ලංගම සතු පැරැණි බස් රථ සියයක් පමණ අලුත්වැඩියා කැර කතරගමට රැගෙන විත් කිරිවෙහෙර අභියස අසුහතරදහසක පහන් පිංකමක් පවත්වා ආසිරි ගැන්වීමේ පිංකම ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සංගමය මෙවරද පැවැත්වීය.
වසර 50 කට පෙර ලංගමයේ තිබු ඇතැම් බස්ද රුපියල් ලක්ෂ එකහමාරකටත් අඩු වියදමකින් අලුත් වැඩියා කැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් එසැන පුවත් මගින් ප්‍රචාරය වූ ශ්‍රී.ලං.ග.ම. ට කාන්තා රියදුරුවරියන් බදවා ගැනීමේ පුවත මේ හා සම්බන්දද එසේනම් ඒ කාන්තාවන්ට මේ බස් පරිහරණයට ඉඩක් ඇත්ද (අ)
ගාල්ල ඩිපෝවේ තියනවා 23 ශ්‍රී 4479 කියලා බස් එකක්. මේ ලඟදි දාවනයෙන් ඉවත් කලා. ගරු ප්‍රවාහන ඇමති තුමනි මේ බසය අලුත්වැඩියා කර නැවත දාවනයට යොදවනු මැනවි. එම බස් රථය දුටුවම මගේ පුංචි කාලය මට මතක් වෙනවා.(නදී)
ජයේ කියන කතාව ඇත්ත. ඔය 1113,1111 බස් වලට මමත් ඒ කලේ හරි කැමතියි. ඒවා මන් හිතන හැටියට මෙර්සේදෙස් බෙන්ස්. තිබුනේ නුවර හා අවිස්සාවේල්ල රත්නපුර වගේ ඩිපෝ වල පමණි. තව බස් ජාතියක් තිබුන තනි දොර මන් හිතන්නේ ව්‍ය්කින්ග් නම. ඒවා නුගේගොඩ අවට තමා දාවනය උනේ. හෝමාගම,මහරගම ඩිපො වලත් මේවගේ පරණ ලේය්ලන්ඩ් බස් දිරා යමින් තියෙනවා. මේ වගේ හදලා ගත්තොත් ලොකු දෙයක්. කාලයක් පාවිච්චි කලහැකියි.(නදී)
කොච්චර බස් දැම්මත් බස් කොට උඩ ,මිනිස්සු මග. (දී)
මෙම සත් ක්‍රියාව කල මහතුන්ට පින් සිදු වේවා.(දී)
මගේ ප්‍රණාමය කුමාර වෙල්ගම මහතාට. මොකද කාටවත් කරන්න බැරි උන වැඩක්. (නදී)
මේ වගේ අනෙත් බස් ටිකත් හදලා ගත්තනම් ගැමුණු මහත්තුරුන්ගේ ආඩම්බර නොබලා ඉන්න තිබුන නේද? ලංගම බස් එකක මේ දවස්වල මගීන් යන්න බොහොම කැමතියි. දැන් කොළඹ රස්සා කරලා එන ගොඩක් අය දුවන් එන්නේ ලංගම බස් එකක් එනකම් බල බලා. යලට මහට වගේ එකක් එනවා. හැබැයි ඒකේ සැනසීමෙන් වගේම ඉක්මනට ගමන යන්න පුළුවන් කරච්චලයක් නැතිවම.(නදී)
ලංගම සේවකයන් තනිකර කරන්නේ බොරුව වංචාව. අවරුදු 50ක් පරණ බස් දැන් හදන්න පුලුවන් නම් පසුගිය දශක දෙක තුනක බස් පැත්තකට කර තිබෙන්නේ මොකද. වැඩ කිරීමට ඇති කම්මැලිකම. බුද්දිය ඇති අය මේ ගැන හිතන්න.(නදී)
