IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විභාගයට දවසකට කළින් සිසුවා යන්න යයි

 වැලිවේරිය නගරයේදී  යුද  හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය  වැලිවේරිය නැදුන්ගමුවේ   පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන්  පෙරේරා  සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත්  මරණ පරීක්ෂණය  අද (04) දහවල්  ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී  සිදු විය.

මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ්  ග්‍රේ  මහතා මෘත ශරීරාගාරයට පැමිණ  මුලික පරික්ෂණයක් පැවැත්වීය.

ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ  දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත  අ පො ස උසස් පෙළ  විභාගය සදහා මුහුණ දීමට  සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.

ශාන්ත පීතර විදුහලේ  විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ  මොහු විදුහලේ  කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි. ක්‍රිඩාවට මෙන්ම   අධ්‍යාපනයටද  දක්ෂයකු බවත් පියතුමා  කිවේය. තමන් උසස්පෙළ  විභාගයෙන්  උසස් ලෙස සමත් වී  පාසලට  ගෞරවයක්  ලබා දෙන බවට  නිතර කියා සිටි සිසුවකු බවත් මෙම මරණය දරාගත නොහැකි බවත් පියතුමා එසැණ හා පැවසීය.



අදහස් (0)

විභාගයට දවසකට කළින් සිසුවා යන්න යයි

දේශපිය Monday, 05 August 2013 02:48 PM

බන්දුල කියන්නේ ආණ්ඩුවට ආවඩන ගැත්තෙක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 09:29 AM

බන්දුල ඔයත් හමුදාවේ වගේ පේන්නේ! තමුන්ගේ මල්ලි/අය්යා/අම්ම/තාත්තට උනානම් ඔය අදහස එක වෙනස් වෙයි නේද? (ස)

:       0       0

ටිකිරි Sunday, 04 August 2013 10:48 PM

මෙම අපරාද වලට අනුමැතිය දුන්, ක්‍රියාත්මක කළ අයට කවදා හෝ දඩුවම් ලැබේවි (නි)

:       0       0

පෙරේරා Sunday, 04 August 2013 06:50 PM

ඇන්ටන් , මෝඩ අදහස් දාන්න එපා. විදුහලේ විනය මේකට සම්බන්ද වෙන්නේ කොහොමද. මේ දරුවා පන්ති ගිහින් එනකොට මේකට මෙදිවෙලා තියෙන්නේ.

:       0       0

නිහාල් Saturday, 10 August 2013 10:19 PM

මේ රට අරාජික කරන්න කරපු උපක්‍රමයක් මේක.. (නි)

:       0       0

විමල් Sunday, 04 August 2013 10:59 PM

මේ කාර්යයට හවුල් වූ සියල්ලන්ටම දඩුවම් ලැබේවා! (නි)

:       0       0

චමීර Monday, 05 August 2013 09:49 AM

බන්දුලට ළමයි නැහැ. ඒ හින්දා ඔයගොල්ලො මෙයාගෙ අදහස් ගණන් ගන්න එපා. (නි)

:       0       0

නදීෂා Monday, 05 August 2013 09:54 AM

බන්දුල, හරියට වුණ දෙයක් දන්නේ නැතිව කියවන්න එපා. මේ මිනිස්සු පාරට ආවේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලගන්න. ඒ වෙලාවේ රජය නිහඩව ඉන්නේ නැතුව විසදුමක් දුන්නා නම් අද මේ ජිවිත මේ විදියට නාස්ති වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. දැන්වත් තමන්ගේ ඡන්දෙ හරියට පාවිච්චි කරන්න. (නි)

:       0       0

ලලිත් Sunday, 04 August 2013 07:11 PM

රජෙය යුද්දෙකට යන්නේ මේ මිනුස්සු යද්ද කරන්න අව වගේ, ආවේ වතුර ටිකක් ඉල්ලගෙන . මේ රජය පත් කල් මිනුස්සු. අනිත් අයට මොන කතාද (දී)

