වැලිවේරිය නගරයේදී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (04) දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු විය.
මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ් ග්‍රේ මහතා මෘත ශරීරාගාරයට පැමිණ මුලික පරික්ෂණයක් පැවැත්වීය.
ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත අ පො ස උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.
ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ මොහු විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි. ක්‍රිඩාවට මෙන්ම අධ්‍යාපනයටද දක්ෂයකු බවත් පියතුමා කිවේය. තමන් උසස්පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වී පාසලට ගෞරවයක් ලබා දෙන බවට නිතර කියා සිටි සිසුවකු බවත් මෙම මරණය දරාගත නොහැකි බවත් පියතුමා එසැණ හා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොඩි එකා මොන වරදක් කලාටද ජීවිතෙන් වන්දි ගෙව්වේ. මේවා කාගේ කොහේ වැරදිද?????. (ස)
මගේ මල්ලි වගේ. මේවා කරපු අයට හෙන හතක් ගහනවා මේ කරපු අපරාදෙට. ඔයාලගේ දරුවෙක්, සහෝදරයෙක් උනානම් තේරෙයි, බොරුවට පක්ෂ දේශපාලනේ නැතුව බුද්ධිමත් වෙන්න. අපේ රණවිරුවන්ට අපේ මාධ්‍යයයි, මේ අහිංසක මිනුස්සුයි කොච්චර උදව් කලාද ? (නදී)
මේ අහිංසකයන්ව මරන්න නියෝග දුන්න අයට මේවා පලදේවි.(නදී)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)
උඩම පොටෝ එක නවනී පිල්ලේ නෝනට යවන්න රාමුකර ගෙනෙයි. ලගදී එනවා ලංකාවට
මරපු පිරිසට හෙන ලැබේව.(දී)
හෙන හතම ගහන්න ඕනේ ..... මෙහෙම කරන අපරාද...ලැබේවි...
සටහන් කරගන්න ඉන්න කට්ටිය දැක්කාම හිතෙන්නේ වැරදි කාරයෝ හිටුවා පස් ගහය් හියලා.ඕවා කරන්න තිබුනේ මීට ඉස්සර.
උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරපන් පුතේ (දී)
කවුද මේ චන්ද කියල කියන්නේ හිතක් පපුවක් නැති කෙනෙක්ද, මේ දරුවා දකිනකොට මානව හිමිකම් තිබිය යුතුයි කියල හිතෙන්නේ නැද්ද, ඇයි අපේ රටේ මිනිස්සු මේ තරම් දරුණු විදිහට පක්සෙකට ගැති, අද මොහුට හෙට ඔබට වෙන්න බැරි නැහැ. (දී)
උතුරේ ත්‍රස්තවාදය අවසන් උනාම අපි ඔබලාට පින් දුන්නා ඔබලාම එය විනාශ කරගත්ත (දී)
වැදී ගෝත්‍රික අසීලාචාර මිනීමරු සමාජයක මිනිස්සු වර්ගයක් තවම ශ්‍රී ලංකාව කියන රටේ ඉන්නවා කියල ලෝක ජන මතයක් ඇතිවීම දැන් වලක්වන්න බැහැ. රටේ බල තුලනයක් නැතිවීම මීට එක හේතුවක්.