පිට රටක ඉන්න කෙන්නෙක් හැටියට මම ලංකාවේ දකින හොද දේවල් ඉහලින්ම අගේ කරනවා. මොකද ඒ මගේ රට නිසා. සමහර උදවිය ලංකාවේ සිදුවෙන හොද දේවල් අගය කරන්නේ නැහැ. එතකොට තමයි හොම්බට හැටක් විතර අනින්න හිතෙන්නේ. හොද දේවල් දුටු විට ගුණාත්මකව හිතන්න පුරුදුවෙන්න. ලංකාවට සදා ජය. ඔබ සැමට බුදු සරණයි.(නදී)
හිත ඇත්නම් පත කුඩාද? ලංකාවේ මිනිස්සු වැඩ බැරි කම නෙවෙයි උනන්දුව නැති කම. ඉන්දියාවත් ඔතනින් තමයි පටන් ගත්තේ. අදටත් අපි ප්‍රමාද නැහැ.(නදී)
සුමන, වේරහැර තිබුන පරණම බස් වලින් එකක් තමා හොරණ බස් එක. නොම්මරය IC 2668. මේවා 1980 දශකය අවසානයේදීත් ඉතාම හොඳින් ධාවනය උනා (දී)
කොම්පැණි කාලේ බස්රථ දිනපතා අලුත්වැඩියා කල අතර දිනපතා පිරිසිදු කළා . දිනපතා කලයුතු වැඩ කලානම් මෙහෙම වෙන්නේ නැහැ .ඩිපෝවකට බඩු ගන්න ප්‍රධාන කාර්යාලයෙන් මිලගණන් කන්දවනවා .හැබැයි රුපියල් 350 බෙල්ට් එක 750 ගන්නේ . ඩිපෝවලට බඩු ගන්න දෙන්නේ නැහැ . (අ)
කියක් වියදම්ද දන්නා නෑ (අ)
යහපත් දෙයක් කළාට පසුව හිතට දැනෙන ප්‍රීතිය, 'පින්' යනුවෙන් හැඳින්වේ.එය බුදු දහමටම පොදු දෙයක් නොවේ. පහන් අසු හතර දාහේ පින් කමත් ඒ ආකාරයේ දෙයකි. (දිල්)
ශ්‍රී ලංගම , කරලා විනාශ කරලා දැම්ම අයටනම් මේවා මතක නැහැ . බිතරෙන් ආව කුකුල් පැටියා වගේ වට පිට බල න්නේ (දිල්)
එක්තරා කලෙක, අප පාසල් ළමුන් කාලේ, ලංගම යනුවෙන් ආයතනයක් තිබුණා. එහි විනයගරුක රියැදුරු, කොන්දොස්තර මහත්වරු සිටියා. බස් පිරිසිදුව තිබුණා. අපි වාර ප්‍රවේශ පත් රැගෙන ලාභයට, වෙලාවට පාසලට ගියා. බස් රථ වෙලාවට වැඩ කළා. රාත්‍රී 10-11 ටත් පාරේ බස් තිබුණා. (දිල්)
වෙල්ගම මැතිදුනි ඔබතුමාට අපේ ප්‍රණාමය! (අ)
සෑම් ඔබගේ අදහස් දෙකම හරි. (අ)
ඉන්දික ඔය දන්නේ නැති උනාට දුවන්න පුළුවන් හොද තත්වයේ බස් වෙන්දේසියේ දුවන්න බැරි ඒවා කියලා දුවනවා .ගත්ත ගමන් ඒවා හොදට දුවනවා කිසිම අලුත්වැඩියාවක් නොමැතිව .ඔය ලංගම ගැන දන්නේ නැ එක.දිරාපත් වෙන බස් දැක්කනම් ඔය මොනාද .දහස ගන්න බස් විතරක් නොවේ වාහන තොග ගණන් ඔහේ දිරාපත් වෙනවා දුකේ බෑ.ඔව් හදල ගන්න ඕනි මහජතවගේ සල්ලි නිසා .... (අ)
අලුත් වැඩියා කරන්න ඹ්න ධාවනයෙන් ඉවත් කරල තියෙන බස්. මේ දෙසැ.31 තීන්ත ටිකක් ගාලා රටට පෙන්නන්න නෙමේ පහල තියෙන 23 ශ්‍රී 8416 පානදුර ඩිපෝවේ හොදට පාවිච්ච් කරල කලුතර ඩිපෝවට දුන්නු බස් එකක් ඒක ධාවන තත්වයේ තිබුනු එකක් අනෙක් වත් එහෙම වෙන්න පුලුවන්.(නදී)
හොද දේ අගය කරන්න ඕන(දිල්).