:       0       0

කුමාර Sunday, 04 August 2013 07:11 PM

වෙඩිතියන්න ඔහු කල වරද මොකද්ද ? මරන්න තරමටම දේශද්‍රෝහී වැඩක් කරලද ? එහෙනම් ඔය රට පාවල දුන්න, කුඩු ජාවාරම් කරන,මිනී මරණ ඇමති මන්ත්‍රීවරුනටත් වෙඩි තියලා මරනවද ? සිසුවා යම් වරදක් කර තිබුනානම් පුනුරුත්තාපනය කරන්න තිබුනනේ විබාගෙන් පසුව. සිසුවාට නිවන් සුව ලැබේවා !! (දී)

:       0       0

සීතා Saturday, 10 August 2013 10:32 PM

අනාගත පරපුරේ තුන් දෙනෙක් නේද මේ මැරුවේ? මේ දරුවන්ගේ දෙමව්පියෝ කොහොම දරා ගන්නද මේ දුක...දරුවනේ....උඹලට නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

දහම් ලියනගේ Sunday, 04 August 2013 07:18 PM

දැන් බෝම්බ පිපිරෙන්නේ නැති නිසා කවුරුත් වීරයෝ වෙලා සෙල්ලම් දානවා. අහක ඉන්න අහිංසකයෝ මැරෙනවා. (දී)

:       0       0

රෂ්මි Monday, 05 August 2013 10:00 AM

කළා ඔයා හරියට හරි.(ස)

:       0       0

රුවන් Sunday, 04 August 2013 07:20 PM

මේවා අපි කාටද කියන්නේ මගේ දෙයියෝ ...... මේවා කල මිනිස්සුන්ට මේ ලෝකෙදීම මේවා පටිසන් දෙන්න ඕනේ (දී)

:       0       0

රනිල් Sunday, 04 August 2013 07:23 PM

මීට හොඳයි දෙයියනේ කොටි බෝම්බෙකට අහුවෙලා මලානම්. (ස)

:       0       0

ජනිත් Monday, 05 August 2013 10:09 AM

කියන්න නම් දෙයක් නෑ.... අපිත් ඡන්දෙ දුන්නනේ ඉතින්(ස)

:       0       0

පීටර් Monday, 05 August 2013 10:09 AM

මේකෙන් වෙන්නේ හමුදාව උතුරේ මානුෂික මෙහෙයුමක්ම විතරක් නෙමෙයි කරලා තියෙන්නේ කියලා ඔප්පු වෙන එක නොවේද? (නි)

:       0       0

කර්තේලිස් Sunday, 04 August 2013 11:41 PM

වගකිවයුත්තන් හට මේවට වගකියන්නත් වෙයි. (නි)

:       0       0

සිල්වා Sunday, 04 August 2013 07:36 PM

අපෙන් කිසිම උදව්වක් දෙන්නේ නැහැ නැවතත් හමුදාවට (නි)

:       0       0

ඉන්දික Sunday, 04 August 2013 07:37 PM

සොයුර, ඔබට නිවන් සුව. (නි)

:       0       0

අසාද් Monday, 05 August 2013 03:42 PM

බලනකොට බහුතරයක් ඉන්නෙ මිනිස්සු නෙමෙයිනේ (නි)

:       0       0

ජනක Monday, 05 August 2013 12:10 AM

අපරාදේ දුප්පත් අහිංසක ජීවිත! ඇයි දෙවියනේ මේ වගේ වෙන්න දෙන්නේ? (නි)

:       0       0

ප්‍රියංකර Sunday, 04 August 2013 07:47 PM

ඒ අම්මා තාත්තා ගැන හිතන්න පොඩ්ඩක් (දී)

:       0       0

නුවන් Monday, 05 August 2013 12:11 AM

මේවට පියවරක් ගන්න බැරිද? ඡන්දය විතරද ඕනෑ? (නි)

:       0       0

කුමා Monday, 05 August 2013 03:50 PM

නුබ නිසා අවුරුදු 60 තිස්සේ කරන්න බැරි උණු, පක්ෂ පාට නොමිතිව වෙලිවෙරියේ ජනතව එක්කලා ...... මල්ලි ඔබට නිවන් සුව පතමි .......... වෙඩේ කරපුඅයට හා අනු බල දුන් අයට හෙන 7ම පතමි ......

