IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වායු සමනයටත් නියාමනයක්

වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තබාගැනීම සඳහා නුදුරේදීම චක්‍රලේඛයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැරණියගල දී පැවසීය.
‘මේ වනවිට අපි දරුණු නියගයකට මුහුණදීලා තිබෙන්නේ. ජනතාවට අඛණ්ඩව විදුලිය සපයන එක අපට ලොකු අභියෝගයක්. අපි ජනතාවගේ පැත්තෙන්  ඉල්ලන්නේ මෙගාවොට් 25 ක් ඉතිරි කරගන්න කියලා. කාලගුණ දෙපාර්තමේන්තුවත් කියනවා තවත් මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා.  අපි ළග මේ වනවිට ජලය තිබෙන්නේ 36% ප්‍රමාණයක් විතරයි.  ඒ අනුව විදුලිය නිපදවීම  සදහා ඩීසල් ගල් අගුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් ඒ සදහා යන වියදම ජනතාව පිට පටවන්නත් අපිට බැහැ‘යැයි ද ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

වායු සමනයටත් නියාමනයක්

නාමල් Sunday, 15 January 2017 07:04 PM

මෝඩ වැඩ එපා. සූර්ය බලශක්ති උපකරණ සඳහා බදු ඉවත්කර අවම මිලක් නිර්දේශ කරන්න. මධ්‍යම පන්තිය ඉබේම සුර්යබලයට යොමු වේවි. (නි)

:       0       0

ගමගේ Monday, 16 January 2017 10:37 AM

අඩුගානට සෝලා සිස්ටම් විකුනනවානම් හොඳයි. අපේ රටේ ගොඩක් ඉන්නේ මධ්‍යම පාන්තිකයෝ ඒ ගොල්ල මිලදී ගනී. (ර)

:       0       0

ජයාත් Tuesday, 17 January 2017 01:53 AM

සෝලා සිස්ටම් ගැන අදහස් දමන අයට මේ කියන්නේ, ඒවා හොඳ තමා. නමුත් ඒවායින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවායේ තාක්ෂණික ගැටළු අනන්තයි. අදට බලශක්ති ජනනයේ ලාබම විදිය සූර්ය බලය නෙමෙයි (නි)

:       0       0

ජයාත් Monday, 16 January 2017 01:26 AM

මේ චක්‍රලේඛන දැම්මට මේවා කෙරෙන වැඩ නෙමෙයි. එහෙනම් වායුසමන යන්ත්‍ර ළඟට පොලීසියෙන් දමන්න වේවි. මේවා සංදර්ශන. මේ රටේ ආණ්ඩුවේ කාර්යාල වල වායුසමාන යන්ත්‍ර කීයක් තියනවද? මෙහෙම කරලා ඒවායින් කොච්චර බල ශක්තියක් ඉතුරු කරන්න පුලුවන්ද? මේකත් ආණ්ඩුව කරන තවත් එක මනස්ගාතයක් විතරයි. මේ වගේ වෙලාවක බල ශක්තිය ඉතුරු කරන්න ලෝකය පිළිගත් ක්‍රම ඕනෑතරම් තියනවා (නි)

:       0       0

උපාලි Monday, 16 January 2017 01:59 AM

ඔන්න ඇමතිතුමනි කරනවා නම් නියම වැඩ. 25-26 උෂ්ණත්වය ඉතා හොඳයි. තව තියනවා දේවල්. සීලිං ෆෑන් තහනම් කරන්න. ෆෙඩස්ටල් හෝ ටේබල් ෆෑන් ගන්න කියන්න. (නි)

:       0       0

ඉමේෂ් Monday, 16 January 2017 02:33 AM

ලොකු කතා දැම්මා නේද විදුලිය දෙන්න පුළුවන් සුදානම් කියලා. දැන් නහයෙන් අඬනවා (නි)

:       0       0

කරුණාරත්න Monday, 16 January 2017 03:30 AM

අනේ මන්දා මේ රට කොහේ නවතීද කියලා මෙහෙම ගිහින් (නි)

