(විමුක්ති එස් රුද්‍රිගු)
අලුත් දෙයක් අත්හදා බැලීමට වයස ප්‍රශ්නයක් නොවන බව ලොවට පෙන්වා දෙමින් වයස අවුරුදු 104 ක ආච්චි අම්මා කෙනෙක් අඩි 13500 ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට පැන ඇත.
අවුරුදු 104 ක් වයසැති ඩොරති හොෆ්නර් නැමැති මෙම කාන්තාව ස්කයි ඩයිවින්ග් උපදේශකවරයෙකු සමඟ එක්ව මෙම වික්‍රමය සිදු කොට තිබේ.
ඇය මෙම වික්‍රමය සිදුකර ඇත්තේ ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වූ වයස්ගතම කාන්තාව වෙමින් ලෝක වාර්තාවක් තැබීමේ අදහසින්ය.වයස ඉලක්කමක් පමණයි ඩොරති හොෆ්නර් චිකාගෝ ට්‍රිබියුන් පුවත්පතට පවසා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔටාවා නගරයේදී තම අත්වාරුව ඉවත දමා ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වීම සඳහා ඩොරති ගුවන් යානයට ගොඩවී ඇත.හොෆ්නර් ප්‍රථම වතාවට ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ වයස අවුරුදු 100 දී වන අතර එම අවස්ථාවේදී ඇයව ගුවන් යානයෙන් එළියට තල්ලු කිරීමට සිදුව තිබේ.නමුත් මෙවර ඇය සිය කැමැත්තෙන් ස්කයි ඩයිවින්ග් උපදේශකවරයා සමඟ එකතු වී අඩි 13500ක් ඉහළ අහසේ සිට පහළට පැන ඇත.
ගුවන් යානයෙන් පැනීමෙන් අනතුරුව පොළොවට පැමිණීම සඳහා ඇයට විනාඩි 7 ක කාලයක් ගත වී තිබේ. ඇයට එම ලෝක වාර්තාව ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ගිනස් ලෝක වාර්තාව මෙතෙක් තීරණය කර නොමැත.
සිය උපදේශකවරයා සමඟ පැයට සැතපුම් 120 ක වේගයෙන් ඩොරති පොළොවට පැමිණ ඇත. නැරඹීමට පැමිණ සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඩොරති පැරෂුටය ආධාරයෙන් පොළොවට පතිත වී තිබේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට දිවයිනපුරා කණ්ඩායම් 690ක් නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වයසත් කජ්ජක් ද