නුවන් දැක්ක දේ හරි. ලස්සන බස් එකේ පොස්ටර් අලවපු කෙනා කව්ද? (නදී)
පැණිදෙනිය මහනුවර බස් එකක් තිබුනා බෙන්ස් වර්ගයට අයිති අයි සී නොම්මරයක් සහිතව ඒක කෝ ? (නදී)
මේ වගේ වැඩ අපි ඇත්තටම අගයා කරන්න ඕනේ මේවා තමයි ඇත්තටම හොද වැඩ (දී)
කළුතර ඩිපෝවේ 23-8416 බස් එක සැදීමේ සම්පුර්ණ ගෞරවය හිමි වෙන්න ඕන කළුතර ඩිපෝ ඉංජිනේරු මහින්දරත්න මහතාට. එතුමාට පින් සිදු වෙන්න කළුතර ඩිපෝවේ වගේම හොරණ ඩිපෝවේත් ඔය වගේ අයින් කරලා දාපු පරණ බස් ගණනාවක් ගොඩ ආවා. හොරණ ඩිපෝවෙන් මහින්දරත්න මහතාව කළුතර ඩිපෝවට මාරු කලේ ඉරිසියාකාරයෝ වගයක් කරපු බොරු කුමන්ත්‍රණයක් නිසා. (නදී)
වයස පනහයි තාම තරුනයි. මම සීය කෙනෙක් කෙනෙක් බලන්න කියලා පිටුව ඇරියේ.(නදී)
ඔය වගේ හදන්න පුඵවන් බස් තව මොන තරම් තියනවද ඒවා හදලා පාරට දානව නම් පුද්ගලික බස් මුදලාලිලාගේ ගෑස් බස්සන්න තිබුණා (දී)
23 ශ්‍රී 4479 කියන්නේ අපි ඉස්කෝලේ ගිය බස් එක. ගාල්ල ඩිපෝවෙන් ඒක ආයෙම හදලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.(නදී)
ලංගමය ගැන කතා කරද්දී ඇසට කදුලක් එනවා. 60/ 70 දශක වල ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අරුනකොට අති දක්ෂ නිර්මාණ ශීසීලි කාර්මිකයෝ විශාල ප්‍රමාණයක් ලංගමය සතුව හිටියා. අනිල් මුණසිංහ සබාපති තුමා ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ වගේම ලංගමයට කණකොකා හඩවන්න අඩිතාලම වැටුනෙත් 65 න් පස්සේ ආව අය නිසා. මෙයාල තමයි සියයකට ඉඩකඩ ඇති ජර්මනු කාර්මික විද්‍යාලයට 300ක් අරගන පාඨමාලාවේ තිබුන ගෞරවය නැතිකලේ. ඒ වගේම බස් ගෙන්වීමේදී පිටතට යන කොමිස් මුදල් නවත්වන්න ඉතාලි ෆියට් බස් ලංගමයට හදුන්වා දුන්නෙත් අනිල් මුණසිංහ මහතායි. ඊට පසුව ප්‍රවාහන ඇමති වුනේ පරණ බස් කොම්පැනි කාරයෙක්. එයා ඒ වැඩේ නැවැත්තුවා. අවශ්‍යතාවය තිබුනේ ලංගම නැත්තටම නැති කරලා ඒ අයගේ කොම්පැනි නැවත වගා කරගැනීම. ඒ සදහා නොයකුත් උප්පර වැට්ටී යෙදුවා. අනෙක පත් වුන හැම ආණ්ඩුවක්ම තමන්ගේ හෙංචයියලට රැකියා දුන්නේ ලංගමයේ. මෙලෝ හසරක් නොදන්නා අය කාර්මිකයෝ විදිහටත් ප්පොකට් කාරයෝ කොන්දොස්තර විදිහටත් ,ජීවිතේට බර වාහනයකට අත තියල නැති රියදුරොත් ලංගමයට පිරුනා. එක බසයක ආදායමෙන් අටක් දහයක් පවුල් රක්සා කරන්න වුනා. එවන් යුගයක් පසුකල ලංගමය මේ තත්වයෙන් හරි තියන දෙය ලොකුදෙයක්. ලංගමයට පෙර තිබුන තත්වය ගැන අද අයට දැනුමක් නැහැ. ඒ නිසා මෙහි අගයක් නැහැ. ලංගම නැතිවුනොත් එදාට ඔය කවුරු කවුරුත් පස්චත්තාප වෙයි.(නදී)
ලංකාවේ අයට මේවත් වැඩද ? උනන්දුවයි, උත්සාහය ඇත්නම්,..... කල අයට පින් ,...ඉස්සර ලංකාවේ තිබුනේ ලංගමය පමණි, නියමෙට සේවය දුන්න , ලංගමය ගිලපු පාලකින්ට දැන් මගින් විදින දුකට සාප වේවා,.....(අ)
ඉස්සර ලංගමය පමණි, නියමෙට සේවය දුන්නා. ලංගමය නැතිකරපු වුන්ට සාප වේවා! පෞද්ගලික හා ලංගම බස් නිසා දැන් මගින් දුක් විදිනවා. මෙම කාර්යට සහයවූ සැමට අපේ ප්‍රණාමය.(නදී)
නියමයි, අගය කල යුතු වැඩක්. ධම්ම මහතාගේ අදහස මම අනුමත කරමි.(නදී)
"වයස පනහයි ඒත් තරුණයෙක් වගේයි".මම හිතුවේ වෙන දෙයක්.(නදී)
වැඩේ නම් හොඳයි. ඒත් සද්දේ දිහා බලපුවම වියදම කොච්චරද කියල කිව්වනම් හොඳයි. මොකද මම ඉන්නේ කුරුණෑගල පළාතේ ඩිපෝවල පොඩි පොඩි වියදම් නැතුව බස් ගොඩක් කොට උඩ. උදාහරණයක් කිව්වොත් ගියර් මාරුකරන ලිවර් එකේ බුෂ් එක ලියවගන්න විදියක් නෑල්ලු. (නදී)
ඇමරිකාවට ගහන්න කතාව. ඒත් අපේ පාරේ හවස 6 යෙන් පස්සේ යන්න බස් එකක් නැහැ.(නදී)
අත්තටම් ඉතාම වටිනා වැඩක්, වචන වලින් කියන්න බැරි තරමේ (දී)
යන්ත්‍ර සුත්‍ර වලට ආගමේ ආශීර්වාදය අරන් දෙන්න උත්සාහ කිරීම බොහෝ සංස්කෘතීන්ට අයිති දෙයක්. හැබැයි ඒ ආශීර්වාදය ලබා ගෙන අනතුරු වලක්වා ගන්න උපරිම උත්සාහය දරනවා. අපේ ලංකාවේ වෙලා තියෙන්නේ ප්‍රචාරයටත් එක්ක පිංකම ජය ට කරලා. ඊට පස්සේ මග මරුවෙක් වෙනවා. ඒකයි වෙනස. (දී)
නුගේගොඩ සහ කෝට්ටේ දාවනය උන දොර දෙකේ බසයේ නම ඇල්බියාන් වේ. ඒ 1970 විතර. අනික ලේලන්ඩ් වල මුල්ම බස් 60-70 කාලේ [22 ශ්‍රී කාණ්ඩය] 23 ශ්‍රී වලට වැඩිය වෙනස්. තාමත් ඒ බස් රථ කිහිපයක් හෝමාගම ඩිපෝවේ දිරා යමින් තියෙනවා මට මතකයි. කවුරු හෝ ඒ බස් කිහිපයක් සංරක්ෂණය කළා නම් හුගක් වටිනවා. (නදී) .