විදේශීය කුමන්ත්‍රණකාරයෝ ගමේ මිනිස්සුන්ට සල්ලි දීලා, තමුන්ගේ ලින් වලට ඇසිඩ් දම්මවලා, බොරු උද්ගෝෂණයක් තියලා, හමුදාවේ රණවිරුවෝ උතුරේදී කරපු (මානුෂීය) සටන්වල වීඩියෝ ජනමාද්‍ය වෙත යවලා, ගමේ මිනිස්සු ගහගෙන මැරිච්ච අයව පාසල් සිසුන් කියලා පෙන්නලා මේ රට අරාජික කරන්න කරපු උපක්‍රමයක් මේක..(හෙට කව්රුහරි උත්තමයෙක් මෙහෙම කිව්වටවත් එක දොහොත් මුදුනින් පිළිගෙන අපේ රටේ ජනතාව මේ හැම දෙයක්ම අමතක කලාටවත්, පුදුම විය යුතු නැත..) (දී)
හෙන ගහපන් කල අයට (දී)
පාලකයනි!!! මේ රටට මොනවාද නුබලා කරන්නේ..නුබලාට චන්දෙ දුන්නේ මේ අහිංසක මිනිසුන් මරන්නද.?.රටේ අනාගත පරපුරේ තුන් දෙනෙක් නේද මේ මැරුවේ..මේ දරුවන්ගේ දෙමව් පියෝ කොහොම දරා ගන්න්නද මේ දුක...දරුවනේ....උඹලට නිවන් සැප ලැබේව!!!.මේ දේ කරන්න අණදුන් අයටත්,කරපු උන්ටත් හෙන හතම ගහන්න ඕනේ...... (දී)
මේවා කරපු අයට හෙන හතම වදින්න ඕනිජරාම හමුදාවක් තමයි දැන් අපිට ඉන්නේ මනුස්සකමක් නැති නුබලාට හෙන ගහනවා අනාගතේ රට බාරගන්න ඉන්න වටිනා ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට (දී)
සුබ අනාගතක් .. (දී)
තමාගේ ළමයකුට මෙවන් විපතක් වුන්නම , වෙඩි තියපු අය මොනවද හිතන්නේ, කරන්නේ ? (දී)
මේවා දෙවියෝම බලාගනිවි. (ස)
මෙම අපරාද වලට අනුමැතිය දුන්, ක්‍රියාත්මක කල අය පිටුපස කර්මය හා හර්දශාක්ෂිය පැමිණේ කිසිදා ගැලවීමක් නැත
උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරන්න පුතේ (දී).
මෙච්චර වෙලත් ගැඩවිල්(කොන්ද පන නැති ) මාධ්‍ය මොකද කරන්නේ?,එකක් දෙකක් ඇරෙන්න් .කෝ සත්‍ය ,කෝ නිදහස් ස්වාදීන මාධ්‍ය . (දී)
විදුහලේ විනය හරියට තිබුනානම් මෙවෙනි මරණයක් කිසිදාක සිදුනොවෙන්න තිබිණ . (දී)
වැරදි කරුවන්ව එල්ලුම් ගහට යවන්න ඕන (දී)
මේ වගේ අදීන වැඩ නොකරන හොද ලොවක ඉපදේවා පුතේ (දී)
ඔබට නිවන් සුව පැත්තේ නෑ..එත් උපදින මතු අත්මයකවත් මෙවන් තිරිසන් මිනිසුන් අතර නොඉපදෙන්න කියල ප්‍රර්ථනා කරනවා...(දී)
කෝ මේ රටේ බලදහරින් (දී)
ඔබට නිවන් සුව (දී)
බොරුවට ළමයි හුරතල් කලාට මදි මේවට වගකියන්නත් වෙයි (දී)
තවමත් අපේ රටේ හුගක් මිනිස්සුන්ට වෙච්ච දෙය ගැන හැගීමක් නැහැ වගේ.හුගක් පළාත්වල මිනිස්සුන්ට ගානක්වත් නෑ.දැන් වත් විපක්ෂයට බැන බැන ඉන්නේ නැතුව මේ අයව අපේ රටින් අතුගාල දන්නා හිතට ගමු.(දී)
මේවා කරපු අයට හොදක් වෙන්න එපා (දී)
මෙවන් තිරිසන් මිනිසුන් අතර ඉපදීම පාපයක්. මම හමුදා නිලධාරියෙක් නම් යුනිපෝම් එක ගලවලා දාලා ගෙදර යනවා.(දී)
මේකට බලධරයින් මොනවද කියන්න? (දී)
මේවා දකින කොටමොනවා කියන්නද? (දී)
මෙයාල වතුර ඉල්ලපු මිනිස්සුන්ට මේ විදියට සැලකුව නම් ...........ඔයාට නිවන් සුව පතමි. (දී)
බලධාරයිනි ඔබ කොහිද?(දී).
රටේ වෙනසක් අවශ්‍යයි (දී).
