IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වම විස්සට පක්ෂයි

නව මැතිවරණ  ක්‍රමයක්  හඳුනවා දෙන 20 වැනි  ආණ්ඩ්‍රුකම ව්‍යවස්ථා සංශෝධනයට  සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණය කර  තිබේ.

පවතින මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට  ගෙන එන කේවල හා  අනුපාත මිශ්‍ර ක්‍රමයට තම සහය දෙන බව වාමාංශික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලංකා  සම සමාජ  පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රි ලංකාවේ  කොමියුනිස්ට්  පක්ෂයේ  ප්‍රධාන ලේකම්  ඩිව්  ගුණසේකර  සහ ප්‍රජාත්‍රන්තවාදී  වාමාංශීක පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව  නානයක්කාර  යන මහත්වරු මාධ්‍ය  හමුවක්  පවත්වමින් අද (08) පෙරවරුවේ  පැවසුහ.

කොළඹ 08 , බොරැල්ලේ  පිහිටි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ  දී පැවති මෙම මාධ්‍ය  හමුවට ශ්‍රි ලංකා නිදහස්  පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාද සහභාගී විය.

වැදගත්  ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකා  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයට  පාර්ලිමේන්තුවේදි  ඡන්දය දෙන බව ඔවුහු පැවසුහ.

වාසුදේව නානයක්කාර හා  ඩිලාන් පෙරේරා  මහත්වරුන් පැවසුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ අගමැතිවරයාට  එරෙහි විශ්වාසභංගය ද ඉදිරියට  ගෙන යා යුතු  බවයි.

විශ්වාසභංගය මඟින්  අගමැතිවරයා  ඉවත් කර  එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක්  යටතේ 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගත යුතු  බව ද ඔවුහු පැවසුහ.

RDS_0394 RDS_0418 RDS_0422 RDS_0437



අදහස් (0)

වම විස්සට පක්ෂයි

චන්දන Monday, 08 June 2015 11:58 AM

වමේ කියලා කියන්නේ කට්ටියට වැරදිලද? (ර)

:       0       0

අජිත් Monday, 08 June 2015 12:21 PM

පිටබැද්දර ජයා කියන දෙය 100% ඇත්ත. මේ රටේ මිනිස්සු ගොඩක් බුද්ධිමත්. (ර)

:       0       0

චන්න Monday, 08 June 2015 01:08 PM

පිටබැද්දර ජයා හරි. පුලාරා වගේ අයට මේවා තේරුම් ගන්න අමාරුයි. (ර)

:       0       0

නිකී Monday, 08 June 2015 01:44 PM

පිටබැද්දර ජයාගේ අදහස මමත් අනුමත කරනවා. (ර)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:23 PM

මෙහෙම එක එක වෙලාවට එක එක කතාවල් කියවෙන්නේ අර මොනවද ඇට කාපුවම ? (අ)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 08:38 AM

ගැටලුව ජනපති 20 ට වඩා අගමැතිට මනාප වේ (නදී)

:       0       0

සේන Monday, 08 June 2015 08:48 AM

දැන් ආණ්ඩුව පෙරලලා විස්ස අනුමත කරගෙන ලකුණු දාගන්න බැලුවාට ඔයාලා කරපු වැඩ අපිට මතකයි සර්. (නදී)

:       0       0

විජයබාහු Monday, 08 June 2015 09:05 AM

සේනට එච්චරමද මතක (ම)

:       0       0

හෆීල් Monday, 08 June 2015 09:06 AM

අර වාසුට යාන්තම් හරි දැන් බුද්ධිය එවිල්ල වගේ. අනේ පව්.(ම)

:       0       0

පිවිතුරු Monday, 08 June 2015 09:27 AM

වැල්ලේ මාළිගා (නදී)