:       0       0

මාලක Monday, 05 August 2013 12:21 AM

ඉදිරියට බලාගෙන ඉන්න. තව හොද හොද දේවල් වේවි. (නි)

:       0       0

පොඩි Monday, 05 August 2013 10:46 AM

මොවුන් කාණු සුද්ද කරනකොට අපි පවු කිව්වා. දැන්නම් මොවුන්ට මොනවා වුණත් කමක් නැහැ (නි)

:       0       0

කළා Monday, 05 August 2013 12:37 AM

මේවා කරපු අය විදවන හැටි බලන්න අපිට ලැබෙයිද දන්නේ නැහැ. වෙන්න තියෙන හැම දුකක්ම ලැබෙන්න ඕනෑ. ඔය වෙඩි තිබ්බේ ලොකුසල්ලිකාරයින්ගේ දරුවන්ට නෙමෙයි, දුප්පත් අම්මා තාත්තලාගේ දරුවෝ. අහෝ පුතා! ඔයා හදපු වදපු අම්ම තාත්තගේ හදෙහි පත්තුවෙච්ච ගින්දර කවදාහරි ඔයාට ගිනිපිඹින්න අණදීපු අයට එනවාමයි. ඔබට නිවන් සුව (නි)

:       0       0

මහේෂ් පෙරේරා Monday, 05 August 2013 10:47 AM

විද්‍යුත් මාධ්‍යයත් නිර්වින්දනය කරලා. (නි)

:       0       0

පාලිත Sunday, 04 August 2013 04:24 PM

මේ පොඩි එකා මොන වරදක් කලාටද ජීවිතෙන් වන්දි ගෙව්වේ. මේවා කාගේ කොහේ වැරදිද?????. (ස)

:       0       0

ප්‍රසාද් Sunday, 04 August 2013 04:26 PM

මගේ මල්ලි වගේ. මේවා කරපු අයට හෙන හතක් ගහනවා මේ කරපු අපරාදෙට. ඔයාලගේ දරුවෙක්, සහෝදරයෙක් උනානම් තේරෙයි, බොරුවට පක්ෂ දේශපාලනේ නැතුව බුද්ධිමත් වෙන්න. අපේ රණවිරුවන්ට අපේ මාධ්‍යයයි, මේ අහිංසක මිනුස්සුයි කොච්චර උදව් කලාද ? (නදී)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 08:07 PM

අසවලා මොකද දන්නේ නැහැ කරන්නේ මේ වෙලාවේ. (නි)

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 12:59 AM

අනේ දෙවියනේ! මොකක්ද මේ කරලා තියන අපරාධය? (නි)

:       0       0

තුෂාර Sunday, 04 August 2013 08:11 PM

මර්වින් ඇමතිතුමනි,ඔබේ පුතාට ගැහුවම ඔයාට කොච්චර රිදුනද ? මේ මරණ වලට කෝ ඔයාගේ කට? (නි)

:       0       0

වජිර Sunday, 04 August 2013 04:31 PM

මේ අහිංසකයන්ව මරන්න නියෝග දුන්න අයට මේවා පලදේවි.(නදී)

:       0       0

බුද්දිකා Sunday, 04 August 2013 04:32 PM

මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)

:       0       0

චන්දා Sunday, 04 August 2013 04:33 PM

උඩම පොටෝ එක නවනී පිල්ලේ නෝනට යවන්න රාමුකර ගෙනෙයි. ලගදී එනවා ලංකාවට

:       0       0

ගිරවා Monday, 05 August 2013 11:02 AM

මැර අයනේ ඉන්නේ ඉතින් හිතක් පපුවක් කොහෙන්ද

:       0       0

ගිම්හානි Tuesday, 06 August 2013 01:04 PM

රටට ගිය කල

:       0       0

වී එස් Sunday, 04 August 2013 04:37 PM

මරපු පිරිසට හෙන ලැබේව.(දී)

:       0       0

මොහාන් ලාල් Monday, 05 August 2013 11:19 AM

බන්දුලත් අර 2500කින් පවුලක් කාලා බීලා ඉන්න පුළුවන් කියපු කෙනාගේ අයෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දසුනි Monday, 05 August 2013 02:22 AM

හමුදාව කිව්වට කවදාවත් තුවක්කුවක් අල්ලලා නැහැ වගේනේ. අහසට වෙඩි තියලා තියෙන හැටි තමා මේ. (නි)

:       0       0

ෆෛළෙර් Sunday, 04 August 2013 04:49 PM

හෙන හතම ගහන්න ඕනේ ..... මෙහෙම කරන අපරාද...ලැබේවි...

