IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ව්‍යාපාරිකයා වෑකන්දේ බොරළු කපයි

දඹුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් තලකිරියාගම නික්ගොල්ලයාය ප්‍රදේශයේ ඉපැරණි වැවක විශාල බැම්මක් මේ දිනවල බොරළු ලබාගැනීම සදහා ප්‍රබල ව්‍යාපාරිකයකු  විසින් යන්ත්‍ර සුත්‍ර  යොදා කපන බව ගම්මු කියති .

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ නැදා කමක් ගැන ගම්මුන් ට පවසා මාස ගණනාවක සිට බොරළු කපා ටිපර් රථ වලින් රජයේ වැඩබිම් වල ට විකිණීම සිදු කරන බව ජනතාව කියති .

තම ගමේ පොදු සම්පත විනාශ වීමට විරෝධය පා ගම්මු 06 දින එලියට පැමිණ මේ විනාශය පිළිබධව මාධ්‍ය ට දැනුම් දුන්හ. මාධ්‍යවේදීන් ස්ථානයට යද්දී එම වියාපාරික මහතා කිවේ තමන් නිත්‍යානුකුලව මෙය කරන නිසා වීඩියෝ නොකරන ලෙසය .

ගැමියන් සමග මේ ස්ථානයට අප යනවිට 06 දින රජයේ නිවාඩු දිනයේද බොරළු කපා පටවන අකාරය දැකගැනීමට හැකිවිණි .

එහිදී දඹුල්ල පොලිසියේ පරිසර අංශයේ නිලධාරින් පැමිණ අවශ්‍ය ලිපි ලේකන පරික්ෂා කර බැලීමේදී ඉඩම් මායිම් පිළිබඳව ගැටළු ඇතිවිය .ගම්මුන් ව්‍යාපාරිකයාට විරෝධය පලකල අතර තම ගමේ පොදු සම්පත ට බලපත් සැකසු රජයේ නිලධාරීන්ට විරුද්දව ඉදිරියේදී පාරට බහින බව ගම්මු කියති .පොලිසිය තාවකාලිකව බොරළු කැපීම නවතාදමන ලදී .

boralu-01 boralu-02 boralu-03 boralu-04 boralu-05 boralu-06 boralu-07jpg boralu-08jpg



අදහස් (0)

ව්‍යාපාරිකයා වෑකන්දේ බොරළු කපයි

ජනහිත Thursday, 07 July 2016 06:31 AM

ඔය වැඩ වලින් වෙන්නෙ ප්‍රදේශය විතරක් නොවෙයි රටත් විනාශ වෙන එකයි. මට නම් හිතාගන්න බැහැ මිනිසුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. පැරණි රජවරු කොච්චර නම් මහන්සි වෙන්න ඇත්ද ඕවා හදන්න. (නි)

:       0       0

බටගල Thursday, 07 July 2016 06:48 AM

බලවත් ව්‍යාපාරිකයෙක් කියන්නේ කාගේහරි ලොක්කෙකුගේ සහෝදරයෙක්ද? (නි)

:       0       0

හිරාන් Thursday, 07 July 2016 07:18 AM

මෙහෙමත් යහපාලනයක්! (නි)

:       0       0

ධනසිරි Thursday, 07 July 2016 07:30 AM

ලෝකයේ හැමදේම අනිත්‍යයයි. ඇයි ඔච්චර ලෝබ තණ්හා? මේ ආත්මෙදි පළනොදුන්නොත් ලබන ආත්මෙදි උපදින්නේ ඔය වැව් කණ්ඩියේම ලොකු පණුවෙක් වෙලා, ඔය කරන වැඩ අනුව හිතනකොට (නි)

:       0       0

මිස්සක Thursday, 07 July 2016 08:45 AM

මේ මිනිස්සුන්ට ගොඩක් ස්තුතියි මෙවැනි හොර වැඩක් ඉස්මතු කරලා පෙන්නුවට. මේ රටේ නිලධාරියෝ නිදිවැදිලද? එක එකාගේ නම් පාවිච්චි කරලා මේ වගේ අපරාද කරන එක කොයි තරම් පාපයක්ද? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 07 July 2016 09:13 AM

ලංකාවේ දේශපාලකයන් තුළින් කවමදාවත් රටේ සාධාරණයක් හෝ නීතියක් ඉටුවන්නේ නෑ, ලංකාවට ඕනා "ලි කුවන් යු" වගේ අවංක පාලකයෙක්. දැන් අපේ රටේ ඉන්න ඔක්කොගෙම බොක්කේ දඩමස්. (බ)

:       0       0

හේවා Thursday, 07 July 2016 10:00 AM

හරිතබර ලංකාවක් ගොඩනඟමු (සිහිනයෙන්) (නි)

:       0       0

කමණි Thursday, 07 July 2016 10:34 AM

කුමාර් (ගල්ෆ්), ලී කුවන් යු වගේ අයට අපේ අය ඡන්දෙ දෙන්නේ නැහැ. බයයි නීතියට වැඩ කරන්න වෙයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 101 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 281 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1047 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 204 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 323 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 945 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site