නලින් කුමාර මමත් ඔය ටිකමයි ලියන්න ගියේ. මේවා කවද තේරුම් ගනියිද? මේ රටවල ඉන්න අබෞද්ධ ඉතාලි ජාතිකයෙක් බුද්ධ ධර්මයේ හරය ශ්‍රී ලංකික බෞධයින්ට වඩා හොඳින් දන්නවා. (දී)
මම හිතනවා ඔය අස්සේ 1113 බස් එකකුත් ඇති කියලා. ඉස්සර මම නුවර යන විට අනිත් බස් යන්න ඇරලා 1113 එකක් එනකල්ම බලාගෙන ඉන්නවා. පොඩි කොල්ලොනේ. (ස)
මෙය ඉතාමත්ම හොඳ වැඩක් (ස)
මට අර පරණ ලේලන්ඩ් බස් දකිනකොට මගේ පුංචි කලේ මතක් වෙනවා. මට ආපහු එයින් බස් එකක යන්න අසයි (දී)
ඉතාමත් හොද වැඩක් ,ඔය විදියටම වැඩ කලොත් සුබ අනාගතයක් කැපව්මෙන් වැඩ කල සියල්ලන්ට කතරගම දෙවියන්ගේ පිහිට ලැබෙනවා . (දී)
මංගලී ෆොන්සේකා, අසුබවාදී වෙන්න එපා. මෙච්චර කල් දිව්වා කියලනේ මේ උපහාරේ තියන්නේ. ඉස්සරහටත් පුළුවන් තරම් දුවයි, (දී)
ඔව් වැඩේ හොදයි එත් ඔය ටික හෙට අනින්ද වෙන්දේසියේ විකුනයි ද දන්නේ නැ අබලන් බස් කියල (දිල්)
බස් එකක් වත් නැති ප්‍රදේශ කොයිතරම් තියෙනවාද ලංකාවේ ඒපැති වලට දාන්න මේ බස් (දී)
ටාටා බස් නම් අලුත් එකක් අවුරුදු 5-10 යනකොට පොලවට පස් වෙලා යන තරම් දිරනවා. ඉන්දියාවේ අස්චාර්ය ! (දී)
පහන් පත්තු කරපු එක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ වගේ දේවල් ආදර්ශයට ගන්න. අපි අපේරටේ දේවල් රැකගන්නත්, ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන්නත් පුරුදුවෙන්න ඕන. (දී)
මේක හොද වැඩක්. එත් මේවා මගී ප්‍රවාහනයට යොදවන එක නම් වේද නෑ කියල තමයි මටනම් හිතෙන්නේ. මොකද මේවා කොච්චර හැදුවත් කොයි වෙලාවේ කැඩෙනවද කියන්න බෑ. එතකොට මගීන්ගේ ආරක්ෂාව සහතික කරන්නවත් සහ ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යන්නත් බෑ.දැන් මේ බස් අයින් කරලා අලුත් බස් ගෙන්නවන්න ඕන.(දිල්)
රොෂාන් කොහොමද එහෙම කියන්නේ (දී)
ඔය යටින් තියෙන්නේ ලේලන්ඩ් බස් රථය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එකක් (දී)
බොහොම හොද වැඩක්. (දී)
මේ වගේ දේවල් අහන්නත් සතුටුයි ඇත්තටම වෙන්න ඕනේ මේ වාගේ දේවල් තමයි (දී)
මෙන්න මේවා හොද වැඩ. යන්න බස් එකක් නැතුව බස් එකක් ඉල්ලන.. හැතැම්ම ගණන් පාසල් වලට පයින් යන දරුවන්ට බස් එකක් දෙන්න. රේස් යන්න පාරවල් හදන්නැතුව.. (දී)
