(සුජිත් හේවාජුලිගේ)
ෆයිසර් එන්නත වයස 15ත් 19ත් අතර දරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මෙයට අමතරව වයස 12ත් 19ත් අතර විවිධ ආබාධවලින් (සංජානනීය ආබාධ) පෙළෙන දරුවන්ටද ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශ අනුව මේ තීරණය ගත්තේ අද (17) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන රැස්වීමේදීය.
මේ අනුව දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සතිය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද ජයසුමන මහතා කීවේය.
මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන්වීමට ඇණවුම් කර ඇතැයි පවසන ජයසුමන මහතා ලබන මාසය වනවිට එම එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වයස 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත්
Nihal Friday, 17 September 2021 02:19 PM
ප්‍රමුඛතාවය දිය යුත්තේ අතුරු ආබාධ තියෙන දරුවන්ට.. වීස් එක, ඇදුම, දියවැඩියාව ඇතුළු රෝග තියෙන දරුවන්ට, 60ට වැඩි අයට මෙහෙම කළා නම් මෙච්චර මරණ වෙන්නේ නැහැ.
රංග Friday, 17 September 2021 02:52 PM
ඇයි ආයුර්වේද බෙහෙත්වලින් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තේ
Nuwan Friday, 17 September 2021 04:01 PM
ගැබිනි මව්වරුන්ට චීනගේ මළ ජරාව විදලා දැන් විකාර කියවනවා...!
BamunuarachchiSunday, 19 September 2021 09:57 AM
කතාවෙන් ඔබත් චීන මල ජරාව විදගෙන වාගේ පෙනෙනවා.
ජනතාව Friday, 17 September 2021 11:04 PM
මේක නම් නුවණැති වැඩක්. මොකද විදේශගතවන සිසුන්ට යලි එන්නත්කරණය අවශ්‍ය නැහැනෙ.
Bamunuarachchi Sunday, 19 September 2021 10:09 AM
ලෝකෙට මේ එන්නතේ තිබෙන අතුරුපල ගැන දැනගන්න කාලයක් තිබුනේ නැහැ මේ එන්නත ගැන අවුරුදු ගණන් පරීක්ෂණ කලේ නැහැ. එම නිසා එන්නත දරුවන්ට විදීම ගැන තව හිතුවොත් හොඳ නැද්ද? බ්‍රිතාන්‍ය බෙහෙත කැනඩාවේ විදින්නේ නැත. ගෙන්වා ගත් එන්නත ආපසු යැව්වා. ඔවුන් හේතුව කියන්නෙත් නැත. ඒ වෙනත් ප්‍රශ්න මතුවෙන නිසා.