:       0       0

සමන් Monday, 16 January 2017 03:35 AM

නීති දාො මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. රටක කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්න නම් ක්‍රමවත් බලශක්ති සැපයුමක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මොන කොම්පනියද එන්නේ ෆැක්ටරි පටන්ගන්න. මේක ඝර්ම කලාපිය රටක් නිසා සුළං සහ සුර්ය බලශක්ති වලට යොමුවෙන්න ජනතාව දිරිගන්වලා අදාළ උපකරණ වලට බදු සහන සහ තාක්ෂණය දුන්නා නම් ගෘහස්ත විදුලිබල ඉල්ලුම අඩුකරලා රජයේ ප්‍රධාන විදුලි සැපයුම කර්මාන්ත ක්ෂේත්‍රයට යොදාගන්න පුළුවන් (නි)

:       0       0

අජිත් Monday, 16 January 2017 03:43 AM

සූර්ය බලශක්ති උපකරණඉතා හොඳයි (ම)

:       0       0

විජේපාල Monday, 16 January 2017 04:34 AM

යහපාලන ආණ්ඩුවට තවත් දඩ මුදල් ටිකක් එකතුකරගන්න පුළුවන් විදියක් ගැන තමයි අපි කල්පනා කරන්න ඕනෑ. එහෙම නොකළොත් කොහොමද ඔච්චර ලොකු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ එයාලට කෝටි ගණන් වටිනා කාර් ගන්නේ. මේ නීතිය දැම්මට පස්සේ පුළුවන්නේ ආයතන වලට කඩාගෙන පැනලා සෙන්ටිග්‍රේඩ් 26 ට වඩා අඩු නම් දඩයක් ගහන්න. අනේ මන්දා මේ ආණ්ඩුව මෙහෙම ගිහින් කොහේ නවතියිද කියලා. ඡන්දෙ දීපු අපි ගැනම අපි ලැජ්ජා වෙනවා. (නි)

:       0       0

උපාලි Monday, 16 January 2017 04:58 AM

උෂ්ණත්වය 26 ගෙනාවහම සීතල නැතුව පංකාව වැඩ විතරක් වේවි

:       0       0

සංජීව Monday, 16 January 2017 05:07 AM

නාමල් කිවුවා වගේ සුර්ය බලශක්තිය නිපදවන උපකරණ සදහා බදු ඉවත් කළ‍ෙ නම් සෑහෙන දෙනෙක් ඒ සඳහා යොමුවේවි. ආයතන වල කලින් පවතින විදුලි බිල 80% වත් අඩුකරන්න කියලා උපදෙස් දුන්නා නම් ඕක ටිකක් හරි අඩුවෙයි. රජයේ ආයතනවල (පාසල්) ආදියේ වහලවල් වල සුර්ය පැනල සවිකළා නම් වැඩිය හොඳයි. (නි)

:       0       0

අමදෝරු Monday, 16 January 2017 05:49 AM

පාරේ එළිවෙලත් පත්තුවෙන ලයිට් ටික නිවාදමන්න (නි)

:       0       0

සදහම් Monday, 16 January 2017 06:00 AM

අර ගස් කපන එකත් නැවැත්තුවා නම් මොකද? (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 16 January 2017 06:26 AM

වැසිකිළි වල ජල භාවිතයටත් නියාමනයක් එයිදෝ මන්දා... (නි)

:       0       0

දිමුත් Monday, 16 January 2017 06:55 AM

නියම දූරදර්ශී ආණ්ඩුවක්. අම්මපා! බෝම්බ පාරක් කාලා මැරුනා නම් මීට වඩා හොඳයි මම. (නි)

:       0       0

කරුණාපාල Monday, 16 January 2017 07:05 AM

ඔලු ගෙඩිය ඇතුලේ පිහිටා තියන මදේ හැටියටනේ තීරණ ගන්නේ? (බ)

:       0       0

කල්ප ‍ Monday, 16 January 2017 07:37 AM

ඔන්න ඔහොමනෙ නියාමන දාන්නේ. වායු සමීකරණයට අංශක 26 යි. ආප්පේ රුපියල් දහයයි, දවසට එක බත් වේලයි. ජය වේවා !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 866 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 134 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 319 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 465 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2156 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4190 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site