මේක තමා වෙන්න ඕනේ අපේ දේ අපි රැකගන්න ඕනේ (දී)
මම පුදුමයකින් බැලුවා අනේ මේ බස් එකක්නේ (දී)
පහන් වැඩියෙන් පත්තු කලාම හරි , එක පහනක් පත්තු කලාම හරි පින් කමක් වෙන්නේ කොහොමද? පහන් පත්තු කලාම පින් ලැබෙනවා කියල බුදු හාමුදුරුවෝ කවදද කොතනද දේශනා කරලා තියෙන්නේ? (දී)
රොෂාන්,, මම සියල්ල දත් කෙනෙක් නොවේ.නමුත් 23 ශ්‍රී කාණ්ඩයේ අවසානයේ (8416) බ්‍රිටිෂ් ලේලන්ඩ් තිබුනේ නැහැ. 22 ශ්‍රී කාණ්ඩයේ තිබුන අලියා කොමට් කියා හඳුන්වන එකෙන් පස්සේ රත්මලාන සහ කටුබැද්ද ඩිපෝ වලට පමණක් බ්‍රිටිෂ් ලේලන්ඩ් (ලංකාවේ තිබුන දිගම බස් එක) බොහොම ටිකක් තිබුනා ඒවා හැර ඉතිරි සියල්ලම ඉන්දියාවෙන් ගෙන්වපු අශෝක් ලේලන්ඩ්. මේ බසයේ නොම්මරය අනුව මේක අනිවාර්යයෙන්ම ඉන්දියන් අශෝක් ලේලන්ඩ් එකක්. (දී)
මීටත් වඩා පැරණි බස්රථ වේරහැර වැඩපොළේ අලුත්වැඩියා කර සේවක බස්රථ හැටියට පාවිච්චි කළා,ලංගම සේවකයන් ආදරයෙන් රැකගත් වේරහැර වැඩපොලත් දැන් නෑහැ (දිල්)
මේකේ අදහස් පළකරපු පොතේ මහාචාර්ය වරුන්ට මේක මහා ගැටළුවක් පහනක් පත්තු කරාම කොහොමද පින් කමක් වෙන්නේ කියල, අපි නොදන්න දෑසට නොපෙනෙන කොයි තරම් දේවල් තියෙනවද,ලෝකේ කොයි ආගමේත් දර්ශනයේත් මේවා තියෙනවා, ඔබ බෞද්ධයන්ව උපහාසයකට ලක්කරන්න වෑයම් කරා කියල මන් හිතනවා, හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ඔය හැම ආගමකම මෙවැනි වත් පිළිවෙත් වෙනස් මුහුණුවරකින් තියෙනවා, පහනක් පත්තු කරට පින් ලැබෙන්නේ නැහැ තමයි, මෙතන කියල තියෙන්නේ පහන් 84000ක් පත්තු කරලා ආශීර්වාද ප්‍රර්ථනා කරා කියන එකයි, මේ ප්‍රවෘර්තියේ සුබ ආරංචිය පමණක් ඔලුවට ගන්න, අහක දාපු බස් රථ කිහිපයක් හරි හදාගෙන ප්‍රයෝජනයට ගැනීමම ලොකු දෙයක්, (දී)
මේවා තමයි ලංගමේ වෙන්දේසියෙන් තුට්ටු දෙකට අරගෙන ගේට්ටුවෙන් එළියට ඇදගෙන ඇවිල්ලා එතැන් සිට 'ස්ටාර්ට්' කරගෙන ගිය බස්. ඒ ක්‍රමය වෙනස් කිරීම ගැන බලධාරීන්ට ස්තුතියි. (දී)
