IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.
 



අදහස් (0)

විමල් වීරවංශ අත්අඩංගුවට

මංජුල Tuesday, 10 January 2017 07:00 AM

මේ රජය භංගවේවා! දෑ හිතකාමී දේපාලන නායකයින් බොරු චෝදනා නඟමින් කරනු ලබන දේශපාලන දඩයම වහා නවතවු! (නි)

:       0       0

චමල් Tuesday, 10 January 2017 07:09 AM

මොන ලෙඩේද එයාට හැදෙන්න තියෙන්නේ? (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 10 January 2017 07:08 AM

මගෙ අම්මේ! පැය පහක් තිස්සෙ අහන්න දෙවල් තියනවද වාහනයක් අවභාවිතය ගැන? ඒ කියන්නෙ මේක බොහොම අකාර්යක්ෂම ප්‍රශ්න කිරීමක්නෙ. බැඳුම්කර මගඩිය මොන කජ්ජක්ද? ඒ වගේද විමල්ගෙ කට්ටිය වාහනයක් අවභාවිතා කරපු ඒක රටට මොනතරම් පාඩුවක්ද? ඔහොම යං ඔහොම යං.... (නි)

:       0       0

සරත් Tuesday, 10 January 2017 07:13 AM

දැඩි දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

සමන්ත Tuesday, 10 January 2017 07:17 AM

හිරේ දැම්මයි කිලයා අපේ සල්ලි වලින් සැප දෙන්න නම් එපා. මෙච්චර පරක්කු වුනේ මොකද? අපිට පාස් පොට් දෙකක්, වැරදි උපන්දින නම තිබුනානම්, හෙළි නොකළ වත්කම් තිබුනානම් කොහොමද? (බ)

:       0       0

සමන් Tuesday, 10 January 2017 07:18 AM

හුඟක් අය බලන් හිටපු දෙයක්. වැරදි කළා මදිවට කට කයිවාරුව නැවැත්තුවේ නැහැ. (බ)

:       0       0

වික්ටර් Tuesday, 10 January 2017 07:16 AM

තවත් අසාධ්‍ය ලෙඩෙක් රෝහල්ගත කරයි (බ)

:       0       0

තිළිණ Tuesday, 10 January 2017 07:22 AM

තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන එක විතරයිද මේ ආණ්ඩුව කරන්නේ. මහබැංකු වංචාව කරපු මිනිසුන්ගෙන් ප්‍රශ්න කරනවා තියා නමවත් කියන්නේ නැහැ (නි)

:       0       0

ශාන් Tuesday, 10 January 2017 07:27 AM

විමල් කොහෙද දෑ හිතකාමී නායකයෙක් වුණේ? අපේ සමහර මිනිසුන්ගේ මොළයේ තරම පේනවා. ආයෙත් දවස් කීපයකින් එළියට දාන්නේ නැතුව හරියට නඩු අහලා දඬුවම් දෙන්න. (නි)

:       0       0

කුමාර Tuesday, 10 January 2017 07:30 AM

නැතුව නැතුව. මේක පොඩිපහේ වංචාවක්ද? (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 10 January 2017 07:30 AM

වාහන භාවිතයෙන් රටට සිදු වූ අලාභය කීයද? බැඳුම්කර වංචාවෙන් වූ අලාභය කීයද? මේවා නරි නාටක.... (නි)

:       0       0

චන්දන Tuesday, 10 January 2017 07:34 AM

රටේ මෙච්චර ප්‍රශ්න තියනවා. දිනාගත් යුද්ධය පාච්චල් කරමින් සමහරු පෙඩරල් ඉල්ලනවා. තව කෙනෙක් කැලෑ ටිකට ගේම දෙනවා. පාතාලේ වැඩට බැහැලා හැමදාම අහිංසකයෙක් පාරේ මැරෙනවා. මෙච්චර වෙලත් ආණ්ඩුව තවම මාධ්‍ය සංදර්ශන පෙන්වන්න මිනිස්සු හිරේට දක්කනවා (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 10 January 2017 07:38 AM

පාස්ට්පොර්ට් දෙකක් භාවිතා කර අහුවුණා, හොර උප්පැන්නයක් හදලා අහුවුණා, ගෙදරත් සිද්ධියක් වුණා. මේවා දෑ හිතකාමී දේපාලන නායකයකුට නැතුව අපිට වුණා නම් කොහොම හිටීද? (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 10 January 2017 07:36 AM

ඔව් ඉතින් අවභාවිතා කරපු වාහනේ වටිනාකමයි ඒකට ගිය වියදම් ටිකයි අයකර ගත්තා නම් මහබැංකු වංචාවෙන් වෙච්ච පාඩුව පියවලා තව වරායවල් දෙක තුනකුත් හදන්න තිබ්බා නේද?? (නි)

:       0       0

චමල් Tuesday, 10 January 2017 07:48 AM

චන්දන, ෆෙඩරල් ඉල්ලනවා කිවුවට දෙනවා කිවුවේ නැහැනේ. විල්පත්තුව කපන්න උත්සව තියලා අවසර දුන්නේ කවුද කියලා දන්නේ නැහැ වගේ. පාතාලේ පාරේ මැරෙන්නේ තවත් පාතාල සාමාජිකයෙකු මිස අහිංසකයෙකු නොවේ. අනිත් අයට කියන්න තියෙන්නේ මහා බැංකුවේ පරීක්ෂණ පටන්ගත්තේ නැහැනේ තම. එ්ක පාර්ලිමේන්තුවෙන් පාස්වෙලා නීතිපතිට ගිහින් එතනින් තමයි පටන්ගන්නේ. එ්කට කාලයක් යනවා. අනික එම පාඩුව තවමත් නැවත පියවාගත හැකි මට්ටමේ තියෙන්නේ. (නි)

:       0       0

කමණි Tuesday, 10 January 2017 07:48 AM

අසනීප වේවිද? (නි)

:       0       0

ඉන්දික Tuesday, 10 January 2017 07:54 AM

දෑ හිතකාමී දේශපාලන නායකයින් බොරු චෝදනා නඟමින් කරනු ලබන දේශපාලන දඩයම අපි නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

ටෝනි Tuesday, 10 January 2017 07:53 AM

එක්තරා මන්ත්‍රීවරයෙක් පෙරේදා ප්‍රසිද්ධියේම කිව්වනේ විමල්ව අත්අඩංගුවට ගන්නවා කියලා. එතකොට "පොලිස් රහස්" හිතේ හැටියට එළියට යනවානේ. බලාගෙන යද්දී, හැම නීතියක්ම වගේම බලපුලුවන්කාරකමුත් බැරි එකාට තමයි. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 10 January 2017 07:59 AM

තුන්මුල්ලේ උද්ඝෝෂණ මතක් වෙනවා මට මේ වෙලාවේ (නි)

:       0       0

නුවන් Tuesday, 10 January 2017 08:00 AM

මේ තිබෙන ප්‍රතිචාර අගය කරනවා. එසේම ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා අදහස් මධ්‍යස්ථව පළකිරීම ගැන. (නි)

:       0       0

නිහාල් Tuesday, 10 January 2017 08:07 AM

අපේ රටේ නායකින් ගැන මම අවංකවම ලැජ්ජාවටත් පුදුමයටත් පත්වෙනවා.රජයේ වාහන අවභාවිතය කරේ විමල් විතරද,කරන්නෙත් විමල් විතරද,දැන් කෙරෙන්නේ නැද්ද.දෙඇස් පෙනෙන මටනම් පෙනෙනවා.(ම)

:       0       0

ගිහාන් Tuesday, 10 January 2017 08:13 AM

සමහරුන්ගේ අදහස් ගැන නම් දුකයි (නි)

:       0       0

මධුෂාන් Tuesday, 10 January 2017 08:16 AM

මොහුව නිදහස් කරන්න නම් හොඳ නැහැ (නි)

:       0       0

ආනන්ද Tuesday, 10 January 2017 08:19 AM

ජනතාව මුලාවට දානවා. නායකයෝ ගැන ඇත්තෙන්ම කණගාටුයි (නි)

