IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ව්‍යාපාරික කත යළි රිමාන්ඩ්

සිය සැමියා වන එස් ටී එෆ් පොලිස් පරීක්ෂක  තුසිත කුමාරසිරි (34) තලංගමදී  පැහැරගෙන මරාදැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි කරුණාරත්න(49) නම් ධනවත් ව්‍යාපාරික කත  ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද නියෝග කළේය.

ඇය හෘද රෝග වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු කරන ලෙස උසාවියෙන් නියෝග කළත්  බන්ධනාගාර නිලධරයන් එය ඉටු කැර නැතැයි  ඇගේ නීතීඥවරයා පැවසීය.

බන්ධනාගාර නිලධරයන් ප්‍රකාශ කළේ පුර්ව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත් වු බවයි.එහෙයින් බන්ධනාගාර වෛද්‍යවරයා එසේ ක්‍රියා කළ බවද බන්ධනාගාර නිලධරයෝ කීය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

ව්‍යාපාරික කත යළි රිමාන්ඩ්

ගිම්හානි Friday, 29 November 2013 02:50 PM

මේ කත විතරක් නෙමෙයි එයා සමග හාද වුණු පොලිස් ලොක්කත් දැන ගන්න ඕනෑ හොද නරක (නි)

:       0       0

ක්‍රිස් Friday, 29 November 2013 11:02 PM

සමාධි, ඔබ හරි. සමහරවිට ඇයට වෙන පුද්ගලයෙක් හමුවුණා නම්, මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවෙන්න තිබුණා. (නි)

:       0       0

මදූ Friday, 29 November 2013 03:07 PM

මේ ප්‍රස්නේ ඇයි මේ තරම් උලුප්පන් නේ ? මේක පලවෙනි මිනි මැරුම ද ? ඇස් පනා පිට මිනි මරුවෝ කෝයි තරම් ඉන්නවා ද ?(නදී)

:       0       0

මධු Friday, 29 November 2013 11:57 PM

රම්‍යා, මේ ගැහැනු කෙනා මිනීමරලා නැහැ. නමුත් ඒ මනුස්සයාව මරන්න උපදෙස් දීලා තියනවා. ඇස් පනාපිට මිනීමරලා සුදු ඇදලා ඉන්න මිනීමරුවෝ කොයිතරම් ලංකාවේ ඉන්නවා ද? කෝ ඒවාට නීති? (නි)

:       0       0

හේරත් Saturday, 30 November 2013 12:39 AM

මේක ලෙහෙසි පහසු නඩුවක් නොවෙයි.අයියෝ! අර මියගිය අයියා අපරාදේ. (නි)

:       0       0

චන්දි Saturday, 30 November 2013 12:39 AM

චමත් ඉතාලිය, ඔයා මා එක්ක තරහ වෙලාද ඉන්නේ? මම කවදාද ඔයාට බැන්නේ...? (නි)

:       0       0

ජගත් Friday, 29 November 2013 03:28 PM

සල්ලි තිබුණට කිසිම දෙයක් හංගන්න බෑ. මැරුවේ කවුද

:       0       0

දොන් Saturday, 30 November 2013 01:04 AM

එයාගෙ අතේ පිරිත් නුලුත් බැදලා නේද? (නි)

:       0       0

ජ්හොන් Saturday, 30 November 2013 01:14 AM

සල්ලි වලට තණ්හාවට ගිහින් ජීවිතයත් ඉවරයි.ව්‍යාපාරය බලාගෙන හොදින් හිටියා නම් දෙන්නම ඉන්නවා. (නි)

:       0       0

අනුර Saturday, 30 November 2013 04:35 PM

රන් බිත්ත‍ර දැමූ කිකිළි මරා බිත්ත‍ර ගන්න හැදූ පුද්ගලයෙක්.අසීමිතව ආද‍රය කළ බිරිදකගෙන් ලැබුණු දඩුවම් තමයි මේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 29 November 2013 04:17 PM

දන බලයත් සමග ඔබට බුද්ධියත් ලැබුණා නම් අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සුනිල් විමලසුරිය Friday, 29 November 2013 04:34 PM

හපෝ ලංකාවට වෙන්න යන දේ. මිනීමරුවෝ, බේබද්දදෝ, කුඩුකාරයන්ගෙන් පිරිලා. හපෝ ලංකාවට වෙන්න යන දෙයක්. මේ රට බේරගන්න පුලුවන් ජෙනරල් පොන්සේකාට විතරයි.(නදී)

