IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වියලේන්ද්‍රන්ට ඇප

(රෝෂන් තුෂාර)

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම  සඳහා   රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප මත මුදාහැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (08)නියෝග කළාය .

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.

මෙම විමර්ශනය ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් කර ඇති බවය.


හිටපු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් වන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් මෙම විමර්ශනයේ පළමු හා දෙවන සැකකරුවන් ලෙස නම්කර ඇතිි අතර එම සැකකරුවන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර ඇත.

මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය  හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල පළමු හා දෙවන සැකකරුවන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතා අධිකරණයට කරුණු දක්වමින්  සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.



අදහස් (0)

වියලේන්ද්‍රන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 134 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1161 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 715 2

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
2025 අප්‍රේල් මස 21 1394 2

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ


පුංචි ඡන්දයේ පෙත්සම් 60ක් ඉවතට
2025 අප්‍රේල් මස 21 38 0

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය න


පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 830 9

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 449 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site