සිය සැමියා වන එස් ටී එෆ් පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි (34) තලංගමදී පැහැරගෙන මරාදැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි කරුණාරත්න(49) නම් ධනවත් ව්‍යාපාරික කත ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද නියෝග කළේය.
ඇය හෘද රෝග වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු කරන ලෙස උසාවියෙන් නියෝග කළත් බන්ධනාගාර නිලධරයන් එය ඉටු කැර නැතැයි ඇගේ නීතීඥවරයා පැවසීය.
බන්ධනාගාර නිලධරයන් ප්‍රකාශ කළේ පුර්ව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත් වු බවයි.එහෙයින් බන්ධනාගාර වෛද්‍යවරයා එසේ ක්‍රියා කළ බවද බන්ධනාගාර නිලධරයෝ කීය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වලට තණ්හාවට ගිහින් ජීවිතයත් ඉවරයි.ව්‍යාපාරය බලාගෙන හොදින් හිටියා නම් දෙන්නම ඉන්නවා. (නි)
මම මේක නිවැරදි කරන්න උත්සහ කරනවා නෙමෙයි. ඒත් මේ මනුස්සයාව මෙතනට තල්ලු වුනේ කෙසේද යන්නත් සිත බැලිය යුතුයි. සිය නීතියානුකුල ස්වාමිපුරුෂයා අහිමි වුනාම ගැහැනියක් තනිකඩව සිටිය යුතු නැහැ. නමුත් අවාසනාවකට ඇය හොයාගත්තේ කුමන පුද්ගලයෙක්දැයි යන්න බොහෝ වැදගත්. සමහරවිට වෙන පුද්ගලයෙක් ඇයට හමු වුනා නම් ඇගේ ඉරණම මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා. නිල හෝ නිල නොවෙන විවාහයක් යනු මිනිසාගේ මුළු අනාගතයම තීරණය කරන්නක් බැවින් මෙවැනි සිද්ධීන්ගෙන් අනිත් මිනිසුන් පාඩම් ඉගෙන ගත යුතු යයි සිතේ.(දිල්)
මේ කාන්තාවට විතරක් දොස් කියන එක සාදාරණ නෑ. (දිල්)
පොලිසියද ,මේ ධානපති කාන්තාවද,කවුද හොද ,හෝ නරක,මට මොකුත් නොතේරේ,.නිතිය කුමක් කරන්නේදැයි බලාසිටිමි.(දිල්).
සමාධි, ඔබ හරි. සමහරවිට ඇයට වෙන පුද්ගලයෙක් හමුවුණා නම්, මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවෙන්න තිබුණා. (නි)
රම්යා, මේ ගැහැනු කෙනා මිනීමරලා නැහැ. නමුත් ඒ මනුස්සයාව මරන්න උපදෙස් දීලා තියනවා. ඇස් පනාපිට මිනීමරලා සුදු ඇදලා ඉන්න මිනීමරුවෝ කොයිතරම් ලංකාවේ ඉන්නවා ද? කෝ ඒවාට නීති? (නි)
මේක ලෙහෙසි පහසු නඩුවක් නොවෙයි.අයියෝ! අර මියගිය අයියා අපරාදේ. (නි)
චමත් ඉතාලිය, ඔයා මා එක්ක තරහ වෙලාද ඉන්නේ? මම කවදාද ඔයාට බැන්නේ...? (නි)
එයාගෙ අතේ පිරිත් නුලුත් බැදලා නේද? (නි)
මට නම් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි කරුණාරත්න(49) නම් ධනවත් ව්‍යාපාරික කත ගැන දුකයි.(දිල්)
මෙයාට ලොකු දේශපාලන හයියක් තියෙනවලු. අද හෙටම නිදහස් වෙයි. කෝකටත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න යන පාටයි (නදී)
කෙනෙක් ලියල තිබුන "දන බලයත් සමග ඔබට බුද්ධියත් ලැබුණා නම් අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ..." කියලා. මේක කියෙව්වහම මට හිතුනේ එකත් එකටම මේක ලියල තියෙන්නේ රටේ ලොකු උදවියටයි කියලා. මේ කාන්තාවට නම් කවදාවත් "දන" බලයක් තිබුනේ නැහැ නමුත් "ධන" බලයක් නම් තිබුනා. ඒ ධන බලයෙන් ඇය නොමග ගියා. කොයි කාටත් දිනක "දන" බලය "වැඩිවෙලා" බුද්ධියෙන් හීන උනාම මහ මගට අවතීර්ණ වෙන්න වෙනවා. ඕක තමයි ලෝක ස්වභාවය. (නදී)
මේ අයව උල තියන්න වටිනවා.ගැහැණුන්ගේ නමටත් නිගාවක් මේ අය.(නදී)