:       0       0

රූපවතී Friday, 29 November 2013 11:13 AM

මේ ගැහැණු, මෙලොවින් මතු කොහි උපදීද මන්දා. අපේ දෙමාපියෝ කීවේ වදනින් වත් නොදකින් නොකියනු. ඒ පව උපදින ආත්මයකින් ආත්මයක් පාසා තමා පසු පස, පාපය හබා එනු නියත හෙයින්. වදනින් නොදැනී හෝ ඌ පාපයක් වුයේ නම් ස්වාමියාට වැද පව් කමා කරගෙන ජීවිත කාලේම ස්වාමියාට භක්තිමත් පතිනියක් වීමත් ඒ අඩි පාරේ තම දරුවන්ද ගමන් කරන්නේ තම මවගේ ආභාෂයෙන් වීම එදා එසේ උවත් අදනම් දකින්නට ඇත්තේ දස අතේ දෙගොල්ලම තරගෙට වධකයින් මෙන් හැසිරෙන ආකාරයකි. අහෝ අපේ සිරිත් විරිත් පස්ස දොරෙන් වැටත් කඩා ගෙනම ගමෙනුත් රටෙනුත් පිටමන් වෙලා සේ මට දැනෙයි. මිනිස් ආත්මයක් නම් කල්ප ගානකින් වත් නොලැබෙයි මෙවැන්නන්ට.(නදී)

:       0       0

සමදරා Saturday, 30 November 2013 06:44 AM

මෙයාට ලොකු දේශපාලන හයියක් තියෙනවලු. අද හෙටම නිදහස් වෙයි. කෝකටත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න යන පාටයි (නදී)

:       0       0

මහින්ද Friday, 29 November 2013 05:52 PM

ඇහැට කනට පේන නෝනා කෙනෙක් වගේ පෙනෙන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 30 November 2013 07:12 AM

කෙනෙක් ලියල තිබුන "දන බලයත් සමග ඔබට බුද්ධියත් ලැබුණා නම් අද මේ ඉරණම අත් වෙන්නේ නැහැ..." කියලා. මේක කියෙව්වහම මට හිතුනේ එකත් එකටම මේක ලියල තියෙන්නේ රටේ ලොකු උදවියටයි කියලා. මේ කාන්තාවට නම් කවදාවත් "දන" බලයක් තිබුනේ නැහැ නමුත් "ධන" බලයක් නම් තිබුනා. ඒ ධන බලයෙන් ඇය නොමග ගියා. කොයි කාටත් දිනක "දන" බලය "වැඩිවෙලා" බුද්ධියෙන් හීන උනාම මහ මගට අවතීර්ණ වෙන්න වෙනවා. ඕක තමයි ලෝක ස්වභාවය. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 29 November 2013 06:35 PM

රූපවති, මමත් ඔයාට ඔය දේම කිව්ව නේද? මතකද? චන්දි මට බැන්නෙත් ඔය නිසානේ. මේ ගැණු කෙනාට ඉතින් තවත් මිනිස් ආත්මයක් ලැබෙන්නේ නැහැ. බුදු හාමුදුරුවොත් දේශනා කලානේ කෙනෙක් මනුස්ස ආත්මයක් ලබා ගන්නේ බොහොම අමාරුවෙන් කියලා. ඒ තත්වය තේරුම් ගන්න මනුස්සයා උත්සහ කරන්නේ නැහැ. මොනවා කරන්නද? (නදී)

:       0       0

දනා Friday, 29 November 2013 12:58 PM

රූපවතී කියන්නේ අදහන්න වටිනා කතාවක්. දැන් කාලේ ගෑනු තේරුම් ගන්නේ නෑ හොඳ බිරිඳක් වෙන්න වාසනාවක් තියෙන්න ඕන කියලා. පිට මිනිහෙක් ගැන හිත හිත ඉන්න ගැනියෙක් එක්ක ජීවත් නොවී ඒ මිනිහ මැරිලා ගිය එක හොඳයි.(නදී)

:       0       0

සාලිය Friday, 29 November 2013 01:01 PM

තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනේ (නි)

:       0       0

සුසන්ත Saturday, 30 November 2013 09:01 AM

මේ අයව උල තියන්න වටිනවා.ගැහැණුන්ගේ නමටත් නිගාවක් මේ අය.(නදී)

:       0       0

හේරත් Friday, 29 November 2013 01:21 PM

කෝටිපති ධනවත් ගැහැනියක් වුවත් ජීවිතය හරි මගට ගන්නට නොහැකි වෙලා එම සල්ලි වලින්. සල්ලි වලින් පිහිටක් නැතුවා වාගෙයි දැන්. (නි)