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:53 PM

සටහන් කරගන්න ඉන්න කට්ටිය දැක්කාම හිතෙන්නේ වැරදි කාරයෝ හිටුවා පස් ගහය් හියලා.ඕවා කරන්න තිබුනේ මීට ඉස්සර.

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් ඔස්ට්‍රලිය Sunday, 04 August 2013 04:54 PM

උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරපන් පුතේ (දී)

:       0       0

කමල් Sunday, 04 August 2013 04:59 PM

කවුද මේ චන්ද කියල කියන්නේ හිතක් පපුවක් නැති කෙනෙක්ද, මේ දරුවා දකිනකොට මානව හිමිකම් තිබිය යුතුයි කියල හිතෙන්නේ නැද්ද, ඇයි අපේ රටේ මිනිස්සු මේ තරම් දරුණු විදිහට පක්සෙකට ගැති, අද මොහුට හෙට ඔබට වෙන්න බැරි නැහැ. (දී)

:       0       0

සිසිර Sunday, 04 August 2013 08:39 PM

මොක්කක් හරි හදල පිළිතුරක් දාවි ගොනාට අන්දවන්න (අ)

:       0       0

සුප්‍රා Monday, 05 August 2013 11:47 AM

පාලකයනි, වටේ ඉන්න සාස්තර , කේන්දරකාරයෝ පන්නලා දාල ප්‍රයෝගික විසදුම් දෙන්න. මුනිවත රකිමින් ග්‍රහ චාරය හොද වෙනකම් හිටියොත් සියල්ල අවසාන වේවි (නි)

:       0       0

පුබුදු Sunday, 04 August 2013 08:40 PM

රටෙහි පිරිහිමද මේ ? (නි)

:       0       0

ප්‍රිය Tuesday, 06 August 2013 12:08 AM

මේ වගේ රටක ආයේ උපදින්න එපා. මිනිස්සු දැන් ලංකාව දාලා යන්නේ ඇයි? මේ රටේ ඉන්න බැහැ, රටේ නීතියක් නැහැ, මන්ත්‍රී කෙනෙකුටවත් නැහැ මේ වගේ සෙනග.... (නි)

:       0       0

සාලිය Sunday, 04 August 2013 05:02 PM

උතුරේ ත්‍රස්තවාදය අවසන් උනාම අපි ඔබලාට පින් දුන්නා ඔබලාම එය විනාශ කරගත්ත (දී)

:       0       0

ධනුෂ්ක Monday, 05 August 2013 11:53 AM

මේක තමයි ජිනීවා වලට දැන් හොඳම ශාක්ෂිය... (නි)

:       0       0

විජයබා Sunday, 04 August 2013 05:05 PM

වැදී ගෝත්‍රික අසීලාචාර මිනීමරු සමාජයක මිනිස්සු වර්ගයක් තවම ශ්‍රී ලංකාව කියන රටේ ඉන්නවා කියල ලෝක ජන මතයක් ඇතිවීම දැන් වලක්වන්න බැහැ. රටේ බල තුලනයක් නැතිවීම මීට එක හේතුවක්.

:       0       0

ප්‍රිය Sunday, 04 August 2013 08:53 PM

කිසිම අම්ම කෙනෙකුට මේවගේ දුකක් නොමවේවා, කාලකන්නි ඉන්න රටක් මේ ශ්‍රීලංකාව, සුනාමි, භූමිකම්පා අවේ නිකන් නෙමේ. පව් කාරයෝ ඉන්න නිසා, මේකද ලංකාවේ ආශ්චර්ය, මිනිස්සු නිකන් නෙමේ රට දාල යන්නේ,අපි හරි පව් කාරයෝ මේ වගේ දේවල් අහන්න (අ)