අපේ පන්තියේ පුංචි මිනිහෙක් රිමාන්ඩ් වෙනකොට හෝ හිරේ වැටෙනකොට පපුවේ අමාරු හෝ මොන අමාරුවක් වත් නැතුව දුක් විඳිනවා. ඒ උනාට අප්පොච්චියේ මේ සල්ලිකාර හෝ දේශපාලන බලවත්තු හිරේ වැටුනම උන්ට කවදාවත් නැති අමාරු හැදෙනවනේ .. . මේකට දොස්තරලත් සහතික දෙනවනේ. මේකත් අර මානව කියල කියන මොකක්දෝ එකක්ද..? (නදී)
එම කාන්තාවගේ අනියම් පුරුෂයා (නදී)
ගැහැණිය සහ පිරිමියා දෙදෙනාම වැරදි බව තමා පෙනෙන්නේ. (නදී)
රන් බිත්තර දැමූ කිකිළි මරා බිත්තර ගන්න හැදූ පුද්ගලයෙක්.අසීමිතව ආදරය කළ බිරිදකගෙන් ලැබුණු දඩුවම් තමයි මේ (නි)
සල්ලි තිබුණට කිසිම දෙයක් හංගන්න බෑ. මැරුවේ කවුද
රූපවතී කියන්නේ අදහන්න වටිනා කතාවක්. දැන් කාලේ ගෑනු තේරුම් ගන්නේ නෑ හොඳ බිරිඳක් වෙන්න වාසනාවක් තියෙන්න ඕන කියලා. පිට මිනිහෙක් ගැන හිත හිත ඉන්න ගැනියෙක් එක්ක ජීවත් නොවී ඒ මිනිහ මැරිලා ගිය එක හොඳයි.(නදී)
තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනේ (නි)
කෝටිපති ධනවත් ගැහැනියක් වුවත් ජීවිතය හරි මගට ගන්නට නොහැකි වෙලා එම සල්ලි වලින්. සල්ලි වලින් පිහිටක් නැතුවා වාගෙයි දැන්. (නි)
ඔවුන් දෙදෙනා අතර වයස පරතරය කොතරම් වැඩිද? ඇය ගැන පුදුමයි (නි)
අනේ රූපවතී, මෝඩ කතා නොකියා ඉන්න (නි)
සල්ලි නිසා අමාරුවේ වැටුණු අය ගැන මගෙ නම් කිසිම අනුකම්පාවක් නැහැ. (නි)
මේ කත විතරක් නෙමෙයි එයා සමග හාද වුණු පොලිස් ලොක්කත් දැන ගන්න ඕනෑ හොද නරක (නි)
මේ ප්‍රස්නේ ඇයි මේ තරම් උලුප්පන් නේ ? මේක පලවෙනි මිනි මැරුම ද ? ඇස් පනා පිට මිනි මරුවෝ කෝයි තරම් ඉන්නවා ද ?(නදී)
මේ ගැහැණු, මෙලොවින් මතු කොහි උපදීද මන්දා. අපේ දෙමාපියෝ කීවේ වදනින් වත් නොදකින් නොකියනු. ඒ පව උපදින ආත්මයකින් ආත්මයක් පාසා තමා පසු පස, පාපය හබා එනු නියත හෙයින්. වදනින් නොදැනී හෝ ඌ පාපයක් වුයේ නම් ස්වාමියාට වැද පව් කමා කරගෙන ජීවිත කාලේම ස්වාමියාට භක්තිමත් පතිනියක් වීමත් ඒ අඩි පාරේ තම දරුවන්ද ගමන් කරන්නේ තම මවගේ ආභාෂයෙන් වීම එදා එසේ උවත් අදනම් දකින්නට ඇත්තේ දස අතේ දෙගොල්ලම තරගෙට වධකයින් මෙන් හැසිරෙන ආකාරයකි. අහෝ අපේ සිරිත් විරිත් පස්ස දොරෙන් වැටත් කඩා ගෙනම ගමෙනුත් රටෙනුත් පිටමන් වෙලා සේ මට දැනෙයි. මිනිස් ආත්මයක් නම් කල්ප ගානකින් වත් නොලැබෙයි මෙවැන්නන්ට.(නදී)
දන බලයත් සමග ඔබට බුද්ධියත් ලැබුණා නම් අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ.(නදී)
හපෝ ලංකාවට වෙන්න යන දේ. මිනීමරුවෝ, බේබද්දදෝ, කුඩුකාරයන්ගෙන් පිරිලා. හපෝ ලංකාවට වෙන්න යන දෙයක්. මේ රට බේරගන්න පුලුවන් ජෙනරල් පොන්සේකාට විතරයි.(නදී)
ඇහැට කනට පේන නෝනා කෙනෙක් වගේ පෙනෙන්නේ.(නදී)
රූපවති, මමත් ඔයාට ඔය දේම කිව්ව නේද? මතකද? චන්දි මට බැන්නෙත් ඔය නිසානේ. මේ ගැණු කෙනාට ඉතින් තවත් මිනිස් ආත්මයක් ලැබෙන්නේ නැහැ. බුදු හාමුදුරුවොත් දේශනා කලානේ කෙනෙක් මනුස්ස ආත්මයක් ලබා ගන්නේ බොහොම අමාරුවෙන් කියලා. ඒ තත්වය තේරුම් ගන්න මනුස්සයා උත්සහ කරන්නේ නැහැ. මොනවා කරන්නද? (නදී)
මදු, ප්‍රශ්නේ උලුප්පන්නේ නැතිව යට ගහන්නද කියන්නේ . තමුනුත් පොලිස් බිරියක්ද ? එල්ලන්න ඕනා.(නදී)
බලාපල්ලකො මෙයා තව හිනහත් වෙනවා . ලස්සන වැඩක් කරලා වගේ (නදී)
සද් කාර්යයට අතගහල තියෙන්නේ පිරිත් නුලකුත් බැඳ ගෙන වාගේ.(දිල්)