IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ මුද්දරවලින් ඕමාන් යන්න හැදූ කතුන් දෙදෙනෙක් මාට්ටු

 

(යොහාන් භාසුර)

රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගත් බවත් එම කාන්තාවන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා එම කාර්යාංශයේ විමර්ශන ඒකකයට යොමුකළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා ඕමානයට විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපොලේ කාර්යාංශයේ නිලධාරීන් මගහැර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටර වෙත ගිය අවස්ථාවේදී, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රවල තබා ඇති ආරක්ෂිත මුද්දර හා කාර්යාංශ ආරක්ෂිත නිලමුද්‍රා ව්‍යාජ ඒවා බවට ආගමන විගමන නිලධාරීන් හදුනාගෙන ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකය වෙත යොමුකර කළ බවත් එම කාන්තාවන් දෙදෙනා ලබාදුන් ප්‍රකාශ අනුව මෙම නීතිවිරෝධි කටයුත්ත සඳහා කොළඹ ආදුරුප්පු වීදියේ තැරැව්කාරියක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම කාර්යංශය කියයි.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුවීම නැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති නමුත් විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ තැරුව්කරුවන් සූක්ෂම අයුරින් සිදුකරන මිනිස් වෙළඳාම නොකඩවා ක්‍රියාත්මක වන බව පෙනී යන බවත්  මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නොකඩවා කරන බවත් එම කාර්යංශය සඳහන් කරයි.



අදහස් (1)

ව්‍යාජ මුද්දරවලින් ඕමාන් යන්න හැදූ කතුන් දෙදෙනෙක් මාට්ටු

Nimal Tuesday, 29 November 2022 05:21 PM

පව් ඒ් දෙන්නා. මේ රට මෙලෝ වැඩක් නැති නිසානේ යන්න ඇත්තේ.කොහොම හරි ගියා නම් සල්ලි කීයක් හරි ලංකාවට ඒවන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 396 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 466 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 541 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 83 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 368 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1377 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site