:       0       0

හෆීල් Tuesday, 10 January 2017 08:20 AM

දැන් මෙයා ලෙඩවේවිද? කොහොම වුණත් මෙයා අපිට වටිනවා. හදිසියට පැය ගානක් හරි උපවාසයේ වාඩිකරවන්න පුළුවන් චරිතයක්. (නි)

:       0       0

ශානක Tuesday, 10 January 2017 08:20 AM

වරදට දඬුවම් දියයුතුමය. එහෙත් මේ කරන්නේ පළිගැනීම කියා පොඩි ළමයෙකුට වුණත් තේරෙන දෙයක්. යහපාලනයේ සිදුවුණ ලොකුම වංචාව කරපු අයට වෙන නිතියක්ද? (නි)

:       0       0

රෝහණ Tuesday, 10 January 2017 08:20 AM

දැන් විමල්නේ ලොකුම හොරකම කරලා තියෙන්නේ (නි)

:       0       0

නිවන්තක Tuesday, 10 January 2017 08:21 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

සුජිත් Tuesday, 10 January 2017 08:23 AM

මේවා අපිට නම් නරිනාටක. මේකේ පාඩුව කීයද? මහබැංකුවේ පාඩුව කීයද? (නි)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Tuesday, 10 January 2017 08:23 AM

කාලෙකින් අහන්න ලැබුන සතුටුදායකම පුවත (බ)

:       0       0

අනුරාධ Tuesday, 10 January 2017 08:30 AM

මහබැංකුවේ සල්ලි ගසාකපු අයට මොකද්ද කළේ? (නි)

:       0       0

ගාමිණී Tuesday, 10 January 2017 08:33 AM

මොනවා වුණත් මේ අහිංසකයාගේ ගෙදර ආරක්ෂාවට ඔය හැමෝම යන්න. මෙලහකටත් මොනවා වෙලාද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාර යාපා Tuesday, 10 January 2017 08:52 AM

මිනිස්සු හත් දෙනෙක් යට කරගෙන වාහනේ පැද්ද කෙනාව සුදු ඉර කැපුවට අත් අඩංගුවට ගත්තා වගේ වැඩක්. (හේ)

:       0       0

සසිදු Tuesday, 10 January 2017 08:56 AM

කොයි කාලයක් තිස්සේද (හේ)

:       0       0

අනුරාධ Tuesday, 10 January 2017 09:01 AM

දැන් කීවෙනි පාරද මේ අත්අඩංගුවට ගත්තේ.(හේ)

:       0       0

අමිත් දර්ශක Tuesday, 10 January 2017 09:01 AM

දැන් ගිය ආණ්ඩුවේ ඉදලා මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත අය සියයට සියයක්ම අවංක අයද?(හේ)

:       0       0

තිළිණ Tuesday, 10 January 2017 09:01 AM

රත්තරන් අශ්වයෝ ලම්බෝගිනි හෙලිකොප්ටර් අතරේ අතරමන් වුණ අයට වාහනයක් අවභාවිතාවක් කළා කිව්වම දැනෙන සතුට සමහර අදහස් වලින්ම පේනවා..දැන් නම් කිසිම ඇමති කෙනෙක්ට වාහන අවභාවිත කරන්න ඕන වෙන්නේ නැනේ..මොකද කෝටි ගණන්වල වාහන පර්ලිමෙන්තුවෙන්ම ලැබුනානේ..(හේ)

:       0       0

ලක්ෂි Tuesday, 10 January 2017 09:01 AM

මීළඟට කුමක් සිදුවේද?(හේ)

:       0       0

ලුම්බිණි Tuesday, 10 January 2017 09:01 AM

නීති විරෝධි වැඩ කළාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි. (හේ)

:       0       0

ශ්‍රිලාල් Tuesday, 10 January 2017 09:09 AM

මේ සෙල්ලම නවත්තන්නේ කවදද?(හේ)