:       0       0

රනිල් Monday, 05 August 2013 05:50 AM

මේගොල්ලෝ අහසට වෙඩි තියෙනකොට මෙහෙම පොළොවේ ඉන්න මිනිස්සුන්ට වදිනවා නම් මට පෙනෙන විදියට අහස පොලොව අදුරන්න බැරී පිරිසක් තමා එදා වැලිවේරියට එවලා තියෙන්නේ.කිවුවෙ නම් අවම බලය පාවිච්චි කළා කියලා. ඒකත් වැරදිලාද කොහෙද? අනේ මන්දා! මෙච්චරටම වරදින ආරක්ෂක නිලධාරීන් ඉන්න රටක් ජීවත්වෙන එකත් හරි බයයි.මෙහෙම කිවුවේ තරහට නෙමෙයි. හිතේ තිබෙන දුකට.මියගිය අයට නිවන්සුව!රෝහල්ගත වූවන්ට ඉක්මන් සුවය! (නි)

:       0       0

අමිත් Monday, 05 August 2013 11:59 AM

මට පෙනෙන්නේ ඇන්ටන්ගේ මොළේ අවුලක් කියලා (නි)

:       0       0

වංශ Sunday, 04 August 2013 05:10 PM

විදේශීය කුමන්ත්‍රණකාරයෝ ගමේ මිනිස්සුන්ට සල්ලි දීලා, තමුන්ගේ ලින් වලට ඇසිඩ් දම්මවලා, බොරු උද්ගෝෂණයක් තියලා, හමුදාවේ රණවිරුවෝ උතුරේදී කරපු (මානුෂීය) සටන්වල වීඩියෝ ජනමාද්‍ය වෙත යවලා, ගමේ මිනිස්සු ගහගෙන මැරිච්ච අයව පාසල් සිසුන් කියලා පෙන්නලා මේ රට අරාජික කරන්න කරපු උපක්‍රමයක් මේක..(හෙට කව්රුහරි උත්තමයෙක් මෙහෙම කිව්වටවත් එක දොහොත් මුදුනින් පිළිගෙන අපේ රටේ ජනතාව මේ හැම දෙයක්ම අමතක කලාටවත්, පුදුම විය යුතු නැත..) (දී)

:       0       0

අරුණ Sunday, 04 August 2013 08:57 PM

ලොකු අයට ලැම්බෝගිනි.අපේ අහිංසකයන්ට වතුරත් නැහැ. (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 04 August 2013 05:11 PM

හෙන ගහපන් කල අයට (දී)

:       0       0

අබේ Sunday, 04 August 2013 05:13 PM

පාලකයනි!!! මේ රටට මොනවාද නුබලා කරන්නේ..නුබලාට චන්දෙ දුන්නේ මේ අහිංසක මිනිසුන් මරන්නද.?.රටේ අනාගත පරපුරේ තුන් දෙනෙක් නේද මේ මැරුවේ..මේ දරුවන්ගේ දෙමව් පියෝ කොහොම දරා ගන්න්නද මේ දුක...දරුවනේ....උඹලට නිවන් සැප ලැබේව!!!.මේ දේ කරන්න අණදුන් අයටත්,කරපු උන්ටත් හෙන හතම ගහන්න ඕනේ...... (දී)

:       0       0

රම්පා Sunday, 04 August 2013 05:14 PM

මේවා කරපු අයට හෙන හතම වදින්න ඕනිජරාම හමුදාවක් තමයි දැන් අපිට ඉන්නේ මනුස්සකමක් නැති නුබලාට හෙන ගහනවා අනාගතේ රට බාරගන්න ඉන්න වටිනා ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට (දී)

:       0       0

ක්‍රිෂ් Sunday, 04 August 2013 05:19 PM

සුබ අනාගතක් .. (දී)

:       0       0

රොෂාන් Monday, 05 August 2013 12:13 PM

තවත් විශිෂ්ට ඡන්ද ප්‍රතිපලයක්. අනේ පව් අහිංසක කොල්ලා. (නි)

:       0       0

ලන්කන් Monday, 05 August 2013 05:18 PM

මල්ලියේ, නුඹට නිවන් සුව! (නි)

:       0       0

අමිල Monday, 05 August 2013 06:53 AM

මේ මිනිසුන්ව නුවර පාරට යවපු අය කව්ද ? ඒවා ගැන කව්රුවත් කතාකරන්නේ නැහැ. මේ ප්‍රදේශයේ පොලව ඇතුලේ තිබෙන ගස් වතුර එක්ක එකතු වුණත් ඇසිඩ් එක හැදෙන්න පුළුවන්. ඒක ගැන කව්රුවත් බැලුවද? (නි)