23 -8416 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර ඩිපෝවට අයත් ශ්‍රී ලංගම මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1978 වසරේ පමණ ශ්‍රී ලංගම හා එකතු වී ඇත. මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස කළුතර ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ජනතා සේවයට එකතු කර තිබේ. 2013 පදවිප්‍රාප්ති බස් රථ අතර පැරණිම බස් රථය මෙයයි. ශ්‍රී ලංගම බඳ සැකසූ පැරණි බස් රථ වල පැවැත්ම, ඉන්ධන පිරිමැස්ම වැනි වටිනාකම් තේරුම් ගෙන පැරණි බස් රථ රැසකට නැවත ජවය ලබා දුන් වත්මන් කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු තවත් බස් රථයකි. (දී)
ජයේ , මම ඔබ කව්රුද කියා දන්නේ නැහැ සමහරවිට ජර්මන් ටෙක් එකෙක් (මං වගේ) වෙන්න පුළුවන්. ඔබගේ ආශාව ලෝකයේ රථවාහන ගැන හොඳින් දන්නා හැමෝටම තියන ආශාවක්. හොඳට රේස් කරලා බෙන්ස් එකක ගියර් මාරුකරන සද්දෙට ගහන්න සද්දයක් නැහැ, (දී)
මටනම් අදහගන්නත් බැහැ මේවගේ කැලි මච්චරකල් තිබුන එක
මේවා දකින විට ඇස් දෙකට කදුළු එනවා. දුකට නෙමෙයි සතුටට. අපේ රට මොන තරම් සුන්දර රටක් කරන්න පුලුවන්ද අවංකව වැඩ කරනවානම්, ජපානයේ යුද්ධයෙන් පස්සේ දරුවන්ට උගන්වපු හැටි හරිම පුදුම ඉස්කෝලේ කියන කතාවෙන් පේනවානේ. (දී)
විශිෂ්ටයි !!!! කියන්න ඕන මන් දැක්ක හොදම ඩිපෝව පොලොන්නරුව කියල ලහ ලබන ඩිපෝවක් , මුළු ලංකාව එතනට එන්න ඕන. සුභපැතුම්........ (දී)
ඉතාමත් ප්‍රසන්න පුවතක් . මේක තමා අපේ කම. ලංකාව හරි පුදුම රටක්. එකේ ඉන්න අය ඊටත් වඩා පුදුම දේවල් කරනවා. ලංකාදීපයට මේ පුවතට ස්තුති කරමි. පින්තුර ටිකකුත් පස්ස දාන්න. (දී)
කවුරු හරි හොද වැඩක් කලාම ඒක අගය කරන්න පුරුදු වෙන්න. පහන් කවුරු මොනවා කිව්වත් මේ ක්‍රියාව ඉතාමත් උසස් ! ඔබ සැමට ජයවේවා! (දිල්)
මේක ඉතාම හොඳ වැඩපිළිවෙලක්! තව දෙයක් තමයි පරණ, ලංකාවේ හදපු බස් දැන් එන ඉන්දියානු බස් වලට වඩා ගොඩක් හොඳයි. ඒ නිසා පරණ බස් වලට පණ දෙන එකේ වටිනාකමක් තියෙනව. ගොඩක් ඩිපෝ මෙවර හොඳ බස් තෝරාගෙන තිබුණා අලුත්වැඩියාවට. (දිල්)
කොච්චර හොද වැඩක් වුණත් බලන්න බස් එකේ පෝස්ටර් අලවලා කැතවෙලා (දිල්)
ආඩම්බර වෙන්න අපේ රටේ කාර්මිකයින් ගැන (දී)
මේ සේවකයින් දිරිගන්වන්න. අගය කිරීම විතරක් මදි. ආර්ථික වශයෙන් යම් ප්‍රතිලාභයක් දෙන්න. (දී)
ඇත්තටම මාරම වටිනා කියන වැඩක් මේක (දී)
ගොඩක් හොද වැඩක්....මේ වගේ වැඩ තමයි අපේ රටට උවමනා කර ඇත්තේ....(දී)
සුභපැතුම්, හොද වැඩ රටට ආඩම්බර වෙන්න (දී)