:       0       0

ඉමේෂ් Tuesday, 10 January 2017 09:09 AM

දැන් අසනීප වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

අමල් Tuesday, 10 January 2017 09:26 AM

හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු ආණ්ඩුවේ ඉන්න, ගිය ආණ්ඩුවත් හිටපු දැනුත් ඇමතිවරු වෙලා ඉන්න අය වාහන අවභාවිතා කරලම නැද්ද ? මේක දේශපාලන පළිගැනීමක් (බ)

:       0       0

මධු Tuesday, 10 January 2017 09:31 AM

මේ වගේ මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙලා මදි. මේ මනුස්සයා හිරේ කියලා සතුටු වෙන්නකෝ එහෙනම්. නුඹලාට තියන හැමදේම නැතිවුණාම තේරෙයි (නි)

:       0       0

අරුණ Tuesday, 10 January 2017 09:30 AM

දැන් මේ සල්ලි වලින් පුලුවන් වෙයි ලංකාවේ ණය ටික ගෙවලා දාන්න (නි)

:       0       0

පද්මිණී Tuesday, 10 January 2017 09:34 AM

දෑ හිතකාමී කෙනෙක් කරලා තියෙන හොර, කපටි, වංචා සමුහය දිහා බැලුවහම ඔය හිරගෙවල් පිරිලා තියෙන්නේ දෑ හිතකාමින්ගෙන්ද කියලා හිතෙනවා. (නි)

:       0       0

උෂාණි Tuesday, 10 January 2017 09:38 AM

දැන් එහෙනම් සියළු දෝෂ නිවාරණ වෙයි (නි)

:       0       0

ජයන්ත Tuesday, 10 January 2017 09:50 AM

මෙතන කමෙන්ට්ස් දාපු අය ගැන පුදුම කලකිරීමක් තියෙන්න. අපේ රටට ලැදියාවෙන් කතා කරන ඕනෑම කෙනෙකුට විරුද්ද වෙන කට්ටියක් ඉන්නවා. (ර)

:       0       0

ජයන්ත Tuesday, 10 January 2017 09:49 AM

මහා බැංකුවේ මහා දවල් මහා කොල්ලය ගැන කිසිම සද්දයක් නැහැ. (ර)

:       0       0

සිසිර Tuesday, 10 January 2017 09:53 AM

බැඳුම්කර වංචාවට ඉක්මනටම දඬුවම් දෙන්න ඕන. (ර)

:       0       0

අංජුල Tuesday, 10 January 2017 10:06 AM

මෙතන මේ විමලේ ගැන කදුළු හලන අපේ සෙට් එකට කියන්නේ. නිකන් බොරුවට කාටවත් කඩේ යන්න නැතුව තමන්ගේ දරුවන්ගේ අනාගතය කන්නේ නැතුව තමන් කරන රස්සාව කරගෙන ඉන්න. පේනවනේ ඔය කියන මහා ලොකු දේශප්‍රේමියන්ගේ ඇත්ත. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 10 January 2017 10:10 AM

පරාජය නිහතමානිව භාරගෙන නිහඬව හිටියා නම් මේ ඉරණම අත්වෙන්නේ නැහැනේ. මාලුවා නහින්නේ කට නිසා කියමන අපේ පැරැන්නෝ හැදුවේ නිකන්ද? (නි)

:       0       0

නීල් Tuesday, 10 January 2017 10:28 AM

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා. මෙතෙක් කල් අල්ලපු එකෙකුත් නෑ (බ)

:       0       0

චන්දන Tuesday, 10 January 2017 10:33 AM

කම්බ හොරු බැඳුම්කර හොරකම කරලා විපක්ෂය කට්ටිය හිරේ දාන අමුතු රටක් (බ)

:       0       0

සුනිල් Tuesday, 10 January 2017 10:39 AM

නටපු නැටුම් වල හැටියට දැන් මෙහෙම හිරේ විතරක් ගිහින් බේරෙන එකත් පුදුමයි (නි)

:       0       0

චන්දිම Tuesday, 10 January 2017 10:42 AM

අයියෝ! මේ ‍මොකද වු‍ණේ? (නි)