:       0       0

කමල් Sunday, 04 August 2013 09:16 PM

වගකිවයුත්තන්ට ශාප වේවා! (නි)

:       0       0

පි ඩි විදානගේ Sunday, 04 August 2013 05:27 PM

තමාගේ ළමයකුට මෙවන් විපතක් වුන්නම , වෙඩි තියපු අය මොනවද හිතන්නේ, ක‍රන්නේ ? (දී)

:       0       0

අසිත් කුමාර Sunday, 04 August 2013 05:29 PM

මේවා දෙවියෝම බලාගනිවි. (ස)

:       0       0

ක්‍රිෂ් Sunday, 04 August 2013 05:31 PM

මෙම අපරාද වලට අනුමැතිය දුන්, ක්‍රියාත්මක කල අය පිටුපස කර්මය හා හර්දශාක්ෂිය පැමිණේ කිසිදා ගැලවීමක් නැත

:       0       0

ගයාන් Sunday, 04 August 2013 05:32 PM

උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරන්න පුතේ (දී).

:       0       0

අජන්ත Sunday, 04 August 2013 05:32 PM

මෙච්චර වෙලත් ගැඩවිල්(කොන්ද පන නැති ) මාධ්‍ය මොකද කරන්නේ?,එකක් දෙකක් ඇරෙන්න් .කෝ සත්‍ය ,කෝ නිදහස් ස්වාදීන මාධ්‍ය . (දී)

:       0       0

ඇන්ටන් Sunday, 04 August 2013 05:33 PM

විදුහලේ විනය හරියට තිබුනානම් මෙවෙනි මරණයක් කිසිදාක සිදුනොවෙන්න තිබිණ . (දී)

:       0       0

අකිල Sunday, 04 August 2013 05:34 PM

වැරදි කරුවන්ව එල්ලුම් ගහට යවන්න ඕන (දී)

:       0       0

ලලින් Sunday, 04 August 2013 09:28 PM

ඇන්ටන්, තමන්ගේ ඔලුව නරක් වෙලාද? ඒ ළමයා උපකාරක පන්තියකට ගිහින් එන ගමන් වෙඩි වැදිලා තියෙන්නේ. ඒක පාසලේ විනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන්වත් කන්නාඩි දෙකක් ගන්නවා පත්තර බලන්න. (නි)

:       0       0

අකිල Sunday, 04 August 2013 05:34 PM

මේ වගේ අදීන වැඩ නොකරන හොද ලොවක ඉපදේවා පුතේ (දී)

:       0       0

කැනඩා දිසා Monday, 05 August 2013 07:29 AM

දේශපාලළුවනි, පොඩ්ඩක් හිතන්න. මේ අසරණ දෙමව්පියනුත් දහසක් පියලි මේ අසරණ පුතා ගැන හිතේ තියාගෙන හිටි බව. (නි)

:       0       0

සංජීව Sunday, 04 August 2013 05:45 PM

ඔබට නිවන් සුව පැත්තේ නෑ..එත් උපදින මතු අත්මයකවත් මෙවන් තිරිසන් මිනිසුන් අතර නොඉපදෙන්න කියල ප්‍රර්ථනා කරනවා...(දී)

:       0       0

ටුආන් Monday, 05 August 2013 01:13 PM

කැපුවත් නිල් කැපුවත් කොළ වෙන්නේ නැතුව අවස්ථාවට සුදුසු විදියට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුරුදු වෙන්න (නි)

:       0       0

හුමන් Sunday, 04 August 2013 05:46 PM

කෝ මේ රටේ බලදහරින් (දී)

:       0       0

මුන්නා Monday, 05 August 2013 01:13 PM

ඇඩෙනවා මට මේවා දකිනකොට (නි)

:       0       0

රොෂාන් Sunday, 04 August 2013 05:46 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

සත්යා Sunday, 04 August 2013 09:39 PM

සාපවේවා......(අ)

:       0       0

මනෝ Sunday, 04 August 2013 05:48 PM

බොරුවට ළමයි හුරතල් කලාට මදි මේවට වගකියන්නත් වෙයි (දී)