ඇන්ටන් , මෝඩ අදහස් දාන්න එපා. විදුහලේ විනය මේකට සම්බන්ද වෙන්නේ කොහොමද. මේ දරුවා පන්ති ගිහින් එනකොට මේකට මෙදිවෙලා තියෙන්නේ.
රජෙය යුද්දෙකට යන්නේ මේ මිනුස්සු යද්ද කරන්න අව වගේ, ආවේ වතුර ටිකක් ඉල්ලගෙන . මේ රජය පත් කල් මිනුස්සු. අනිත් අයට මොන කතාද (දී)
වෙඩිතියන්න ඔහු කල වරද මොකද්ද ? මරන්න තරමටම දේශද්‍රෝහී වැඩක් කරලද ? එහෙනම් ඔය රට පාවල දුන්න, කුඩු ජාවාරම් කරන,මිනී මරණ ඇමති මන්ත්‍රීවරුනටත් වෙඩි තියලා මරනවද ? සිසුවා යම් වරදක් කර තිබුනානම් පුනුරුත්තාපනය කරන්න තිබුනනේ විබාගෙන් පසුව. සිසුවාට නිවන් සුව ලැබේවා !! (දී)
දැන් බෝම්බ පිපිරෙන්නේ නැති නිසා කවුරුත් වීරයෝ වෙලා සෙල්ලම් දානවා. අහක ඉන්න අහිංසකයෝ මැරෙනවා. (දී)
මේවා අපි කාටද කියන්නේ මගේ දෙයියෝ ...... මේවා කල මිනිස්සුන්ට මේ ලෝකෙදීම මේවා පටිසන් දෙන්න ඕනේ (දී)
මීට හොඳයි දෙයියනේ කොටි බෝම්බෙකට අහුවෙලා මලානම්. (ස)
අපෙන් කිසිම උදව්වක් දෙන්නේ නැහැ නැවතත් හමුදාවට (නි)
සොයුර, ඔබට නිවන් සුව. (නි)
ඒ අම්මා තාත්තා ගැන හිතන්න පොඩ්ඩක් (දී)
අසවලා මොකද දන්නේ නැහැ කරන්නේ මේ වෙලාවේ. (නි)
මර්වින් ඇමතිතුමනි,ඔබේ පුතාට ගැහුවම ඔයාට කොච්චර රිදුනද ? මේ මරණ වලට කෝ ඔයාගේ කට? (නි)
මොක්කක් හරි හදල පිළිතුරක් දාවි ගොනාට අන්දවන්න (අ)
රටෙහි පිරිහිමද මේ ? (නි)
කිසිම අම්ම කෙනෙකුට මේවගේ දුකක් නොමවේවා, කාලකන්නි ඉන්න රටක් මේ ශ්‍රීලංකාව, සුනාමි, භූමිකම්පා අවේ නිකන් නෙමේ. පව් කාරයෝ ඉන්න නිසා, මේකද ලංකාවේ ආශ්චර්ය, මිනිස්සු නිකන් නෙමේ රට දාල යන්නේ,අපි හරි පව් කාරයෝ මේ වගේ දේවල් අහන්න (අ)
ලොකු අයට ලැම්බෝගිනි.අපේ අහිංසකයන්ට වතුරත් නැහැ. (නි)
වගකිවයුත්තන්ට ශාප වේවා! (නි)
ඇන්ටන්, තමන්ගේ ඔලුව නරක් වෙලාද? ඒ ළමයා උපකාරක පන්තියකට ගිහින් එන ගමන් වෙඩි වැදිලා තියෙන්නේ. ඒක පාසලේ විනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන්වත් කන්නාඩි දෙකක් ගන්නවා පත්තර බලන්න. (නි)
සාපවේවා......(අ)
හමුදාවට බනින අය නිකමටවත් මේ උද්ඝෝෂණය පාරවල් හරස් නොකර සාමකාමීව පැවැත්වූවා නම් මේ ළමයා තාමත් ජීව්වතුන් අතර කියලා කියන්නේ නැහැ.නුවර පාරට මෙයාලව යවපු අය ගැන වචනයක්වත් නැහැ. කට්ටිය දැන් කතා කරන්නේ හරියට ප්‍රබාකරන්ව අපහු ගෙන්නා ගන්න පුලුවන්නම් ගෙන්නා ගන්න ගානට. පුදුම මිනිස්සු ටිකක් ඉන්නේ. (නි)