:       0       0

නිහාල් Tuesday, 10 January 2017 10:42 AM

හිරේ දාන්නේ සැකපිට මිසක් ඔහු තවම වැරදිකාරයෙක් නෙවෙයි. උසාවියකින් වැරදිකරුවෙක් වුණදාට අපේ අදහස් දමමු. (නි)

:       0       0

ඉමාක් Tuesday, 10 January 2017 10:44 AM

යහපාලනය හොඳින් ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

රේණුක Tuesday, 10 January 2017 10:47 AM

විරුද්ධවාදීන්ට නම් යහපාලනය උතුර උතුරා වාන් දමනවා. නියමයි! නියමයි!. ඉදිරියටම යවු! ඉදිරියටම යවු! (නි)

:       0       0

සුදේශ් Tuesday, 10 January 2017 10:55 AM

කෙකර ගාලා ගාලා බොහොම අමාරුවෙන් බිත්තරයක් දැම්මා (නි)

:       0       0

තුෂාර Tuesday, 10 January 2017 11:05 AM

දැන් ඉතින් සිද්ධවෙන දේකට මුහුණදෙමු (නි)

:       0       0

මංජුල Tuesday, 10 January 2017 11:18 AM

පාටක් නිසා වෛරයෙන් හිතන්න එපා. රජයේ වාහන අවභාවිතය කළේ විමල් විතරද? කරන්නෙත් විමල් විතරද? දැන් කෙරෙන්නේ නැද්ද? මේ ටික කාලෙට රටට වෙලා ඇති විනාශය පොනන්නේ නැද්ද? (නි)

:       0       0

චන්දා Tuesday, 10 January 2017 11:50 AM

අදහස් ටික කියවූවිට ලංකාවේ මිනිසුන් කෙරෙහි තිබෙන මගේ බැඳියාව බිංදුවට ගියා අද නම්. (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 10 January 2017 12:20 PM

මේ පාලකයින්ට පළිගැනීම ,හොර ගිවිසුම් ගැසීම,රට පාවා දීම ,රණ විරුවන්ව බිලි දීම, කොටියාට හුලන් ගැසීම හැර වෙන ඇත්තේ කුමක්ද?මේ ප්‍රතිචාර දාන බත් බැලයින්ගේනුත් ඒ බව පේනවා.(බ)

:       0       0

දහම් Tuesday, 10 January 2017 12:49 PM

ඔය දේ වෙයි කියලා හිතුනා කලින්ම.(හේ)

:       0       0

විශාකා Tuesday, 10 January 2017 01:34 PM

මෙච්චර පරක්කු වුනේ මොකද? අපිට පාස් පොට් දෙකක්, වැරදි උපන්දින නම තිබුනානම්, හෙළි නොකළ වත්කම් තිබුනානම් කොහොමද? (බ)

:       0       0

නිසාම් Tuesday, 10 January 2017 06:39 AM

ඔව් ඉතින්, තව දවස් හතරකින් විතර එළියට එයි. මේක හරි විහිළුවක් අනේ (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 January 2017 06:45 AM

මේ අය හිරේ දැම්මත් එකයි නොදැම්මත් එකයි. නොදාන එක වඩාත් හොඳයි. මොකද හිරේ ගිය ගමන් සුපිරි පොරක් වෙන නිසා. කරුණාකර මේ සල්ලි අයකරගෙන නිදහසේ ඉන්න දෙන්න (නි)

:       0       0

චමින්ද Tuesday, 10 January 2017 06:46 AM

නිතිය ක්‍රියාත්මක කිරීමට පෙර වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නේ හරියට ෆිල්ම් එකක් වගේ. එයාලා හැමෝම පක්ෂ බේද නැතුව රඟපානවා. මෝඩ ප්‍රේක්ෂක අපි පක්ෂ බදාගෙන විසිල් ගහනවා. (නි)

:       0       0

නිමල් Tuesday, 10 January 2017 06:47 AM

නීතිය සැමට සාධාරණ වියයුතුයි (නි)

:       0       0

වසන්ත Tuesday, 10 January 2017 06:58 AM

මොවුන්ට දඬුවම් දියයුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1317 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2342 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1026 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9560 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3588 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site