වයඹ පළාත් සභා ඡන්දයේ ජරාජිත අපේක්ෂකයෙකුට උදව් කළැයි නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් තර්ජන ගර්ජන එල්ල වෙතියි කියමින් හලාවත නගර සභාවේ සුළු සේවකයාගේ සිට ලේකම් දක්වා සියලු දෙනාගේ අද පැයක විරෝධතාවක් පැවැත්විය.
උප නගර සභාපති සුසන්ත සංජය මහතාට අධාර කළැයි මෙසේ හිරිහැර කරන බව ඔවුහු කියති.
සේවකයිනට හිරිහැර වීමට ඉඩ නොතබන බව නගර සභාපති ඩබ් ලිව් ඒ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඔවුනට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් හිරිහැරයක් නෑ.අපි ඡන්දෙ දුන්නේ නෑනේ. (ස)
ඔය කොච්චර උපක්‍රම දැම්මත් ඡන්ද කාර්ඩ් හිතා මතා අමතක කරලා ගියත් ඡන්ද ප්‍රතිපල වෙනස් වෙන්නේ නැහැ. නිකන් මිනිස්සු හිනස්සනේ නැතිව වැඩක් බලාගන්න මහත්වරුනේ (ස)
අනේ මෝඩ ඡන්දදායකයෝ ! දිනපු අය ෂැම්පේන් බොනවා ඇති. මොවුන් නිකන් මරාගන්නවා. (නි)
හිරිහැරලා වෙනදා වගේ වැඩ කරපල්ලා යකුනේ. ගෙදර ළමයි ගෑනි බඩගින්නේ තියලා අනුන්ගේ බළල් අත් වෙන්නෙ නැතුව. (නි)
නගර සබාව හින්ද හොඳයි. වෙන පළාතකට මාරු කරලා යවන්න බැහැනේ. ඉහළ මට්ටමේ වුණා නම්? අහලා නැද්ද එහෙම වුනාම කොළඹ ඉඳලා කී දෙනෙක් යාපනේ, මන්නාරම පැත්තට යනවද කියලා? (නි)