මේ අපරාධ වලට ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබේවි වැරදිකරුවන්ට. එහෙත් මේ වගේ රත්තරන් දරුපැටියෙක් අහිමි වුණු ඒ අසරණ මව්පියන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට මිතුරන්ට ඇතිවන්නේ කොයිතරම් දරුණු වේදනාවක්ද? මේ වගේ අපරාධ වෙනවා දකින්න අහන්න ලැබෙන්න අපිත් මහා පව් කන්දරාවක් සංසාරේදී කරන්න ඇති. (නි)
වරද විදුහලේ විනය පිළිබදවයි කී ඇන්ටන් මහත්මයාගේ එම ප්‍රකාශය තරයේ හෙලා දකිමි. වතුර ඉල්ලූ මිනිසුන්ට වෙඩි තැබූ මෙම කෲර ක්‍රියාව හේතුවෙන් අද තවත් අහිංසක ජීවිතයක් විනාශවීම ගැන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලජ්ජාවට පත් වෙමි. උගන්ඩාවට මුදල් වැලිවේරියට වෙඩි..!!! ආඩම්බරයි! (නි)
අහිංසක මිනිස්සුන්ගේ දරුවන් අකාලයේ මියයන රටකය අපිට ජීවත් වන්න වෙලා තියන්නේ (නි)
අනේ මන්දා රටකට ගිය කලක්! (නි)
මෙම අපරාද වලට අනුමැතිය දුන්, ක්‍රියාත්මක කළ අයට කවදා හෝ දඩුවම් ලැබේවි (නි)
මේ කාර්යයට හවුල් වූ සියල්ලන්ටම දඩුවම් ලැබේවා! (නි)
වගකිවයුත්තන් හට මේවට වගකියන්නත් වෙයි. (නි)
අපරාදේ දුප්පත් අහිංසක ජීවිත! ඇයි දෙවියනේ මේ වගේ වෙන්න දෙන්නේ? (නි)
මේවට පියවරක් ගන්න බැරිද? ඡන්දය විතරද ඕනෑ? (නි)
ඉදිරියට බලාගෙන ඉන්න. තව හොද හොද දේවල් වේවි. (නි)
මේවා කරපු අය විදවන හැටි බලන්න අපිට ලැබෙයිද දන්නේ නැහැ. වෙන්න තියෙන හැම දුකක්ම ලැබෙන්න ඕනෑ. ඔය වෙඩි තිබ්බේ ලොකුසල්ලිකාරයින්ගේ දරුවන්ට නෙමෙයි, දුප්පත් අම්මා තාත්තලාගේ දරුවෝ. අහෝ පුතා! ඔයා හදපු වදපු අම්ම තාත්තගේ හදෙහි පත්තුවෙච්ච ගින්දර කවදාහරි ඔයාට ගිනිපිඹින්න අණදීපු අයට එනවාමයි. ඔබට නිවන් සුව (නි)
අනේ දෙවියනේ! මොකක්ද මේ කරලා තියන අපරාධය? (නි)
හමුදාව කිව්වට කවදාවත් තුවක්කුවක් අල්ලලා නැහැ වගේනේ. අහසට වෙඩි තියලා තියෙන හැටි තමා මේ. (නි)
මේගොල්ලෝ අහසට වෙඩි තියෙනකොට මෙහෙම පොළොවේ ඉන්න මිනිස්සුන්ට වදිනවා නම් මට පෙනෙන විදියට අහස පොලොව අදුරන්න බැරී පිරිසක් තමා එදා වැලිවේරියට එවලා තියෙන්නේ.කිවුවෙ නම් අවම බලය පාවිච්චි කළා කියලා. ඒකත් වැරදිලාද කොහෙද? අනේ මන්දා! මෙච්චරටම වරදින ආරක්ෂක නිලධාරීන් ඉන්න රටක් ජීවත්වෙන එකත් හරි බයයි.මෙහෙම කිවුවේ තරහට නෙමෙයි. හිතේ තිබෙන දුකට.මියගිය අයට නිවන්සුව!රෝහල්ගත වූවන්ට ඉක්මන් සුවය! (නි)
