කළේ... වංචනික ආණ්ඩුවට විරුද්ධ බව පෙන්වමින් රාජපක්ෂ කල්ලියේ ඕනෑ එපාකම් වලට නැටවෙන රූකඩයක් වගේනේ..
Nihal Thursday, 05 May 2022 03:56 PM
දවස් කීපයකට පෙර මේ සියඹලාපිටියම නේද කිව්වේ රජය විශාල වශයෙන් මුදල් අච්චු ගහලා කියලා..? නමුත් ධුරයක් බාරගන්න පසුබෑවෙ නැහැ..
දිමුත් Thursday, 05 May 2022 05:32 PM
ඉතින් ඇයි කලින් ඉල්ලා අස්වුණේ..?
ranji Thursday, 05 May 2022 05:58 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ඉතිහාස ගතවෙන පළවෙනි ඉතිහාසගත රැවටිල්ල...
Liky Thursday, 05 May 2022 05:59 PM
කල දුටු කල වල ඉහගන්න...
thilak Thursday, 05 May 2022 06:09 PM
මොකටද අස්වුනේ? දිගටම හිටියා නම් සල්ලිත් ඉතුරුයි.. මේවා තමයි රජාගේ ඩීල්.., මතක තියාගන්න දැන් ජනතාව රවට්ටන්න බෑ..
මෙයාගෙ ඩීල් Thursday, 05 May 2022 08:22 PM
මෙයා හොඳ ඩීල් කාරයෙක් බව නොරොච්චෝලේ පැත්තට වැදුණු අය හොඳට දන්නවා.
One of 69L Thursday, 05 May 2022 09:37 PM
අපි බබාලා නෙවෙයි... අපි දන්නවා මේ නාටකය... යමු ගිහින් බලමු.
මෝ Friday, 06 May 2022 08:29 PM
වැල් බයිලා එපා. ඉල්ලා අස් වුණා නම් ආයි ඉල්ලුවේ ඇයි? රටේ මිනිස්සු පුත්තලම් බූරුවන් නෙවෙයි. මෙයා සභාව මෙහෙයවන්න එනකොට විපක්ෂය ඉවත්විය යුතුයි.