:       0       0

හිමාල් Friday, 29 November 2013 01:26 PM

ඔවුන් දෙදෙනා අතර වයස පරතරය කොතරම් වැඩිද? ඇය ගැන පුදුමයි (නි)

:       0       0

අල්විස් Saturday, 30 November 2013 09:17 AM

අපේ පන්තියේ පුංචි මිනිහෙක් රිමාන්ඩ් වෙනකොට හෝ හිරේ වැටෙනකොට පපුවේ අමාරු හෝ මොන අමාරුවක් වත් නැතුව දුක් විඳිනවා. ඒ උනාට අප්පොච්චියේ මේ සල්ලිකාර හෝ දේශපාලන බලවත්තු හිරේ වැටුනම උන්ට කවදාවත් නැති අමාරු හැදෙනවනේ .. . මේකට දොස්තරලත් සහතික දෙනවනේ. මේකත් අර මානව කියල කියන මොකක්දෝ එකක්ද..? (නදී)

:       0       0

රම්‍යා Friday, 29 November 2013 07:35 PM

මදු, ප්‍රශ්නේ උලුප්පන්නේ නැතිව යට ගහන්නද කියන්නේ . තමුනුත් පොලිස් බිරියක්ද ?  එල්ලන්න ඕනා.(නදී)

:       0       0

රම්යා Friday, 29 November 2013 07:38 PM

බලාපල්ලකො මෙයා තව හිනහත් වෙනවා . ලස්සන වැඩක් කරලා වගේ (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 30 November 2013 09:50 AM

එම කාන්තාවගේ අනියම් පුරුෂයා (නදී)

:       0       0

සේරම් Friday, 29 November 2013 02:00 PM

අනේ රූපවතී, මෝඩ කතා නොකියා ඉන්න (නි)

:       0       0

සම්පත් Saturday, 30 November 2013 10:52 AM

ගැහැණිය සහ පිරිමියා දෙදෙනාම වැරදි බව තමා පෙනෙන්නේ. (නදී)

:       0       0

සිංහ Friday, 29 November 2013 09:27 PM

සද් කාර්යයට අතගහල තියෙන්නේ පිරිත් නුලකුත් බැඳ ගෙන වාගේ.(දිල්)

:       0       0

තිලක් ඩුබායි Friday, 29 November 2013 09:28 PM

මට නම් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි කරුණාරත්න(49) නම් ධනවත් ව්‍යාපාරික කත ගැන දුකයි.(දිල්)

:       0       0

සමාධි Friday, 29 November 2013 09:47 PM

මම මේක නිවැරදි කරන්න උත්සහ කරනවා නෙමෙයි. ඒත් මේ මනුස්සයාව මෙතනට තල්ලු වුනේ කෙසේද යන්නත් සිත බැලිය යුතුයි. සිය නීතියානුකුල ස්වාමිපුරුෂයා අහිමි වුනාම ගැහැනියක් තනිකඩව සිටිය යුතු නැහැ. නමුත් අවාසනාවකට ඇය හොයාගත්තේ කුමන පුද්ගලයෙක්දැයි යන්න බොහෝ වැදගත්. සමහරවිට වෙන පුද්ගලයෙක් ඇයට හමු වුනා නම් ඇගේ ඉරණම මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා. නිල හෝ නිල නොවෙන විවාහයක් යනු මිනිසාගේ මුළු අනාගතයම තීරණය කරන්නක් බැවින් මෙවැනි සිද්ධීන්ගෙන් අනිත් මිනිසුන් පාඩම් ඉගෙන ගත යුතු යයි සිතේ.(දිල්)

:       0       0

ක්‍රිස් Friday, 29 November 2013 09:48 PM

මේ කාන්තාවට විතරක් දොස් කියන එක සාදාරණ නෑ. (දිල්)

:       0       0

සාමා Friday, 29 November 2013 10:06 PM

පොලිසියද ,මේ ධානපති කාන්තාවද,කවුද හොද ,හෝ නරක,මට මොකුත් නොතේරේ,.නිතිය කුමක් කරන්නේදැයි බලාසිටිමි.(දිල්).

:       0       0

දර්ශා Friday, 29 November 2013 02:37 PM

සල්ලි නිසා අමාරුවේ වැටුණු අය ගැන මගෙ නම් කිසිම අනුකම්පාවක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 853 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 762 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 160 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1034 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site