මේ මිනිසුන්ව නුවර පාරට යවපු අය කව්ද ? ඒවා ගැන කව්රුවත් කතාකරන්නේ නැහැ. මේ ප්‍රදේශයේ පොලව ඇතුලේ තිබෙන ගස් වතුර එක්ක එකතු වුණත් ඇසිඩ් එක හැදෙන්න පුළුවන්. ඒක ගැන කව්රුවත් බැලුවද? (නි)
දේශපාලළුවනි, පොඩ්ඩක් හිතන්න. මේ අසරණ දෙමව්පියනුත් දහසක් පියලි මේ අසරණ පුතා ගැන හිතේ තියාගෙන හිටි බව. (නි)
බන්දුල, දන්න දෙයක් කතා කරනවා හලෝ. ඒ ළමයා උපකාරක පන්ති ඇරිලා නුවර පාරෙන් එන්නේ නැතුව වෙන කොහෙන් එන්නද? තමුන් දන්න වැලිවේරිය. (නි)
පියතුමත් ඇවිල්ලා තියෙන්නේ... (නි)
හමුදාව අවම බලය පාවිච්චි කළ හැටි? කව්ද හමුදාවට වෙඩි තියන්න අණ දුන්නේ ? මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවනකම් නිලධාරීන්,බලධාරීන් කොහෙද හිටියේ ? දැන්වත් ගම්පහ මෝඩ ජනතාව ලබන ඡන්දෙයෙදීවත් කතිරය හරිහැටි ගැසීමට අදිටන් කරගත යුතුයි. (නි)
බැලු බැල්මට සියලු දොස් පරොස් හමුදාවට. (නි)
බොන්ට වතුර ඉල්ලුවේ.... මහරජාණනි..!! (ස)
මේවට නියම දඬුවම් ලැබේවා ! ලැබේවා ! (ස)
මේක කරපු අයටයි කරවපු අයටයි තමන්ටත් දරුවන් ඉන්නවා කියලා මතක් කරලා දෙයි ලෝක දහම. (නි)
නිරායුධ වැසියන්ට උණ්ඩයෙන් සැලකු රණවිරුවන්ට අපගේ උපහාරය. (නි)
බන්දුල ඔයත් හමුදාවේ වගේ පේන්නේ! තමුන්ගේ මල්ලි/අය්යා/අම්ම/තාත්තට උනානම් ඔය අදහස එක වෙනස් වෙයි නේද? (ස)
බන්දුලට ළමයි නැහැ. ඒ හින්දා ඔයගොල්ලො මෙයාගෙ අදහස් ගණන් ගන්න එපා. (නි)
බන්දුල, හරියට වුණ දෙයක් දන්නේ නැතිව කියවන්න එපා. මේ මිනිස්සු පාරට ආවේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලගන්න. ඒ වෙලාවේ රජය නිහඩව ඉන්නේ නැතුව විසදුමක් දුන්නා නම් අද මේ ජිවිත මේ විදියට නාස්ති වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. දැන්වත් තමන්ගේ ඡන්දෙ හරියට පාවිච්චි කරන්න. (නි)
කළා ඔයා හරියට හරි.(ස)
කියන්න නම් දෙයක් නෑ.... අපිත් ඡන්දෙ දුන්නනේ ඉතින්(ස)
මේකෙන් වෙන්නේ හමුදාව උතුරේ මානුෂික මෙහෙයුමක්ම විතරක් නෙමෙයි කරලා තියෙන්නේ කියලා ඔප්පු වෙන එක නොවේද? (නි)
මොවුන් කාණු සුද්ද කරනකොට අපි පවු කිව්වා. දැන්නම් මොවුන්ට මොනවා වුණත් කමක් නැහැ (නි)
විද්‍යුත් මාධ්‍යයත් නිර්වින්දනය කරලා. (නි)
මැර අයනේ ඉන්නේ ඉතින් හිතක් පපුවක් කොහෙන්ද
බන්දුලත් අර 2500කින් පවුලක් කාලා බීලා ඉන්න පුළුවන් කියපු කෙනාගේ අයෙක්ද දන්නෙ නැහැ (නි)
