‘සිංහල බැරි මිනිස්සු හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම අපට පිළිගන්න බැහැ‘යැයි අද(29) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජාතික සංවිධාන එක්ව ලාල් විජේනායක කමිටු වාර්තාවට හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව පත්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමේ අවස්ථාවට එක්වෙමින් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
‘කමිටු වාර්තාව ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ. පස්සේ සිංහලෙන් ගහලා. මේ රටේ අධිකරණය පිළිගන්නේ සිංහලෙන් තිබෙන සටහන්. මේ රටේ බහුතරය සිංහල. මේ කමිටු වාර්තාව අපිට පිළිගන්න බැහැ. මේ රට පාලනය කරන්න තිබෙන ව්‍යවස්ථා හොඳටම ඇති. මේවා ජනතාව ඉල්ලන දේවල් නොවේ‘ යැයිද ඒ හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යුද්දේ ඉවර කරපු හමුදුරුවොනේ. (අ)
කොළ කැබලි නිසා මුදලුත් පරිසරයත් නාස්ති නොකර අාධ්යාත්මක ශක්තිය යොදන්න හිමියනි. (නි)
යහපාලන ගිවිසුමේම තිබුනනේ ඉතින් ඔය වගන්ති. ඕවා දැන දැන තමයි සිංහල මිනිස්සු යහපාලනේ ගෙනාවේ. ඒ ඒවාට ඉතසිතින්ම කැමති නිසා. දැන් බොරුවට පරලවෙලා වැඩක් නැහැ (නි)
අතුරා, ඔහේට නම් අදාළ නැතුව ඇති. ඒත් මේක බහුතරයට, බෞද්ධයන්ට බලපාන දෙයක්. යුද්ධය කවුරු ඉවර කළත් ඔහේලා මහප්‍රාණ කතා කියන්නෙ ඒ පිහිටෙන් තමයි (නි)
බුද්ධාගමට තිබුන තැන නැතිකරලා ඉවරයි. මේවා සිංහල මිනිස්සු කරපුවද? (නි)
සිංහලයාට විනකරන, කිරීමට ඉඩ දී බලාසිටින හැම කෙනෙක් ගැනම අපිට ඇත්තේ විශාල තරහක් (නි)
යු එන් එකට කතා කරන්න තවම හොද උගත් බුද්ධිමත් කෙනෙක් යවන්න කිසිම රජයක් ක්‍රියා කරන්නේ නැහැනේ එකයි දුක. අපේ හාමුදුරුවෝ තමා රට ගැන හිතලා වැඩකරන්නේ. (ර)
හැම බරපතල ප්‍රශ්නයක් ගැනම බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන්, සහ උවමනාවෙන් කතා කරන්නේ වැඩිම උනොත් සුමානයයි. එයිට පස්සේ එහෙම දෙයක් තිබුනාදැයි කාටවත් නොදන්නා ගානයි. එහෙම තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. (ර)
යහපාලන මායාව වෙනුවෙන් වැඩි පිරිසක් උඩින්ම කැමැත්ත දීමෙන් පසුගිය මහා ඡන්දෙන් කල හපන් කමේ රඟ, (හේ)
අපිට ඕනෑ අපේකමට පණපොවන සැබැ මිනිසුන්. අපි ඔබවහන්සේලාට ණයගැති මෙන්ම ඔබවහන්සේලා කරන මෙම උතුම් ක්‍රියාව අපි අගකරනවා (නි)