:       0       0

සුජිත් වෙරෝනා Sunday, 04 August 2013 05:48 PM

තවමත් අපේ රටේ හුගක් මිනිස්සුන්ට වෙච්ච දෙය ගැන හැගීමක් නැහැ වගේ.හුගක් පළාත්වල මිනිස්සුන්ට ගානක්වත් නෑ.දැන් වත් විපක්ෂයට බැන බැන ඉන්නේ නැතුව මේ අයව අපේ රටින් අතුගාල දන්නා හිතට ගමු.(දී)

:       0       0

ලලීන් Monday, 05 August 2013 07:51 AM

බන්දුල, දන්න දෙයක් කතා කරනවා හලෝ. ඒ ළමයා උපකාරක පන්ති ඇරිලා නුවර පාරෙන් එන්නේ නැතුව වෙන කොහෙන් එන්නද? තමුන් දන්න වැලිවේරිය. (නි)

:       0       0

කපිල Sunday, 04 August 2013 05:55 PM

මේවා කරපු අයට හොදක් වෙන්න එපා (දී)

:       0       0

බන්දුල Sunday, 04 August 2013 09:59 PM

හමුදාවට බනින අය නිකමටවත් මේ උද්ඝෝෂණය පාරවල් හරස් නොකර සාමකාමීව පැවැත්වූවා නම් මේ ළමයා තාමත් ජීව්වතුන් අතර කියලා කියන්නේ නැහැ.නුවර පාරට මෙයාලව යවපු අය ගැන වචනයක්වත් නැහැ. කට්ටිය දැන් කතා කරන්නේ හරියට ප්‍රබාකරන්ව අපහු ගෙන්නා ගන්න පුලුවන්නම් ගෙන්නා ගන්න ගානට. පුදුම මිනිස්සු ටිකක් ඉන්නේ. (නි)

:       0       0

අමර Sunday, 04 August 2013 05:59 PM

මෙවන් තිරිසන් මිනිසුන් අතර ඉපදීම පාපයක්. මම හමුදා නිලධාරියෙක් නම් යුනි‍පෝම් එක ගලවලා දාලා ගෙදර යනවා.(දී)

:       0       0

හිරා Monday, 05 August 2013 08:21 AM

පියතුමත් ඇවිල්ලා තියෙන්නේ... (නි)

:       0       0

කමල් Monday, 05 August 2013 01:51 PM

ජීවතුන් අතරේ හිටියා නම් අද විභාගේ ලියන්න හිටිය මේ සොහොයුරාට අද මිනි පෙට්ටියකට වෙලා ඉන්න තියෙන්නේ , මේ වතුර ප්‍රශ්නය වවාගෙන කාපු අය නිසයි. (නි)

:       0       0

අර්ෂා Monday, 05 August 2013 08:27 AM

හමුදාව අවම බලය පාවිච්චි කළ හැටි? කව්ද හමුදාවට වෙඩි තියන්න අණ දුන්නේ ? මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවනකම් නිලධාරීන්,බලධාරීන් කොහෙද හිටියේ ? දැන්වත් ගම්පහ මෝඩ ජනතාව ලබන ඡන්දෙයෙදීවත් කතිරය හරිහැටි ගැසීමට අදිටන් කරගත යුතුයි. (නි)

:       0       0

රොහාන් Sunday, 04 August 2013 06:04 PM

මේකට බලධරයින් මොනවද කියන්න? (දී)

:       0       0

නන්ද Sunday, 04 August 2013 10:13 PM

මේ අපරාධ වලට ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබේවි වැරදිකරුවන්ට. එහෙත් මේ වගේ රත්තරන් දරුපැටියෙක් අහිමි වුණු ඒ අසරණ මව්පියන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට මිතුරන්ට ඇතිවන්නේ කොයිතරම් දරුණු වේදනාවක්ද? මේ වගේ අපරාධ වෙනවා දකින්න අහන්න ලැබෙන්න අපිත් මහා පව් කන්දරාවක් සංසාරේදී කරන්න ඇති. (නි)