පාලකයනි, වටේ ඉන්න සාස්තර , කේන්දරකාරයෝ පන්නලා දාල ප්‍රයෝගික විසදුම් දෙන්න. මුනිවත රකිමින් ග්‍රහ චාරය හොද වෙනකම් හිටියොත් සියල්ල අවසාන වේවි (නි)
මේක තමයි ජිනීවා වලට දැන් හොඳම ශාක්ෂිය... (නි)
මට පෙනෙන්නේ ඇන්ටන්ගේ මොළේ අවුලක් කියලා (නි)
තවත් විශිෂ්ට ඡන්ද ප්‍රතිපලයක්. අනේ පව් අහිංසක කොල්ලා. (නි)
කැපුවත් නිල් කැපුවත් කොළ වෙන්නේ නැතුව අවස්ථාවට සුදුසු විදියට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුරුදු වෙන්න (නි)
ඇඩෙනවා මට මේවා දකිනකොට (නි)
ජීවතුන් අතරේ හිටියා නම් අද විභාගේ ලියන්න හිටිය මේ සොහොයුරාට අද මිනි පෙට්ටියකට වෙලා ඉන්න තියෙන්නේ , මේ වතුර ප්‍රශ්නය වවාගෙන කාපු අය නිසයි. (නි)
මේ අහිංසක මනුස්සයෝ පුළුවන් තරම් සාමකාමිව ප්‍රශ්නය විසදාගන්න බැලුවා. විසදුමක් ලැබුනේ නැති හින්දා තමා පාර හරස් කළේ. පොලිසියට වඩා අපි හමුදාවට ආදරය කළා. දැන් බලනකොට දෙකම එක වගේ. (නි)
රට ජාතිය බේරා ගත් රණවිරුවන්ට බනින්න එපා. මෙතන ඒ අයගේ වරදක් කියලා කියන්න බැහැ. අපි දැකපු විදියට කාට හරි ඕනෑ වුනා ජනතාව කුලප්පු කරලා හමුදාවත් එක්ක ගැටුමක් ඇති කරන්න. ඒකනේ පෙට්‍රල් බෝම්බ එහෙම ලැහැස්ති කරගෙන හිටියේ..ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඒ වුණාට මේ අහිංසක ළමයාගේ ජීවිතේ නැති වුණා (නි)
තවත් අපේ ඡන්දෙ දෙන්නේ ඇයි? අසරණ මනුස්සයන්ගේ ජිවිත? කිසිම අනුකම්පාවක් නැහැ. ලංකාව හොදටම නැති වෙලා තියෙන්නේ. (නි)
බන්දුල කියන්නේ ආණ්ඩුවට ආවඩන ගැත්තෙක්. (නි)
බලනකොට බහුතරයක් ඉන්නෙ මිනිස්සු නෙමෙයිනේ (නි)
නුබ නිසා අවුරුදු 60 තිස්සේ කරන්න බැරි උණු, පක්ෂ පාට නොමිතිව වෙලිවෙරියේ ජනතව එක්කලා ...... මල්ලි ඔබට නිවන් සුව පතමි .......... වෙඩේ කරපුඅයට හා අනු බල දුන් අයට හෙන 7ම පතමි ......
මල්ලියේ, නුඹට නිවන් සුව! (නි)
මේ වගේ රටක ආයේ උපදින්න එපා. මිනිස්සු දැන් ලංකාව දාලා යන්නේ ඇයි? මේ රටේ ඉන්න බැහැ, රටේ නීතියක් නැහැ, මන්ත්‍රී කෙනෙකුටවත් නැහැ මේ වගේ සෙනග.... (නි)
රටට ගිය කල
රටට ගිය කල! (නි)
මේ රට අරාජික කරන්න කරපු උපක්‍රමයක් මේක.. (නි)
අනාගත පරපුරේ තුන් දෙනෙක් නේද මේ මැරුවේ? මේ දරුවන්ගේ දෙමව්පියෝ කොහොම දරා ගන්නද මේ දුක...දරුවනේ....උඹලට නිවන් සැප ලැබේවා!! (නි)