බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව බස්නාහිර පළාත් ආරංචි කියයි.
බස්නාහිර පළාත් සභාවේදී ඇමැති නිශාන්ත වර්ණසිංහගේ අමාත්‍යංශවල අයවැය පරාජය විය.
ඒ අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පැවරිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරන්නේ නැත්නම් කරන කෙනෙකුට දෙන්න ඕනෑ. පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්න බැහැ. බස්නාහිර පළාතේ විශාල වැඩකොටසක් හිරවෙලා තියෙන්නේ. කාලය කකා ඉඳලා හරියන්නේ නැහැ (නි)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ. නමුත් යහපාලනය යනු මෙය නොවේ. (නි)
කළ කළ දේ පල පල දේ (නි)
මේ අයට ස්ථිර ප්‍රතිපත්තියක් තිබෙන වගක් අපිට නම් පෙනෙන්න නැහැ (නි)
බොරු බයිලා වලින් අපිට වැඩක් නැහැ (නි)
දැන් ඉතින් එයා මොනවා කරන්නද? (නි)
වර්ණසිංහ මහත්තයා කටමැත දොඩවපු එකට නම් ඔහොම වෙලා මදි. (නි)
දැන් වර්ණ අවර්ණ වෙලා වගෙයි (නි)
ඉල්ලගෙන කනවා කියලා අපි කියන්නේ මේ වගේ දේවල් වලට. (නි)
උඩ පැන්නොත් බිම වැටේ (කෞ)
ටිකක් හරි මොලේ තියෙන මන්ත්‍රී වරයෙක් තමයි වර්ණසිංහ මහතා . ලංකාවේ හැටි නේ .නගුලේ බඳින්න ඕනේ අය පළාත් සභාවට ගියහම ඉතින් වෙන මොන ව අපේක්ෂා කරන්නද ? (කෞ)
අපෝ කිසිම අසාධාරණයක් නැහැ (අ)
අද දවසේ හොඳම පුවත,මහ ඇමතිතුමාට ජයවේව! (අ)
මෙතුමාට මෙහෙම කරන එක සාධාරණද කියා මට සිතෙනවා (නි)
අහෝ යන එන මං නැතිවූ අරුම! (නි)
දහම් හරියටම හරි (නි)
අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)
දැන් නම් කාගේ කාගේත් වර්ණ අවර්ණ වෙනවා වගේ (නි)