:       0       0

චමින්ද Monday, 05 August 2013 01:53 PM

මේ අහිංසක මනුස්සයෝ පුළුවන් තරම් සාමකාමිව ප්‍රශ්නය විසදාගන්න බැලුවා. විසදුමක් ලැබුනේ නැති හින්දා තමා පාර හරස් කළේ. පොලිසියට වඩා අපි හමුදාවට ආදරය කළා. දැන් බලනකොට දෙකම එක වගේ. (නි)

:       0       0

සංජීව Tuesday, 06 August 2013 04:26 PM

රටට ගිය කල! (නි)

:       0       0

චන්දා Monday, 05 August 2013 08:46 AM

බැලු බැල්මට සියලු දොස් පරොස් හමුදාවට. (නි)

:       0       0

ෆොන්සේකා Monday, 05 August 2013 02:11 PM

රට ජාතිය බේරා ගත් රණවිරුවන්ට බනින්න එපා. මෙතන ඒ අයගේ වරදක් කියලා කියන්න බැහැ. අපි දැකපු විදියට කාට හරි ඕනෑ වුනා ජනතාව කුලප්පු කරලා හමුදාවත් එක්ක ගැටුමක් ඇති කරන්න. ඒකනේ පෙට්‍රල් බෝම්බ එහෙම ලැහැස්ති කරගෙන හිටියේ..ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඒ වුණාට මේ අහිංසක ළමයාගේ ජීවිතේ නැති වුණා (නි)

:       0       0

කපිල Monday, 05 August 2013 08:52 AM

බොන්ට වතුර ඉල්ලුවේ.... මහරජාණනි..!! (ස)

:       0       0

සජිත් Sunday, 04 August 2013 06:21 PM

මේවා දකින කොටමොනවා කියන්නද? (දී)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 08:58 AM

මේවට නියම දඬුවම් ලැබේවා ! ලැබේවා ! (ස)

:       0       0

ප්‍රියාන් Sunday, 04 August 2013 06:24 PM

මෙයාල වතුර ඉල්ලපු මිනිස්සුන්ට මේ විදියට සැලකුව නම් ...........ඔයාට නිවන් සුව පතමි. (දී)

:       0       0

මලින්ත Sunday, 04 August 2013 10:35 PM

වරද විදුහලේ විනය පිළිබදවයි කී ඇන්ටන් මහත්මයාගේ එම ප්‍රකාශය තරයේ හෙලා දකිමි. වතුර ඉල්ලූ මිනිසුන්ට වෙඩි තැබූ මෙම කෲර ක්‍රියාව හේතුවෙන් අද තවත් අහිංසක ජීවිතයක් විනාශවීම ගැන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලජ්ජාවට පත් වෙමි. උගන්ඩාවට මුදල් වැලිවේරියට වෙඩි..!!! ආඩම්බරයි! (නි)

:       0       0

අශෝක Monday, 05 August 2013 02:27 PM

තවත් අපේ ඡන්දෙ දෙන්නේ ඇයි? අසරණ මනුස්සයන්ගේ ජිවිත? කිසිම අනුකම්පාවක් නැහැ. ලංකාව හොදටම නැති වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සමීර Sunday, 04 August 2013 06:38 PM

බලධාරයිනි ඔබ කොහිද?(දී).

:       0       0

සිසිර Sunday, 04 August 2013 10:37 PM

අහිංසක මිනිස්සුන්ගේ දරුවන් අකාලයේ මියයන රටකය අපිට ජීවත් වන්න වෙලා තියන්නේ (නි)

:       0       0

ප්‍රභූ Sunday, 04 August 2013 10:39 PM

අනේ මන්දා රටකට ගිය කලක්! (නි)

:       0       0

සෙන්සා Monday, 05 August 2013 09:17 AM

මේක කරපු අයටයි කරවපු අයටයි තමන්ටත් දරුවන් ඉන්නවා කියලා මතක් කරලා දෙයි ලෝක දහම. (නි)

:       0       0

මහේෂ් Sunday, 04 August 2013 06:46 PM

රටේ වෙනසක් අවශ්‍යයි (දී).

:       0       0

වජිර Monday, 05 August 2013 09:25 AM

නිරායුධ වැසියන්ට උණ්ඩයෙන් සැලකු රණවිරුවන්ට අපගේ උපහාරය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 284 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1166 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 230 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 468 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 373 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 621 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36778 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site