:       0       0

පියලාල් Monday, 08 June 2015 09:38 AM

ඉස්සර ආසන ක්‍රමය තුල එක නියෝජිතයයි. ඔහු ඉන්නෙත් අගනුවර එන්නේ සති අන්තයේ බොහොම අඩුවෙනුයි වැඩ කෙරෙන්නේ. මනාප ක්‍රමය ආවාට පසු කිහිප දෙනෙක් මනාපය ගන්න තරගයක්, ගොඩක් වැඩි උනා. අතුරු පාරවල් වලට තාර,විදුලිය,ජලය, ටෙලිපෝන් ගම දියුණු වුනා. ඒ වගේම ආසනයක් දිනා ගන්න බැරිව තුවක්කු තියන් කැලේ දේශපාලනය කරපු අය තුවක්කු අත ඇරලා පාර්ලිමේන්තු ආවා. ආයේ කොහේද යන්න හදන්නේ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 09:46 AM

මෙයාල මුලින් දන්නා සෙල්ලම් සියල්ල දැම්මා මෙයාලට ඕන විදියට මෛත්‍රී ජනපති තුමන් වටේ යවන්න බැරි උනා. මොකද එතුමා දේශපාලන වශයෙන් හොඳට තෙම්පරාදු වෙලා හිටියේ. මෙයාල හිතුවට වඩා ප්‍රඥාවන්ත උනා. පස්සේ බැලුවා ආණ්ඩුව අස්ථාවර කරන්න. උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ රැයක් ගතකරමින් විස්කි බ්‍රැන්ඩි බිවා, බූරු ගැහුවා , සින්දු කිවා, ඩාන්ස් කළා. අගමැති තුමාගේ පුටුවේ වාඩි වෙලා එතුමාව අනුකරණය කළා. තව අගමැති තුමාට නව නිලයකුත් දුන්නා. මේ මොනවා කලත් ජනපති තුමා බුද්දිමත් උනා 19 වැඩි ඡන්දෙන් සම්මත කරගන්න. 20 එහෙමත් එ්කත් සම්මත කරගන්නවා. එ්කට විරුද්ද උනොත් දන්නවා මෙයාල අනාතයි කියලා. මේ හැමෝගෙම නාස් ලනුව තියෙන්නේ ජනපති තුමන් අතෙයි. අදින පැත්තට හැරෙනවා ඇරෙන්න මෙයාලට කරගන දෙයක් නැහැ. 20 සම්මත කරගත්තට පස්සේ ආණ්ඩුව විසුරුවල මහා ඡන්දෙකට යනවා එතකොට විස්වාස බංග මොකටද ? මීළඟ මහා මැතිවරණයේදී මෙයාලට අත් වෙන ඉරනම නම් අති සෝචනීයයි. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Monday, 08 June 2015 09:56 AM

ඩිලාන් පෙරේරා මහතාගේ පියා මෙම රජය යටතේ සබරගමු පළාත් ආණ්ඩු කාර ධුරය දැරීම සදාචාරාත්මකද ? (නදී)

:       0       0

අර්ජුන රණවන Monday, 08 June 2015 10:03 AM

විරුද්ධ වුණොත් මෙයාල අනාතයි මීළඟ මහා මැතිවරණයේදී මෙයාලට අත් වෙන ඉරනම නම් අති සෝචනීයයි (ම)

:       0       0

පුලාරා Monday, 08 June 2015 10:08 AM

පිටබැද්දර ජයා කියන්නෙත් තවත් පුදුම චරිතයක්. බුද්ධිය කාර්පට් නොකළ පාරක අනතුරක් වෙලා. මේ බුද්ධිමතා කියනවා වරද මාර්ග කාර්පට් කළ එකලු. එතරම්ම දේශපාලන රෝගියෙක්. ප්‍රතිපලය සැමදාම කෝපයෙන් පිපිරෙමින් ජීවත්වීම. ඔබට ඉක්මනින් නිරෝගී සුවය පතමි. (ම)

:       0       0

සුමිත් Monday, 08 June 2015 10:16 AM

ලබු සහ වට්ටක්ක එකතු වෙලා වගේ , මෙයාලට ඊලඟ ඡන්දෙදි වෙන දේ එයාලවත් දන්නේ නැහැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 312 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1032 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1008 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 517 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1070 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1789 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36968 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24377 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site